Bee Keeping

මී මැසි පාලනය හැඳින්වීම මීමැස්සන් ඇති කිරීම මඟින් මී පැණි හා මී ඉටි ඇතුළු මී මැස්සන් විසින්නිපදවනු ලබන ද්‍රව්‍ය මිනිසාගේ පරිභෝජනය සඳහා ලබා ගැනීමට යොදා ගන්නාවිද්‍යාත්මක ක්‍රමවේදය මී මැසි පාලනය නමින් හැඳින්වේ. මී මැසි පාලනයවිනෝදාංශයක් මෙන්ම අමතර ආදායමක් ද ලබා ගත හැකි කර්මාන්තයකි. ස්වයංරැකියාවක් වශයෙන් ද පවත්වාගෙන යා හැකිය. සාර්ථක මී මැසි පාලනයක් සඳහා එමකටයුතුවල විද්‍යාත්මක පදනම පිළිබඳ අවබෝධයක් මෙන්ම ක්‍රියාකාරකම්වල යෙදීමෙන්ලබා ගන්නා පුහුණුව ද අත්‍යාවශ්‍ය වේ.මී මැස්සෝ අප්‍රිකාවේ සිට දකුණුයුරෝපයටත් එතැනින් උතුරු යුරෝපයටත් මෙයට වසර දස ලක්ෂයකට පමණ පෙර සංක්‍රමණයවී ඇති බව ඔවුන්ගේ ජාන පිළිබඳව සිදුකර ඇති පර්යේෂණ වලදී හෙලි වී ඇත.ක්‍රි.ව. 1600 දී පමණ ඇමරිකාවට පැමිණි සුදු ජාතිකයින් යුරෝපයේ සිට මීමැස්සන් එහි රැගෙන ගොස් ඇත. ලෝකයේ බොහෝ රටවල එපීස් මෙලිෆෙරා නැමති බිඟුවිශේෂය මී මැසි පාලනය සඳහා යොදා ගනී. ආසියාතික රටවල ඒපීස් සෙරානා විශේෂය මීමැසි පාලනය සඳහා යොදා ගන්නා අතර වර්තමානයේ මෙලිෆෙරා විශේෂය හඳුන්වා දී ඇතිනමුත් ශ්‍රී ලංකාවේ දී යොදා ගන්නේ එපීස් සෙරානා ඉන්ඩිකා නැමති උප විශේෂයපමණි. මී මැසි පාලනයේ ඉතිහාසය මී පැණි හා මී මැස්සා පිළිබඳව මිනිස් වර්ගයාගේ ආරම්භක යුගයේ පටන් දැන සිටි බවටපුරා විද්‍යාත්මක සාධක පවතී. ඔවුන් මී මැස්සාගේ ස්වභාවික වාසස්ථාන වලින්දඩයම් කර ගන්නා පැණි ආහාරයක් වශයෙන් භාවිතා කර ඇත. පුරාණ ඊජිප්තු වැසියන්මළ සිරුරු ආවරණය කිරීම සඳහා මී පැණි හා මී ඉටි යොදාගෙන ඇති බව සොහොන් කොත්වලින් හමු වී ඇති “මමී” වලින් සාක්ෂි සපයයි. මීට අවුරුදු 2000 කට පමණ පෙරවිසූ ඊජිප්තු වැසියන් ගෘහස්ථ මී මැසි පාලනය ආරම්භ කර ඇත. ඔවුන් පිදුරුවලින් තැනූ කේතු ආකාර භාජන හා සිදුරු සහිත ලී කොට මේ සඳහා යොදාගෙන ඇත.සංක්‍රමණ මී මැසි පාලනය ආරම්භ කර ඇත්තේ ද ඔවුන් විසිනි. ඉතා දුරඅතීතයේ සිට ශ්‍රී ලංකාවේ මිනිසුන් ද මී පැණි පරිභෝජනයට හුරුව සිටි බව, ආදීවාසී ජනතාවගේ ජීවන රටාවේ අනිවාර්ය අංගයක් වශයෙන් බඹර කැපීමට සහ මී පැණිදඩයම් කිරීමට පුරුදුව සිටීමෙන් පැහැදිලි වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීයජනතාව මී මැස්සන්ගෙන් මී පැණි රැස් කිරීම පිළිබඳව මනා නිපුනත්වයක් දක්වති.ආදී කාලයේ සිටම ලබු කැට, කල ගෙඩි, සිදුරු සහිත ලී කොට ආදිය යොදා ගෙන ගෘහස්තමී මැසි පාලනයේ යෙදීම අප රටේ ජනතාව අතර ප්‍රචලිතය. එමෙන්ම අපගේ ජනකවි අතරබඹර කවි නැමති ගායනාවන් දක්නට ලැබීම මී පැණි රැස් කිරීමට ඔවුන් අනාදිමත්කාලයක් තිස්සේ පුරුදුව සිටින බවට හොඳ සාක්ෂියකි. මී මැසි පාලනය පිළිබඳ වසර 2000 ක පමණ ඉතිහාසයක් ඇති නමුත් එම කාලය තුළ භාවිත කළ උපකරණ හෝ ක්‍රමවලවෙනසක් දකින්නට ලැබෙන්නේ 1880 න් පසුව කාලයේදීය. 1851 දීලොරෙන්සෝ ලැන්ග්ස්ට්‍රොත් (Lorenzo Lansgstroth) නම් ඇමෙරිකානු පූජකවරයා, මී වද අතර නියමිත පරතරයක් ඇති බව අවබෝධ කරගෙන එයට අනුකූලව රාමු සහිත මීමැසි පෙට්ටියක් නිර්මාණය කර ඇත. මෙම සොයා ගැනීම වර්තමාන විද්‍යාත්මක බිඟුපාලනයේ ආරම්භයයි. මෙම උපකරණය මඟින් මී මැස්සන්ට වද බැම සඳහා එහා මෙහා කළහැකි රාමු සපයා තිබීමෙන් ජනපදයේ පැටවුන් බෝ වන කොටසට හානි නොකර පැණි ඉවත්කර ගැනීමේ හැකියාව ලැබීමත් සමඟ මී මැසි පාලනය ජනප්‍රිය කර්මාන්තයක් බවට පත්විය. මීටඅමතරව 1875 දී ඇමෙරිකානු ජාතික එම්. ක්වින්බි (M. Quinby) හා ටී. එෆ්.බින්ග්හම් (T.F. Bingham) විසින් දුම් ගැසීමේ උපකරණය නිපදවන ලදී.කේන්ද්‍රාභිසාරි පැණි නිස්සාරකය නිපදවන ලද්දේ 1865 දී ඔස්ට්‍රියානු ජාතිකඑෆ්. හරුස්කා (F. Haruschka) විසිනි. මෙම උපකරණ භාවිතය සමඟ මී පැණිනිෂ්පාදනය අපනයන කර්මාන්තයක් වශයෙන් ද දියුණු විය. අනතුරුව විවිධපුද්ගලයින් හා විශ්ව විද්‍යාල මඟින් කරන ලද අධ්‍යයනයන්ට අනුව නවීන උපකරණ හාක්‍රමවේදයන් දියුණු කර ඇත. ඒ ඔස්සේ ජාත්‍යන්තර බිඟු පාලන පර්යේෂකයින්ගේසංගමයක් ද බිහිවී ඇත. මී මැසිපෙට්ටිවල ජනපද නඩත්තු කර මී පැණි ලබා ගැනීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භකළේ කුරුණෑගල විසු මුදලිඳූ සැමුවෙල් ජයතිලක මැතිතුමාය. එතුමා 1881 වර්ෂයේදී ආසියාතික සංගමයට ශ්‍රී ලංකාවේ මී මැසි පාලනය පිළිබඳව දේශනයක් ඉදිරිපත්කරන ලද බවට වාර්තා වී ඇත. වර්ෂ 1904 දී ජේ. හාවර්ඩ් මහතාගේ ප්‍රධානත්වයෙන්ආරම්භ කරන ලද ලංකා ගොවි කර්මාන්ත සමිතියේ අනෙකුත් සාමාජිකයින් වූ ඊ.අර්නස්ට් ග්‍රීන්, ඇම්. ෂැන්ක්ස්, සී ඩ්‍රිබර්ග්, හර්බට් කැම්බල්, ඒ.පී.ගුණතිලක යන මහත්වරු මී මැසි පාලනය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන ලදහ. ඒ.පී.ගුණතිලක මැතිතුමා 1916 වර්ෂයේ දී මී මැසි පාලනය පිළිබඳ ග්‍රන්ථයක් සකස්කොට පාසැල් ගුරුවරුන් හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය අතර නොමිලේ බෙදා දෙනලදි. මේඅවධිය වන විට මැටි කල හා ලී කොටන් මී මැස්සන් ඇති කිරීම සඳහා යොදාගෙනතිබුණි. ඔවුන් විසින් යුරෝපයේ භාවිතා කරන ලද දිග අඟල් 10 1/2, පළල අඟල් 5 1/4 ක් සහ සම්මත උසකින් යුක්ත වූ ලී පෙට්ටි මී මැසි පාලනයට යොදාගෙන ඇත. මේකාලය තුළ සියනෑ කෝරළයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි අත්තනගල්ල, වතුරගමප්‍රදේශ වල මී මැසි පාලනය ආරම්භ කර ඇත.70 දශකයේදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතරකෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මී මැසි සංවර්ධන ඒකකය 1971 වර්ෂයේ දි පිහිටුවාඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර්යේෂණ හා ව්‍යාප්ති වැඩසටහන් තුළින් මීමැසි පාලන කටයුතු ප්‍රචලිත කිරීමේ කාර්යයේ මේ දක්වාම නියැලී සිටී. ආර්ථික වැදගත්කම
  1. අමතර ආදායමක් ලබාගත හැකි කර්මාන්තයකි:
මී මැසිපාලනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපකරණ සපයා ගැනීම දි මූලික වියදමක් දැරීමටසිදුවන නමුත් නඩත්තුව සඳහා කිසිදු වියදමක් අවශ්‍ය නොවන බැවින් මෙය ඉතාලාභදායි ව්‍යාපාරයකි.
  1. ස්වයං රැකියාවකි
මී මැසිපාලනය සම්භන්ධව මූලික පුහුණුවක් සහිත අයෙකුට මී මැසි ජනපද 50 – 100 ක් හෝඊට වැඩි ප්‍රමාණයක් නඩත්තු කළ හැක. ජනපදයකින් මී පැණි බෝතල් 5-6 කප්‍රමාණයක් සාමාන්‍ය නඩත්තුව යටතේ වුවලබාගතහැකිය. හොඳින් නඩත්තු කරන්නේ නම් මී පැණි බෝතල් 10 කට ආසන්න ප්‍රමාණයක්ලබාගත හැක. එහෙයින් ස්වයං රැකියාවක් වශයෙන් ද මී මැසි පාලනය යොදාගත හැක.
  1. මී පැණි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි වේඃ
මී පැණිසඳහා ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් පවතී. වෙළඳපොළ ඉල්ලුම සපුරාලම සඳහා මී පැණිපිටරටින් ගෙන්වීම කරනු ලැබේ. මෙම ප්‍රමාණය රට තුළ නිපදවා ගැනීම තුළින්විදේශ විනිමය ඉතිරි කර ගත හැක.
  1. මී මැසි පාලනය ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවති:
මී මැසිපෙට්ටි ඇතුළු අනෙකුත් උපකරණ නිෂ්පාදනය කර අලෙවි කිරීමෙන් ද ආදායම් උපයා ගතහැක. එමෙන්ම මී ඉටි හා මී මැසි ජනපද අලෙවියෙන් ද ආදායමක් උපදවා ගත හැක.
  1. බෝග වගාවට හිතකර කෘමියෙකි:
මීමැස්සා බෝග පරාගනයට ඉතාමත් ප්‍රයෝජනවත් කෘමියෙකි. මී මැස්සන් මල් මතගැවසීමෙන් බෝගවල පරාගන ප්‍රතිශතය වැඩිවී බෝග අස්වනු වැඩිවීම සිදුවේ.
