Sinhala: SCS Institutes –

TP : +94 812 388217        E-Mail : scs@doa.gov.lk

ආයතන

බීජ සහතික කිරීමේ සේවා මූලස්ථානය

බීජ සහතික කිරීමේ සේවා කටයුතු විමධ්‍යගත සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන අතර ,ගන්නොරුව පිහිටි මූලස්ථානය මගින් සියළුම පරිපාලන කටයුතු සිදුකරනු ලබයි. බීජ සහතික කිරීමේ සියළුම නීති රීති සහ උපදෙස් ප්‍රධාන කාර්යාල මගින් නිකුත් කරනු ලබන අතර, මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෙක් සියළුම අංශ සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයකින් කටයුතු කරනු ලැබේ.

ගොවීන් ලියාපදිංචි කිරීම, ‍ක්ෂේත්‍ර පරීක්ෂණ, බීජ නියැදි ගැනීම් හා බීජ පරීක්ෂා කිරීම්  ඇතුළු සියළු බීජ සහතික කිරීමේ කටයුතු දිවයින පුරා විසිරී ඇති ප්‍රාදේශිය කාර්යාල හා බීජ පරීක්ෂණාගාර මගින් ඉටුකරන අතර බීජ සහතික කිරීමේ කාර්යය මණ්ඩලය 491 කින් පමණ සමන්විත වේ.

ක්ෂේත්‍ර පරීක්ෂණ අංශ‍ය

ක්ෂේත්‍ර පරීක්ෂණ සියලුම සහතික කිරීමේ කටයුතු වල පදනම වේ. ක්ෂේත්‍ර පරීක්ෂකරුවන්ගේ ( කෘෂිකර්ම උපදේශකවරු) ප්‍රධානතම වගකීම වන්නේ බීජ නිෂ්පාදකයින් (රජයේ ගොවිපල් , කොන්ත්‍රාත් ගොවීන් සහ පුද්ගලික ගොවින්) ලියාපදිංචි කිරීම, ලියාපදිංචි කල ‍ක්ෂේත්‍ර බීජ සහතික කිරීමේ සේවා ප්‍රමිතීන්‍ට අනුකූල දැයි පරීක්ෂා කිරීම, අස්වනු නෙලීමෙන් පසුව වියළා පිරිසිදු  කළ බීජ ‍තොග වලින් නියැදි ලබා ගැනීම,  යන්ත්‍ර මගින් පිරිසිදු කළ බීජ තොග වලින් වෙන් වෙන්ව නියැදි ලබා ගෙන බීජ පරීක්ෂණාගාර වෙත ඉදිරිපත් කිරීම සහ එක් එක් තොගයට අදාළ ලේබල් යෙදීම (බීජ පංති සහ ප්‍රභේද අනුව) හා බීජ මලු මුද්‍රා තැබීම යන කටයුතුයි. මෙම කටයුතු සියල්ල දිවයින පුරා විසිරී ඇති ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුවේ. සෑම ප්‍රාදේශීය කාර්යාලයක්ම සදහා අවශ්‍ය නිවාස කාර්යාල සහ ප්‍රවාහන පහසුකම් බොහෝ දුරට සලසා ඇත.

සහතික කරනු ලබන සෑම බීජ තොගයකම බීජ පරීක්ෂණාගාරයට ඉදිරිපත් කරනු ලබන අතර, ඉහළ බීජ පංතිවල සෑම තොගයක්ම බීජ සෞඛ්‍යය සඳහා ද, පශ්චාත් පාලන ක්ෂේත්‍ර වලදී ද පරික්ෂාවට ලක්කෙරේ.

බීජ තොග යන්ත්‍ර මගින් පිරිසිදු කළ පසුව ලබා ගන්නා නියැදි පරීක්ෂා කර බීජ පරීක්ෂණාගායේ ප්‍රතිඵල වාර්තා මගින් සමත් බීජ තොග පමණක් (බී.ස.සේ ලේබල් සහ සීල් සහිත) නිදහස් කරනු ලබයි. බී.ස.සේ ලේබල් සහ සීල් සහිත බීජ මලු වල අඩංගු බීජ ප්‍රමාණය ගුණාත්මය පිලිබදව බී.ස.සේ වගකියනු ලැබේ.

