SCPPC-Home – Sinhala

SCPPC - LOGO

බීජ සහතික කිරිම හා පැළැටි සංරක්ෂණ මධ්‍යස්ථානය (SCPPC) - ගන්නෝරුව වෙත සාදරයන් පිළිගනිමු

බීජ සහතික කිරිම

බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මය තහවුරු කිරීම සහ GAP ගොවිපල සහතික කිරීම.

පැළැටි ජාන සම්පත් සංරක්ෂණය

අහාර බෝග සහ ඒවායේ වන දර්ශවල ශාක ජාන සම්පත් ගවේෂණය, එකතු කිරිම, ඇගයීම, සංරක්ෂණය, කළමනාකරණය සහ තිරසාර භාවිතය.

ශාක ආරක්ෂණය

කෘෂිකාර්මික බෝග හානි අවම කිරීම සඳහා පරිසර හිතකාමි ආර්ථිකමය වශයෙන් වාසි සහගත පළිබෝධ කළමනාකරණ උපාය මාර්ග ප්‍රවර්ධනය..

ශාක නිරෝධායනය

ජාතික කෘෂිකර්මාන්තය සහ වෙළඳාම ප්‍රවර්ධනය හා ජෛව සුරක්ෂිතතාවය වැඩි දියුණු කිරීම සඳහා නිරෝගී ශාක හා ශාක නිෂ්පාදන ජාත්‍යන්තර හුවමාරුව සඳහා පහසුකම් සැලසීම.

පළිබෝධනාශක නියාමනය

පළිබෝධනාශක භාවිතය ආශ්‍රිතව පවතින සෞඛ්‍ය හා පාරිසරික අවදානම අවම කිරීම සඳහා පළිබෝධනාශක කළමනාකරණය.

bg

මෙහෙවර

බීජ සහතික කිරිම හා පැළැටි සංරක්ෂණ මධ්‍යස්ථානය.
දේශිය ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරිම උදෙසා පැළෑටි ජාන සම්පත් කළමනාකරණය, බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මය පාලනය, ගුණාත්මක ශාක හා ශාක ආරක්ෂක හා පළිබෝධනාශක පාලන පනත් විධිමත්ව ක්‍රියාත්මක කිරිමෙන් දේශිය කෘෂිකර්මය හා පරිසරය ආරක්ෂා කර කෘෂිකාර්මික සංවර්ධනය අත්කර ගැනීම.
bg

නියාමන කාර්යයන්

  1. 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනත යටතේ ගුණාත්මක ශාක හා ශාක නිෂ්පාදන ආනයනය කටයුතු වලට පහසුකම් සැලසීම හා ඵලදායි පළිබෝධ පාලන ක්‍රමවේද ප්‍රවර්ධනය තුලින් පරිසර හානිය අවම වන පරිදි හානිකර පළිබෝධවලින් රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම.
  2. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලන පනත ක්‍රියාත්මක කිරිම තුළින් පරිසරයට හා මිනිස් සෞඛ්‍යයට අවම හානියක් වන උසස් ගුණාත්මයෙන් යුත් පළිබෝධනාශක සුලභ කිරීම.
  3. රටතුළ බීජ ගුණාත්මය තහවුරු කිරීමට, බීජ හසරුවන්නන් හා ගොවීන් ආරක්ෂා කිරීම මෙන්ම බීජ කර්මාන්තයේ දියුණුවට බාධාකරන අයථා ක්‍රියා මැඩලීම සඳහා 2003 අංක 22 දරන බීජ පනත බලාත්මක කිරීම.
අප අමතන්න

ලිපිනය : බීජ සහතික කිරිම හා පැළැටි සංරක්ෂණ මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය

විදයුත් ලිපිනය : .scppc@doa.gov.lk / scppc.doa@gmail.com

දුරකථනය: +94 812 388044

ෆැක්ස් : +94 812 388077

විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)