  1. ඖෂධීය වටිනාකමක් ඇත:
මී පැණිආහාරයට ගැනීමෙන් රෝග සුව වන බවත්, රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තියක්ශරීරයට ඇතිවන බවත් විවිධ පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. එමෙන්ම මී පැණීවලශරීරයට පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි සරළ සීනි අඩංගු බැවින් ඉක්මනින් ශක්තියලබා දෙන ආහාරයක් වශයෙන් ද රෝගීන්ට, ළමයින්ටහා වැඩිහිටියන්ට ප්‍රයෝජනයට ගතහැක. එබැවින්මී පැණි දෛනිකව පරිභෝජනය කිරීම තුළින් පවුලේ සෞඛ්‍ය තත්ත්වයආරක්ෂා විම සිදුවේ. විභවය
  1. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මී මැසි පාලනය කළ හැක:
ශ්‍රීලංකාවේ දක්නට ලැබෙන මී මැසි විශේෂය ඒපිස් සෙරානා ඉන්ඩිකා (Apis cerana Indica) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. මෙම මී මැසි ප්‍රභේදය ශ්‍රීලංකාවේ සියළුම ප්‍රදේශවල වාසය කරයි. එහෙයින් ඕනෑම ප්‍රදේශයක මී මැසි පාලනයපහසුවෙන් කරගෙන යාමට හැකියාව පවතී.
  1. මී මැස්සාට ආහාර ලැබෙන (පැණි, පරාග) ශාකවල ව්‍යාප්තිය හා ගහනය:
ශ්‍රීලංකාවේ දක්නට ලැබෙන පළතුරු ශාක සියල්ලම පාහේ හොඳ මී මැසි ගෝචර ශාක වශයෙන්හැඳින්විය හැක. වියලි කලාපයේ මල් පැණි වහනය වන පුෂ්ප විශාල ප්‍රමාණයක්නිපදවන අඹ, කජු, පොල්, සියඹලා, මාර වැනි ශාක බහුලව දක්නට ලැබේ. දේශීයවනාන්තරවල විවිධ ශාක විශේෂ විශාල ප්‍රමාණයක් මිශ්‍රව පැවතීම නිසා වර්ෂයපුරාම පැණි පරාග ලබා ගැනිමේ හැකියාව පවතී. එහෙයින් පැණී නිෂ්පාදනය සඳහාඉහළම ශක්‍යතාවයක් වනාන්තර ආශ්‍රිතව පවතී. එක් දේශගුණික කලාප වලට විශේෂ වුනමුත් ඉහළ පැණි නිෂ්පාදනයක් සඳහා දායක වන (උදා: රබර්, යුකැලිප්ටස්) ශාකගහනයන් ද රට අභ්‍යන්තරයේ දක්නට ලැබේ. කෘෂි කාර්මික බෝග වගාවන් හා වල්පැළෑටි, ගෘහ අලංකාරය සඳහා වවනු ලබන මල් වර්ග ද මී මැස්සාට යැපීමට උපයෝගීවේ. විවිධ ප්‍රදේශවල පැතිර පවත්නා ගෝචර ශාක වර්ග හා ඒවායේ ගහන ඝනත්වය මත මීපැණි නිෂ්පාදන විභවය අඩු වැඩි වේ.
  1. අඩු පිරිවැය:
මීමැසි පෙට්ට් ඇතුළු උපකරණ සපයා ගැනීම, අවශ්‍ය පිරිවැය හැරුණ විට නඩත්තුවසඳහා වියදම් වන්නේ අතිරේක ආහාර සැපයීම සඳහා පමණි. ජනපදය නිසි අයුරින්රැකබලා ගැනීම සඳහා සතියකට වරක් පැය භාගයක පමණ කාලයක් යෙදවිම ප්‍රමාණවත් වේ.
  1. සාමාන්‍ය පාලනයක් යටතේ වුව ද ජනපදයකින් මී පැණි‚ බෝතල් 4 -6 දක්වා ලබාගත හැකි වේ. වඩා විද්‍යාත්මක හා ක්‍රමානුකුළ පාලනයක් යටතේ මී පැණි බෝතල් 10 ක් දක්වා වැඩිකර ගත හැක.
  2. ගෙවත්තට බිඟු පාලනය හඳුන්වා දීම මඟින් ඉතා පහසුවෙන් නිවසේ පරිභෝජනයට අවශ්‍ය මී පැණි ලැබෙන අතර අමතර ආදායමක් ද උපදවා ගත හැක.
  3. මී පැණි නිෂ්පාදනයට අමතරව බිඟු පාලනයටඅදාල විවිධ අමතර ආදායම් උපයන මාර්ග රැසක් පවතී. උදා : මී පැණි එක්රුස් කර, සැකසූ නිෂ්පාදන ලෙස අලෙවිය, ජනපද බෝ කර විකිණීම සහ මී මැසි පෙට්ටි ඇතුළුඋපකරණ සකස් කර වෙළඳපොලට සැපයීම.
  4. පිරිසිදුව සකසන ලද ප්‍රමිතියෙන් උසස් දේශීය මී පැණි සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොලේ ද වැඩි ඉල්ලුමක් පවතී.
  5. මී මැසි ජනපද වලින් ලැබෙන අමතර ආදායමට අමතරව බෝග පරාගනය මඟින් වගා ක්ෂේත්‍රවල අස්වැන්න ඉහල නැංවීමට බිඟුන් උපකාරී වේ.
මී මැස්සා ජීවවිද්‍යාත්මක වර්ගීකරණයේ පියාපත් සහිත කෘමීන් යටතේ වර්ගීකරණය කර ඇති සමාජීයචර්යාවන් සහිත රංචුවක් හෙවත් ඝනාවාසයක් වශයෙන් ඔවුන් විසින්ම නිපදවා ගන්නාඉටියෙන් තැනූ වද මත ජීවත් වන කෘමීන් කොට්ඨාශය මී මැස්සන් වශයෙන් හැඳින්වේ.ඔවුන් පුෂ්ප තුළ නිපදවනු ලබන පරාග දකෘමීන් ආකර්ෂණය කිරීම සඳහා මල් සහවෙනත් ශාක කොටස් තුළ නිපදවන පැණි හෙවත් මධු ද ආහාරයට ගනී. ජීවවිද්‍යාත්මකව ඝනාවාසයක්යනු හවුලේ ගොඩනගන ලද තනි කැදැල්ලක් තුළඑකිනෙකාගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ දීශ්‍රම විභාජනයක් දක්වන සහ පැටවුන්රැකබලා ගැනීම සාමූහික කාර්යයක් වශයෙන් ඉටුකර ගන්නාවූ කෘමීන් කණ්ඩායමකි. මී මැස්සාවර්ගීකරණය වංශය   – ආත්‍රොපෝඩා වර්ගය – ඉන්සෙක්ටා උපවර්ගය – ටෙරිගෝටා ගෝත්‍රය – හයිමොනොප්ටෙරා කුලය – ඒපිඩේ ගණය – ඒපිස් (විත සහිත මී මැසි විශේෂ අයත්ය) විශේෂය
  • ආසියාතික මී මැස්සා
  • මෙලිෆෙරා – යුරෝපීය මී මැස්සා
  • ඩොසාටා – බඹර මැස්සා
  • ෆ්ලෝරියා – දඬුවැල් මැස්සා
මී මැසි විශේෂ ඒපිස් සෙරානා
  • සියළුම ආසියාතික රටවල ජීවත් වේ. ඒපිස් සෙරානා ඉන්ඩිකා, ඒපිස් සෙරානා සෙරානාසහ ඒපිස් සෙරානා ජැපනිකා යනුවෙන් උප විශේෂ තුනක් දක්නට ලැබේ.
  • ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මී මැසි විශේෂය වන්නේ එපිස් සෙරානා ඉන්ඩිකා විශේෂයයි.
  • සංවෘතඅඳුරු ස්ථානවල ජීවත් වේ. එකිනෙකට සමාන්තර වද රාශියකින් යුත් කැදැල්ලක්සාදයි. වදයක උස සෙන්ටි මීටර් 15 – 30 ක් පමණ වේ. එකම ස්ථානයේ බොහෝ කාලයක්රුඳීසිටියි. සුදුසු පරිසර තත්ත්ව හා ආහාරගෘහස්ථව නඩත්තු කළ හැක.
  • ජනපදයක වැඩකාර මැස්සියන් 10,000 – 30,000 පමණ දක්නට ලැබේ. පියාසර සීමාවමීටර් 600ක් පමණ වන නිසා ආහාර රැස් කිරීමේ පරාසය අඩු බැවින් මී පැණි‚නිෂ්පාදනය කි.ග්‍රෑම් 4-10 දක්වා පරාසයක පවතී.
යුරෝපීය මී මැස්සා (ඒපීස් මෙලිෆෙරා)
  • ලෝකයේවඩාත්ම ව්‍යාප්ත වී ඇති මී මැසි පාලනයට යොදා ගන්නා මී මැසි විශේෂය වේ.යුරෝපයේ වෙසෙන විශේෂ සෞම්‍ය කලාපික විශේෂ ලෙස හඳුන්වන අතර අප්‍රිකාවේ වෙසෙනවිශේෂ ඝර්ම කලාපීය විශේෂ ලෙස හැඳින්වේ.
  • දේශීය මී මැස්සාට (ඒපීස් සෙරානා) වඩා ශරීරයෙන් විශාල වන නමුත් චර්යා රටාවන් දෙදෙනාටම පොදුය
  • මෙමමී මැසි විශේෂයට ආහාර සොයා කි.මී. 3-4 පමණ දුරක් පියැඹීමට හැකියාව පවතී.විශාල පරාසයක ආහාර රැස් කරන බැවින් වර්ෂයකට පැණි කිලෝ ග්‍රෑම් 40 ක් පමණජනපදයකින් නෙළා ගත හැක
යුරෝපීය මී මැස්සා (ඒපීස් මෙලිෆෙරා)
  • සමාන්තර වද රැසක් සාදන අතර ආවෘත ස්ථානවල ජීවත් වේ. ජනපදයක වැඩකාර මැස්සන් 50,000 සිට 80,000 දක්වා සිටිය හැක. රැජින දිනකට 1000 සිට 1200 දක්වාප්‍රමාණයක් බිත්තර දැමීම කරයි.
  • වදයක උස සෙ.මී. 40-60 ක් පමණ වේ. වද ඝනකම සෙ.මී. 25 පමණ වේ.
  • මෙමසතුන් රෝග හා පලිබෝධ හානිවලට වැඩි ග්‍රාහීය බවක් දක්වන නිසා බිඟු පාලනයේ දීරෝග හා පලිබෝධ මර්දනය සඳහා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.
  • මෙම විශේෂය මී පැණි නිෂ්පාදනයට අමතරව රාජ ජල්ලි, පරාග, ප්‍රොපොලිස් වැනි අතුරු නිෂ්පාදන ලබා ගැනීම සඳහා ද උපයෝගී කර ගනී.
බඹර මැස්සා (ඒපීස් ඩෝසාටා)
  • උස ස්ථාන වල තනි කැදැල්ලක් සාදයි
  • වදයක උස සෙන්ටි මීටර් 75 – 100 ක් පමණ වේ.
  • වද ප්‍රමාණයෙන් විශාලය
  • මී මැස්සාට වඩා ශරීරයෙන් විශාලය
  • පැණි අස්වැන්න වැඩිය
  • පැණිවල ජල සාන්ද්‍රණය වැඩි නිසා කල් තබා ගැනීම අපහසුය (24%)
  • අයහපත් පරිසර තත්ත්ව වල දීකැදැල්ල අතහැර යයි
  • විතෙන් පහර දුන් විට ඉතා විෂ සහිතයි
  • සතුරන්ට පහර දීමේ ප්‍රවනතාවය වැඩි අනතුරුදායකය
මී මැසි වර්ග දඬුවැල් මැස්සා (ඒපිස් ෆ්ලෝරියා)
  • කුඩා මී මැසි වර්ගයකි
  • වන ලැහැබවල් තුල කුඩා තනි වදයක් සාදයි
  • වදයක උස සෙන්ටි මීටර් 15 – 20 ක් පමණ වේ
  • පැණිවල සාන්ද්‍රණය හා ගුණාත්මය මී පැණි වලට සමානයි
  • පැණි‚ අස්වැන්න කිලෝ ග්‍රෑම් 1 කට අඩු වේ
  • අයහපත් කාලගුණ තත්ත්ව වලදීකැදැල්ල අතහැරයයි
  • බෝග පරාගනය සඳහා ආරක්ෂිත ගෘහ තුළදීයොදාගත හැකි විශේෂයකි
කනෙයි මැස්සා (ට්‍රයිගෝනා ඉරිඩිපෙනිස්)Tetrogonula irridipennis
  • විත රහිත බැවින් Melliponiniඋප වර්ගයTetragonulaඝණය යටතේ වර්ග කර ඇත. ශරීර ප්‍රමාණය මිලි මීටර් 4 ක් පමණ වේ. කළු පැහැතිය.
  • පැණි ඖෂධීය වටිනාකමකින් ඉහළය. මෙමතරමක්අඳුරුපැහැයක්ගන්නාඅතර, ඇඹුල් රසයක් පවතී. එයට හේතුව වන්නේ විවිධ ශාක වලලබා ගතයුෂ වර්ග පැණි සමඟ මිශ්‍ර වී පැවතීමයි.
  • වදය මී වදයට වඩා වෙනස් ස්වරූපයක් පවතී.
  • කුහර රවුම් හැඩයක් ගනී. හොඳින් ආවරණයස්ථාන වල ජීවත් වේ
  • කැදැල්ලට ඇතුළු වන ස්ථානයට පිටතින්තැනූ උමගක් වැනි කොටසක් සාදයි. එමසාදා ඇති ඉටිවල කුහුඹුවන් වැනි සතුන් පලා හරින ගුණයක් පවතී. එහෙයින් වෙනත් සතුකැදැල්ලට ඇතුල් වීම වැළකේ.
ඝනාවාසයක සාමාජිකයින් රැජින ඝනාවාසයකප්‍රධානතම සාමාජිකයා වන්නේ රැජිණයි. ගැහැණු සතෙකි. ජනපදයක සිටින්නේ එක්රැජිනක් පමණි. රැජිණගේ කාර්යය වන්නේ බිත්තර දැමීම සහ පෙරමෝන නිෂ්පාදනයයි.කහවන්දුඹුරු පැහැයෙන් යුත් උදරයක් සහ කළු පැහැති හිසක් සහිතය. වැඩකාරමැස්සියට වඩා උදරය කොටස විශාලත්වයෙන් හා දිගින් වැඩි වේ. පිහාටු සහිතය.නමුත්උදරයට වඩා දිගින් අඩුය. විත සහිත වුවත් එමඟින් පහර දෙන්නේ තවත් රැජිනකට පමණි.ආහාර රැස් කිරීමට හැඩගැසී නොමැති අතර වැඩකාර මැස්සියන් විසින් පෝෂණය කරයි.රැජිනක් අවුරුදු 3-4 ක පමණ කාලයක් ජීවත් වේ. රැජිනගේඅධෝහනුක ග්‍රන්ථියේ නිපදවනු ලබන පෙරමෝනයක් මඟින් වැඩකාර මැස්සියන්ගේක්‍රියාකාරීත්වය පාලනය කෙරේ. රැජිණ ස්පර්ෂ කිරීමෙන් මෙම පෙරමෝනය වැඩකාරමැස්සියන් ඔවුන් වෙත ලබා ගන්නා අතර එමඟින් ජනපදයට ආවේනික සුවඳක් ලැබේ.එහෙයින් මෙම පෙරමෝනයරැජිණ සුව නමින් හැදින්වේ. රැජිණ සුවඳ රැජිණ ජනපදයේසිටින බව හඳුනා ගැනීමට වැඩකාර මැස්සන්ට උපකාරී වේ. රැජිනසුවඳ එක රැජිනකගෙන් තවත් රැජිනකට වෙනස් වන බැවින් එක් ජනපදයක මැස්සන් අනෙක්අයගෙන් වෙන්කර හඳුනා ගැනීමට එය උපකාරී වේ. යම් හේතුවක් නිසා රැජිනජනපදයෙන් ඉවත් කළ විට පැය හයක කාලයකජනපදය තුළ රැජින සුවඳනැතිවී යයි. මී මැසිඝනාවාසයක සාමාජිකයින් බිහිවන්නේ රැජින විසින් දමනු ලබන බිත්තර වලිනි.රැජිනට සාමාන්‍ය වශයෙන් අවුරුදු 4 ක් පමණ ආයු කාලයක් ඇත. ළපටි අවධියේ සිටඅවුරුදු 2 ක් පමණ වනතෙක් රැජිනගේ බිත්තර දැමීමේ හැකියාව සහ පෙරමෝනයනිෂ්පාදනය හොඳින් පවතින නමුත් පසුව එය ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. හොඳින් ආහාරලැබෙන්නේ නම් බිත්තර දැමීමේ සීග්‍රතාවය ඉහළ යයි. ආහාර හිඟ කාලවල දීබිත්තරදැමීම සම්පූර්ණයෙන් නවතා දමයි. සංසේචනයවූ බිත්තර හා සංසේචනය නොවූ බිත්තර වශයෙන් රැජින දෙආකාරයක බිත්තර දැමීමසිදු කරයි. සංසේචනය වූ බිත්තර මඟින් ගැහැණු සතුන් හා සංසේචනය නොවූ බිත්තරමඟින් පිරිමි සතුන් බිහි වේ. වැඩකාර මැස්සිය ගැහැණුසතෙකි. සංසේචිත බිත්තර මඟින් බිහිවේ.හිස කලු පැහැතිය. ත්‍රිකෝණාකාරය, උදරය කහපැහැති ඉරි සහිතය. පිහාටු සහිතය. පිහාටු මඟින් උදරය ආවරණය වේ. ශරීරය පසුපසකෙළවරේ පිහිටි විත මඟින් සතුරාට පහර දෙයි. ඝනාවාසයේ සියළුම කාර්යයන්ඉටුකිරීම පිණිස ශරීර උපාංග හැඩගැසී ඇත.ජීවිත කාලය සති 6 සිට මාස 3 දක්වාවෙනස් විය හැක.වැඩකාර මැස්සියන්ගේ ප්‍රජනක පද්ධතියේ වර්ධනය රැජිණ පෙරමෝනයමඟින් නැවතී ඇති නමුත් ජනපදයේ රැජිණ නොමැති අවස්ථාවක පෙරමෝනය නොලැබෙනබැවින් ප්‍රජනක පද්ධතියේ වර්ධනය වීමෙන් ඔවුන්ට බිත්තර දැමීමේ හැකියාව ඇතිවේ. එමඟින් බිහි වන්නේ පිරිමි මැස්සන් පමණයි. මෙය කාලානුරූපී බහුකාර්යතාවයවශයෙන් හැඳින්වේ. වැඩකාර මැස්සියන් විසින් ඉටු කරන කාර්යයන්
  • වද කුහර පිරිසිදු කිරීම, ඉටි කැබලි, මිය ගිය වැනි අපද්‍රව්‍ය ජනපදයෙන් බැහැර කිරීම
  • රැජින, පිරිමි මැස්සන් හා කීටයන් සඳහාසැකසීම හා සැපයීම
  • ජනපදයේ දොරටුව මුර කිරීම හා ආරක්ෂාව සැපයීම
  • ජනපදය තුළ නියත උෂ්ණත්වයක් (සෙල අංශක 5 ක් පමණ) පවත්වා ගැනීම
  • මල්, පැණි හා පරාග රැස් කිරීම, මල් පැණි මීබවට පත් කිරීම හා එහි ජල සාන්ද්‍රණය අඩුකිරීම, ආහාර ගබඩා කිරීම,
  • මී ඉටි නිෂ්පාදනය, වද බැදීම, පිළා කෝෂ සහ පැණි පිරවූ කුටීර ඉටි යොදා ආවරණය කිරීම
පිරිමි මැස්සා
  • රැජිණ විසින් දමනු ලබන සංසේචනය නොවූ බිත්තරවලින් බිහි වේ.
  • කලු පැහැතිය, වැඩකාර මැස්සියන්ට වඩා විශාල වේ. නමුත් රැජිනට වඩා කෙටිය. සංයුක්ත ඇස් විශාල වන අතර විත රහිතය.
  • ආහාරරැස් කිරීම සඳහා ශරීරය හැඩ ගැසී නොමැත බැවින් වැඩකාර මැස්සියන් විසින්පෝෂණය ලැබේ. එම නිසා ඕනෑම ආහාර අහේනියකමැස්සන්ට ආහාර ලබා නොදීම හේතුවෙන්මියයෑම ස්වභාවික සංසිද්ධියකි. නැවතත් ජනපදයේ පිරිමි මැස්සන් බෝ වන්නේ ආහාර සුලභ අවස්ථාවේ ය.
  • පිරිමි මැස්සාගේ කාර්යය වන්නේ අලුතින් බිහිවන රැජිනක් හා සංසර්ගය වීම පමණි.එහිදීපිරිමි මැස්සාගෙන් ලැබෙන බීජානු රැජිණගේ ශරීරය තුළ ගබඩා කර ගනී.
ජීවන චක්‍රය මී මැසිරැජිණ දිනපතා බිත්තර දැමීම සිදු කරයි. බිත්තර දැමීමට පෙර රැජිණ විසින් වදකුහරයේ පරිමාව ඇයගේ ස්පර්ෂක ආධාරයෙන් පැටවකු බිහිවීමට ප්‍රමාණවත් දැයිපරීක්ෂා කරන බවට තහවුරු වී ඇත. ඉඩ ප්‍රමාණවත් නොවේ නම් එම කුහරයේ බිත්තරදැමිම නොකරයි. නියමිත ඉඩ ප්‍රමාණයෙන් යුක්ත කුහර තුළ දමනු ලබන්නේ සංසේචනයවූ බිත්තරයකි. ප්‍රමාණයට වඩා විශාල නම් එහි දමන්නේ සංසේචනය නොවූබිත්තරයකි.රැජිණන් බිහි කිරීම සඳහා වදවල පහල කෙලවරේ එල්ලී සිටින අයුරින්රැජිණ කෝෂ සාදන අතර මේවා ප්‍රමාණයෙන් සාමාන්‍ය වද කුහරවලට වඩා විශාලය. මෙහිතුළ සංසේචනය වූ බිත්තර තැන්පත් කරයි. වැඩකාරමැස්සියන් විසින් පිරිසිදු කරන ලද වද කුහර පතුලේ රැජින බිත්තර තැන්පත්කරයි. බිත්තරයක් දමා දින 3 ක් ගත වූ පසු එය පුපුරා කීටයෙකු බිහිවේ.කීටයාආහාර ලබාගෙන ක්‍රමයෙන් වර්ධනය වන අතර දින 5 ක් ගතවූ පසු පිළා අවස්ථාවටඑළබේ. එම අවස්ථාවේවැඩකාර මැස්සිය විසින් ඉටි තට්ටුවක් යොදා වද කුහරය ආවරණයකරනු ලබයි.බිහිවන කීටයින්ට දින දෙකක් යනතුරු රාජ ජල්ලි ආහාර වශයෙන් ලැබීඉතිරි දිනවල පැණි හා පරාග මිශ්‍ර කරගත් ආහාරයක් ලබා දෙයි. එහෙත් රැජිණ කෝෂයේකීටයාට දින පහම රාජ ජල්ලි ආහාරයට ලැබී පිලා අවස්ථාව ගත කරන කාලය එක් එක්සාමාජිකයා සඳහා වෙනස් වේ. ජීවනචක්‍රය සම්පූර්ණ වීමට ගතවන කාලයපිළවා සුහුඹුල් සතෙකු බවට රූපාන්තරණයවීමට ගතවන කාලය එක් එක් සාමාජිකයා සඳහා වෙනස් වේ.බිත්තර කීට පිළා සම්පූර්ණදින ජීවන කාලය අවස්ථා ගණන රැජින                            දින 3 දින 5 දින 8 දින 16          අවු. 3-4 වැඩකාර මැස්සිය          දින 3 දින 5 දින 12 -13 දින 20-21 සති 4-6 පිරිමි මැස්සා                 දින 3 දින 5-6 දින 14-15 දින 24-25 සති 6-8 සම්පූර්ණ රූපාන්තරය අවසානයේ දීසුහුඹුල් සතා ඉටි ආවරණය කපා ඉවත් කරගෙන වද කුහරය තුළින් පිටතට පැමිණේ. වදයක මූලික ලක්ෂණ මීමැස්සා වද බැදිම කරනුයේ ඉහලින් පිහිටි උපස්ථරයකට සවි වී සිරස්ව පහලට එල්ලීසිටින අයුරිනි. වද බැඳීම සඳහා වැඩකාර මැස්සියගේ උදරයේ යට පැත්තේ පිහිටා ඇතිඉටි ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන ඉටි උපයෝගී කර ගනී. එකිනෙකට සමාන්තර වද එකකටවැඩි ගණනක් සාදන අතර මෙම වද ෂඩශ්‍රාකාර කුහර සහිත වේ. ආහාර ගබඩා කිරීම හාපැටවුන් බෝ කිරීම සඳහා මෙම කුහර යොදා ගනී. මී වදයක පැහැදිලිව දැකිය හැකි ස්ථර තුනක් තිබේ.
