ETC-services-Agricultural Education -si

222 Extention & training Centre

කෘෂිකාර්මික අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයක් සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සේවාවන් සැපයීමට අවශ්‍ය තාක්ෂණික නිපුණතාවයෙන් යුත් මධ්‍යම කළමනාකරණ මට්ටමේ මානව සම්පත බිහි කිරීම සඳහා කාර්යක්ෂම කෘෂිකාර්මික අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීම අධ්‍යාපන ඒකකයේ කාර්යභාරයයි.

අරමුණු

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 06 මට්ටමේ සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 05 මට්ටමේ ඩිප්ලෝමාධාරීන් බිහිකිරීම.
උසස් ජාතික (NVQ) 06 හා ජාතික (NVQ) 05 ඩිප්ලෝමා පාඨමාලාවල විෂයමාලා වැඩිදියුණු කිරීම සහ යාවත්කාලීන කිරීම.
කෘෂිකාර්මික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාම.

අධ්‍යාපන ඒකකයේ ක්‍රියාකාරකම්

  • ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල 11 ක් සඳහා (NVQ) 06 සහ (NVQ) 05 ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම්කරුවන් බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනය සකස් කිරීම හා වාර්ෂිකව රජයේ ගැසට් පත්‍රයේ පල කිරීම.
  • එම ගැසට් නිවේදනය ප්‍රකාරව අදාල අධ්‍යාපන සුදුසුකම් සපුරනු ලැබු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම.
  • (NVQ) 06 සහ (NVQ) 05 ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගැනීම සඳහා විභාග ඒකකය මඟින් පවත්වනු ලබන තරඟ විභාග තුලින් තෝරා ගනු ලබන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ පවත්වා, පුහුණු ධාරිතාවය මත කෘෂිකර්ම විද්‍යාල වලට බඳවා ගැනීම් කටයුතු සිදු කිරීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 06 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 05 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 05 සහ 06 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලාවල විෂයමාලා සංවර්ධනය කිරීම හා යාවත්කාලීන කිරීම.
  • කෘෂිකාර්මික අධ්‍යාපනයේ සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල ගුණාත්මකභාවය පවත්වා ගෙන යාම.
  • ඩිප්ලෝමා පාඨමාලාවල ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍යතාවයක් වන රැකියාස්ථ පුහුණුව (On the Job Training) සඳහා සිසුන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත යොමු කිරීම.
  • කෘෂිකර්ම විද්‍යාලවල අධ්‍යයන කාර්යමණ්ඩල සඳහා අවශ්‍ය සේවාස්ථ පුහුණු සංවිධානය කිරීම.
  • ඉල්ලීම් මත පාසැල් සිසුන්, ගොවි ප්‍රජාව, ගුරුවරුන් සහ වෙනත් ආයතන වල නිළධාරීන් සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය පිළිබඳ කෙටි දැනුවත් කිරීමේ ඩැඩසටහන් පැවැත්වීම.
  • කෘෂිකාර්මික අධ්‍යාපනය ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම.
  • ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව අවසන් කරනු ලබන සිසුන් සඳහා සහතිකපත්‍ර පිරිනැමීම ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයක් මඟින් වාර්ෂිකව සිදු කිරීම.

අධ්‍යාපන ඒකකය මඟින් මෙහෙයුම්කරණය හා අධීක්ෂණය කරනු ලබන ආයතන

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 06 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලාවන් පවත්වනු ලබන කෘෂිකර්ම විද්‍යාල 05 ක් හා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 05 මට්ටම් ඩිප්ලෝමා පාඨමාලාවන් පවත්වනු ලබන කෘෂිකර්ම විද්‍යාල 06 ක් අධ්‍යාපන ඒකකය මඟින් මෙහෙයුම්කරණය සහ අධීක්ෂණය කරනු ලබයි.

 

  • NVQ 06 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පවත්වනු ලබන කෘෂිකර්ම විද්‍යාල
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය
පිහිටා ඇති දිස්ත්‍රික්කය
1
අඟුණකොළපැලැස්ස
හම්බන්තොට
2
කුණ්ඩසාලේ
මහනුවර
3
කරපිංච
රත්නපුරය
4
පැල්වෙහෙර
මාතලේ
5
වව්නියාව
වව්නියාව
  • NVQ 05 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පවත්වනු ලබන කෘෂිකර්ම විද්‍යාල
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය
පිහිටා ඇති දිස්ත්‍රික්කය
1
අනුරාධපුරය
අනුරාධපුරය
2
බිබිල
මොණරාගල
3
ලබුදුව
ගාල්ල
4
පරන්තන්
කිළිනොච්චි
5
පාලමුණේ
අම්පාර
6
වාරියපොළ
කුරුණෑගල
  • කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 06) සහ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන් (NVQ 05) සඳහා රජයේ ගැසට් පත්‍රයේ පල කරනු ලබන ගැසට් නිවේදනය ප්‍රකාරව සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් තරඟ විභාගයක් පවත්වා වාර්ෂිකව බඳවාගැනීම් සිදු කරනු ලබයි.
  • ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව සම්පූර්ණ කරන ලද ඩිප්ලෝමාලාභීන් සඳහා සහතිකපත්‍ර පිරිනැමීම සෑම වර්ෂයකම ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයක් මඟින් උත්සවාකාරයෙන් සිදු කරනු ලබයි.