ETC-inter provincial-Ampara – si

අන්තර් පළාත් කාර්යාලය - අම්පාර

අම්පාර, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂක (අන්තර් පළාත්) කාර්යාල බල ප්‍රදේශය උහන, දමන,අඩ්ඩලච්චේන, සම්මන්තුරේ, නින්තාවූර් සහ තම්බිලුවිල් යන කෘෂිකාර්මික පරිපාලන අංශ 06 කින් සමන්විත වේ. මෙම අංශවලට ගොවිජන සේවා මධ්‍යස්ථාන 24 ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15 ක්, කෘෂිකාර්මික ව්‍යාප්ති මධ්‍යස්ථාන 25 ක් සහ කෘෂිකර්ම උපදේශක පරාස 93 ක් ඇතුළත් වන අතර මෙම ප්‍රදේශයේ ගොවි පවුල් 71,486 ක් පමණ ඡිවත් වේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග පද්ධතිය වන්නේ ඉගිනියාගල සේනානායක සමුද්‍රයයි. අක්කර 770,000 ක ධාරිතාවයකින් යුත් මෙය කුඩා වැව් 10 ක් සඳහා ජලය සපයමින් අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාවට දැඩි ලෙස සහාය වේ. සහල් යනු ප්‍රධාන සෘතුමය බෝගයක් වන අතර  බඩ ඉරිඟු, රටකජු,මුංඇට, කව්පි, මඤ්ඤොක්කා,බතල, ළූණු සහ මිරිස් මෙම දිස්ත්‍රික්කයේ වගා කරන අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර බෝග වේ.

අරමුණු

  • ගුණාත්මක බීජ වී නිෂ්පාදනය වැඩි දියුණු කිරීම
  • ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ගොවීන්ට නව තාක්ෂණයන් හඳුන්වා දීම
  • පාංශු රසායනාගාරයේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම
  • ගෙවතු වගාව සම්බන්ධ පවුල් ගණන වැඩි කිරීම
  • කාබනික පොහොර භාවිතය හා නිෂ්පාදනය ප්‍රවර්‍ධනය කිරීම
  • දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • මී මැසි ගම්මාන වැඩි කිරීම

ක්‍රියාකාරකම්

  • ගෙවතු වගාව-මධ්‍යම කඳවුර
  • බිම්මල් නිෂ්පාදනය
  • බීපීඑච් පාලන වැඩසටහන
  • කුඩා පරිමාණ VAT නිරූපනය
  • ස්ථිර බෝග සායන වැඩසටහන
  • FAW පාලනය
  • මාධ්‍ය වැඩසටහන්

සේවාවන්

  • ප්‍රදේශයේ ගොවීන්ට පාංශු විශ්ලේෂණ සේවාවක් සැපයීම
  • ප්‍රදේශයේ බිම්මල් නිෂ්පාදකයින්ට බිම්මල් බීජ ලබා දීම

ඡායාරූප එකතුව

  • බෝග සායන වැඩසටහන්
  • පාංශු විශ්ලේෂණ සේවාව
    • කුඩා පරිමාණ ප්‍රභේද අනුවර්තිතා පරීක්ෂණ නිරූපනය
24-512

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (අන්තර් පළාත් ව්‍යාප්ති)

එම්.එෆ්.ඒ. සනීර් මයා

අප අමතන්න