ETC-services-Agri.training – si

222 Extention & training Centre

කෘෂිකාර්මික පුහුණු අංශය

තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් ලඟා කර ගැනීම සඳහා තාක්ෂණික නිපුණතාවයෙන් යුත් මානව සම්පත බිහිකිරීම පුහුණු අංශයේ ප්‍රධාන අරමුණ වේ.

මේ සඳහා දිවයින පුරා පිහිටුවා ඇති ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය යටතේ පවතින පුහුණු ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය, මෙහෙයුම්කරණය හා පහසුකම් සැපයීම මේ මඟින් සිදු කරනු ලබන කාර්යභාරයයි.

පුහුණු අංශය යටතේ පවතින ආයතන,

පුහුණු ආයතනය
දුරකථන අංකය
පිහිටුවා ඇති දිස්ත්‍රික්කය
සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය - ගන්නෝරුව
081-2388146
මහනුවර
සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය -අඟුණකොළපැලැස්ස
047-2228266
හම්බන්තොට
ගොවිපල් යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය - පුලියන්කුලම
025-2222437
අනුරාධපුර
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - වීරවිල
047-2237021
හම්බන්තොට
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - අඩ්ඩාලච්චේන
067-2056275
අම්පාර
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - වාවින්න
063-2051935
අම්පාර
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය -පොළොන්නරුව
027-2222720
පොළොන්නරුව
උද්‍යාන බෝග පුහුණු හා සංවර්ධන ආයතනය - බිබිල
055 -2265349
මොණරාගල

ඉහත පුහුණු ආයතන මඟින්,

පර්යේෂණ අංශය මඟින් ජනනය කරනු ලබන උචිත තාක්ෂණය සේවාස්ථ පුහුණු ඔස්සේ ලබාදීමෙන් තාක්ෂණික නිළධාරීන්ගේ දැනුම හා කුසලතාවය යාවත්කාලීන කිරීම හා සංවර්ධනය කිරීම.

උචිත කෘෂිකාර්මික තාක්ෂණයන් ගොවි ප්‍රජාව සහ අදාල පාර්ශවයන් වෙත ව්‍යාප්ත කිරීම.

පාසැල් සිසුන්, තාක්ෂණික ආයතන, විශ්ව විද්‍යාල මඟින් සිදු කරනු ලබන ඉල්ලීම් අනුව කෘෂිකාර්මික පුහුණු සංවිධානය කර පැවැත්වීම තුලින් කෘෂි තාක්ෂණය ප්‍රචලිත කිරීම.

අන්තර් පළාත් සහ පළාත් වල පෙර කන්න පුහුණු සංවිධානය කර පැවැත්වීම තුලින් වඩාත් ඵලදායී සේවාවක් ගොවීන්ට සපයාදීම.

වඩාත් ඵලදායී සේවාවක් නිළධාරීන්ගෙන් ලබා ගැනීම සඳහා රැකියා වලට බඳවා ගැනීමෙන් පසු ලබා දෙන රැකියාවට අනුගත වීම සඳහා ලබා දෙන පුහුණු (Induction Training) සංවිධානය කර පැවැත්වීම.

පුහුණු වැඩසටහන් කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීම සඳහා පුහුණු ආයතන වල කාර්තු වැඩසටහන් සඳහා පුහුණු කාලසටහන් සකස් කිරීම.

පුහුණු මොඩියුල, පාඩම් සැලසුම් ආදිය සංවර්ධනය කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා දීම සහ අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකිරීම තුළින් පුහුණු වැඩසටහන් ඉහල ගුණාත්මක බවකින් යුතුව පවත්වාගෙන යාම.

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ-4) මට්ටමේ සහතික පත්‍ර පාඨමාලාවන් පැවැත්වීම තුලින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ-4) සුදුසුකම් ලත් මානව සම්පත කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දායාද කිරීම.

13 වසරක සහතික කල අධ්‍යාපන වැඩසටහන මඟින් වෘත්තීය නිපුණතාවය සහිතව සිසු දරුවන්ගේ වෘත්තීය ගමන්මඟ ශක්තිමත් කිරීම.

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ-4) සහතික පත්‍ර කෘෂිකාර්මික පාඨමාලා වලට අදාල සියළු සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.

පුහුණු ආයතනයන්හි පවත්වනු ලබන NVQ-4 පාඨමාලා

පාඨමාලාව
පවත්වනු ලබන ස්ථානය
  1. පැළ තවාන් සංවර්ධන  සහායක පාඨමාලාව
  • සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය – අඟුණකොළපැලැස්ස
  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය – පොළොන්නරුව
  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය – පොල්වගා ජනපදය, අම්පාර
  • උද්‍යාන බෝග පුහුණු හා සංවර්ධන ආයතනය – බිබිල

2. ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම) පාඨමාලාව

  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය – වීරවිල

3. භූදර්ශන සංවර්ධන සහායක පාඨමාලාව

  • සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය – ගන්නෝරුව
  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය – අඩ්ඩාලච්චේන (දෙමළ මාධ්‍යයෙන් ඉදිරියේදී ආරම්භ කිරීමට යෝජිතය)

ඉහත පුහුණු ආයතන වලට අමතරව ලබුදුව කෘෂිකර්ම විද්‍යාලයේ භූ දර්ශන සංවර්ධන සහායක පාඨමාලාවද වාරියපොළ කෘෂිකර්ම විද්‍යාලයේ පැළ තවාන් සංවර්ධන  සහායක පාඨමාලාව පැවැත්වේ.