ETC-inter provincial-Anuradhapura – si

අන්තර් පළාත් කාර්යාලය - අනුරාධපුරය

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (අන්තර් පළාත්) කාර්යාලය අනුරාධපුර කඩ 12 පිහිටා ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජාංගනය දකුණ, නාච්චාදූව, විලච්චිය, ගලෙන්බිඳුණුවැව, වාහල්කඩ, නුවරවැව, පදවිය, රඹෑව යන කෘෂිකර්ම උපදේශක කාර්යාලයන්, කුරුණෑගල දිත්‍රික්කය තුළ පිහිටි රාජාංගනය වම, උස්ගල සියඹලන්ගමුව යන කෘෂිකර්ම උපදේශක කාර්යාලයන්, පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි නීලබැම්ම කෘෂිකර්ම උපදේශක කාර්යාලය, මාතලේ දිස්ත්‍රික්කය තුළ පිහිටි දේවහූව කෘෂිකර්ම උපදේශක කාර්යාලයත් මෙම කාර්යාලයට අයත් උප කාර්යාලයන් වේ.

මහා වාරිමාර්ග වලට අයත් කුඹුරු හෙක්ටයාර් 23922 ක්, සුළු වාරි කුඹුරු හෙක්ටයාර් 5668 ක්, වර්ෂා පෝෂිත කුඹුරු හෙක්ටයාර් 3365 ක් හා ගොඩ ඉඩම් හෙක්ටයාර් 21850 ක් අනුරාධපුර අන්තර් පළාත් බල ප්‍රදේශය තුළ පවති. මෙම ඉඩම් වගා කරනු ලබන ගොවි පවුල් ගණන 54734 කට අවශ්‍ය කෘෂි ව්‍යාප්ති වැඩසටහන් හා කෘෂි සංවර්ධන වැඩසටහන් මෙම කාර්යාලය මගින් ක්‍රියාත්මක කරයි. මහා වාරිමාර්ග ගොවි සංවිධාන 156 ක් සුළු වාරිමාර්ග ගොවි සංවිධාන 229 ක් මෙම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වේ.

        මහ කන්නය තුළදී හෙක්ටයාර් 34000 ක් පමණ ද යල කන්නය තුළදී හෙක්ටයාර් 24000ක් පමණ ද වී වගාව සිදු කරන අතර, අතිරේක ආහාර බෝග වගාව මහ කන්නය තුළදී හෙක්ටයාර් 10000 ක් පමණ ද  යල කන්නය තුළදී හෙක්ටයාර් 6000 ක් පමණ ද සිදු කරයි. ශ්‍රී ලංකාව තුළ බඩඉරිඟු, උඳු, තල, ලොකුළූණු, සෝයා බෝංචි, මිරිස් වගාකරන ප්‍රමුඛතම කලාපයක් ලෙස මෙම කලාපය හැඳින්විය හැකිය. පලතුරු වගාව හෙක්ටයාර් 2000 ක් පමණ ද එළවළු වගාව හෙක්ටයාර් 1000 ක් පමණ ද වාර්ෂිකව වගා කරයි. මැද කන්නයේ වගාවක් ලෙස මුං වගාව හෙක්ටයාර් 2500 ක් පමණ වාර්ෂිකව වගා කරයි.

අරමුණු

  • වසර (2020-2025) ,

    • වී වගාවේ ඵලදායිතාව අක්කරයට බුසල් 140 දක්වා වැඩිකිරිම

    • අතිරේක ආහාර භෝග වල ඵලදායිතාව 25% කින් ඉහල නැංවීම

    • එළවළු පළතුරු වගාවල ඵලදායිතාවය 25% කින් ඉහල නැංවීම

    •  කෘෂි රසායන භාවිතය අවම කිරිම මගින් පරිසර හිතකාමි කෘෂිකර්මය ව්‍යාප්ත කිරිම.

    • කුඹුරු ඉඩම් වල යල කන්නයේ අතිරේක ආහාර භෝග වගාව මුළු  වපසරියෙන්  30% දක්වා වැඩි කිරිම.

    •  කෘෂි ව්‍යවසායකයින් බිහිකිරිම

ක්‍රියාකාරකම්

  • කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කිරිම
  • නව හා උචිත කෘෂි තාක්ෂණය ගොවීන් වෙත ලබාදීම
  • බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  • රෝග පළිබෝධ වලින් වගාව ආරක්ෂා කිරිම
  • කෘෂි පර්යේෂණ ක්‍රියාකාරකම් සිදුකිරිම සදහා පර්යේෂණ අංශයට සහය වීම
  • GAP වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  • ක්ෂේත්‍ර දින / ක්ෂේත්‍ර චාරිකා සිදු කිරිම
  • ක්ෂේත්‍ර දින / ක්ෂේත්‍ර චාරිකා සිදු කිරිම

සේවාවන්

  • ක්ෂුද්‍ර වාරිමාර්ග, වී බද්ධ කිරීම, පැරෂුට් වගාව, යාන්ත්‍රික වල් නෙලීම වැනි නව හා අදාළ තාක්ෂණයන් හඳුන්වාදීම.
  • වී ඉඩම්වල වෙනත් ක්ෂ්‍රේත්‍ර බෝග ප්‍රවර්ධනය කිරීම.
  • IPM වැඩසටහන් පැවැත්වීම.
  • වී වගාවේ ‘N’ පොහොර අනිසි ලෙස භාවිතා කිරීම අවම කිරීම සඳහා පත්‍ර වර්ණ සටහන භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම.
  • බීජ වී සහ වෙනත් ක්ෂ්‍රේත්‍ර බෝග බීජ ලබා ගැනීමේ හැකියාව වැඩි කිරීම.
  • බෝග සායන පැවැත්වීම.
  • පාංශු සංරක්ෂණ කටයුතු සඳහා ගොවීන් යොමු කිරීම.
  • කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීම.
  • අගය එකතු කිරීම සඳහා ගොවීන් යොමු කිරීම.
  • ගෙවතු සංවර්ධනය.
  • මී මැසි පාලනය ආශ්‍රිත ක්‍රියාකාරකම්.
  • විවිධ අනුවර්තන අත්හදා බැලීම් ස්ථාපිත කිරීම.
  • බෝග කැපීමේ සමීක්ෂණ පැවැත්වීම.

අපගේ ඡායාරූප එකතුව

24-512

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (අන්තර් පළාත්)

ජී.ඒ.පී. විමලරත්න මහතා

අප අමතන්න