බෝග ප්‍රභේද අංශය

ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන කෘෂිකාර්මික බෝග ප්‍රභේද ක්ෂේත්‍රයේ දී වෙන් වෙන්ව හදුනා ගැනීමට භාවිතා කළ හැකි ප්‍රභේදාත්මක ලක්ෂණ පිළිබදව අධ්‍යනය කිරීම මුලික වශයෙන් මෙම අංශය මගින් කරනු ලබයි. ප්‍රභේදාත්මක ලක්ෂණ පැහැදිලි කරන රූපසටහන, ප්‍රභේද සංසන්දනාත්මක විස්තර  බී.ස.සේ අත්පොත -11 ඛණ්ඩයෙහි ඇතුලත් කර ඇති අතර මේවා වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ ක්ෂේත්‍ර පරීක්ෂණ වලදී වගා කරන ප්‍රභේදය සමග මිශ්‍ර වි ඇති වෙනත් ප්‍රභේද පහසුවෙන් හඳුනාගැනීම සඳහා වේ.

මේ සමගම මෙම අංශය මගින් සිදු කරන ප්‍රධාන කාර්යභාරයන් පහත දැක්වේ.

  1. බීජ ගුණන ක්‍රියාවලියේ ඉහලම පරම්පරාව වන අභිජනකයා විසින් නිපදවන අභිජනන බීජ වල ගුණාත්මය තහවුරු කිරීම.
  2. බීජ සහතික කිරීමේ කාර්යාවලිය සදහා විශේෂිතාවය ඒකීයතාවය ස්ථායිතාවය පරීක්ෂණය (DUS Test) සිදු කිරීම.
  3. බීජ නිෂ්පාදකයින්ට බෙදා හැරුණු බීජ වල ගුණාත්මය පාලනය කිරීම සදහා පශ්චාත් පාලන පරීක්ෂණ සිදු කිරීම වේ.
  4. බීජ පනත මඟින් ඉදිරිපත් කරන ගැටළු සහගත නියැදි ක්ෂේත්‍ර පරීක්ෂණ වලට ලක්කර ගැටළු විසඳන ගැනීම සඳහා සහයෝගය ලබාදීම
  5. දෙපාර්තමේන්තුව මඟින් නිපදවනු ලබන දෙමුහුම් බෝග ප්‍රභේද වල දෙමුහුම්තාවය පරීක්ෂා කිරීම.

ඉදිරියේදී බෝග ප්‍රභේද සංරක්ෂණ පනත බලාත්මක වීම මත DUS පරීක්ෂණය මගින් අභිජනකයාගේ අයිතිය තහවුරු කිරීමට ද සිදු වේ. වී, එළවළු අතිරේක ආහාර බෝග  (OFC) , අල බෝග හා පළතුරු බෝග ඉහත කටයුතු මෙම අංශය මගින් ආවරණය කරනු ලබයි.

පුහුණු කටයුතු සදහා සම්පත් දායකත්වය සැපයීමද පශ්චාත් පාලන ‍ක්ෂේත්‍ර හා බීජ සහතික කිරීමේ සේවයේ ශීත ගබඩාව පරිපාලනය ද ඉහත ප්‍රධාන කාර්යයන්ට අමතරව මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.

බහුවාර්ෂික බෝග අංශය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත පළතුරු පැල බෝග ප්‍රභේදයන්ගේ බද්ධ පැල බීජ සහතික කිරීමේ ප්‍රමිතින්ට අනුකූලව ලේබල් යොදා සහතික කිරීම කරනු ලබයි.

මූලිකවම මෙම අංශය පහත සදහන් කටයුතු සිදු කරනු ලැබේ.

1. පළතුරු පැළ නිෂ්පාදකයින් (තවාන්කරුවන්) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවා ගැනීම

2. මව් ශාක තේරීම හා ලියාපදිංචි කටයුතු සිදු කිරිම

3. පළතුරු පැල සහතික කිරීම

4. දැනුවත් කිරීමේ වැඩස‍ටහන් හා පුහුණු වැඩසටහන් පැවැත්වීම

දත්ත කළමනාකරණ අංශය

බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රධාන මූලස්ථානය,සියළුම ප්‍රාදේශිය කාර්යාල,බීජ පරීක්ෂණාගාර හා පශ්චාත් පාලන ‍ක්ෂේත්‍රවල දත්ත ,තොරතුරු හා වාර්තා එක්රැස් කිරීම, යාවත්කාලීන හා ඉදිරිපත් කිරීම සිදුකරයි.

