Sinhala: SCS Home

දුරකථන : +94 812 388217        ෆැක්ස් : scs@doa.gov.lk

බී.ස.පැ.සං උප ඒකකය

බීජ සහතික කිරීමේ සේවය

කෘෂිකර්ම දෙපාර්තමේන්තු‍‍වෙ බීජ සහතික කිරීමේ සේවයේ නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 1979 වසරේ දී  විධිමත්ව ස්ථාපනය කරන ලදී. එසේ වුව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්  බීජ පරීක්ෂණ සේවා සැපයීම  1958 වසරේදී වී සාමිපල පරීක්ෂා කිරීම මගින් ආරම්භ වී ඇත. වසර 1970 දී වසරකට බීජ සාමිපල 5000 ක් පරීක්ෂා කිරීමේ‍‍ හැකියාව සහිතව පේරාදෙණිය මධ්‍යම බීජ පරීක්ෂණාගාරය ආරම්භ කරන ලදි. මෙම ඒකකය 1970 වසරේදී අන්තර්ජාතික  බීජ පරීක්‍ෂා කිරීමේ සංගමයේ (International Seed Testing Association) හි සාමාජිකත්වය ලබා ගත්තේය.පේරාදෙණියේ පිහිටි පරීක්ෂණාගාරයේ ධාරිතාවය වැඩි කරන අතරම මෙම බීජ පරීක්ෂා කිරී‍‍‍‍‍මේ සේවාව වඩාත් ශක්තිමත් කිරීම පිණිස 1978 වසරේදී මහඉලුප්පල්ලම හා 2000 වසරේදී අලුත්තරම හා බටඅත බීජ පරීක්ෂණාගාරයත්, 2017 වසරේදී පරන්තන් බීජ පරීක්ෂණාගාරයත් ආරම්භ කරන ලදී.

ප්‍රථමයෙන්ම  ක්ෂේත්‍ර සුපරීක්‍ෂාව හා සහතික කිරීමේ කටයුතු 1980 වසරේදී  දී වී භෝගය මුලික කරගෙන ආරමිභ කල අතර 1983 වසරේදී ‍ක්ෂේත්‍ර බෝග සඳහාද 1984 වසරේදී එලවළු බෝග බීජ සහතික කිරීම දක්වා පුළුල් විය. 1983 වසරේදී දී  DUS පරීක්ෂණ කටයුතු ආරම්භ කරමින් අභිජනන බීජ සහතික කිරීමේ  ක්‍රියාවලියට මුල්ගල තැනුන අතර 1986 දී බිජ අර්තාපල් සහතික කිරීමේ සේවයද ආරම්භ විය. බීජ සහතික කිරීමේ සේවාව පුළුල් කරමින් බීජ පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය 2011 වර්ෂයේ සිට ද ශ්‍රි ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතිකකරණය ද 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ.

 

මෙහෙවර

බීජ වල ගුණාත්මය ඉහල නැංවීම සහ ඒ හා සම්බන්ධ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුලින් ජාතික ආර්ථිකය සවිබල ගැන්වීම සහ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම.

වැඩසටහන්

  • බීජ වී සහතික කිරීම.
  • එළවළු බීජ සහතික කිරීම.
  • වෙනත් ක්ෂේත්‍ර බෝග සහතික කිරීම.
  • බීජ අර්තාපල් සහතික කිරීම.
  • පළතුරු පැල සහතික කිරීම.
  • පලතුරු තවන් හා පලතුරු වල මවු ශාක ලියාපදිංචි කිරීම.
  • අභිජනන බීජ සහතික කිරීම.
  • DUS (වෙනස, ඒකාකාරිත්වය, ස්ථාවරත්වය) පරීක්ෂා කිරීම.

සේවාවන්

  • ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ජනතාවට වී, අතිරේක ආහාර බෝග, එළවළු, පලතුරු හා අර්තාපල් බෝග වල බීජ හා රෝපණ ද්‍රව්‍ය වල ගුණාත්මය සහතික කර ලබාදීම.
  • බීජ පනත ක්‍රියාත්මක කිරීම
  • බීජ පනතට අදාලව ගුණාත්මීය බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳව පුහුණුවීම් හා දැනුවත් වීමේ වැඩසටහන්, බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයින්, හසුරුවන්නන් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය හා සමිබන්ධ රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වීම.
  • පලතුරු පැල තවාන් ලියාපදිංචි කිරීම

බීජ සහතික කිරීමේ සේවය මව් ශාක ස්ථාන

මෙම ශාක වල ස්ථාන සිතියම්ගත කර ඇත්තේ ජී.පී.එස් (ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය) තාක්‍ෂණයෙනි. මෙමඟින් ශ්‍රී ලංකාවේ බද්ධ කරන ලද පලතුරු පැල නිෂ්පාදනය කරන තවාන්කරුවන්ට මව් ශාකවල හිමිකරුවන් අමතා අංකුර ලබා ගත හැකිය. මෙම සිතියම අනුව, මව් ශාක පිහිටීම නිවැරදිව පිහිටා ඇති අතර මවු ශාක අංකය, බෝගය, ප්‍රබේධය,විවිධත්වය, මව් ශාක හිමිකරුගේ නම සහිත ලිපිනය සහ දුරකථන අංකය සමඟ විස්තර ලබා ගත හැකිය. මෙමඟින් ශ්‍රී ලංකාවේ බද්ධ කරන ලද පලතුරු පැල නිපදවන තවාන්කරුවන්ට මව් ශාකවල හිමිකරුවන් අමතා අංකුර ලබා ගත හැකිය.

අප අමතන්න