ETC-Agri. education division – si

අධ්‍යාපන අංශය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්‍ෂණික සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය කරන තාක්‍ෂණික නිපුණතාවයෙන් පිරිපුන් මධ්‍යම කළමනාකරණ මට්ටමේ මානව සම්පත් බිහිකිරීම සඳහා කාර්යක්ෂම කෘෂිකාර්මික අධ්‍යාපනයක් ලබා දීමට ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපන ඒකකය පහසුකම් සපයයි. කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (NVQ 6) සහ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5) පවත්වනු ලබන කෘෂිකර්ම විද්‍යාල එකොලහක් අධ්‍යාපන ඒකකය විසින් මෙහෙයුම්කරණය හා අධීක්ෂණය කරනු ලබයි.මෙම කෘෂිකර්ම විද්‍යාල අතරින් අගුණකොළපැලැස්ස , කරපිංච,කුණ්ඩසාලේ , පැල්වෙහෙර සහ වවුනියා යන කෘෂිකර්ම විද්‍යාල මඟින් NVQ-6 මටට්මේ  පාඨමාලා පවත්වනු ලබන අතර  අනුරාධපුර, බිබිල, ලබුදුව, පාලමුණ, පරන්තන් සහ වාරියපොල යන කෘෂිකර්ම විද්‍යාල මඟින් NVQ-5 මටට්මේ පාඨමාලා පවත්වනු  ලබයි.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය තුළින් මානව සම්පත් සංවර්ධනය කිරීම.

අරමුණු

  1. ඩිප්ලෝමාධාරීන් බිහි කිරීම
  2. විෂයමාලාව වැඩිදියුණු කිරීම සහ යාවත්කාලීන කිරීම
  3. කෘෂිකාර්මික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම

ක්‍රියාකාරකම්

  1. “කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා” පාඨමාලාව පැවැත්වීම (NVQ -6 මට්ටම )
  2. “කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා” පාඨමාලාව පැවැත්වීම (NVQ-5 මට්ටම )
  3. විෂයමාලා සංවර්ධන කටයුතු සිදු කිරීම 
  4. කෘෂි අධ්‍යාපනයේ හා කෘෂි අධ්‍යාපන ආයතන වල ගුණාත්මක භාවය පවත්වා ගැනීම.
  5. ඉල්ලීම් මත  රජයේ පාසල්වල සිසුන්, ගොවීන්,  ගුරුවරුන් සහ වෙනත් ආයතනවල නිලධාරීන් සඳහා කෙටි දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  6. රැකියාස්ථ පුහුණුව (OJT- On The Job Training) සඳහා සිසුන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත යොමු කිරීම.
  7. කථිකාචාර්ය මණ්ඩලය සඳහා සේවාස්ථ පුහුණු සංවිධානය කිරීම

ඒකක

  1. කෘෂිකර්ම විද්‍යාලය, අගුණකොළපැලැස්ස
  2. කෘෂිකර්ම විද්‍යාලය, කරපිංච
  3. කෘෂිකර්ම විද්‍යාලය කුණ්ඩසාලේ
  4. කෘෂිකර්ම විද්‍යාලය පැල්වෙහෙර
  5. කෘෂිකර්ම විද්‍යාලය වවුනියා
  6. කෘෂිකර්ම විද්‍යාලය අනුරාධපුර
  7. කෘෂිකර්ම විද්‍යාලය බිබිල
  8. කෘෂිකර්ම විද්‍යාලය පාලමුණේ
  9. කෘෂිකර්ම විද්‍යාලය ලබුදුව
  10. කෘෂිකර්ම විද්‍යාලය පරන්තන්
  11. කෘෂිකර්ම විද්‍යාලය වාරියපොල
24-512

අංශ ප්‍රධානී
අතිරේක අධ්‍යක්ෂ (අධ්‍යාපන)

කේ. සීතා වයලට් මිය

අප අමතන්න