  1. උපස්ථරයට සවිවන ස්ථානයට ආසන්න තීරුව
පැණි ගබඩා කිරීම සඳහා භාවිතා කරයි.
  1. ඊට යටින් පිහිටි තීරුවේ පරාග ගබඩා කර තිබේ.
  2. පහළින්ම ඇති කොටස පැටවුන් බෝ කිරීමට භාවිතාවේ.
එකිනෙකටසමාන්තරව පිහිටා ඇති වද අතර සමාන පරතරයක් දක්නට ලැබේ. මෙය බිඟු පරතරයයනුවෙන් හඳුන්වන අතර දේශීය මී මැස්සාගේ බිඟු පරතරය මි.මී. 8-9 කි.මී වදයක්ගත් විට එහි හරස් කඩක පළල වද ඝනකම වශයෙන් හැඳින්වේ. සෑම පිලා වදයකම ඝනකමසමාන අගයක් ගන්නා අතර දේශීය මී මැස්සාගේ පිලා වදයක ඝනකම වනූයේ මී.මී. 20-21 ප්‍රමාණයකි. පැණි රැස් කරන වදවල ඝනකම මී.මී. 30 දක්වා වැඩි වන අවස්ථා දදක්නට ලැබේ. මේ අනුව යාබදව පිහිටි වද දෙකක් සැලකූ විට එක් වදයක මැද බිත්තියේසිට අනෙක් වදයේ මධ්‍යයට ඇති දුර, වද පරතරය යනුවෙන් හඳුන්වන අතර මෙම දුරමි.මී. 28 ක් වශයෙන් ගණනය කෙරේ. මෙම මාන මී මැසි පෙට්ටි නිෂ්පාදනයේ උපයෝගීකර ගැනේ.
  1. වද ඝනකම
පිලාවදයක ඝනකම මීලි මිටර් 20 – 21 ක් වන අතර පැණි වදවල ඝනකම බොහෝ විට විචල්‍යවේ. සමහර විට එය මීලි මිටර් 50 ක් පමණ හෝ ඊට වැඩිවිය හැක.
  1. වද පරතරය
වදපරතරය ලෙස යාබදව පිහිටි පිලා වද දෙකක, මධ්‍ය අක්ෂ දෙක අතර ඇති දුර ප්‍රමාණයසළකනු ලැබේ. මෙය සාමාන්‍යයෙන් මීලි මිටර් 28 – 30 ක් අතර පවතී.පිලා පෙට්ටියේ තබනා යාබද උඩු පටි දෙකක හෝ යාබද රාමු දෙකක උඩ ලී ස්තරයන්ගේ මධ්‍යයන් දෙක අතර පිහිටීම මේ අනුව සකස් කෙරේ. වදයක මූලික ලක්ෂණ ජනපදයක්තුළ පිළා පෙට්ටිය සහ පැණි පෙට්ටි සැළකූ විට පහළින්ම පිහිටා ඇති පිලාපෙට්ටිය තුළ ඇති වදවල පැටවුන් බෝ කිරීම සිදුවේ. පිළා වදයේ පැණි තීරුවටඉහළින් සපයනු ලබන සියලුම වදවල පැණි තැන්පත් කිරීම සිදුවීම සාමාන්‍යසංසිද්ධියකි.එහෙයින් පිළා පෙට්ටියට ඉහළින් පැණි පෙට්ටි සැපයීමේඑම කොටසේපැණි පමණක් තැන්පත් කිරීම සිදුවේ. මේ හේතුව නිසා මී මැසි පෙට්ටියේ පැණිරාමුවලින් පැණි පමණක් ගබඩා කරන ලද වද ලබාගත හැකිව තිබේ. මී මැසි ජනපදයක ක්‍රියාකාරීත්වය වැඩකාරමැස්සියන්ගේ ශ්‍රම විභාජනය හා සංවිධානයමී මැසි ජනපදයක් තුළ සිදුවනක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන් ඉටු කරනු ලබන්නේ වැඩකාර මැස්සියන් විසිනි.වැඩකාර මැස්සියන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරනු ලබන්නේ රැජින විසින් නිපදවනපෙරමෝනය (රැජින සුවඳ) මඟිනි.ජනපදය තුළ ඉටුකළ යුතු ප්‍රධාන කෘත්‍යයන් වනආහාර සොයා යෑම, රැස් කිරීම, පැටවුන් රැක බලා ගැනීම, වද බැදිම, ජනපදය ආරක්ෂාකිරීම හා ජනපදය පිරිසිදු කිරීම වැඩකාර මැස්සියන් විසින් ඉටු කරනු ලැබේ.සේවිකාවන් විසින් ඉටු කරන කාර්යයන් ඔවුන්ගේ වයස අනුව තීරණය වන අතර එය පහතඅයුරින් විස්තර කළ හැක. ඝනාවාසයක සාමාජිකයින් වැඩකාර මැස්සියන්ගේ ශ්‍රම විභාජනය වයස අනුව ඉටු කරනු ලබන කාර්යයන් දින 01-07
  • පවිත්‍ර කිරීම.
  • රැජින සහ පැටවුන්ට ආහාර සඳ රාජ ජල්ලි නිෂ්පාදනය කිරීම.
  • රැජින හා කීටයන් රැකබලා ගැනීම පෝෂණය.
දින 07-14
  • ඉටිනිෂ්පාදනය, වද බැඳීම හා පිළා කෝෂ සහ පැණි කුටීර ඉටි ආවරණය.
දින 14-21
  • කැදැල්ල තුළ වායු සංසරණය ඇත කිරීම. කැදැල්ල ආරක්ෂා කිරීම.
දින 21
  • මියයනතෙක්ආහාරරැස්කිරීම.
  • වයස දින 21ට අඩු මැස්සන් ආහාර සොයාගෙනජනපදයෙන් පිටතට ඉගිලී නොයයි.
වැඩකාර මැස්සියන්ගේ ශ්‍රම විභාජනය හා සංවිධානය මීමැස්සෙකු ඉපදී දින 5ක් පමණ ගතවන තෙක් ඔවුන් විසින් ඉටු කරනු ලබන්නේ ජනපදයපිරිසිදු කිරීමේ කටයුතු පමණි. එම කාලය අවසන් වීමත් සමඟ මී මැස්සියගේ හිසේපිහිටා ඇති රාජ ජල්ලි නිපදවන ග්‍රන්ථිය ක්‍රියාත්මක වන බැවින් රාජ ජල්ලිනිෂ්පාදනය ආරම්භ වේ. එහෙයින් කීටයන් හා රැජිනට රාජ ජල්ලි සැපයීම හා ඔවුන්රැකබලා ගැනීම වැනි කටයුතු වල නියැලෙන බැවින් මෙම සතුන් සාත්තු බිඟුන්වශයෙන් හැඳින්විය හැක.දින 7 වඩා අඩු වයස මැස්සන්ට ඉගිලීමේ හැකියාව නොමැත. ඉපදීදින 7 ක් පමණ ගතවන විට උදරයේ පිහිටි ඉටි නිෂ්පාදනය කරන ග්‍රන්ථි ක්‍රියාත්මකවන බැවින් ඉටි නිෂ්පාදනය කිරීමට සහ වද බැඳීමට ළපටි මැස්සන් යොමු වේ. වැඩකාරමැස්සියන්ගේ ශ්‍රම විභාජනය හා සංවිධානය ඉපදී දින 14 කින් පසු කැදැල්ල තුළවායු සංසරණය කිරීම, කැදැල්ල මුර කිරීම සඳහා බිඟුන් යොමු වේ. මෙම කාලයේක්‍රම ක්‍රමයෙන් කෙටි දුරක් ඉගිලී යාමට බිඟුන්ට හැකියාව ලැබේ. ආහාර රැගෙන එනවැඩකාර මැස්සියන් ඔවුන් ගෙනා ආහාර වමාරා මෙම කුඩා බිඟුන්ට ලබා දිම හෙවත්පැණි පිරිනැමීමසිදු කෙරේ. කුඩා මැස්සියන් වැඩිහිටි මැස්සියන් ගෙනැවිත්දුන් ආහාර උරා බී ඔවුන්ගේ ආමාශය තුළ මී පැණි බවට ජීර්ණය විමේ ක්‍රියාවලියසම්පූර්ණ වන තෙක් තබා ගනී. මෙමඟින් වැඩි පැණි ප්‍රමාණයක් අඩු කාලයකදීරැස්කර ගැනීමේ හැකියව ලැබේ.වයස දින 21ක් පසුවූ පසු මැස්සියන් ආහාර සොයා යාමආරම්භ කරයි. ජනපද වර්ධනය වීමේ ක්‍රියාවලිය මී මැසි ජනපදවල බෝවීම ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ පරිසරයෙන් ලැබෙන ආහාර ප්‍රමාණය හා කාළගුණික සාධක මතයි.අවටපරිසරයේ පිහිටි ශාකවල පුෂ්ප පිපීම මත ජනපදයට ලැබෙන ආහාර එනම් පැණි සහ පරාගප්‍රමාණය තීරණය වේ. අධික වියළි සහ වැසි සහිත කාළගුණවල (අහේනි කාලයේදී) මැස්සන්ට ආහාර සපයා ගැනීම අපහසු වන බැවින් බෝවීම අඩු වේ.ශ්‍රී ලංකාවේ මෝසම්වැසි අවසාන සමයේදීඑලඹෙන ශාකවල පුෂ්ප නිපදවන කාලයක්, එනම් මල් වාරයක් දක්නටලැබේ. මෙම කාලයේදීආහාර හිඟ වීමෙන් දුර්වලව තිබූ ජනපද වර්ධනය ආරම්භ වේ.එහෙයින් මෙය වර්ධක කාලය වශයෙන් හඳුන්වනු ලැබේ. මී මැසි ගහනය වැඩිවීම සිදුවන්නේ වර්ධක කාලයේදිය. යහපත්පරිසර තත්ත්ව යටතේ ජනපදයට ලැබෙන පැණි හා පරාග ප්‍රමාණය වැඩිවන අතර ළපටිමැස්සන් සිටින විට රාජ ජල්ලි නිෂ්පාදනය ඉහළ යයි. රැජිනට ලැබෙන විශේෂ ආහාරයවන රාජ ජල්ලි හොඳින් ලැබෙන විට රැජිනගේ බිත්තර දැමීමේ සීග්‍රතාවය ද ඉහළනැංවේ.ශ්‍රී ලංකාවේ ජීවත් වන මී මැස්සාගේ රැජිනට දිනකට බිත්තර 350 – 700 ක් පමණ දැමීමේ හැකියාව ඇත.රැජින සාමාන්‍යයෙන් බිත්තර දැමීම ආරම්භකරන්නේ කැදැල්ල මැද ඇති වදවලය. ඉන්පසු එය ක්‍රමයෙන් දෙපස ඇති වදවලට විහිඳේ. ආරම්භයේ කීට පිළා අවස්ථාවන් හොඳින් දැකිය හැක්කේ මැදින් පිහිටි වදවලය.