කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වන වාර්ෂික සමුළුව - ASDA 2022

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වන වාර්ෂික සමුළුව 2022.09.23 දින ගන්නෝරුව ජාතික පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය හා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශවල නව සොයා ගැනීම් එළිදැක්වීම, හොඳම කෘෂි විශේෂඥ, වසරේ හොඳම නවක කෘෂි විශේෂඥ, හොදම කෘෂි විද්‍යාඥ, හොදම පර්යේෂණ පත්‍රිකාව, කෘෂිකර්මාන්තයට සිදුකරන ලද දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන වසරේ කීර්තිමත් කෘෂි විශේෂඥ ආදී සම්මාන අමාත්‍යතුමන් අතින් ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණ.