ETC-agri.school-Karapincha – si

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය - කරපිංච

රත්නපුරේ දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයට ආසන්නව පිහිටා ඇති කරපිංච ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාලය 1958 වර්ෂයේදී  ප්‍රායෝගික ගොවි පුහුණු පාසලක් ලෙස ආරම්භ කර ඇත. වර්ෂ 1994 දී දෑ අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව ලබා දීම ආරම්භ කරන ලද අතර වර්තමානය වන විට ජාතික වෘත්තිය සුදුසුකම් (NVQ 06) මට්ටම කෘෂිකර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පවත්වා ගෙන යනු ලබයි.

අරමුණු

  • ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ06)  මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව පාඨමාලාව පවත්වාගෙන යාම තුලින්   කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය මධ්‍යම කළමණාකරණ මට්ටමේ මානව සම්පත බිහි කිරීම.
  • කෘෂිකර්මාන්තය පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසට ඒ සඳහා මනා මඟපෙන්වීමක් ලබා දිම.

ක්‍රියාකාරකම්

  • ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 06 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ  උසස් ජාතික ඩිප්ලෝමාව පවත්වා ගෙන යාම.
  • පැල තවානක් පවත්වාගෙන යාම තුලින්  ප්‍රදේශයේ ජනතාවට වසර පුරා රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය සපුරාලීම.
  • ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු සඳහා සත්ත්ව පාලන ඒකකයක් පවත්වා ගෙන යාම.
  • එළවළු, පළතුරු, අපනයන කෘෂිබෝග සහ වෙනත් කෘෂිකාර්මික බෝග නඩත්තු කිරීම.
  • තේ වගා ක්ෂේත්‍රක් පවත්වා ගෙන යාම තුළින් ජාතික තේ නිෂ්පාදනයට දායක වීම.
  • ප්‍රදේශයේ ජනතාවට නැවුම් එළවළු, පළතුරු නිෂ්පාදන අලෙවිය සඳහා අලෙවිසැලක් පවත්වා ගෙන යාම.

සේවාවන්

  • කෘෂිකර්මය පිළිබඳ උනන්දුවක් දක්වන පාසැල් සිසුන්ට, රාජ්‍ය සහ පෞද්ගලික අංශවල නිළධාරීන්ට සහ ගොවි ජනතාවට ඔවුන්ගේ ඉල්ලීම් මත කෙටිකාලීන පුහුණු පාඨමාලා පැවැත්වීම.
  • රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වල ඉල්ලීම මත කෘෂිකර්ම ක්ෂේත්‍රයට බඳවා ගන්නා නවක නිළධාරීන් සඳහා රැකියා පිළිබඳ පෙර පුහුණු ලබා දීම.
  • විවිධ පාර්ශවයන් විසින් සිදුකරනු ලබන ඉල්ලිම් මත කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවන් සැපයීම.

අපගේ ඡායාරූප එකතුව

24-512

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ / විදුහල්පති

ජී.ඒ.එස්. ඒ.තෙන්නකෝන් මෙනවිය

අප අමතන්න