එමෙන්ම මෙම වදවල පැටවුන් බෝවන කොටසට ඉහළින් පරාග හා පැණි තැන්පත් කර තිබෙනුදැකගත හැකිය. ජනපදවලගහනය වැඩි වීමත් සමඟම අභ්‍යන්තර උෂ්ණත්වය ඉහල යාම හා රාජ ජල්ලි නිෂ්පාදනයවැඩිවීමත්, රැජිනගෙන් ලැබෙන පෙරමෝනය සමාකාරව විසිරී නොයාමත් ජනපද කට්ටිබෙදා යාමේ ක්‍රියාවලිය ආරම්භ වීමට හේතු සාධක වේ.මී මැසි ජනපදවල ස්වභාවිකගුණනය වීමේ ක්‍රියාවලිය සිදු වන්නේ තිබෙන ජනපද කොටස් වශයෙන් බෙදා යාමෙනි.මෙසේ කට්ටි බෙදිමේ දි මව් රැජින වැඩකාර මැස්සියන් කණ්ඩායමක් සමඟ ඉවත් වීමසිදුවේ. ඉතිරි වන ජනපදයට නව රැජිනකගේ අවශ්‍යතාවය පවතී. මෙහි ස්වභාවිකවසිදුවන ක්‍රියාවලිය නම් වැඩකාර මැස්සියන් විසින් රැජිනක් බිහිකිරීම සඳහාඅවශ්‍ය විශේෂ ව්‍යුහයක් වන රැජින කෝෂ සෑදීම ආරම්භ කිරීමයි. රැජින කෝෂයක්තුළට දැනට සිටින මව් රැජින විසින් බිත්තරයක් දමනු ලැබේ. මෙමබිත්තරයෙන් බිහිවන කීටයාගේ සම්පූර්ණ කීට කාලයම (දින 5ක්) සඳහා රාජ ජල්ලිආහාර වශයෙන් සපයනු ලැබේ. (වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන් බිහිවන කීටයන්සඳහා රාජ ජල්ලි ලබා දෙන්නේ දින දෙකක් පමණි.)රැජින කීටයා පිළා අවස්ථාවට පත්වූ පසු සුහුඹුල් සතෙකු බිහිවන තෙක් දක්වා වූ කාලය අතරතුර දී (දින 8ක්)පැරණි රැජින කණ්ඩායමක් රැගෙන ජනපදයෙන් ඉවත්ව යයි. ජනපද බෝවීම සිදුවන්නේ මෙමක්‍රියාවලිය මඟිනි.කට්ටි බෙදිම ආරම්භ වීමට ප්‍රථම ජනපදය තුළ පිරිමි මැස්සන්බෝවේ. බිහිවන නව රැජින දින 7 – 10 ත් අතර කාලයේදි සංසර්ගයේ යෙදිමෙන්අනතුරුව බිත්තර දැමීම ආරම්භ කරයි. ආහාර ලබා ගැනීම සඳහා අනුවර්ථන
  1. පැණි රැස් කිරීම
හිසකෙළවර පිහිටි දික් වූ මුඛ උපාංග වලින් සෑදී ඇති ශුන්ඩාව මඟින් මී මැස්සාපැණි උරා බීම සිදු කරයි. මුඛයෙන් ආහාර මාර්ගයට ඇතුළු වන පැණි ඛේටය සමඟමිශ්‍රවී ආමාශයට රැස් වේ. ආමාශයේ පසු කෙළවර හි වූ කපාටයක් මඟින් ආමාශය වැසිපැවතීම නිසා එය පැණි‚ රැස් කරන මල්ලක් වශයෙන් ක්‍රියාකරයි. ආමාශය තුළ දිඛේටයමඟින් එකතු වන කාබොහයිඩ්‍රේට ජීරක එන්සයිම මඟින් සිදුවන ජීරණය හේතුවෙන් මල්පැණි මී පැණි‚ බවට පත්වේ.ජීරණය සම්පූර්ණ වූ පසු මී පැණි වද කුහර තුළට වමාරාතැන්පත් කරනු ලැබේ. මී මැස්සන් විසින් තටු සැලීමෙන් ඇති කරන වායු ධාරාවන්නිසා මී පැණි වල වැඩිපුර ඇති ජලය වාෂ්පීකරණය වී නියමිත ප්‍රමාණයක් දක්වා (17% – 20%) අඩු වූ පසු මී පැණි පිරවූ වද කුහර ඉටි යොදා ආවරණය කරනු ලැබේ.
  1. පරාග රැස් කිරීම
මීමැස්සාට ආහාර වශයෙන් පරාග ද අවශ්‍ය වේ. ආහාරයේ තිබිය යුතු ප්‍රෝටීන, මේද, ඛනිජ ලවන වැනි පෝෂණ සංඝටක ලැබෙන්නේ පරාග ආහාරයට ගැනීමෙනි. මී මැස්සාගේ ආහාරයසකසා ගන්නේ පැණි සමඟ පරාග මිශ්‍ර කර ගැනීමෙනි. පැටවුන් සහ රැජිනට සපයන වර්ධකආහාරය වන රාජ ජල්ලි නිෂ්පාදනය සඳහා වැඩකාර මැස්සන් ආහාරයට ගන්නා පරාගවලඇති ප්‍රෝටීන හා මේද අත්‍යාවශ්‍ය වේ. එහෙයින්ජනපද වර්ධනය සඳහා පරාග සැපයීම අත්‍යාවශ්‍ය වේ. මේ හේතුව නිසා මී මැස්සන්මල් වලින් පරාග රැස් කිරීම සිදු කරයි. පරිසරයේ පරාග හිඟ වන කාලවල දීමී මැසිජනපද වල වර්ධනය බාල වීම සිදුවේ. පරාගරැස් කිරීම සඳහා මී මැස්සාට පාද උපකාරී වේ. ඒ සඳහා පාද යුගල් තුන දික් වූකේසර සහිතව විකරණය වී ඇත. හිස, උරස හා පාදවල කේෂර පිහිටා තිබීම නිසා මල් මතඇවිද යාමේ ද පරාග කැටිති ශරීරය මත රැදීම සිදුවේ. පළමු සහ දෙවන පාදයුගලයෙන් ශරීරයේ තැවරී ඇති පරාග පිස එකතු කර තුන්වන පාද යුගලයේ ඇති පරාගපැස වෙත යොමු කරයි. මෙම පරාග පිස ගැනීම සඳහා තුන්වන පාදයේ පරාග පනාව නමින්හඳුන්වන කොටසක් පිහිටා ඇත. පරාග පනාවෙන් එකතු කරන පරාග ඊට ඉහළින් පිහිටිපරාග පැස වෙත යොමු කරයි. පරාග පැස වටා පිහිටා ඇති දිගු කේෂර මඟින් පරාගකැටිති තදින් අල්ලා ගනී. මී මැස්සාට ඔසවා ගෙන යා හැකි තරම් බරක් රැස්වූපසුව ආපසු ජනපදයට පැමිණ වද කුටීර තුළ පරාග ගබඩා කිරීම සිදු කරයි. ආරක්ෂාව සඳහා අනුවර්ථන විත වීදිම මී මැසිජනපදවල ආරක්ෂාව සලසා ගන්නේ ඔවුන්ගේ ශරීරයේ පිටුපස පිහිටා ඇති විත මඟින්පහර දිමෙනි. මෙම විතට සම්බන්ධව විෂනිෂ්පාදනය කරන ග්‍රන්ථියක් පිහිටා ඇතිඅතර විත විදීමේදීඑම විෂ සම තුළට ඇතුල් වීමෙන් වේදනාවක් සහ ඉදිමිමක් ඇති වේ. විත යනුවිකරණය වූ ඩිම්බ නිධායකය බැවින් වැඩකාර මැස්සියන්ට හා රැජිණට පමණක් විතක්පවතින අතර පිරිමි මැස්සන්ට විතක් නැත.සිහින් උලක ආකාරයෙන් පිහිටා ඇතිවිතෙහි කෙළවර කඩතොලු සහිත වීම නිසා සමෙහි ඇමුණුනු පසු ගැලවී නොයන නිසා මීමැස්සාගේඋදරයේ අවසාන ඛණ්ඩිකාව ගැලවී යාමෙන් මී මැස්සා මරණයට පත් වේ. මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම එක්සත්වයෙකුගේ හැසිරීම මඟින් එම විශේෂයට අයත් වෙනත් සත්වයකුගේ හැසිරීමමෙහෙයවීමට හෙවත් වෙනස් කිරීමට ඇති හැකියාව සන්නිවේදනය ලෙස හඳුන්වයි.ඝනාවාසී ජීවනයේ අත්‍යාවශ්‍ය අංගයන් වන ආහාර සොයා ගැනීම හා ගබඩා කිරීම, ප්‍රජනනය, සාමාජීය සංසක්ත්වය, කැදැල්ලේ වායු සමීකරණ ක්‍රියා ආරක්ෂා ක්‍රියාවලියන් කාර්යක්ෂමව සමායෝජනය කිරීම සඳහා බිඟුන් අතර සන්නිවේදන ක්‍රමකිහිපයක් පරිණාමය වී ඇත. මෙම සන්නිවේදනය ආකාර දෙකකට සිදුවේ. එනම්
  1. රසායනික සන්නිවේදනය
  2. භෞතික සන්නිවේදන සංඥා
මී මැස්සාගේ සන්නිවේදන ක්‍රම
  1. රසායනසන්නිවේදනසංඥා
  • එක්සත්ත්වයකු තුළ නිපදවන රසායනික ද්‍රව්‍ය පරිසරයට නිකුත් කළ විට එම සත්ත්වවිශේෂයටම අයත් වෙනත් සත්ත්වයකුගේ හැසිරීම කෙරෙහි බල පවත්වන්නේ නම් එමරසායන ද්‍රව්‍ය පෙරමෝන ලෙස හඳුන්වයි. මී මැසි ඝනාවසයක නිසි ක්‍රියාකාරීත්වයසඳහා වැදගත් වන පෙරමෝන රැජින හා සේවිකාවන්ගේ ශරීර තුළ විවිධ ග්‍රන්ථිවලනිපදවනු ලැබේ. මෙහිරැජිනගේ අධෝහනුක ග්‍රන්ථියේ නිපදවන රැජින ද්‍රව්‍යඝණාවාසයේ සාමාජිකයින් එක්ව තබා ගැනීමත්, සේවිකා බිඟුන්ගේ කාර්යය පාලනය හාප්‍රශස්ත ක්‍රියාකාරීත්වය සඳහාත් වැදගත් වේ.
  • එමෙන්මමී මැසි සේවිකාවන්ගේ ඩිම්බ කෝෂ වර්ධනය වීම මර්දනය කරයි. මෙම රැජිනද්‍රව්‍ය ලබාදිම අඩු වූ විට ඝනාවාසයේ ක්‍රියාකාරීත්වය දුර්වල වේ.මී මැසිඝනාවාසයක් තුළ රැජින වටා පෙළගැසී නිරන්තරයෙන් සිටින තේවා බිඟුන් හෝ තේවාබිඟු වලය මඟින් රැජින හා තේවා බිගුන් අතර ද තේවා බිඟුන් හා ගහනයේ අනෙක්සාමාජිකයින් අතර ද පෙරමෝන හුවමාරුවක් සිදු වේ. රැජින සුළු කාලයකට හෝ පිටතටගත්විට එම සමීප සම්බන්ධතාවය බිඳ වැටීම හේතුවෙන් රැජින මරා දැමීම සිදු කරයි.
