ETC- SERVICES-WOMEN’S AGRI.EXT – si

222 Extention & training Centre

කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන්

අරමුණ

කාන්තාව කේන්ද්‍ර කර ගත් පවුල් ඒකකයන්හි පෝෂණීය තත්ත්වය, ආර්ථික හා සමාජයීය තත්ත්වය වැඩි දියුණු කිරීම තුළින් රටේ සංවර්ධන ක්‍රියාවලියේදී කෘෂිකාර්මික නිෂ්පාදන හා සේවා අංශයන්ගේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම.

කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ වැඩසටහන් හා ක්‍රියාරකම්

දේශීය ආහාර ප්‍රවර්ධනය සහ හෙළ බොජුන් හල් ආරම්භ කර පවත්වා ගෙන යාම

  • එක් හෙළ බොජුන් හලක ව්‍යවසායිකාවන් 20 ක සංඛයාවකට අවම වශයෙන් සේවය කිරීමට හැකියාව ඇත.
  • මේ අනුව දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන හෙළ බොජුන් හල් වල ව්‍යවසායිකාවන් 20 x 22 = 440 කට පුහුණු අවස්ථා ලබාදී ඇත.

හෙල බොජුන්හල් ඉදිකිරීම සම්බන්ධ කටයුතු

පවතින හෙලබොජුන් හල් නවීකරණය සම්බන්ධ කටයුතු.

  • හෙල බොජුන් හල් සඳහා අවශ්‍ය උපකරණ සැපයීම.
  • හෙල බොජුන් හල් අරම්භ කිරීම හා පවත්වා ගෙන යාම. කාන්තාවන් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙලබොජුන් හල් වල ව්‍යවසායක අවස්ථා ලබාදී වසර 2ක හෙල බොජුන් ව්‍යවසායකත්ව පුහුණුව ලබා දීම.
  • හෙල බොජුන් හල් අරම්භ කිරීම හා පවත්වා ගෙන යාම සම්බන්ධව පුහුණු පැවැත්වීම.(කෘෂිකර්ම   දෙපාර්තමේන්තුවේ හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ,වෙනත් දෙපාර්තමේන්තු,පාසැල්, රෝහල්  වැනි විවිධ රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා පුදගලික ඉල්ලීම් සඳහා)
  • පුහුණු සහතික නිකුත් කිරීම.
  • විවිධ රාජ්‍ය ආයතන වල හෙල බොජුන්හල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම

කෘෂිකර්මය පාදක කර ගත් කාන්තා ව්‍යවසායිකාවන් බිහි කිරීම

  • දේශීය ආහාර නිෂපාදනය ප්‍රචලිත කිරීම සඳහා වෙළඳපොළ නිෂපාදනයන්ගේ කර්මාන්ත වැඩි දියුණු කිරීම.

පවුලේ ආහාර පද්ධතිය හා පෝෂණය දියුණු කිරීම හා ගෙවත්ත සංවර්ධනය.

බිම්මල් වගා සංවර්ධන කටයුතු සඳහා ආධාරක සැපයීම

මී මැසි පාලන සංවර්ධන කටයුතු

  • ප්‍රදේශීය මට්ටමින් ප්‍රදේශවල අවශ්‍ය බිජ හා පැළ නිෂ්පාදනය දිරිමත් කිරීමට කටයුතු කිරීම.
  • සම්පත් කළමණාකරණය පිළිබඳව ගොවි කාන්තා හැකියා දියුණු කිරීම. (මුදල්, ශ්‍රමය, කාලය, බල ශක්තිය)

දීපව්‍යාප්තව සිටින කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති විෂයභාර නිළධාරීන්ට නොයෙක් අංශයන්හි ප්‍රවීන දේශකයන් මගින් පුහුණු අවස්ථාවන් ලබාදී ඔවුන්ගේ විෂය දැණුම දියුණු කිරීම

  • වාර්ෂිකව විශේෂ සේවස්ථ පුහුණුව පැවැත්වීම.
  • විවිධ වැඩමුළු,සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම.(ගොවි සතිය,ලෝක ආහාර දිනය…..)
  • දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාෙද්ශීය මට්ටමින් ගොවි කාන්තාවන් සවිබලගැන්වීමට පුහුණු කිරීමට අවශ්‍ය පුහුණු ආධාරක සැපයීම.

දිවයින පුරා ස්ථාපනය කර ඇති කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති සංවිධාන ලියාපදිංචි කිරීම.

  • සංවිධානාත්මක ව්‍යුහයක ශක්තිය පිළිබඳ සේවාදායකයන් හට වටහා දීම.
  • සංවිධානයක් ලෙස ලබාගත හැකි සේවාවන් ,ප්‍රතිලාභ පිළිබඳව කාන්තාවන් දැණුවත් කිරීම හා ඒවා ලබා ගැනීමට යොමු කිරීම.
  • සමිති ලියාපදිංචි සහතික නිකුත් කිරීම.
  • කාන්තා කණ්ඩායම් හරහා විශේෂ ව්‍යාපෘති හා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාත්මක කර කාන්තාවන් සවිබල ගැන්වීම.

ප්‍රචාරක වැඩසටහන් හා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

  • අත් පත්‍රිකා බෙදා හැරීම
  • පොත් පිංච
  • ගුවන්විදුලි වැඩසටහන් පැවැත්වීම
  • රූපවාහිනී වැඩසටහන් පැවැත්වීම