ETC-agri.school-bibile_si

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය-බිබිල

2003 අප්‍රේල් 01 වන දින මෙම විද්‍යාලය ස්ථාපිත කරන ලද්දේ බිබිල කෘෂිකර්ම විද්‍යාලය සහ බිබිල උද්‍යාන බෝග පර්යේෂණ ගොවිපළ ඒකාබද්ධ කිරීමෙනි. ටික කලක් කෘෂිකර්ම විද්‍යාල පද්ධතියෙන් ඉවත්ව තිබූ මෙම කෘෂිකාර්මික විද්‍යාලය 2015 වසරේදී ජාතික වෘත්තීය සුදුසුකම් 5 (NVQ 5)  මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන හා තාක්ෂණ පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව නැවත ආරම්භ කරන ලදි. ආයතනයේ ප්‍රධාන අරමුණු වලින් එකක් වන්නේ NVQ 3/4 මට්ටමේ පුහුණු පාඨමාලාවන් පැවැත්වීම සහ තවාන් සහකාර සහතිකපත්‍ර පාඨමාලාව පැවැත්වීමයි.

අරමුණ

  • වාර්ෂිකව ජාතික වෘත්තීය සුදුසුකම් 05 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාලාභීන් බිහිකිරීම
  • තත්ත්ව කළමනාකරණ පද්ධතියේ අඛණ්ඩ වැඩිදියුණු කිරීම්  තුළින්  සෑම වසර 3 කට වරක් අදාල සහතිකය ලබා ගැනීමට කටයුතු කිරීම.
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට අදාල පුහුණු පාඨමාලා හදාරන සිසු සිසුවියන් හට වල මාස 06 ක රැකියාස්ථ පුහුණුව(OJT) ලබාදීමට අවශ්‍ය  පහසුකම් සැලසීම.

 

ක්‍රියාකාරකම්

  • ජාතික වෘත්තීය සුදුසුකම් 05 මට්ටමේ (NVQ 05) කෘෂිකාර්මික නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ  ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වීම.
  • ගොවි ක්ෂේත්‍ර ගැටළු සඳහා අවශ්‍ය අවස්ථාවලදී පිළියම් ලබාදීම.
  • කෘෂි ක්ෂේත්‍රවල නියැළී සිටින ප්‍රජාව සඳහා ඔවුන්ගේ දැනුම,කුසලතාවය සහ ආකල්ප දියුණුකිරීමට අවශ්‍ය  ප්‍රදර්ශණ,ක්ෂේත්‍ර දින, ආදර්ශණ ආදී වැඩසටහන් සංවිධානය කිරීම

සේවාවන්

අපගේ ඡායාරූප එකතුව

24-512

විදුහල්පති / සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

එච්.කේ. ප්‍රදීප් කුමාර මයා

අප අමතන්න

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.