Administration Division(all) -Sinhala

IMG_1189 (2)

පරිපාලන අංශය

අප ගැන:

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිපාලනමය කටයුතු රාජ්‍ය ප්‍රතිපත්ති හා අදාල නීති/ රෙගුලාසිවලට අනුකූලව සිදු කිරීමට අවශ්‍ය වන උපදෙස් හා මාර්ගෝපදේශ නිකුත් කරනු ලබන්නේ පාලන අංශය මගිනි. තවද දෙපාර්තමේන්තුවේ පොදු පරිපාලනමය තීරණ ලබා දෙනු ලබන්නේද අප අංශයෙනි.

මෙහෙවර:

“යහපාලනයෙන් සහ මානව සම්පත් කළමනාකරණය තුලින් සියළු ආයතන සහ සම්පත් මනාව සම්බන්ධීකරණය කරමින් කෘෂිකාර්මික විශිෂ්ඨත්වය ළඟා කර ගැනීම උදෙසා තෘප්තිමත් සේවාවක් සැලසීම.”


ඒකකය

ලබාදෙන සේවය

මානව සම්පත් කළමනාකරණ හා ප්‍රතිපත්ති ශාඛාව

පාලන 01 ශාඛාව

  • සියලු තනතුරු වල බඳවා ගැනීම්, සේවක සංඛ්‍යා පවත්වාගෙන යාමට අදාළ කටයුතු, ප්‍රතිපත්තිමය කටයුතු, තොරතුරු සන්නිවේදන සහ භාෂා පරිවර්තන සම්බන්ධ කටයුතු, දෙපාර්තමේන්තු වෙබ් අඩවි‍යේ පාලන අංශයට අදාල යාවත්කාලීන කිරීම් සම්බන්ධ කටයුතු, තනතුරු වල රාජකාරි ආවරණයට පත් කිරීම් සහ වැඩ බැලීමට පත් කිරීම්.

වැඩි විස්තර…  

භෞතික සම්පත් පාලන ශාඛාව

පාලන 02 ශාඛාව

  • දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කටයුතු, ඉඩම් පවරාගැනීම් හා ඒ ආශ්‍රිත කටයුතු, ගොඩනැගිලි / ස්ථාවර හා ජංගම වත්කම්වල පවරාගැනීම් හා ඒ ආශ්‍රිත කටයුතු,නිල වාහන, නිල නිවාස, පොදු පරිපාලන කටයුතු, සංචිත වාහන වෙන් කිරිම, සේවා පහසුකම් සැලසීම, කාර්යාල පරිශ්‍රය නඩත්තුව හා පවත්වා ගැනීම හා දුරකථන/විදුලිය/ජල බිල්පත් සම්බන්ධ කටයුතු.

වැඩි විස්තර…

විනය කටයුතු පාලන ශාඛාව

පාලන 03 ශාඛාව

  • දෙපාර්තමේන්තුවේ විනය කටයුතු, හානි හා පාඩු සම්බන්ධ මු.රෙ. පරීක්ෂණවල‍ට අදාල රාජකාරි.

වැඩි විස්තර… 

කළමනාකරණ සංවර්ධන හා පුහුණු ශාඛාව

පාලන 04 ශාඛාව

  • කාර්ය මණ්ඩල පුහුණු / සංවර්ධන කටයුතු හා  ඵලදායිතා ප්‍රවර්ධන ඒකකයට අදාල කටයුතු.

වැඩි විස්තර… 

තැපැල් ශාඛාව

පාලන 05 ශාඛාව

  • පොදු පරිපාලන කටයුතු, පරිපාලන අංශයට ලැබෙන තැපෑල සහ යැවෙන තැපෑල පිළිබඳ කටයුතු, තැපැල් අග්‍රිමයට අදාළ කටයුතු අධීක්ෂණය විධිමත්ව පවත්වා ගැනීම සහ ක්‍රමවත්ව බෙදා හැරීම.

වැඩි විස්තර… 

ඇප හා අග්‍රහාර ශාඛාව

පාලන 06 ශාඛාව

  • ඇප තැබීමට නියමිත තනතුරු සඳහා ඇප තැබීමට අදාල රාජකාරි සහ ඊට අදාළ ඉල්ලීම් පිළිබඳ රාජකාරි හා අග්‍රහාර රක්ෂණයට දායක වීම සහ ප්‍රතිලාභ හිමිගැන්වීමට අදාල රාජකාරි.

වැඩි විස්තර… 

ශුභසාධක ශාඛාව

පාලන 07 ශාඛාව

  • දෙපාර්තමේන්තු සුභසාධනය පිළිබඳ රාජකාරි, පරිපාලන අංශයේ කාර්ය මණ්ඩලයේ සුභසාධන කටයුතු පිළිබඳ රාජකාරි, දෙපාර්තමේන්තුවේ නිල උත්සව හා උත්සව සංවිධානය කිරිම, දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගම් සහ වෙනත් ස්වේච්ඡා සමිති අධික්ෂණය සහ සම්බන්ධීකරණය හා හදිසි ආපදා අවස්ථා වලදී තීරණය කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

වැඩි විස්තර… 

නීති ශාඛාව

පාලන 08 ශාඛාව

  • දෙපාර්තමේන්තුවේ නීති කටයුතු සම්බන්‍ධ රාජකාරි.

වැඩි විස්තර…

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය

පාලන 12 ශාඛාව

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ රාජකාරි අදාල කටයුතු.
අප අමතන්න