මධ්‍යම කෘෂිකර්ම පුස්තකාලය මගින් පැවැත්වූ “හරිත යාය” තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ජාතික කියවීමේ මාසය – 2022 වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ පවතින මධ්‍යම කෘෂිකර්ම පුස්තකාලය විසින් පාසල් සිසුන් සඳහා පවත්වනු ලැබූ “හරිත යාය” චිත්‍ර, රචනා Power Point Presentation සැකසීම යන තරඟ වලින් ජයග්‍රහනය ලැබූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා සහතිකපත් සහ ත්‍යාග … Continue reading මධ්‍යම කෘෂිකර්ම පුස්තකාලය මගින් පැවැත්වූ “හරිත යාය” තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය රාජකාරී අරඹයි. . . එච්.එම්.ජේ. ඉලංකෝන් මැණිකේ මිය අභිනව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස 2022.10.10 දින ආගමික කටයුතුවලින් අනතුරුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී සුභ මොහොතින් රාජකාරි අරඹන ලදී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වන වාර්ෂික සමුළුව – ASDA 2022 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වන වාර්ෂික සමුළුව 2022.09.23 දින ගන්නෝරුව ජාතික පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය හා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශවල නව සොයා ගැනීම් එළිදැක්වීම, හොඳම කෘෂි විශේෂඥ, වසරේ හොඳම නවක කෘෂි … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වන වාර්ෂික සමුළුව – ASDA 2022

තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම – 2022 2020 හා 2021 වසර තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මඟින් සොයාගන්නා ලද තාක්ෂණය කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙත නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වන කමිටු රැස්වීම 2022.08.19 දින කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී, අලුතින් සොයාගන්නා ලද හා වැඩිදියුණු කරන ලද තාක්ෂණයන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කාර්යයන්ට … Continue reading තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම 2022 (2020/2021)

බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම – 2022 පසුගිය කාලය තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර්යේෂණ මගින් එළි දක්වන ලද නව බෝග ප්‍රභේද වගාවන් සඳහා නිදහස් කිරීම තීරණය වන බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම පසුගිය 2022.08.08 දින කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී බෝග වර්ග රාශියක නව ප්‍රභේද වගාවන් … Continue reading බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම – 2022