  • එමෙන්මවිත විඳීමේ පෙරමෝනය සේවිකාවන්ගේ විත අවයව තුළ නිපදවීමසිදු කරයි. තම කැදැල්ලේ ආරක්ෂාව සඳහා වන විත විදීමේ ප්‍රතික්‍රියාව උත්තේජනයකරන මෙම පෙරමෝනය අන් බිඟුන් වෙත හෝ සතුරන් වෙත විත විදීමේ උත්තේජනයක් ලබාදෙයි. මේ හේතුවෙන් බිඟුන් රාශි වශයෙන් එක්ව සතුරන්ට පහර දීමට පෙළඹේ.
තවද මීමැසි සේවිකාවන් හට අවශ්‍ය විටක දීතම සහචරයන් තමන් සිටින ස්ථානය වෙත ගෙන්වාගැනීමේ දීපැමිණිය යුතු ස්ථානයේදිශානතිය දැක්වීම සඳහා උදරයේ පසු කෙලවරේපිහිටි නෙසනෝෆ් ග්‍රන්ථියේ නිපදවන දිශානති පෙරමෝනය නිකුත් කරයි.
  1. භෞතිකසන්නිවේදනසංඥා
  • මීමැස්සන් ආහාර සොයා යාමේ දී ආහාර ප්‍රභවයක් හමු වූ විට තම කැදැල්ලේ සිටිනඅනෙක් වැඩකාර මැස්සියන්ට එම ස්ථානයේ දැන්වීම සඳහා යොදා ගන්නා රිද්මාකාරගමන් විලාශය “බිඟු නැටුම”යනුවෙන් හැඳින්වේ. වදය මත ගමන් කරමින් කරන මෙමඅර්ධ වෘත්තාකර චලනය මඟින් ආහාර ප්‍රභවයට ඇති දුර හා හිරුට සාපේක්ෂව පිහිටාඇති ස්ථානය දැන්වීමට භාවිතා කරන බව සොයාගෙන ඇත.
  • තමන්සොයාගත් ආහාර ප්‍රභවයෙන් පැණි‚ උරා බී රැගෙන මී මැස්සිය එය අනෙක් මැස්සියන්ටවමාරා ආහාරයට ගැනීමට සලස්වයි. මෙය පිරිනැමීමයනුවෙන් හැදින්වේ.
  • තවදපරාග රැගෙන එන්නේ නම් ඇය ස්පර්ශ කර එහි සුවඳ හා රසය අනෙක් අයට ලබා ගැනීමටසලස්වයි. මෙම ක්‍රියාවලියෙන් පසු ඇය බිඟු නැටුමේ යෙදෙන අතර අනෙකුත් බිඟුන් ඇයඅනුගමනය කරමින් පසුපසින් ගමන් කරමින් ඇයගේ සංඥාහඳුනා ගනිති. ඇයගේ ගමන්විලාශය හා නැටුමේ යෙදෙන වට ගණන අනුව ආහාර ප්‍රභවයට ඇති දුර තීරණය වේ. නැටුමවේගවත් නම් ඉතා හොඳ ආහාර ප්‍රභවයක් ඇති බව දන්වයි. එසේ නැතහොත් මන්දගාමීනැටුමක යෙදෙයි. ආහාර ප්‍රභවයට ඇති දුර අනුව මෙම නැටුම තුන් ආකාරයකට සිදුකරයි.
  1. වට නැටුම
  2. දෑකැති නැටුම
  3. උදර ලෙළන නැටුම
වට නැටුම… ආහාරප්‍රභවය තම කැදැල්ල ආසන්නයෙන්ම මීටර් 1 කට පමණ වඩා අඩු දුරකින් ඇති විට දිතම සහචරයින්ට දැන්වීමට මෙම නැටුම සිදු කරයි. මෙහිද්‍රව පිළිගැන්වීමෙන්පසු පැහැදිලි වට කිහිපයක් දිවීම හෝ වටයක් කැරකීම සිදු කරයි. මෙසේ කැරකැවෙනවට ප්‍රමාණය ෂඩාශ්‍ර කුටීරයක වට ප්‍රමාණයට තරම් සමාන වූ කුඩා කවයකි. මෙමවටය දිවීම හෝ කරකැවීම කරගෙන යමින් සිටියසමහර අවස්ථාවලවරින් වර හැරීප්‍රතිවිරුද්ධ දිශාවට නිතර දිවීම ද නිතර සිදු කරයි.මෙම නැටුමේ අංගයක් වනදිවීමෙන් හා ආපසු හැරීමෙන් ආහාර ප්‍රභවයේ පිහිටීම පිළිබඳ අනෙක් බිඟුන්ටනිවැරදිව දැනුම් දීම සිදු කරයි. දිශානතියනිවැරදිව දැක්වීමට වට කැරකීමේ දිශා මාරුවන ස්ථානය වැදගත් වේ. එනම්දිශාමාරු ස්ථානය තුළින් වටයේ මධ්‍ය ලක්ෂය යන රේඛාවන්, වටයේ මධ්‍ය ලක්ෂයහරහා යන ගුරුත්ව රේඛාවත් අතර පිහිටි ආනත කෝණය කැදැල්ලට සාපේක්ෂව ආහාරප්‍රභවය හා සූර්යයා අතර ඇති කෝණය පෙන්නුම් කරයි. දෑකැති නැටුම ආහාරප්‍රභවය කැදැල්ලේ සිට මීටර් 1-2 ක් පමණ දුරකින් ඇති විට ද මෙම නැටුම සිදුකරයි. වට නැටුමේ වටයක් යමින් ආපසු හැරෙන ස්ථානය වඩා විවෘත කවයක් වශයෙන්පවත්වා ගනී. මෙම විවෘත කවය හෝ දෑකැති හැඩැති නැටුම් පථයේ විවෘත මුහුණතේමැදින් පිහිටන අරීය රේඛාව ලඹ දිශාවත් සමඟ සාදන කෝණයන් කැදැල්ලට සාපේක්ෂවආහාර ප්‍රභවය හා හිරු අතර ඇති ආනතිය පෙන්නුම් කරයි.දෑකැති හැඩැති නැටුම වටනැටුමත් මින් පසු ඇති උදර ලෙළෙන නැටුමත් අතර මැද අවස්ථාව ලෙස හැඳින්වියහැකිය. උදර ලෙළන නැටුම ආහාරප්‍රභවය තම කැදැල්ලේ සිට මීටර් 2 කට වඩා දුරින් ඇති විට ද මෙම නැටුම සිදුකරයි. ද්‍රව පිළිගැන්වීම හා ස්පර්ශකරණයෙන් පසු තම සහචරයන් අතර උදරයලෙළවමින් සෘජු පථයක ගමන් කිරීමෙන් තමන් වෙත ඔවුන්ගේ අවදානය යොමු කරවාගනී.මෙලෙස සෘජු පථයක යන බිඟුන් නියමිත දුරක ද වක්‍ර පථයකින් මුල් ස්ථානයටපැමිණේ. මෙහිසෘජු පථයේ ද උදරය ලෙළන තාල වේගය හා එහි ලඹයට හෝ සිරසටසාපේක්ෂව ඇති ආනත කෝණයෙන් ආහාර ප්‍රභවයට ඇති දුර ප්‍රමාණය හා දිශාව පිළිබඳවිස්තර කරයි. මී පිඹීම මී මැසිඝනාවාසයක් තුළ සුළු කැලඹීමක් ඇති කළ විට බිඟුන් රිද්මාකාර ශබ්දයක් නිකුත්කරණා බව අපට නිරීක්ෂණය කළ හැක. මෙය “මී පිඹීම”ලෙස හඳුන්වයි. මී පිඹීම තමකැදැල්ලක් වෙත ලං නොවන ලෙස විලෝපීය සතුන් වෙත නිකුත් කෙරෙන සංඥාවක් වියහැක. මීපිඹීමේ රිද්මාකාර ශබ්දය ඇති කිරීම සඳහා මුළු ඝනාවාසයම  ක්‍රියාකාරී වන අතර එමශබ්දයට අනුව වද මත සිටිනා බිඟුන් වෙතින් රැල්ලක් මෙන් ගමන් කරයි. මී පිඹීමඇති කළ පසු ඝනාවාසය කෝපාවිශ්ඨ වීම අඩු බව නිරීක්ෂණය කර ඇත. බිඟු පාලනය මී මැසි ගෝචර ශාක මී මැසිපාලනයේදීඅත්‍යාවශ්‍යම සාධකය වන්නේ මී මැස්සාට පැණි‚ හා පරාග රැස් කරගැනීමට උපකාර වන සුපුෂ්ප ශාකවල ගහනයයි. පැණි‚ හා පරාග රැස්කර ගත හැකි ශාකමී මැසි ගෝචර ශාක නමින් හැදින්වේ. ගෝචර ශාක අතර පැණි හා පරාග දෙකම රැස්කරගත හැකි හා පරාග පමණක් හෝ පැණි පමණක් ලැබෙන පුෂ්ප ද දක්නට ලැබේ. එමෙන්මපුෂ්ප නොවන පත්‍ර නටු වැනි ස්ථානවල පැණි නිපදවන ශාක දක්නට ලැබේ. (උදා:රබර් ශාක පත්‍ර) එමෙන්මකන්නයකදිපමණක් පුෂ්ප දරන හා වර්ෂය පුරාම හට ගන්නා ශාක ද පවතී. පැණිනිෂ්පාදනය සඳහා විශාල පුෂ්ප ප්‍රමාණයක් එකවර නිපදවන ශාක වැදගත් වන අතරවර්ෂය පුරා පුෂ්ප සහිත ශාක මී මැස්සාගේ පැවැත්මට උපයෝගී වේ. මෙම ශාකවලමිශ්‍රණයක් පැවතීම වඩාත් යෝග්‍ය වේ.
  • අඹ, කජු, මොර, මාදං, සියඹලා, වීර, පලු, කෝන්, දිවුල්, ගල්සියඹලා වැනි පලතුරු ශාක මෙන්ම බුරුත, ගම්මාලු, කුඹුරැ, මාර, මී ආදිදැවමය ශාක ද හොඳ පැණි වහනයක් ලබා ඳේ.
  • කලවැල්, බොකල වැල්, ඇන්ටිග්නන්, වුඩ්රෝස් වැනි වැල් වර්ග ද හොදින් පැණි ලැබෙන පුෂ්ප නිපදවයි. පොල්, පුවක්, තල්, කිතුල් වැනි තාල වර්ගයේ ශාක ද මී මැස්සන්ට ආහාර සපයා දෙයි.
  • හිඟුරු, පුපුල, ඇහැල, රණවරා, බොර, කුඩුදවුල, කෝපි, ග්ලිරිසීඩියා, ඇකේෂියා වර්ග, ඉපිල් ඉපිල්, කැලිඇන්ඩ්‍රාවැනි ශාක මෙන්ම තල, මුං, කව්පි, සුරියකාන්ත, බඩඉරිඟු වැනි කෘෂිකාර්මිකබෝගයන් ද මී මැස්සාට ආහාර සපයයි.
  • එසේම වල් පැළෑටි, තෘණ, අලංකාරය සඳහා වවන මල් වර්ග ද මී මැස්සාට යැපීමට උපකාරී වේ.
  • උඩරට ප්‍රදේශවල වගා කර ඇති රෙඩ්ගම් (යුකැලිප්ටස් රොබොස්ටා) සහ රබර් ශාකය ලංකාවේ වැඩිම පැණි නිෂ්පාදනයක් ලබාදෙන ශාක වේ.
  • මී පැණි නිෂ්පාදනය සඳහා කලින් කලටපුෂ්ප විශාල ප්‍රමාණයක් නිපදවන ශාක (උදාඃ රෙඩ්ගම්, අඹ, කජු, සියඹලා, මී, බුරුත වැනි ශාක) බහුල පරිසරයක් වෙත මල් පිපෙන කාලයේ දීමී මැසි ජනපද රැගෙනයා හැක. මෙය සංචාරක බිඟු පාලනය ලෙස හැදින්වේ.
