
- ලිපිනය: තැ.පෙ:18,පේරාදෙනිය,ශ්‍රි ලංකාව
- විද්‍යුත් තැපෑල : etc@doa.gov.lk
- දුරකථන : +94 812 388098
- ෆැක්ස් : +94 812 387403
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය - අඟුණකොළපැලැස්ස
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරමිණියාය ගම් ප්‍රදේශයේ පිහිටා ඇති අඟුණකොළපැලැස්ස ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය අඟුණකොළපැලැස්ස නගරයට කිලෝ මීටර් 02 ක් පමණ දුරින් පිහිටා ඇත.
කෘෂිකර්ම විද්‍යාලයීය පරිශ්‍රය හෙක්ටයාර 05 ක් ද විද්‍යාලයීය ගොවිපල භූමිය හෙක්ටයාර 32 ක් ද වේ. මෙහි වී වගාව අක්කර 12 ක් පමණ ද පොල් අක්කර 15 ක් පමණ ද අතිරේක බෝග වගාව එළවළු පලතුරු හා අනෙක් බහු වාර්ෂික බෝග අක්කර 10 පමණ ද වගා කර ඇත. ගොවිපල සතුන් පෝෂණය කරනු ලබන්නේ අක්කර 10 පමණ වූ තෘණ වගාවෙනි.

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය අඟුණකොළපැලැස්ස යන නාම පුවරුව වර්ෂ 1980 ක් වූ සැප්තැම්බර් මස 01 වන දින එලිදක්වා ඇත. අඟුණකොළපැලැස්ස ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයට දෑ අවුරුදු කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණ ඩිපලෝමා පාඨමාලව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ආරම්භ වී ඇත්තේ 1981 පෙබරවාරි මාසයේදීය. වාර්ෂිකව ළමුන් 120 ක් පමණ ඉගෙනුම ලබන අතර, කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා සහතිකය (NVQ level 06) පාඨමාලාව හදාරණ සිසුන් සඳහා පිරිනමනු ලැබේ.
අරමුණ
දේශිය තිරසාර සංවර්ධනයක් උදෙසා, අහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහතික කරනු වස් කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණ අංශයට අදාළව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලව පැවැත්වීම තුළින් කෘෂික්මාන්තය කෙරෙහි ඇල්මක් දක්වන තරුණ තරුණියන් හට හා කේෂ්ත්‍ර මට්ටමේ තාක්ෂණ සහායකින් හට විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිළිබද මධ්‍යම මට්ටමේ විධිමත් අධ්‍යාපනයක් ලබා දීම.
ක්‍රියාකාරකම්
- සිසුන් සඳහා අවශ්‍ය පරිදි විෂයමාලා, මොඩියුල හා මෙවලම් සකස් කර නිපුණතා පාදක ඇගයීම් පද්ධතිය තුළින් ගුණාත්මක ඩිප්ලෝමාධාරියෙකු බිහිකිරීම.
- තත්ත්ව කළමණාකරණ පද්ධතිය ස්ථාපිත කොට සහතික කොට පාඨමාලාව ප්‍රතීතනය කර තිබීම
- භාහිර ආයතනවලින් සිදුකරනු ලබන පුහුණු අවශ්‍යතා සහ ඉල්ලීම් නොපමාව සිදු කිරීම හා ඒ වෙනුවෙන් ආදර්ශන කේෂ්ත්‍ර පවත්වාගෙන යාම.
සේවාවන්
- කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (NVQ 6 වෙනි මට්ටම) ලබා දීම.
- ඉල්ලීම් කරන අවස්ථා වලදී වෙනත් කෘෂිකර්ම ආයතන වල සිසුන්ට සහ පාසල් සිසුන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම ලබා දීම
- අවශ්‍ය අවස්ථා වලදී ගොවීන්ගේ ක්ෂේත්‍ර ගැටලු විසඳීමට සම්බන්ධ වීම
- කෘෂිකාර්මික අංශයේ නියුක්තව සිටින ජනතාවට ක්ෂේත්‍ර දින, ප්‍රදර්ශන සහ ආදර්ශ ගොවිපල නැරඹීමට අවස්ථාව ලබා දීමෙන් ඔවුන්ගේ දැනුම හා කුසලතාවන් ඉහළ නංවා ගැනීමට අවස්ථා ලබා දීම.
- කෘෂිකර්මාන්තය හා සම්බන්ධ පාඨමාලා හැදෑරූ සිසුන් සඳහා OJT සඳහා අවස්ථා ලබා දීම.
- බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන වැඩසටහන් වල නිරත වීම
- සමාජ ක්‍රියාකාරකම් වල යෙදීම

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
සී. බංගමුවගේ මිය
- ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, අඟුණකොළපැලැස්ස
- soaanguna@gmail.com
- +94 472 228299
- +94 472 228299
- සඳුදා සිට සිකුරාදා පෙ.ව. : 8.30 සිට ප.ව. : 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තය සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)