ගොවි ක්ෂේත්‍ර දිනය

2023 ජූලි මස 21 පැල්වෙහෙර රජයේ බීජ නිෂ්පාදන ගොවිපල් පරිශ්‍රයේදී පැවැත්විණි. බෝග නඩත්තුව, බීජ නිෂ්පාදන මූලධර්ම හා ගොවිපල් යාන්ත්‍රීකරණය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්ට අදාලව ගොවීන්ට, කෘෂිකර්ම පාඨමාලා හදාරන ශිෂ්‍යයින්ට හා තාක්ෂණ (කෘෂි) නිලධාරීන්ට අවශ්‍ය දැනුම හා ආදර්ශ ලබාදීම මෙහි මූලික අරමුණ විය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්, කෘෂිකර්ම විද්‍යාල සිසුන්, කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය ආයතනවල හා පුද්ගලික ආයතනවල නිලධාරීන් හා ගොවි මහතුන් රැසක් සහභාගී විය.

එහිදී තාක්ෂණික දැනුවත් කිරීම් සම්බන්ධයෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුනි.

  • එළවළු, පළතුරු හා අතිරේක ආහාර බෝගවල රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා නඩත්තුව පිළිබද ප්‍රායෝගික පුහුණුව හා ආදර්ශන පැවැත්වීම
  • එළවළු හා අතිරේක ආහාර බෝගවල අස්වනු නෙලීම හා පසු අස්වනු කටයුතු සම්බන්ධ තාක්ෂණික දැනුම ලබාදීම
  • ජල සම්පාදනය සහ අනෙකුත් ක්ෂේත්‍ර කටයුතු සදහා නවීන තාක්ෂණය හා යාන්ත්‍රීකරණය පිළිබද ආදර්ශන පැවැත්වීම
  • පැපොල් දෙමුහුන් බීජ නිශ්පාදනය කිරීමේ වගා තාක්ෂණය පිළිබද ප්‍රායෝගික ආදර්ශන පැවැත්වීම

මීට අමතරව ගොවි මහතුන්ගේ ගැටළු සඳහා පිළිතුරු ලබාදීමට ද අවස්ථාවක් ලබා දෙන ලදී. ක්ෂේත්‍ර දිනයේ විශේෂ අවස්ථාවන් ලෙස, බීජ නිෂ්පාදනයට දායක විය හැකි ගොවි මහතුන්ට ඒ සදහා ලියාපදිංචි වීමට හා කෘෂිකර්ම පාඨමාලා හදාරන ශිෂ්‍යයින් හට ප්‍රායෝගික පුහුණුව සඳහා බීජ ගොවිපල් සමඟ එකතු වීමට අවස්ථාවක් ලැබීම දැක්විය හැකිය.