බී.ස.සේ. මගින් සහතික කරනු ලබන වී,අතිරේක ආහාර බෝග,එළවළු, අර්තාපල්, ලේබල් යෙදූ පැළ සංඛ්‍යාව, ලියාපදිංචි කල මව්ශාක හා බීජ පනත ආශ්‍රිත තොරතුරු පිළිබඳව දත්ත සැකසීම සිදුකරයි.

පුහුණු අංශය

මනා දැනුවත් බවත් නිරන්තර පුහුණුවත් තුලින් ඕනෑම ක්ෂේත්‍රයක හිනි පෙත්තටම ගමන් කල හැකිය. බීජ සහතික කිරීමේ සේවයේ පුහුණු අංශය බීජ හසුරුවන්නන්ගේ හා අදාළ නිලධාරීන්ගේ දැනුම හා හැකියාව ඔප් නැංවීමේ භාරදුර කාර්යයට උර දී සිටී.

ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමෙහිලා අවශ්‍යවන දැනුම හා පුහුණුව ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බීජ සහතික කිරීමේ පුහුණු අංශය ආයතන තුලත්  ක්ෂේත්‍ර තුලත් පවතින පුහුණු අවශ්‍යතා හඳුනා ගනිමින් බීජ හසුරුවන්නන්, ශිෂ්‍යයන්,වෘත්තියක් ආදී වු සියලු පිරිස් හට පුහුණු වීම් සංවිධානය කරයි.

පුහුණු වැඩ සටහන්

  • ප්‍රභේද හා ප්‍රභේදාත්මක ලක්ෂණ හඳුනා ගැනීම පිළිබඳ පුහුණු වැඩසටහන්
  • ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන්
  • රෝග හා පලිබෝධ පාලනය පිළිබඳ පුහුණු වැඩසටහන්
  • මව් ශාක නඩත්තුව හා කප්පාදුව පිළිබඳ පුහුණු වැඩසටහන්
  • ආනයනික හා අපනයනික බීජ හසුරුවන්නන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන්
  • පෞද්ගලික අංශයට බීජ පරීක්ෂණාගාර කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන්
  • බීජ පනත පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික අංශ දැනුවත් කිරීම
  • බීජ සහතික කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් පුහුණුව

බීජ පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය

ශ්‍රී ලංකාව තුල වාණිජ මට්ටමින් හුවමාරු වන බීජ හා රෝපණ ද්‍රව්‍ය වල පිළිගත් ප්‍රමිතීන් තහවුරු කර ගුණාත්මයෙන් යුත් බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවීන් වෙත ලබා දීම සඳහා ගන්නා ලද නීතිමය පියවර 2003 අංක 22 දරණ බීජ පනතින් සිදු කරන අතර ඒ යටතේ වන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මෙම ඒකකය මඟින් සිදු කෙරේ.

පනත ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන වශයෙන් පහත කාර්යයන් ඉටු වේ.

  1. බීජ හසුරුවන්නන් (බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයින්,ආනයනකරුවන් බීජ ඇසුරුම්කරුවන්, සකස් කරන්නන්, ගබඩා කරන්නන් හා අලෙවිකරුවන්) බීජ පනත යටතේ ලියාපදිංචි කර එම කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ආවරණය ලබා දීම සහ ලියාපදිංචිය අළුත් කිරීම.
  2. බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයින් සහ බීජ ආනයනකරුවන් විසින් එම බීජ හා රෝපණ ද්‍රව්‍ය වල ගුණාත්මය තහවුරු කිරීම පිළිබඳ යොදන ලේබල් බීජ පනතට අනුකූලදැයි පරීක්ෂා කර අදාළ උපදෙස් ලබා දීම සහ ලේබල් අනුමත කිරීම.
  3. බීජ පනතට අනුකූලව ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය හැසිරවීම පිළිබඳව බීජ හසුරුවන්නන් දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  4. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් රජයේ නිලධාරීන් සඳහා බීජ පනත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  5. බීජ පනතට පටහැනි වන අවස්ථා පිළිබඳ ලැබෙන පැමිණිලි විමර්ශනය කර සුදුසු පිලියම් ලබා දීම.
  6. අහඹු ලෙස පරිශ්‍ර පරීක්ෂා කර (random checking) බීජ පනතට අනුකූල පරිදි බීජ හසුරුවන්නන්ගේ කටයුතු විධිමත් කිරීම.
  7. ආනයනික බීජ තොග (bulk) නැවත ඇසුරුම් කිරීමට පෙර නියැඳි ලබා ගෙන ගුණාත්මය පරීක්ෂා කිරීම.
  8. ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය පරිහරණය සහ භාවිතා කිරීම පිළිබඳව මාධ්‍ය මඟින් (රූපවාහිනි,පුවත්පත්,ගුවන් විදුලිය,වීදි නාට්‍ය ආදිය) මඟින් ජනතාව දැනුවත් කිරීම.