  • ලංකාවේ දේශගුණික රටාව අනුව ශාකවල මල්පිපීම මෝසම් වර්ෂාව අවසානයේ එළඹෙන වියලි කාලගුණයක් සහිත මාස දෙක තුනකට සීමාවන බැවින් ඉතා කෙටි කාලයක් තුළ වැඩි පැණි නිෂ්පාදනයක් ලැබේ. එහෙයින් එමකාලය හොදින් වටහාගෙන ජනපද සූදානම් කිරීම මඟින් වැඩි පැණි නිෂ්පාදනයක් ලබාගැනීමට හැකියාව ලැබේ.
මී මැසි ජනපදයක වර්ධන රටාව මී මැසිජනපදවල වර්ධනය දේශගුණික හා කාලගුණික රටාවන් අනුව වෙනස් වේ. ශ්‍රී ලංකාවේවාර්ෂික දේශගුණික රටාවට අනුව මෝසම් වැසි පදනම් වූ කන්නයක් හෙවත් වාරයක්අනුව ශාකවල පුෂ්ප හට ගැනීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබේ. ඒ අනුව වර්ෂයේ මුල්මාස එනම් පෙබරවාරි, මාර්තු හා ජූනි, ජූලි මාසවල දීමල් වාරයන් දෙකක් දක්නටලැබේ. ශාකවලමල් පිපීම අනුව මී මැසි ජනපදයක බිඟු ගහනය වෙනස් වීම තුළ පහත අවස්ථා තුනපැහැදිලිව දැකගත හැකිය. මෙම වර්ධන රටාව බිඟු චක්‍රය නමින් හැදින්වේ.
  1. වර්ධක අවධිය
  2. පැණි නිෂ්පාදන අවධිය
  3. අහේනි කාලය
මී මැසි ජනපදයක වර්ධන රටාව
  1. වර්ධක අවධිය
ලංකාවේබොහෝ ප්‍රදේශවල වර්ධක අවධිය එළඹෙන්නේ ශාකවල මල් හටගෙන පරිසරයේ පැණිපරාගබහුල වන වර්ෂයේ මුල් කාලයේදීය. වර්ධක අවධියට පෙර ආහාර හිඟ අහේනි කාලයපැවතීම හේතුවෙන් වර්ධනය බාලවී තිබූ ජනපදවල මේ අවස්ථාවේ දීවැඩකාරමැස්සියන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමට පටන් ගනී. වර්ෂාකාලය අවසානයේ සිට ඊලඟ පැණි වාරය දක්වා වූ කාලය දිගටම වර්ධක කාලය වේ. මෙමකාලයේ දීජනපදවල ගහනය වැඩිවීම හා අළුතෙන් වද බැදීම සිදු වී කැදැල්ල වර්ධනයවේ. ජනගහනයවැඩිවීම හේතුවෙන් ඇතුළත ඉඩකඩ අඩුවීම නිසා ඝනාවාසයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළයාමත්, රැජින විසින් නිපදවන පෙරමෝනය සමාකාරව නොලැබීමත් හේතුවෙන් ජනපදස්වභාවිකව බෙදීයාමට ප්‍රවනතාවයක් ඇති වන්නේ මෙම කාලයේදීය. මෙමකාලය තුළ දක්නට ලැබෙන විශේෂත්වය නම් ආහාර හිඟ කාලයේ දීජනපදයේ දක්නටනොලැබුණු පිරිමි මැස්සන් නැවතත් දක්නට ලැබීමයි. පිරිමි මැස්සන් බෝවීම සමඟජනපදවලට අළුතින් රැජිනන් බෝ කිරීම සඳහා රැජින කෝෂ සෑදීම ආරම්භ වේ. මේඅවස්ථාවේ දීජනපද බෙදීයාම සිදුවේ. එහෙයින් මී මැසි ජනපද කට්ටි බෙදා ගැනීමමඟින් අලුතින් ජනපද බෝ කර ගැනීමට සුදුසුම අවස්ථාව රැජින කෝෂ සෑදීම ආරම්භකරන අවස්ථාවයි. පැණිවාරයපුෂ්ප විශාල වශයෙන් නිපදවන මී මැසි ගෝචර ශාකවල පුෂ්ප පිපීමත් සමඟ ඇතිවනඅධික ආහාර සැපයුමත් සමඟ මී මැස්සන් ආහාර ගබඩා කිරීම ආරම්භ කරයි. පිළා වදවලඉහළ කොටසේ සහ පැණි වදවල පැණි තැන්පත් කරනු දැකිය හැක. ජනපදවලවර්ධනය පැණි වාරය තුළ ද පවතින අතර මල් වාරය හේතුවෙන් පැණි ගබඩා කිරීමසිදුවන කාලය පැණි නිෂ්පාදන කාලය හෙවත් පැණි වාරය වශයෙන් හඳුන්වනුලැබේ.ලංකාවේ ගෝචර ශාක ව්‍යාප්තිය අනුව පැණි වාර දෙකක් දක්නට ලැබේ.
  1. පැණි වාරය
රබර්ශාකය ප්‍රධාන ගෝචර ශාකය වන පහතරට තෙත් කලාපයත් රත්නපුර, කෑගල්ල, කළුතර වැනිදිස්ත්‍රික්ක වල පෙබරවාරි, මාර්තු මාසවල පැණි රැස් කිරීම සිදුවේ.වියළිකලාපයේ පවතින ජනපද වල ද මාර්තු, අප්‍රේල් මාසවල සුළු වශයෙන් පැණි රැස්කිරීම දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන පැණි වාරය එළඹෙන්නේජුනි සිට ඔක්තෝබර් දක්වා කාලයේදීය. මෙම කාලයේ දීපැණි අස්වනු නෙළා ගැනීමසුදුසු වේ.
  1. අහේනිකාලය
අහේනිකාලය යනු ආහාර හිඟ වන කාලයයි. බොහෝ විට පැණි වාරයේ අවසානයේ එළඹෙන මෝසම්වර්ෂාව නිසා පරිසරයේ ආහාර හිඟයක් ඇති වේ. එමෙන්ම අධික වියලි කාලය නිසා දමල් වියලිමෙන් ආහාර හිඟ වේ. ආහාරහිඟය නිසා මි මැසි ජනපදවල වර්ධනය බාල වීමත් ගහනය අඩු වීමත් සිදු වේ. සංචිතආහාර අවසන් වීමත් පිරිමි මැස්සන් ආහාර හිඟය නිසා මිය යාමත් මෙමකාලයේවිශේෂයෙන් දැකිය හැක. ආහාර හිඟය නිසා ජනපද අතහැර යාමේ හා ඉටිපණුවාගේ හානියටලක් වීම සිදුවන නිසා ජනපද හොදින් රැකබලා ගැනීම අත්‍යාවශ්‍යම වන්නේ අහේනිකාලයේදීය. මී මැසි පාලනය ආරම්භ කිරීම ඝනාවාස සපයා ගත හැකි ක්‍රම
  • දැනට මී මැසි පාලනයේ යෙදෙන අයෙකුගෙජනපද මිලදීගත හැක.
  • පරිසරයේ ස්වාභාවික වාසස්ථාන වල ජීවත් වන ජනපද මී මැසි පෙට්ටි තුළට ඇතුලත් කර ගැනීම
  • කැළෑ ආශ්‍රිතව මී මැසි ජනපද තැන්පත් වී ඇති තිබෙන සිදුරු සහිත ලී කොට හුඹස් ආදියේ මී මැසි
ඝනාවාස ජීවත් වේ.
  • ගෘහස්ථ පරිසරයේ කළගෙඩි, ලබු කැට, සහිතලී කොට වැනි මී මැසි උඟුලක් හොඳඅතුපතර විහිදීසෙවන ලබා දෙන ගස් මත හෝආවරණයක් සහිත ස්ථානයක තැබිමෙන්බෙදීයන මී මැසි පොදිඒවා තුළට ගෙන්වාගත හැක.
මී මැසි ජනපද පෙට්ටිවල තැන්පත් කිරීම
  • ස්වාභාවික පරිසරයේ ඇති මී මැසි ඝනාවාස පෙට්ටිවල තැන්පත් කිරීමට සුදුසුම කාලය වන්නේ පරිසරයේ මල් පිපී ජනපද වර්ධනය වන කාලයයි.
  • ජනපදයක් තැන්පත් කිරීමට ප්‍රථම පරිසරයේපවතින කාලගුණික තත්ත්වය පිළිබඳ සැලකිළිමත් වන්න. වියළි කාලගුණික තත්ත්වයටතේ උදේ කාලයේ දිජනපදය තැන්පත් කිරීම පහසු වේ.
  • අධික උෂ්ණත්වයක් හා තද සූර්යාලෝකයපවතින්නේ නම් මෙම කාර්යය සූර්යාලෝකය අඩු පාන්දර හෝ සවස් කාලයේ කිරීමෙන්ජනපදයේ සිටින ළාබාල කීට හා පිළා අවස්ථාවන්ට හානි සිදුවීම වළක්වා ගත හැක.වර්ෂාව පවතී නම් ජනපද තැන්පත් කිරීම නොකරන්න.
  • ජනපදයක් තැන්පත් කිරීමට පළමුව අවටප්‍රදේශය හොදින් වැඩ කළ හැකි ආකාරයට සකසා ගන්න. ආරක්ෂක ඇඳුමක්, දුම්විසිරණයක්, වද බැඳීම සඳහා කෙසෙල් පට්ටා, වතුර භාජනයක්, වද කැපීමට තියුණුපිහියක් සපයා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
  • ගස් බෙනයක් වැනි ස්ථානයක් නම් අත දමාවද කපාගත හැකි ආකාරයට පොරවක් වැනි උපකරණයක් යොදා ගෙන බෙනයේ සිදුර විශාලකරගත යුතු වේ. මෙහිදීජනපදය කළබල වීම අවම කර ගන්න.
  • ආරම්භයේ දීදුම් ගසා ජනපදයේ සිටින මැස්සන් වදවලින් ඉවත් කරන්න. (මෙහිදීමැස්සන් අඩපණ කිරීමට අනවශ්‍ය පරිදිදුම් යෙදීම නොකරන්න.)
