SEPC – Sinhala

සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානයට සාදරයෙන් පිළිගනිමු

agriculture(2)

සේවාවන්

සමාජ ආර්ථික පර්යේෂණ සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති විශ්ලේෂණ හරහා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ සැලසුම් සැකසීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහාය දක්වන ප්‍රධාන උපදේශක ආයතනයක් ලෙස සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය ක්‍රියාකරයි.

මධ්‍යස්ථානය කෘෂිකාර්මික තොරතුරු සහ සමාජ තොරතුරු කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කරයි.

මධ්‍යස්ථානය දෙපාර්තමේන්තුවෙහි දේශීය හා විදේශීය අරමුදල් සපයන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති යෝජනා සම්බන්ධීකරණය සහ සමාලෝචනය කරයි.

bookkeeping-accounting-tax-accountant-business-accounting

වැඩසටහන්

 1. සමාජ ආර්ථික පර්යේෂණ
        a. නිෂ්පාදන ආර්ථික විද්‍යාව
        b.  කෘෂිකාර්මික අලෙවිකරණය සහ මිල විශ්ලේෂණය
        c.  කෘෂිකාර්මික ප්‍රතිපත්ති විශ්ලේෂණය
        d.  ව්‍යාපෘති විශ්ලේෂණය සහ සැලසුම්කරණයට  අදාළ               පර්යේෂණ
        e.  ග්‍රාමීය සංවර්ධනය
        f.  ජාත්‍යන්තර වෙළඳාම පිිළිබඳ පර්යේෂණ
 2. ව්‍යාපෘති කළමනාකරණය
 3. බෝග පුරෝකථනය
 4. නිෂ්පාදන  වියදම් සමීක්ෂණ
 5. කෘෂිකාර්මික ආර්ථික දත්ත කළමනාකරණය
 6. ජාත්‍යන්තර වෙළඳාම සහ ජාත්‍යන්තර සබඳතා
 
 
 

අප ගැන...

        සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානයකි. මුලින්ම 1960 ගණන්වල අගභාගයේදී එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හි ව්‍යාප්ති අංශය යටතේ කුඩා ඒකකයක් ලෙස ස්ථාපිත වී ඇති අතර, එය 1970 දශකයේ මුල් භාගයේදී කෘෂිකාර්මික ආර්ථික විද්‍යා අංශය ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේහි ස්වාධීන ආයතනයක් ලෙස නම්කරන ලදී.

      1976 දී තවත් වගකීම් කිහිපයක් එකතු කරමින් එය කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව, ගොවිපල කළමනාකරණය සහ සංඛ්‍යාලේඛන අංශය ලෙස ජ්‍යෙෂ්ඨ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥවරයකුගේ ප්‍රධානත්වයෙන් නම් කරන ලදී. තවදුරටත් මෙම අංශය විසින් මෙහෙයවනු ලබන ක්‍රියාකාරකම්වල වැදගත්කම සැලකිල්ලට ගනිමින් එය කෘෂිකාර්මික ආර්ථික විද්‍යා අංශය ලෙස නම් කරන ලදී. 

SEPC ඉතිහාසය

      සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානයකි. මුලින්ම 1960 ගණන්වල අගභාගයේදී එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හි ව්‍යාප්ති අංශය යටතේ කුඩා ඒකකයක් ලෙස ස්ථාපිත වී ඇති අතර, එය 1970 දශකයේ මුල් භාගයේදී කෘෂිකාර්මික ආර්ථික විද්‍යා අංශය ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේහි ස්වාධීන ආයතනයක් ලෙස නම්කරන ලදී.

      1976 දී තවත් වගකීම් කිහිපයක් එකතු කරමින් එය කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව, ගොවිපල කළමනාකරණය සහ සංඛ්‍යාලේඛන අංශය ලෙස ජ්‍යෙෂ්ඨ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥවරයකුගේ ප්‍රධානත්වයෙන් නම් කරන ලදී. තවදුරටත් මෙම අංශය විසින් මෙහෙයවනු ලබන ක්‍රියාකාරකම්වල වැදගත්කම සැලකිල්ලට ගනිමින් එය කෘෂිකාර්මික ආර්ථික විද්‍යා අංශය ලෙස නම් කරන ලදී. 