SL-GAP සහතික කිරීමේ අංශය

ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිලිවෙත් (SL-GAP) සහතික කිරීම “ආරක්ෂිත ආහාර සහ යහපත් සෞඛ්‍ය” සඳහා ය.
මෙම SL GAP සහතිකය සිටුවීමේ සිට ගොවිපල ගේට්ටුවේ සිට නිෂ්පාදනය දක්වා සියලු හොඳ කෘෂිකාර්මික පිළිවෙත් ආවරණය කරයි.
SL-GAP සහතික කිරීමේ අංශය ප්‍රධාන වශයෙන් ගනුදෙනු කරයි
GAP ගොවිපලවල අවසාන විගණනය / තාක්ෂණික පරීක්ෂාව.
SL-GAP ප්‍රමිතියේ අවශ්‍යතාවය සපුරාලන ගොවිපලවල් සඳහා SL-GAP සහතිකය ප්‍රදානය කිරීම.
දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම.
නව සම්මත හා අදාළ ලේඛන සකස් කිරීම
මේ දක්වා SL-GAP සහතික ආවරණ
පළතුරු සහ එළවළු (SLS 1523 කොටස -1. 2016)
සහල් (එස්එල්එස් 1523 කොටස -2. 2019)

අලුත්තරම

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ඩබ්ලිව්.පි.එස්.කේ.කරුණරත්න මයා

බීජ සහතික කිරීමෙ සේවය

අලුත්තරම

දුරකථනය/ෆැක්ස් : +94 553 560104

ජංගම: +94 718 114645

විද්‍යුත් ලිපිනය: scsalureo@gmail.com

බට අත

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

කේ.ඒ.චමින්ද මයා

බීජ සහතික කිරීමෙ සේවය

බට අත

දුරකථනය/ෆැක්ස් : +94 472 226039

ජංගම: +94 718 079958

විද්‍යුත් ලිපිනය: scsbatreo@gmail.com

 

බිබිල

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

එච්.එම්.ජි.ජයතිස්ස මයා

බීජ සහතික කිරීමෙ සේවය

බිබිල

දුරකථනය/ෆැක්ස් : +94 552 265706

ජංගම: +94 712 656680

විද්‍යුත් ලිපිනය: scsbibreo@gmail.com

බතලගොඩ

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

එම්.පි.ඕ.පියදාස මයා

බීජ සහතික කිරීමෙ සේවය

බතලගොඩ

දුරකථනය/ෆැක්ස් : +94 372 259241

ජංගම: +94 718 099553

විද්‍යුත් ලිපිනය: scsbgdreo@gmail.com

මුරුන්කන්

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

බීජ සහතික කිරීමෙ සේවය

මුරුන්කන්,නන්නාත්තන් වීදිය, මන්නාරම

ජංගම: +94 772 473675

විද්‍යුත් ලිපිනය: scsmurreo@gmail.com

 

කොළඹ

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ජි.ටි.එස්. පෙරේරා මයා

බීජ සහතික කිරීමෙ සේවය

කොළඹ

දුරකථනය/ෆැක්ස් : +94 112 081176

ජංගම: +94 719 503313

විද්‍යුත් ලිපිනය: scscmbreo@gmail.com

 

