2023/24 මහ සහ 2024 යල බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ කන්න ප‍්‍රගති සමාලෝචන රැස්වීම

කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන 2023/24 මහ සහ 2024 යල කන්න සඳහා බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ ප‍්‍රගති සමාලෝචන රැස්වීම 2023.07.13 සහ 14 යන දිනයන්හිදී ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුමියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, සියළුම ප‍්‍රධාන කෘෂි විශේෂඥවරුන්, බෝග සම්බන්ධීකාරකවරුන් මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්, වාරි මාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් සහ දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වේ.

ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා zoom තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාව සඳහා සම්බන්ධ වීම සිදුවිය.