      1984 දී කෘෂිකර්ම ආර්ථික විද්‍යාව හා සැලසුම්කරණය යන අංශය ලෙස නැවත නම් කිරීම සිදු කරන ලදී. 1994 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණයේදී අධ්‍යක්ෂවරයකු යටතේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය (SEPC) ලෙස නම් කරන ලදී. 1998 දී ව්‍යාපෘති ඇගයුම් හා මෙහෙයුම් ඒකකය (PEMU) මෙම මධ්‍යස්ථානයට ඒකාබද්ධ කරන ලදී.  

       2004 දී සමාජ ආර්ථික පර්යේෂණ හා ප්‍රතිපත්ති විශ්ලේෂණය ගෝලීය වෙළඳපොළ, නවීන තාක්‍ෂණය යොදා ගැනීම, පසු අස්වනු හා සැකසුම් කිරීම, සම්පත් උපයෝජනය සහ පාරිසරික ආර්ථික විද්‍යාව, කෘෂිකර්ම අලෙවිකරණය සහ ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අවධානය යොමු විය. පර්යේෂණ න්‍යාය පත්‍ර හඳුනාගෙන ප්‍රමුඛතාවය ලබා දීම සහ ආහාර හිඟතාවය පිළිබඳ ගැටලු විසඳීමේදී උපාය මාර්ග සංවර්ධනය කිරීමේදී ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවශ්‍ය උපදෙස් ලබාදීම මගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි විවිධ වැඩසටහන් විධිමත් කිරීමට මෙම මධ්‍යස්ථානය දායක විය. ගෝලීය හා ජාතික  වෙනස්කම් වලට අනුව ආහාර බෝග අංශයේ සම්පත් පරිහරණයට අදාළ ප්‍රධාන සමාජ ආර්ථික ගැටලු විමර්ශනය හා වාර්තා ඉදිරිපත් කිරීම සිදුකරන ලදී. ඊට අමතරව, කන්න හා දිස්ත්‍රික් පදනම පාදක කරගත් පිරිවැය සහ ප්‍රතිලාභ පිළිබඳ දත්ත සමුදායක් ගොඩනැගීමේ පුළුල් වැඩසටහනක් අඛණ්ඩව සිදු කෙරිණි.

මෙහෙවර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ ගැනෙන ප්‍රධාන ආහාර බෝග නිෂ්පාදනය හා අලෙවිකරණයට අදාළ සමාජ ආර්ථික පර්යේෂණ හා ප්‍රතිපත්ති විශ්ලේෂණයේදී ප්‍රධානතම මධ්‍යස්ථානය ‌‌ලෙස ක්‍රියාකිරීම මඟින් ගොවීන්‌ගේ හා  අදාළ ඍජු පාර්ශවකරුවන්ගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සහතික කිරීම.

 

අරමුණු

ප්‍රධාන ආහාර බෝගයන්ට අදාළව කාලීන අවශ්‍යතා හඳුනාගෙන ඊට අදාළ සමාජ ආර්ථික පර්යේෂණ හා ප්‍රතිපත්ති විශ්ලේෂණය සිදු කිරීම මඟින් ග්‍රාමීය ගෘහ ඒ්කක ආදායම ඉහළ නැංවීමට හා ආහාර  සුරක්‍ෂිතතාවය ඇති කිරීමට දායක වීම.

ක්‍රියාකාරකම්

  • 2022 ජනවාරි මස අවසානය වන විට වාර්තා වී ඇති  වී වපුරන ලද  ප්‍රමාණය හෙක්ටයාර 798,221 කි. එය 93% ක ප්‍රතිශත ඉලක්ක ළඟාවීමකි.
  • අතිරේක ආහාර බෝග වගා ප්‍රගතිය හෙක්ටයාර 133,919 ක් වන අතර ඉලක්කයෙන් 74% ක ප්‍රතිශතයකි.
  • කුරක්කන්, මුං ඇට, කව්පි, උඳු,  සහ සෝයා ඔවුන්ගේ ඉලක්කයට වඩා 75% ට වැඩි ප්‍රගතියක් වාර්තා කර ඇත.
  • උඩරට එළවළු වගාවේ ප්‍රගතිය හෙක්ටයාර 12,106 – (64%) කි.
  • පහතරට එළවළු වගා ප්‍රගතිය හෙක්ටයාර 21,177 – (70%) කි.