මධ්‍යම කෘෂිකර්ම පුස්තකාලය මගින් පැවැත්වූ “හරිත යාය” තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය

ජාතික කියවීමේ මාසය – 2022 වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ පවතින මධ්‍යම කෘෂිකර්ම පුස්තකාලය විසින් පාසල් සිසුන් සඳහා පවත්වනු ලැබූ “හරිත යාය” චිත්‍ර, රචනා Power Point Presentation සැකසීම යන තරඟ වලින් ජයග්‍රහනය ලැබූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2022.12.19 දින කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එම්.ජේ. ඉලංකෝන් මැණිකේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150කට අධික පිරිසක් ත්‍යාග සහ සහතිකපත් ලැබූ අතර විශේෂ ආරාධිත දේශණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ සේවය කර විශ්‍රාම ලැබූ ජේෂ්ඨ මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසින් සිදු කරන ලදි.