Sinhala: Finance-Subunits-FinancialManagment

මූල්‍ය කලමණාකරන ශාඛාව

වාර්ෂික විසර්ජන ගිණුම් සැකසීම,වාර්ෂික අක්මුදල් අයදුම්පත්‍රය සැකසීම,ඒකාබද්ධ ගිණුම් සාරාංශය සැකසීම අප ශාඛාවෙන් කෙරෙන ප්‍රධාන කාර්යයන් අතරින් කිහිපයකි…
20200529_103737

මෙහෙවර

” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; දෙපාර්තමේන්තුවේ අග්‍රිම කලමණාකරනය හා අයවැය වාර්තාකරණය, නව තාක්ෂණය උපරිම මට්ටමින් යොදා ගනිමින් ඉටු කිරීම “

සේවාවන්

  • වාර්ෂික විසර්ජන ගිණුම් සැකසීම.
  • වාර්ෂික අක්මුදල් අයදුම්පත්‍රය සකස් කිරීම.
  • ඒකාබද්ධ ගිණුම් සාරාංශය සකස් කිරීම.
  • ප්‍රාදේශිය කාර්යාලවලට අක්මුදල් නිදහස් කිරීම.
  • සිගාස්  වැඩ සටහන මගින් අදාල ආයතන වෙත ප්‍රතිපාදන ලබා දීම.
  • වාර්ෂිකව පොදු තැන්පත් ගිණුම සැසඳීම.
  • දෙපාර්තමේන්තුවේ අග්‍රිම ගිණුම,මාසික අක්මුදල් අයදුම්පත්‍රය සැකසීම
තව කියවන්න..
  • වැටුප් හා සේවක සංඛ්‍යා වාර්තාව සකස් කර භාණ්ඩාගාරය වෙත යැවීම.
  • චෙක්පත් අත්සන් කිරීම හා චෙක්පත් මාරු කිරීම සඳහා  බලය පැවරීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • පේරාදෙනිය මහජන බැංකුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් නමින් පවත්වාගෙන යනු  ලබන ගිණුම පවත්වාගෙන යාම.
  • ඇප තැන්පත් හා ටෙන්ඩර් තැන්පත් සඳහා චෙක්පත් නිකුත් කිරීම
  • විදේශාධාර වැඩසටහන් මගින් ලබා දෙන අග්‍රිම භාණ්ඩාගාරය වෙත යොමු කිරීම.
  • දෙපාර්තමේන්තු ආදායම් සංකේත අංක 2003.02.18 ට අනුකූල ආදායම් ප්‍රභවයන් විශ්ලේෂණය කර ආදායම් ගිණුම සකස් කිරීමට පහසු වන පරිදි වර්ගීකරණය දෛනිකව පරීක්ෂා කිරීම, මාසිකව සැසැඳීම හා වාර්ෂිකව වාර්තාවක් පිළියෙල කිරීම.
  • භාණ්ඩාගාර පරිගණක සටහන් ගිණුම් සාරාංශ සමඟ ගැලපීම.
  • දෙසැම්බර් 31 දිනට මුදල් පොත පියවා ශේෂය භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කිරීම.
  • සුළු පරිමාණ ව්‍යාපෘතිය  සම්බන්ධ වාර්තා සකස් කිරීම.
  • ටෙන්ඩර් තැන්පත් ලෙජරය නඩත්තු කිරීම.
  • ඇප තැන්පත් ලෙජරය පවත්වාගෙන යාම.
  • මෙම කාර්යාලය වෙත ලැබෙන චෙක්පත් හා මුදල් ඇණවුම් බැංකුගත කර උපලබ්ධි වූ පසු පොදු 172 රිසිට්පත් ලිය තැපැල් කිරීම.
  • ගිණුම් කාර්යාලවලින් ලබා ගන්නා බැංකු සැසඳුම් වාර්තා ඒකාබද්ධ කර  භාණ්ඩාගාරය වෙත යැවීම.
  • ආදායමෙන් ආපසු ගෙවීමේ කටයුතු.
  • ආදායම් ඇස්තමේන්තු සකස් කිරීම හා හිඟ ආදායම් සකස් කිරීම, හිඟ ආදායම් පොතෙන් කපා හැරීමේ කටයුතු හා අර්ධ වාර්ෂික ආදායම් වාර්තා සකස් කිරීම , වාර්ෂික ආදායම් ගිණුම සකස් කිරීම සහ භාණ්ඩාගාරය වෙත යැවීම.

මූල්‍ය කලමණාකරන ශාඛාව- කාර්ය මණ්ඩලය

user

එම්. අනුරුද්ධ කුමාර මහතා

ගණකාධිකාරී (ශ්‍රී. ලං.ග.සේ - I)

අප අමතන්න