ETC-training division – si

පුහුණු අංශය

ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය යටතේ දිවයින පුරා විසිරී ඇති විවිධ පුහුණු මධ්‍යස්ථාන මඟින්  මෙහෙයවනු ලබන පුහුණුවීම් වලට අදාළ කටයුතු  සම්බන්ධීකරණය , අධීක්ෂණය හා මෙහෙයවීම පුහුණු අංශයේ ප්‍රධාන  වගකීමයි. මෙහිදි ශ්‍රී ලංකාවේ ආහාර බෝග  නිෂ්පාදන  ක්ෂේත්‍රයේ සෘජුව  කටයුතු කරනු ලබන ගොවීන්ට  හා ඊට අදාල සේවා සපයන නිලධාරීන්ගේ දැනුම හුරුව හා ආකල්පමය ධනාත්මක ප්‍රවර්ධනයක් ලබා දීමට පුහුණු අංශය යටතේ ගන්නෝරුව සහ අඟුණුකොළපැලැස්ස යන ස්ථාන වල සේවා සංස්කරණ  අභ්‍යාස ආයතන (ISTI) දෙකක්ද  වීරවිල , පොලොන්නරුව, වාවින්න සහ අඩ්ඩලච්චේන යන ස්ථාන වල දිස්ත්‍රික්   පුහුණු මධ්‍යස්ථාන (DATC) හතරක් පිහිටා ඇත.ඊට අමතරව ගොවිපල් යන්ත්‍ර සුත්‍ර භාවිතය පිළිබඳ දැනුම හා පුහුණුව ලබාදීමට අනුරාධපුර පුලියන්කුලම  ගොවිපල් යාන්ත්‍රික   පුහුණු  මධ්‍යස්ථානයද (FMTC) මෙම අංශය යටතේ ක්‍රියාත්මක වේ.

තවද, මෙම පුහුණු මධ්‍යස්ථාන වල සහ  බිබිල  වාරියපොල සහ ලබුදුව කෘෂිකර්ම විද්‍යාල වල පවත්වනු ලබන  ජාතික වෘත්තිය සුදුසුකම්  (NVQ 3)   සහ (NVQ 4) මට්ටමේ පාඨමාලාද   වසර 13ක්  මුලුල්ලේ පවත්වනු ලබන සහතික කළ අධ්‍යාපන වැඩසටහන්ද පුහුණු අංශය විසින් අධීක්ෂණය කරනු ලබයි.

මෙහෙවර

තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය, සහතික කරන ලද උසස් තත්ත්වයේ පුහුණු වැඩසටහන් තුළින් තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කිරීම.

අරමුණු

  • පර්යේෂණ අංශය විසින් සංවර්ධනය කරන ලද සුදුසු තාක්ෂණයන් පිළිබඳ තාක්ෂණික නිලධාරියාගේ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම සහ යාවත්කාලීන කිරීම
  • ගොවි ප්‍රජාවට සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන්ට සුදුසු තාක්ෂණයන් බෙදා හැරීම
  • වෘත්තීය අංශය සඳහා සහතික මට්ටමේ NVQ 4 සුදුසුකම් ලත් තරුණ තරුණියන් බිහි කිරීම
  • අදාළ ආයතනවල අවශ්‍යතා අනුව පවත්වනු ලබන පුහුණු වැඩසටහන් වලට සහභාගී වීමට සිසුන්ට (පාසල්, කාර්මික ආයතනය,විශ්ව විද්‍යාලය) අවස්ථාව ලබා දීම

ක්‍රියාකාරකම්

  • පුහුණු මධ්‍යස්ථානවල මූල්‍ය කටයුතු සහ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම
  • පුහුණු මධ්‍යස්ථානවල පවත්වනු ලබන පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම
  • අන්තර් පළාතේ සහ පළාත් ප්‍රදේශවල පූර්ව කන්න පුහුණුව (යල / මහ) සංවිධානය කිරීම
  • නිලධාරීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල කාණ්ඩ සඳහා පූර්ව සේවා පුහුණු සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය කිරීම
  • පුහුණු මධ්‍යස්ථාන සඳහා කාර්තුමය වශයෙන් පුහුණු කාලසටහන් සැකසීම.
  • පුහුණු ද්‍රව්‍ය (මොඩියුල, පාඩම් සැලැස්ම ආදිය) සංවර්ධනය කිරීම සඳහා සම්බන්ධීකරණය හා මග පෙන්වීම 
  • කෘෂිකර්මාන්තයට අදාළ NVQ 4 පාඨමාලා සම්බන්ධීකරණය හා මඟ පෙන්වීම ලබා දීම

ඒකක

  • සේවා සංස්කරණ අභ්‍යාස ආයතන (ISTI)
    • ගන්නෝරුව
    • අඟුණකොළපැලැස්ස
  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන (DATC)
    • වීරවිල
    •  පොළොන්නරුව
    • වාවින්න
    • අඩ්ඩලච්චේන
  • ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය (FMTC)
    •  අනුරාධපුරය
  • උද්‍යාන බෝග පුහුණු හා සංවර්ධන ආයතනය (HTDI)
    • බිබිල
24-512

අතිරේක අධ්‍යක්ෂ (පුහුණු)

ඩබ්ලිව් .ටි.ගීතා රංජනි මිය

අප අමතන්න