හිඟුරක්ගොඩ

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ඒ.එම්.ජි.සිරිල් මයා

බීජ සහතික කිරීමෙ සේවය

හිඟුරක්ගොඩ

දුරකථනය/ෆැක්ස් : +94 272 246319

ජංගම: +94 718 413501

විද්‍යුත් ලිපිනය: scshinreo@gmail.com

යාපනය

ස්ථානභාර නිලධාරි

ඒ.රමනිදරන් මයා

බීජ සහතික කිරීමෙ සේවය

යාපනය

දුරකථනය/ෆැක්ස් : +94 212 227502

ජංගම: +94 777 781110

විද්‍යුත් ලිපිනයmaramanitharan@yahoo.com

කන්තලේ

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ඩී.එම්.ඒ.සේනානායක මයා

බීජ සහතික කිරීමෙ සේවය

කන්තලේ

ජංගම: +94 754 614276

දුරකථනය/ෆැක්ස් : +94 262 234314

විද්‍යුත් ලිපිනය: scskanreo@gmail.com

කුණ්ඩසාලේ

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ඩි.එම්.ඩි.දසනායක මයා

බීජ සහතික කිරීමෙ සේවය

කුණ්ඩසාලේ

දුරකථනය/ෆැක්ස් : +94 812 422142

ජංගම: +94 718 016807

විද්‍යුත් ලිපිනය: scskunreo@gmail.com

 

ලබුදූව

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

බුද්ධික වසන්ත මයා

බීජ සහතික කිරීමෙ සේවය

ලබුදූව

දුරකථනය/ෆැක්ස් : +94 912 243051

ජංගම: +94 714 160715

විද්‍යුත් ලිපිනය: scslbdreo@gmail.com

අම්පාර

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

අයි.ඩි.ඩි.පි.කේ පෙරේරා මයා

බීජ සහතික කිරීමෙ සේවය

අම්පාර

දුරකථනය/ෆැක්ස් : +94 632 223870

ජංගම: +94 773 658454

විද්‍යුත් ලිපිනය: scsmalreo@gmail.com

නිකවැරටිය

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

බි.ටි.සි.රොෂාන් ජයරත්න මයා

බීජ සහතික කිරීමෙ සේවය

නිකවැරටිය

දුරකථනය/ෆැක්ස් : +94 372 260309

ජංගම: +94 714 460733

විද්‍යුත් ලිපිනය:scsnik@stlnet.lk

පැල්මඩුල්ල

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

වි.පි.පි.අබේරත්න මයා

බීජ සහතික කිරීමෙ සේවය

පැල්මඩුල්ල

දුරකථනය/ෆැක්ස් : +94 452 274163

ජංගම: +94 718 151417

විද්‍යුත් ලිපිනය: scspalreo@gmail.com

 

පැල්වෙහෙර

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

සි.වසන්ති ගුණසේකර මිය

බීජ සහතික කිරීමෙ සේවය

පැල්වෙහෙර

දුරකථනය/ෆැක්ස් : +94 662 284138

ජංගම: +94 714 001428

විද්‍යුත් ලිපිනය: scspelreo@gmail.com

පොලොන්නරුව

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ඩි.එස්.කුමාර මයා

බීජ සහතික කිරීමෙ සේවය

පොලොන්නරුව

දුරකථනය/ෆැක්ස් : +94 272 222119

ජංගම: +94 712 177606

විද්‍යුත් ලිපිනය: scspolreo@gmail.com

 

සීතාඑළිය

ස්ථානභාර නිලධාරි

ඩබ්ලිව්.එම්.ආර්.බි.විජේසෙකර මයා

බීජ සහතික කිරීමෙ සේවය

සීතාඑළිය

දුරකථනය/ෆැක්ස් : +94 522 222867

ජංගම: +94 714 495438

විද්‍යුත් ලිපිනය: scssiereo@gmail.com

මතුගම

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ජේ.කේ.පාගොඩ ආරච්චි මයා

බීජ සහතික කිරීමෙ සේවය

මතුගම

ජංගම: +94 718 050282

දුරකථනය/ෆැක්ස් : +94 272 222119

වවුනියා

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

පි.ප්‍රභාකරන් මයා

බීජ සහතික කිරීමෙ සේවය

වවුනියා

ජංගම: +94 718 050282

දුරකථනය/ෆැක්ස් : +94 272 222119

 

පරන්තන්

ස්ථානභාර නිලධාරි/සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)

එස්.සෙල්වර්කුමාර් මයා

බීජ සහතික කිරීමෙ සේවය

පරන්තන්

දුරකථනය/ෆැක්ස්: +94 212 280270

ජංගම: +94 775 289551

විද්‍යුත් ලිපිනය:dhanaranjani17@gmail.com

කරදියනාරු

ස්ථානභාර නිලධාරි

ආර්.රගුවරන් මයා

බීජ සහතික කිරීමෙ සේවය

කරදියනාරු

දුරකථනය/ෆැක්ස්: +94 652 056008

ජංගම: +94 771 178335

විද්‍යුත් ලිපිනය:

