- ලිපිනය: තැ.පෙ:18,පේරාදෙනිය,ශ්‍රි ලංකාව
- විද්‍යුත් තැපෑල : etc@doa.gov.lk
- දුරකථන : +94 812 388098
- ෆැක්ස් : +94 812 387403
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය - අඟුණකොළපැලැස්ස
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එරමිණියාය ගම් ප්‍රදේශයේ පිහිටා ඇති අඟුණකොළපැලැස්ස ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය අඟුණකොළපැලැස්ස නගරයට කිලෝ මීටර් 02 ක් පමණ දුරකින් පිහිටා ඇත.
හෙක්ටයාර 05 ක් පුරා කෘෂිකර්ම විද්‍යාලයීය පරිශ්‍රය ද ,විද්‍යාලයීය ගොවිපල භූමිය හෙක්ටයාර 32 ක් පුරාවටද විහිදී පවතී. මෙහි වී වගාව අක්කර 12 ක් පමණ ද පොල් අක්කර 15 ක් පමණ ද අතිරේක බෝග වගාව එළවළු පලතුරු හා අනෙක් බහු වාර්ෂික බෝග අක්කර 10 පමණ ද වගාවන් ලෙස පවතී.ගොවිපල සතුන් පෝෂණය කරනු ලබන්නේ අක්කර 10 පමණ වූ තෘණ වගාවෙනි.
දෑ අවුරුදු කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව අඟුණකොළපැලැස්ස ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තුල ආරම්භ කර ඇත්තේ 1981 පෙබරවාරි මාසයේදීය. 2013 වර්ෂයේ සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන කෘෂිකර්ම විද්‍යාල පද්ධතියට ජාතික වෘත්තීය සුදුසුකම් සහිත ඩිප්ලෝමා පාඨමාලාවන් හඳුන්වා දුන් අතර මේ වන විට මෙම විද්‍යාලය තුල ජාතික වෘත්තීය සුදුසුකම් 06 (NVQ level 06) මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණ පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව ක්‍රියාත්මක වේ. වාර්ෂිකව ළමුන් 120 ක් පමණ පාඨමාලාව හැදෑරීම සිදුකරනු ලබන අතර තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම හා එක්ව කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා සහතිකය මෙමගින් පිරිනමනු ලැබේ
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
සී. බංගමුවගේ මිය
- ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, අඟුණකොළපැලැස්ස
- soaanguna@gmail.com
- +94 472 228299
- +94 472 228299
- සඳුදා සිට සිකුරාදා පෙ.ව. : 8.30 සිට ප.ව. : 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තය සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)