ETC-agri.school-Kundasale – si

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය-කුණ්ඩසාලේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය යටතේ පවත්වාගෙන යනු ලබන කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය  දේශීය සහ විදේශීය රටවල කෘෂිකාර්මික අංශයට අවශ්‍ය මධ්‍යම කළමනාකරණ මට්ටමේ මානව සම්පත බිහි  කිරීම සඳහා කාර්‍යක්‍ෂම හා ඵලදායී කෘෂිකාර්මික අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම දරණ රජයේ ප්‍රධාන   අධ්‍යාපනික ආයතනයක් වේ.

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයෙන්  වාර්ෂිකව කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් 170 ක් පමණ මෙරට කෘෂිකාර්මික කේෂ්ත්‍රය වෙත දායක කරනු ලබයි. වසර 2013 සිට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) හඳුන්වා දෙන ලැබු අතර එතැන් සිට  NVQ – 6 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව  පිරිනැමීම ආරම්භකර ඇත.

ඉතිහාසය

කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව 1912 වර්ෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ආරම්භ කරන ලද අතර  කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත බිහිකිරීම සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය ලබාදීම 1916 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටි පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානය තුල ස්ථාපිත කරනලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිතුමා වන ඩී.එස්.සේනානායක මහතාද කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ  පළමු කණ්ඩායමේ ශිෂ්‍යයෙක්  බවත් සඳහන් වේ. කෘෂිකර්ම උපදේශකයින්, ගුරුවරුන් සහ කෘෂිකර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන සිසුන් සඳහා අවශ්‍ය ප්‍රායෝගික කෘෂිකර්ම පුහුණුව ලබාදීම මේ මගින් සිදුකරනු ලබයි. වසර 1941 දී එය ගන්නෝරුවේ, දැනට සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලිවල වෙත ගෙන යන ලදී.

වර්ෂ 1948 දී කුණ්ඩසාලේ බාලිකා ගොවි පුහුණු පාසලක් පළමුව ස්ථාපිත කරන ලද අතර 1958 දී එම භූමියේම දැනට පවතින ශ්‍රී ලංකා  කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කර සිංහල සහ දෙමළ මාධ්‍යය වලින්  ඉගැන්වීමේ ආරම්භ කරන ලදි.

අරමුණු

  • ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්‍ධනය සහතික කිරීම සඳහා කාර්‍යක්‍ෂම කෘෂිකාර්මික අධ්‍යාපනයක් තුළින් මධ්‍යම කළමනාකරණ මට්ටමේ මානව සම්පත බිහි කිරීම.
  • අනෙකුත් බාහිර පාර්ශවයන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ අවශ්‍ය දැනුම හා කුසලතාවය ලබා දීම.
  • කෘෂිකාර්මික අංශයේ ජාතික සංවර්ධන වැඩ සටහන් වලට දායක වීම

ක්‍රියාකාරකම්

  • න්‍යාය සහ ප්‍රායෝගික දේශන පැවැත්වීම.
  • සාරාංශගත ඇගයීම් සම්බන්ධීකරණය කිරීම.
  • විෂයමාලා සංවර්ධන කටයුතු සඳහා දායක වීම.
  • සිසුන් සඳහා රැකියාස්ථ පුහුණුව (OJT) සඳහා යොමු කිරීමට රාජ්‍ය,අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම.
  •  6*9 න්‍යාසයකට ඇතුලත් කිරීම මඟින්, තත්ව කළමනාකරණ පද්ධතියට (QMS) අදාල තොරතුරු එක්රැස් කිරීම,සකස් කිරීම, නඩත්තු කිරීම සහ යාවත්කාලීන කිරීම. 
  • සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් සංවිධානය කිරීම.
  •  ශිෂ්‍ය උපදේශනය.
  • සිසුන් සඳහා අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම.
  •  ව්‍යාපෘති පදනම් කරගත් ශිෂ්‍ය ක්‍රියාකාරකම් දිරිමත් කිරීම.
  • ආගමික වැඩසටහන් සංවිධානය කිරීම.
  • බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
    • රතු ලූනු බීජ නිෂ්පාදන වැඩසටහන
    • දඹල බීජ නිෂ්පාදන වැඩසටහන
  • කොම්පොස්ට් පොහොර නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

සේවාවන්

  • ඩිප්ලෝමාධාරීන් සඳහා පවතින රැකියා අවස්ථා පිළිබඳ ඔවුන්දැනුවත් කිරීම.
  • ඉල්ලීම් අනුව අනෙකුත් කෘෂිකාර්මික ආයතන වල සිසුන්ට සහ පාසල් සිසුන්ට  කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම ලබා දීම.
  • කෘෂිකර්මාන්තය හා සම්බන්ධ පාඨමාලා හැදෑරූ සිසුන් සඳහා රැකියාස්ථ පුහුණුව (OJT) සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
  • බීජ නිෂ්පාදන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ)-3 මට්ටමේ  -ක්ෂේත්‍ර සහකාර (කෘෂිකාර්මික) පාඨමාලාව පැවැත්වීම.
  • සමාජ සත්කාර  සංවිධානය කිරීම. (ලේ දන් දීම, ශ්‍රමදාන ආදී..)
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාවට ක්ෂේත්‍ර දින, ප්‍රදර්ශන සහ ගොවිපල නැරඹීමට අවස්ථාව ලබා දීමෙන් ඔවුන්ගේ දැනුම හා කුසලතාවන් ඉහළ නංවා ගැනීමට අවස්ථා ලබා දීම.

ජායාරූප එකතුව

    • ක්‍රියාකරකම් සහ පාසල් පරිශ්‍රය
    • බීජ නිෂ්පාදන වැඩසටහන සහ කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහන
24-512

විදුහල්පති / නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

බී.එම්.ඒ.බස්නායක මහතා

අප අමතන්න