මහඉලුප්පල්ලම

ස්ථානභාර නිලධාරි

බි.සි.එම්.ඒ.ගමගේ මයා

බීජ සහතික කිරීමෙ සේවය

මහඉලුප්පල්ලම

දුරකථනය/ෆැක්ස්: +94 252 249260

ජංගම: +94 714 495417

විද්‍යුත් ලිපිනය:

මාතර

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ආර්.කේ.ඒ.රත්නකුමාර මයා

බීජ සහතික කිරීමෙ සේවය

මාතර

දුරකථනය/ෆැක්ස්:

ජංගම: +94 718 149561

විද්‍යුත් ලිපිනය:

රිකිල්ලගස්කඩ

ස්ථානභාර නිලධාරි/කෘෂිකර්ම උපදේශක

ඒ.එම්.එස්.අබේකෝන් මිය

බීජ සහතික කිරීමෙ සේවය

රිකිල්ලගස්කඩ

දුරකථනය/ෆැක්ස්: +94 812 365282

ජංගම: +94 713 255841

විද්‍යුත් ලිපිනය:

අලුත්තරම

ස්ථානභාර නිලධාරි/ සහකාර කෘෂිකර්ම අධයක්ෂ(සංවර්ධන)

ජනක සමරසිංහ මයා

බීජ පරීක්ෂණාගාරය

අලුත්තරම

දුරකථනය/ෆැක්ස් : +94 553 590289

ජංගම: +94 788 761917

විද්‍යුත් ලිපිනය: scsalustl@gmail.com

බට අත

ස්ථානභාර නිලධාරි/ සහකාර කෘෂිකර්ම අධයක්ෂ(සංවර්ධන)

එන්.ඩි.විතාරණ මිය

බීජ පරීක්ෂණාගාරය

බට අත

දුරකථනය/ෆැක්ස් : +94 473 489280

ජංගම: +94 717 325635

විද්‍යුත් ලිපිනය: scsbatstl@gmail.com

පේරාදෙණිය

ස්ථානභාර නිලධාරි/ සහකාර කෘෂිකර්ම අධයක්ෂ(සංවර්ධන)

ජනක සමරසිංහ මයා

බීජ පරීක්ෂණාගාරය

පේරාදෙණිය

දුරකථනය/ෆැක්ස් : +94 553 590289

ජංගම: +94 788 761917

විද්‍යුත් ලිපිනය: scsalustl@gmail.com

මහඉලුප්පල්ලම

ස්ථානභාර නිලධාරි/ සහකාර කෘෂිකර්ම අධයක්ෂ(සංවර්ධන)

ඩබ්ලිව්. ඒ.එස්. විජිත කුමාර

බීජ පරීක්ෂණාගාරය

මහඉලුප්පල්ලම

දුරකථනය/ෆැක්ස් : +94 252 249135

ජංගම: +94 759  749196

විද්‍යුත් ලිපිනය: scsmilstl@gmail.com

පරන්තන්

ස්ථානභාර නිලධාරි/ සහකාර කෘෂිකර්ම අධයක්ෂ(සංවර්ධන)

එස්. සෙල්වකුමාර් මයා

බීජ පරීක්ෂණාගාරය

පරන්තන්

දුරකථනය/ෆැක්ස් : +94 212 280270

ජංගම: +94 775 289551

විද්‍යුත් ලිපිනය : dhanaranjani17@gmail.com

සහතික කරනු ලබන උසස් පංතිවල සෑම බීජ තොගයකම නියැදියක් (බීජ පරීක්ෂණාගාරයට ඉදිරිපත් කරන නියැදියට සමාන ) පශ්චාත් පාලන කටයුතු සදහා ලබා ගනු ලැබේ. මෙම නියැදි වෙන් වෙන්ව පශ්චාත් පාලන ක්‍ෂේත්‍ර කොටුවල වගා කර පරීක්ෂා කරනු ලැබේ. මෙහිදී ලබා ගන්නා නිරීක්ෂණයන් සහ ක්ෂේත්‍ර තත්වයන් පිළිබද වැදගත් තොරතුරු ක්ෂේත්‍ර පරීක්ෂකවරුන් වෙත දන්වා යවනු ලැබේ. තවද පශ්චාත් පාලන නියැදි ක්ෂේත්‍රයේ වගා කර පරීක්ෂා කිරීමෙන් බී.ස.සේ ක්ෂේත්‍ර පරීක්ෂණ ප්‍රතිඵල හා බීජ පරීක්ෂණාගාර ප්‍රතිථල ඇතුළු සහතික කිරීමේ කටයුතු පිළිබදව අභ්‍යන්තර තක්සේරුවක් ද ලබා ගත හැකිය. මෙයට අමතරව, පර්යේෂණ කටයුතු සඳහා නියැදි පරීක්ෂා කිරීම්, දෙමුහුම්තාවය පරීක්ෂා කිරීම, අහඹු වෙළඳපල සමීක්ෂණ නියැදි පරීක්ෂා කිරීම, ගැටළු සහගත නියැදි පරීක්ෂාකිරීමට සිදු කරනු ලැබේ.

