ETC-training-FMTC -si

ගොවිපල යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය - අනුරාධපුර

ගොවිපල් යාන්ත්‍රීකරණ පුහුණු මධ්‍යස්ථානය ගොවිපල යන්ත්‍රසූත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල පවතින ජාතික මට්ටමේ එකම පුහුණු ආයතනයයි.  මෙම ආයතනය 1971 වර්ෂයේදී බටහිර ජර්මානු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් ස්ථාපිත කරන ලද්දකි. අනුරාධපුර පුලියන්කුලම ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනයට හෙ. 17 ක බිම් ප්‍රමාණයක් අයත්වන අතර එහි වී , පොල් , පලතුරු , එලවළු , මං තීරුවක් , පුහුණු ක්ෂේත්‍ර සහ වෙනත් ප්‍රයෝජනවත් ගොඩනැගිලි ඇතුලත් වේ. ගොවිපල් යාන්ත්‍රීකරණ පුහුණු මධ්‍යස්ථානය තුල පුහුණු වන්නන් 60 දෙනෙකු පමණ වෙනුවෙන් ආහාර සහ නවාතැන් පහසුකම් එකවරකදී සැපයීමේ හැකියාව ඇත.

මෙම ආයතනයේ ඉදිරි දැක්ම වනුයේ ශ්‍රී ලංකාවේ ගොවිපල යාන්ත්‍රීකරණය පිළිබඳ විශිෂ්ටම ආයතනය බවට පත්වීමයි.

       ( මෙම පාඨමාලා ප්‍රධානය කරනු ලබන්නේ කෘෂි යන්ත්‍රෝපකරණ පරිහරණය කරන /
          මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට පමණි )
  • රෝද දෙකේ ට්‍රැක්ටර් ක්‍රියාකාරීත්වය හා නඩත්තුව ( දින 05 )
  • රෝද හතරේ ට්‍රැක්ටර් ක්‍රියාකාරීත්වය හා නඩත්තුව ( දින 10 )( වෘත්තීය පුහුණුව )
  • වතුර පොම්ප ක්‍රියාකාරීත්වය හා නඩත්තුව ( දින 02 )
  • ස්ප්‍රේ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය හා නඩත්තුව ( දින 02 )
  • ගොයම් කපන යන්ත්‍ර සහ ගොයම් මැඩීමේ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය හා නඩත්තුව   ( දින 03 )
  • කම්බයින් හාවෙස්ටර් යන්ත්‍ර ක්‍රියාකාරීත්වය හා නඩත්තුව ( දින 05 )
 ( මෙම පාඨමාලා ප්‍රධානය කරනු ලබන්නේ අලුත් වැඩියා වැඩපලවල සේවයේ නියුතු
 අවු: 01 ක සේවා කාලයක් ගතකල ආධුනිකයින්ට සහ සේවක මහතුන්ට පමණි )
  • රෝද දෙකේ ට්‍රැක්ටර් අලුත් වැඩියාව   ( දින 10 )
  • ජල පොම්ප අලුත් වැඩියාව ( දින 05 )
  • ද්වි රෝද ට්‍රැක්ටර එන්ජින් අලුත්වැඩියාව – දින 05
  • ද්වි රෝද ට්‍රැක්ටර සම්ප්‍රේසණ පද්ධතිය අලුත්වැඩියාව – දින 05
  • දියර ඉසින යන්ත්‍ර අලුත්වැඩියාව – දින 5
  • ක්ෂුද්‍ර ජල සම්පාදනය ( හැඳින්වීමේ පාඨමාලාව ) ( දින 02 )
  • ක්ෂුද්‍ර ජල සම්පාදනය ( සවිස්තරාත්මක පාඨමාලාව ) ( දින 03 )
  • සූර්ය බල, බිංදු ජල සම්පාදන පුහුණුව ( දින 01 )
  • ගෙවතු වගා පුහුණුව ( දින 01 )
  • වෙල්ඩිං කිරීමේ උපාංග සහ වෙල්ඩිං ක්‍රම   ( දින 05 )            
  • කෘෂිකාර්මික අත් උපකරණ
  • ලේසර් ලෙවලය භාවිතය

ඡායාරූප එකතුව

24-512

නියෝජ්‍ය අධ්‍යක්ෂ (ගොයාඅම)

එච්.එස්. සෙනවිරත්න මිය

අප අමතන්න