ගොවි දින සැමරුම් උළෙල

2023 ජුලි මස 07 වන දිනට යෙදුනු “ගොවි දිනය” සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අගුණකොලපැලැස්ස කෘෂිකර්ම පරිශ්‍රයේදී විශේෂ සැමරුම් උළෙලක් පවත් වන ලදී.

එම සැමරුම් උළෙල ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් පි. මාලති මෙනවියගේ මූලිකත්වයෙන් පවත්වන ලද අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් හා අනෙකුත් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයද ඒ සඳහා හිමි විය.

එම සැමරුම් උළෙලෙහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දක්වා ඇත.