ආහාරයක් මෙන්ම වගාවන් ආරම්භ කිරිම සඳහා බීජ වලට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහල යයි. ආහාර සදහා වගා කරනු ලබන බෝග වලින් 90% ක් ම වගා කරනු ලබන්නේ බීජ මගිනි. මෙම බීජ ශාක වලට හානි කරනු ලබන දීලීර, බැක්ටීරියා. වෛරස්, නෙමටෝඩා වැනි රෝග කාරකයින් පැතිරීම ද සිදු කරනු ලබයි.

රෝග ආසාදිත බීජ වගා කිරීම නිසා  බීජ හා බීජ පැල මිය යාම, අඩු දිරියෙන් හා අඩු ප්‍රරෝහණ ප්‍රතිශතයකින් යුත් වගාවන් දක්නට ලැබීම, අස්වැන්න අඩු වීම, මුල් අවධියේ පටන් රෝග පාලනය කිරීමට සිදු වීම මගින් නිෂ්පාදනය පිරිවැය ඉහළ යාම, රෝග කාරකයින් පසට හා පරිසරයට එකතු වීම නිසා ඉන්පසු වගා කරනු ලබන නිරෝගී බීජ වලටද හානී වීම වැනි තත්වයන් දක්නට ලැබේ. මීට අමතරව බීජ වල පෝෂණීය ගුණය විනාශ වීම, ගබඩා කල නොහැකි වීම,මිනිසාට හා සතුන්ට විෂ සහිත සංයෝග සෑදීම වැනි දෑද ඇති විය හැකිය. මෙම තත්වයන් වලක්වා ගැනීම සඳහා නිරෝගී බීජ භාවිතය අත්‍යවශ්‍ය සාධකයකි. මේ සඳහා බීජ වල සෞඛ්‍ය තත්වය පරීක්ෂා කල යුතු වේ.

රටකින් රටකට බීජ මගින් රෝග කාරකයින් පැතිරීම පාලනය කිරීම සඳහා ශාක නිරෝධායන ක්‍රම අනුගමනය කරනු ලබයි. රටතුල බීජ මගින් පැතිරෙන රෝග කාරකයින් පාලනය කිරීම සඳහා රෝග වලින් තොර බීජ භාවිතා කිරීම හා බීජ ප්‍රතිකාර යෙදීම මගින් කල හැකියි. මෙයින් වඩාත් කාර්යක්ෂම පරිසර හිතකාමී හා ආර්ථිකමය වාසිදායක ක්‍රමය වනුයේ රෝග වලින් තොර බීජ භාවිතා කිරීමයි. මීට අමතරව බීජ ප්‍රතිකාර කලයුතු බීජ හඳුනා ගැනීමද මෙමගින් කල හැකිය. බීජ වල සෞඛ්‍ය තත්වය පරීක්ෂා කොට රෝග වලින් තොර බීජ බවට සහතික කර ගොවීන්ට ගුණාත්මක බීජ සැපයීම සඳහා 2012 වසරේදී බීජ සහතික කිරීමේ සේවය මගින් බීජ සෞඛ්‍ය පරීක්ෂණ ඒකකය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලදී.

 

අතිරේක අධ්‍යක්ෂ (බීජ සහතික කිරීමේ සේවය)

ආචර්‍ය එම්.ජි.ඩි.එල්.ප්‍රියන්තා මිය

බීජ සෞඛ්‍ය පරීක්ෂණ හා පර්යේෂණ ඒකකය

ගන්නෝරුව

ජංගම: +94 718 098366

විද්‍යුත් ලිපිනය: lakmiashraff@yahoo.com