ETC-training-FMTC -si

ගොවිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය - පුලියන්කුලම, අනුරාධපුර

ගොවිපල් යාන්ත්‍රීක අභ්‍යාස මධ්‍යස්ථානය, ගොවිපල යන්ත්‍රසූත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල පවතින ජාතික මට්ටමේ එකම පුහුණු ආයතනයයි.  මෙම ආයතනය 1971 වර්ෂයේදී බටහිර ජර්මානු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් ස්ථාපිත කරන ලද්දකි. අනුරාධපුර පුලියන්කුලම ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනයට හෙ. 17ක බිම් ප්‍රමාණයක වපසරියක් අයත්වන අතර එහි ආදර්ශ ගොවිපලක්, පුහුණු මං තීරුවක්, පුහුණු ක්ෂේත්‍ර, නවීන නේවාසිකාගාර සංකීර්ණයක්  සහ දේශන ශාලා ඇතුළු නවීන පුහුණු පහසුකම් වලින් සමන්විත වේ. ගොවිපල් යාන්ත්‍රීක අභ්‍යාස මධ්‍යස්ථානය තුල පුහුණු වන්නන් 80 දෙනෙකු පමණ සදහා  ආහාර සහ නවාතැන් පහසුකම් එකවරකදී සැපයීමේ හැකියාව ඇත.

දැක්ම

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ගොවිපල යාන්ත්‍රීකරණ පුහුණුවේ විශිෂ්ඨ ම ආයතනය බවට පත්වීම.”

යෝග්‍ය යාන්ත්‍රීකරණය පිළිබද නිපුණතාවයෙන් යුත් තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් කරා යන ගොවි සමාජයක් බිහි කිරීම

ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන්

ක්‍රියාකාරී සහ නඩත්තු පිළිබඳ පාඨමාලා

01. කෘෂි යන්ත්‍රෝපකරණ හැදින්වීම ( දින 05)
02. රෝද දෙකේ ට්‍රැක්ටර් ක්‍රියාකාරීත්වය හා නඩත්තුව ( දින 05)
03.  රෝද හතරේ ට්‍රැක්ටර් ක්‍රියාකාරීත්වය හා නඩත්තුව (දින 10 ) (වෘත්තීය පුහුණුව )
04.  රෝද 04 ට්‍රැක්ටර් ක්‍රියාකාරිත්වය හා නඩත්තුව (දින 05)
05. වතුර පොම්ප ක්‍රියාකාරීත්වය හා නඩත්තුව (දින 02 )
06.  ස්ප්‍රේ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය හා නඩත්තුව (දින 02 )
07.  ගොයම් කපන යන්ත්‍ර සහ ගොයම් මැඩීමේ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය හා නඩත්තුව (දින 02)                                  
08. වාණිජ කෘෂි කර්මාන්තය සදහා ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති සැලසුම්කරණය හා සංස්ථාපනය (දින 03)    
09. පෑස්සුම් උපකරණ ආරක්ෂිතව භාවිතය හා පෑස්සුම් ක්‍රම (දින 05)
10. ලේසර් ලෙවලයෙහි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය (දින 01)
11. ගොයම් පැළ සිටුවන යන්ත්‍ර ක්‍රියාකාරිත්වය සහ නඩත්තුව (දින 01)
12. තණකොළ කපන යන්ත්‍ර ක්‍රියාකාරිත්වය සහ නඩත්තුව (දින 01)

අළුත්වැඩියා පිළිබඳ පාඨමාලා

01. රෝද දෙකේ ට්‍රැක්ටර් එන්ජිම අලුත්වැඩියාව (දින 05)            
02. ජල පොම්ප අලුත් වැඩියාව (දින 03)
පුද්ගලික අයදුම්කරුවන් සදහා පුහුණු ඉල්ලුම් කිරීමේ අයදුම් පත්‍රය

ඡායාරූප එකතුව

6


ආචාර්ය එස්.එස්.ජේ.සෙනෙවිරත්න

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

අප අමතන්න