තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම - 2022

2020 හා 2021 වසර තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මඟින් සොයාගන්නා ලද තාක්ෂණය කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙත නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වන කමිටු රැස්වීම 2022.08.19 දින කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී, අලුතින් සොයාගන්නා ලද හා වැඩිදියුණු කරන ලද තාක්ෂණයන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කාර්යයන්ට මුදා හැරීමේ යෝග්‍යතාව පිළිබඳව සාකච්ඡා කරනු ලැබිය.