Sinhala: Finance-Home

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුදල් අංශයට සාදරයෙන් පිළිගනිමු

අප ගැන..

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමස්ථ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මනා මූල්‍ය කලමණාකරන ක්‍රමයක් ස්ථාපනය කොට ක්‍රියාත්මක කිරීම මුදල් අංශයේ ප්‍රධාන අභ්‍රප්‍රාය වන අතර පහත මූලික කටයුතු ඒ සදහා ක්‍රියාත්මක වේ.
  • වාර්ෂික ආදායම් හා වියදම් ඇස්තමේන්තු සැකසීම.
  • බැංකු ගිණුම් පවත්වාගෙන යාම.
  • දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ ප්‍රතිපාදන ලබාදීම.
  • දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීම හා ගිණුම්ගත කිරීම.
  • පුද්ගලික වැටුප්ද ඇතුලත්ව සියළු පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සැකසීම.
වැඩි විස්තර
  • අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීම.
  • පුද්ගලික වැටුප් ඇතුළුව පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සියල්ල සිදුකිරීම.
  • මූල්‍ය ප්‍රගති වාර්තා හා ඇගැයීම් සැකසීම.
  • දේශිය, විදේශිය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග මූල්‍ය කටයුතු සම්බන්ධීකරනය.
  • විදේශ ගෙවීම්.
  • ගොවිපල් අත්තිකාරම් ගිණුම් කටයුතු සිදු කිරීම.
  • විසර්ජන හා දේශිය ආදායම් ගිණුම්ද ඇතුළත්ව මූල්‍ය ගිණුම් සැකසීම.
  • වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම.
  • සේවකයින් සදහා ණය මුදල් ලබාදීම.
  • පරිගණක යෙදුම් හා මූල්‍ය කලමණාකරනය සම්බන්ධයෙන් පිරිස් පුහුණු කිරීම.
  • මෙහෙවර..

    දෙපාර්තමේන්තුවේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස: ඵලදායීව මූල්‍ය විනය පවත්වා ගැනීම, මුදල් අංශයට පාලනය කරගත හැකි සියලුම මූල්‍යමය කරුණු උපරිම හා වඩාත් ඵලදායී මට්ටමින් කලමණාකරනය කිරීම, සම්පත් උපරිම ලෙසින් භාවිතය, ලැබීම් හා ගෙවීම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම හා වාර්තාකරණය වඩාත් ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීම.

    අප අමතන්න