PPS – Home – Sinhala

SCPPC Sub Units

පැළැටි සංරක්ෂණ සේවය

පැළෑටි සංරක්ෂණ සේවය (පැ.සං.සේ), කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීම සහ පැළෑටි සංරක්ෂණ මධ්‍යස්ථානයට (බී.ස.පැ.සං) අයත් ආයතනයකි. පැළෑටි සංරක්ෂණ  සේවයට පැවරී ඇති ප්‍රධාන   වගකීම වනුයේ 1999 අංක 35 දරණ ශාක ආරක්‍ෂක පනත ක්‍රියාත්මක කිරීම යටතේ රට අභ්‍යන්තරව පැතිර යන ශාක රෝග හා පළිබෝධ වසංගත තත්ත්වයන් පාලනය සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීමයි. ඒ සදහා දිවයින පුරා  නව බලයලත් නිලධාරින් පත් කිරීම හා දීප ව්‍යාප්තව පත් කරන ලද බලයලත් නිලධාරීන් සහ පාර්ශවකරුවන් සවිබල ගැන්වීම සිදු කෙරේ. ආයතනයේ අනෙකුත් ක්‍රියාකාරකම් යටතේ වසංගත තත්ත්ව යටතේ පළිබෝධ හා රෝග පැතිරීම පාලනය වෙනුවෙන් ක්‍රමවේද  සකස් කිරීම, වී, එළවළු, පලතුරු, වෙනත් ක්ෂේත්‍ර බෝගයන්හි සහ ගෙවතු වගාවන්හි ඒකාබද්ධ පළිබෝධ පාලනය, කෘෂිකාර්මික ඉඩම් වල ජලජ වල් පැලෑටි සහ අනෙකුත් ආක්‍රමණික ශාක වල බලපෑම අවම කිරීම, පාලනය සහ ඒ යටතේ නිලධාරීන් හා ගොවීන් පුහුණු කිරීම ස්වකීය ජෛව සාර්ථකත්වය පරීක්ෂා කිරීම සඳහා ගොවි ක්ෂේත්‍ර තත්ව යටතේ නව වල් නාශක සහ වේයන් මර්දන නාශක නියමු පරීක්ෂණ පැවැත්වීම,

 

 

 

bg

මෙහෙවර

1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීමෙන් පලිබෝධ පාලනය සදහා පරිසර හිතකාමී, කාර්යක්ෂම හා අඩු වියදම් තාක්ෂණයන් ප්‍රවර්ධනය සහ ප්‍රචලිත කිරීම.

bg

අරමුණු

  • ශ්‍රී ලංකාවේ ශාක ආරක්ෂා කිරීම
  • පළිබෝධ පාලනය කිරීමේ දී කෘත්‍රිම පළිබෝධ නාශක භාවිතය අවම කිරීම
  • ශ්‍රී ලංකාවේ ජාතික ශාක ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම
  • පළිබෝධ ආවේක්ෂණය, පුරෝකථනය සහ වසංගත කළමනාකරණය
  • ආගන්තුක ආක්‍රමණික ශාක විශේෂ කාලෝචිත ලෙස කළමනාකරණය කිරීම
  • කාර්යක්ෂම ගෘහ පළිබෝධ කළමනාකරණය
bg

සේවාවන්

  • ඉල්ලීම මත පළිබෝධ පාලනය සඳහා කාලෝචිත ලෙස සම්බන්ධ වීම
    • හදිසිවසංගතතත්ත්ව පාලනය සඳහා කෘමි නාශක යෙදීම
  • ජලජ ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ පාලනය කිරීම සඳහා ජෛව පාලන කෘමී නියැදි හඳුන්වා දීම
    • ජෛව පාලන කෘමී නියැදි (Cytobagous salvinea, Neochetina bruchi, Neochetina eichhorniae) බෝ කිරීම‍
    • ජලජ වල් පැලෑටි (සැල්වීනියා සහ ජපන් ජබර) පාලනය සඳහා ජෛව පාලන කෘමී නියැදි දිවයන පුරා ඇති ජලාශ/වැව් වලට හදුන්වා දීම
More Services
  • ගොවි ක්ෂේත්‍ර තත්ත්ව යටතේ වල් නාශක සහ වේයන් මර්දන නාශක නියමු පරීක්ෂණ පැවැත්වීම
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රජයේ ගොඩනැගිලි වල සිටින වේයන් පාලනය කිරීම
  • ජාතික හා ‌‌ඓතිහාසික වැදගත්කමක් ඇති බෝධි වෘක්ෂවල පළිබෝධයන් කළමනාකරණය
  • කාලීනව පවත්වනු ලබන ප්‍රදර්ශන, මාධ්‍ය වැඩමුළු ආදිය සදහා සක්‍රීය දායකත්වය ලබා දීම
තවදුරටත්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ඇති ගොඩනැගිලිවල හා රජයේ ගොඩනැගිලිවල වේයන් මර්දනය හා පාලනය, ජාත්‍යන්තර කෘෂි ජීව විද්‍යා මධ්‍යස්ථානය (CABI) සමඟ ඒකාබද්ධව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කර ඇති ස්ථිර බෝග සායන වැඩසටහනේ කටයුතු සම්බන්ධීකරණය කිරීම, වෙල් මීයන් පාලනය කළමනාකරණය කිරීම, ජාතික හා ‌‌ඓතිහාසික වැදගත්කමක් ඇති බෝධි වෘක්ෂවල පළිබෝධයන් කළමනාකරණය කිරීමට තාක්ෂණික උපදෙස් හා සහාය ලබා දීම සහ පළිබෝධ ආවේක්ෂණය සිදු කිරීම හා රෝග පළිබෝධ  පිළිබඳ දත්ත ලබාගැනීම ඇතුළත් ය.

 

අප අමතන්න