RRDI ක්ෂේත්‍ර දිනය

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ මඟින් වී වගාව ආශ්‍රිත නව තාක්‍ෂණය මහජනතාව අතරට ගෙනයාමේ අරමුණින් විවෘත ක්ෂේත්‍ර දිනයක් 18-07-2023 දින සංවිධානය කෙරිනි. මෙම සේවාව වඩාත් පුළුල් කිරීමේ අරමුණින් එම වැඩසටහන ජූලි 19 සහ 20 යන දිනයන්හිදීද පෙ.ව.9.00 – ප.ව.3.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව, වී පර්යේෂණ ආයතනය මගින් දන්වා සිටී.

වී වගාවට සම්බන්ධ පාර්ශවකරුවන්හට, බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම වැඩසටහන හා සම්බන්ධවීමෙන් නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට, එම ආයතනය ආරාධනා කර සිටී.