ශ්‍රී ලංකාවේ පළතුරු වගා ක්ෂේත්‍රය ආශ්‍රිත ක්ෂේත්‍ර දිනය ශ්‍රී ලංකාවේ පළතුරු වගා ක්ෂේත්‍රය ආශ්‍රිත නව තාක්ෂණය මහජනතාව අතරට ගෙනයනු ලබන නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ ක්ෂේත්‍ර දිනය 2023.07.26/27 දිනයන්හි, හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

ගොවි ක්ෂේත්‍ර දිනය 2023 ජූලි මස 21 පැල්වෙහෙර රජයේ බීජ නිෂ්පාදන ගොවිපල් පරිශ්‍රයේදී පැවැත්විණි. බෝග නඩත්තුව, බීජ නිෂ්පාදන මූලධර්ම හා ගොවිපල් යාන්ත්‍රීකරණය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්ට අදාලව ගොවීන්ට, කෘෂිකර්ම පාඨමාලා හදාරන ශිෂ්‍යයින්ට හා තාක්ෂණ (කෘෂි) නිලධාරීන්ට අවශ්‍ය දැනුම හා ආදර්ශ ලබාදීම මෙහි මූලික අරමුණ විය. මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්, කෘෂිකර්ම විද්‍යාල සිසුන්, කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය ආයතනවල හා පුද්ගලික ආයතනවල නිලධාරීන් හා ගොවි මහතුන් රැසක් … Continue reading ගොවි ක්ෂේත්‍ර දිනය

RRDI ක්ෂේත්‍ර දිනය වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ මඟින් වී වගාව ආශ්‍රිත නව තාක්‍ෂණය මහජනතාව අතරට ගෙනයාමේ අරමුණින් විවෘත ක්ෂේත්‍ර දිනයක් 18-07-2023 දින සංවිධානය කෙරිනි. මෙම සේවාව වඩාත් පුළුල් කිරීමේ අරමුණින් එම වැඩසටහන ජූලි 19 සහ 20 යන දිනයන්හිදීද පෙ.ව.9.00 – ප.ව.3.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව, වී පර්යේෂණ ආයතනය මගින් දන්වා සිටී. … Continue reading RRDI ක්ෂේත්‍ර දිනය

2023/24 මහ සහ 2024 යල බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ කන්න ප‍්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන 2023/24 මහ සහ 2024 යල කන්න සඳහා බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ ප‍්‍රගති සමාලෝචන රැස්වීම 2023.07.13 සහ 14 යන දිනයන්හිදී ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් හා … Continue reading 2023/24 මහ සහ 2024 යල බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ කන්න ප‍්‍රගති සමාලෝචන රැස්වීම

ගොවි දින සැමරුම් උළෙල 2023 ජුලි මස 07 වන දිනට යෙදුනු “ගොවි දිනය” සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අගුණකොලපැලැස්ස කෘෂිකර්ම පරිශ්‍රයේදී විශේෂ සැමරුම් උළෙලක් පවත් වන ලදී. එම සැමරුම් උළෙල ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් පි. මාලති මෙනවියගේ මූලිකත්වයෙන් පවත්වන ලද අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් හා අනෙකුත් ආරාධිත අමුත්තන් රැසකගේ … Continue reading ගොවි දින සැමරුම් උළෙල