කළගෙඩියක්වැනි ආවෘත භාජනයක් තුළ පිහිටා ඇති නම් ජනපදයේ වදපිහිටා ඇති ආකාරය පරීක්ෂාකර බලා වද නොකැඩෙන සේ වද වලට සමාන්තරව භාජනය බිදගැනීමට කටයුතු කරන්න. ඉන් අනතුරුව එක් අතකින් වදයේ යටින් අල්ලාගෙන උපස්ථරයට සවි වී ඇති ස්ථානයෙන් පිහියෙන් කපා වදය වෙන්කර ගන්න. පිළාරාමුවට සරිලන පරිදිකපාගත් වදය සකස් කරගත යුතුය. වදය පිළා රාමුවට වඩා විශාලවන්නේ නම් රාමුවේ ප්‍රමාණයට සරිලන පරිදිපිරිසිදු පැතලි මතුපිටක තබා වදයවටේට කපා වැඩි කොටස් ඉවත් කර ගන්න. මෙහිදීපිළා, කීට, බිත්තර හා පරාග සහිතකොටස රාමුව තුළට සවිවන කොටසට ඇතුලත් වන ලෙස වදය කපා ගැනීමට පරීක්ෂාකාරීවන්න. ඉන්පසුසකස් කර ගත් වදය පළමුව තැන්පත්ව තිබූ ස්ථානයේ දීඉහළින් තිබූ පැත්ත (පැණිපරාග තිබූ පැත්ත) වද රාමුවේ උඩ පටියට සවිවන සේ තබා කෙසෙල් පට්ටා යොදාගැටගසා ගන්න. (වදයේ උඩ යට පැති නිවැරදිව සවි නොවුවහොත් මැස්සන් එම ජනපදයඅතහැර යන බව මතක තබා ගන්න) වරකට එක් පිළා වදය බැගින් ගෙන රාමුවට තබා බැඳ ඉක්මනින් පිළා පෙට්ටිය තුළ තැන්පත්කර වසා ගන්න. (අධික කාලයක් වායුගෝලයට නිරාවරණය වීමෙන් වදවල ඇති බිත්තර, කීට, පිළා අවස්ථාවන් මියයාම සිදුවේ.)වදවලින් ඉවත් වූ මැස්සන් පොදිවශයෙන්රැදීසිටී. මෙම රංචු අතින් හෝ පොල් කටු හැන්දක් වැනි දෙයක ආධාරයෙන් අල්ලා වදතැන්පත් කර ඇති පෙට්ටිය තුළට දමා ගන්න.මෙම රංචු සමඟ ජනපදයේ රැජින සිටිනබැවින් හැකි තරම් මැසි පොදිඑකතු කර පිළා පෙට්ටියට දමා ගන්න. රැජිනපෙට්ටියට ඇතුළු වී නොමැති නම් ඇතුල් කළ මැස්සන් පෙට්ටියෙන් ඉවත්ව යනු දක්නටලැබේ. යම් හෙයකින් රැජින පෙට්ටියට ඇතුළු වී ඇත්නම් පිටත සිටින මැස්සන්සියල්ලම කඩිසරව පෙට්ටියට ඇතුල් වේ. රාමුවලට සවි කිරීම නොකල යුතු කොටස්. 1.පැණි හොඳින් පුරවා ඇති වද කොටස්කැඩි යන බැවින් ඒවා ඉවත් කරන්න 2.කෘමි හානි කරන ලද වද 3.රැජින කුහර තිබේ නම් ඒවා ද ඉවත් කරන්න 4.පැරණි හෝ දිරා ගිය වද 5.පිරිමි මැසි කෝෂ සහිත වද කොටස් වැඩය අවසන් වූ පසු පිළා පෙට්ටිය, මුදුන් කවරය සහ වහලය යොදා හොඳින් වසා ජනපදය තිබූස්ථානයේම රාත්‍රිය එලඹෙන තුරු තබන්න. එමඟින් බාහිරයට ඉගිලී ගොස් ඇතිමැස්සන් සියල්ලම එකතු කරගත හැක.වද තැන්පත් කර අවසානයේ දුම් යෙදීමෙන් හාපලවා හැරීම නිසා වෙහෙසට පත්වූ මැස්සන්ට සීනි දියර ආහාරයට දීම මඟින් ඔවුන්ජනපදයෙන් ඉවත් වී යාම වළක්වා ගත හැක. මෙසේ පෙට්ටියට ඇතුල් කර ගත් ජනපදය එම ස්ථානයෙන් ඉවත් කිරීම කළ යුත්තේ රාත්‍රිය එළඹුනු පසුවය. මීමැසි ජනපද ක්ෂ්ත්‍රයේ තැන්පත් කිරීමට සුදුසු ස්ථානයක් තෝරා ගැනීමදවසේ වැඩිකාලයක් සෘජුව හිරු එළිය පතිත නොවන ස්ථානයක් තෝරා ගන්න. අතු පතර හොදින්විහිදුන ගසක් යට හෝ මල් වැලක් යවා ආවරණය කරගත් තැනක් යොදාගත හැකිය. නිවසක්අසල නම් රාත්‍රී පහන් ආලෝකය සෘජුව යොමු නොවන සේ ආවරණය කරන්න. තද සුළඟින්ආවරණය වන පරිදිත්, හරකුන් වැනි සතුන් ගැවසෙන ස්ථාන මග හරින්න. මී මැස්සන්ටසෘජුව පියාඹා යාමට ඉඩ සැලසෙන සේ ඉදිරියෙන් බාධක රහිත අවකාශයකට මී මැසිපෙට්ටියේ දොරටුව පිහිටි පැත්ත යොමුකර ගැනීම අවශ්‍ය වේ.උදෑසන හෝ හවස් කාලයේඇලව පතිත වන හිරු කිරණ දොරටුව තුළින් ඇතුලට නොයන පරිදිදොරටුව පිහිටුවාගැනීම වඩාත් සුදුසුය. ජනපද ප්‍රවාහනය ජනපදයෙන්පිටතට ගොස් ඇති සියළුම මැස්සන් නැවත ඒකරාශි වෙන්නේ අඳුර වැටුනු පසුවබැවින් ජනපදයක් තිබෙන ස්ථානයෙන් ඉවත් කළ යුත්තේ අඳුර වැටුන පසුවය. ජනපදයඉවත් කිරීමට ප්‍රථම මී මැසි පෙට්ටියේ ගේට්ටු තහඩුවේ සිදුරු රහිත පැත්ත යටටසිටින සේ සවිකර ගේට්ටුව වසා ගන්න. පෙට්ටිය ලණු යොදා පෙට්ටි කොටස (වහලය හැර)නොසෙල්වෙන සේ හොඳින් බැඳ ගැනීම අවශ්‍යය. වහලය උඩුකුරුව තබා පෙට්ටිය ඒ මතතබන්න. ජනපද ප්‍රවාහනය කළ යුත්තේ රාත්‍රී කාලයේ දීය. රථයක හෝයතුරු පැදියක ගමන් කරන්නේ නම් මද වේගයෙන් ධාවනය කරන්න. අධික සෙලවීමේදීරාමුවලට සවිවී ඇති වද කඩා වැටීම සිදුවන බැවින් ආරක්ෂාකාරී වීමට වගබලාගන්න. කේෂ්ත්‍රයේ තැන්පත් කිරීම මී මැසිපෙට්ටිය තැන්පත් කිරීම සඳහා ආධාරකය ලෙස ලී කණුවක් හෝ ස්ථිර ලෙසසිමෙන්තියෙන් සෑදූ කණුවක් භාවිතා කළ හැක. ආධාරක කණුවේ උස පොළවේ සිට අඩි 2 1/2 ක් වන සේ සකසා ගන්න. කුහුඹුවන්ගෙන් හානි ඇති ප්‍රදේශවල කණුව මුල ජලටැංකියක් සාදා ගන්න.කණුව මුදුනේ පෙට්ටිය තැබීම සඳහා, පෙට්ටියේ පතුලේ ලෑල්ලටසවිකර ඇති කලම්ප දෙක අතර තිබෙන ඉඩට ප්‍රමාණවත් වන තරමේ ලෑල්ලක් සවිකරගන්න. ප්‍රවාහනයකර අවසාන වූ ජනපදය සහිත පෙට්ටිය ඔබ සකස් කරගත් ස්ථානයේ ආධාරක කණුව මත තබාගන්න. පැය 1/2 පමණ එලෙසම තිබෙන්නට හැර ගේට්ටු තහඩුව යොදා ආවරණය කර ඇතිමැස්සන් පිටවන ස්ථානය විවෘත කරන්න. බිඟුන්එක්වරම පිටතට පැමිණෙන බැවින් ආරක්ෂාකාරී වන්න. පැය 1/2 පමණ බිඟුන්ට ඉවතටයාමට ඉඩහැර නැවත ගේට්ටු තහඩුවේ සිදුරු පහළට සිටින සේ ගේට්ටු තහඩුව යොදන්න. ජනපදය තැන්පත් කිරීම ප්‍රවාහනයකර අවසාන වූ ජනපදය සහිත පෙට්ටිය ඔබ සකස් කරගත් ස්ථානයේ ආධාරක කණුව මත තබාගන්න. පැය 1/2 පමණ එලෙසම තිබෙන්නට හැර ගේට්ටු තහඩුව යොදා ආවරණය කර ඇතිමැස්සන් පිටවන ස්ථානය විවෘත කරන්න. බිඟුන්එක්වරම පිටතට පැමිණෙන බැවින් ආරක්ෂාකාරී වන්න. පැය 1/2 පමණ බිඟුන්ට ඉවතටයාමට ඉඩහැර නැවත ගේට්ටු තහඩුවේ සිදුරු පහළට සිටින සේ ගේට්ටු තහඩුව යොදන්න. රැකබලා ගැනීම දිනකීපයක් යනතුරු සීනි දියර ආහාර වශයෙන් සැපයීම ජනපදය හැරයාම වළක්වා ගැනීමටඋදව් වේ. (සීනි ග්‍රෑම් 100 ක් උතුරවා ගත් ජලය මිලි ලීටර් 75ක දියකර හොදින්නිවුන පසු කෝප්පයට දමා එයට මැස්සන්ට ආධාරකයක් වශයෙන් කෝටු කැබලි කිපයක්දමා පෙට්ටිය තුළ තබන්න) ජනපදයට පරාග රැගෙන එන මැස්සන් දක්නට ලැබෙන තෙක්ජනපදය පිළිබඳව පරීක්ෂාකාරීව සිටින්න. මැස්සන් පරාග රැගෙන ඒම ජනපදය තහවුරුවඇති බවට සාධකයකි. ජනපදයතැන්පත් කර දිනකට පමණ පසු ඇතුලත ඇති වද කැඩී ඇත්දැයි පරීක්ෂා කර බලන්න.කැඩී ඇති වද නැවත රාමු වලට තබා ගැටගසා ගන්න. මෙම අවස්ථාවේ අධික ලෙස දුම්නොයෙදීමට වගබලා ගන්න. මී මැසි ජනපද පරීක්ෂා කිරීම ජනපදයක් නඩත්තු කිරීමේදිවරින් වර එහි ඇතුලත පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලිය යුතුය. මෙහිදීජනපදය ඇතුලත පරීක්ෂා කිරීමෙන්.
  • ජනපදයේ රැජින සිටී ද නැද්ද යන්න
  • බිත්තර කීට පිළා අවස්ථාවන් හොඳින් පවතී ද
  • ජනපදය තුළ සංචිත ආහාර තිබේ ද
  • රෝග හා පළිබෝධ හානි ඇති වී තිබේ ද
  • පිරිමි මැස්සන් සිටීද
  • රැජින කෝෂ සාදා තිබේ ද ආදීකරුණු පිළිබඳව මී මැසි පාලකයාට නිරීක්ෂණය කරගත හැකි වේ.
ඉහතකරුණු නිරීක්ෂණයෙන් ජනපදයේ පැවැත්මට අහිතකර තත්ත්ව ඇත්නම් ඒවා මඟ හරවාගැනීමට පැණි අස්වනු නෙලීම ජනපද කට්ටි බෙදා ගැනීම, වැනි කාර්යන් සුදුසුඅවස්ථාවේ ඉටු කර ගැනීමට ද මී මැසි පාලකයාට හැකියාව ලැබේ. අවශ්‍ය උපකරණ දුම් විසිරණය, මුහුණු ආවරණයක් හෝ ආරක්ෂක ඇඳුමක්, කුඩා පිහියක්, අවශ්‍යතාවය පරිදිවෙනත් ආම්පන්න පරීක්ෂා කිරීමට සුදුසු වේලාව බාහිරපරිසරයේ උෂ්ණත්වය අඩු උදේ කාලය ජනපද පරීක්ෂාව සඳහා වඩාත් සුදුසු වේ. මෙමඅවස්ථාව වන විට වැඩකාර මැස්සියන් විශාල ප්‍රමාණයක් ආහාර රැගෙන ඒමට පිට පිටගොස් සිටින බැවින් මැස්සන්ගේ ගහණය අඩු වීමද පරීක්ෂා කිරීමට පහසුවකි. ක්‍රමය පළමුව දුම් විසිරණය දල්වාගෙන ආරක්ෂක ඇඳුම පැළඳගන්න. ඉන්පසු මැස්සන් පිටතට යාමට ඒමට ඉඩ තබා ඇති ගේට්ටුව තුළින් ජනපදය තුලට දුම් ගසන්න. එවිටපිළා පෙට්ටියේ මැස්සන් කලබල වන ශබ්දයක් ඇති වේ. මෙම ශබ්දය පහව යන තුරු සිටමැස්සන් යන එන මාර්ගයට විරුද්ධ පැත්තේ සිට මී මැසි පෙට්ටියේ වහලය ඉවත් කරමැස්සන් යන එන පැත්තේ උඩුකුරුව බිමින් තබන්න. ඉන්පසු පැණි පෙට්ටිය ඇත්නම්ඒවා ඉවත් කර වහලය මත තබන්න. අනතුරුව පිළා පෙට්ටියේ මැදින් ඇති වදයක් ඉවතටගෙන පරීක්ෂා කරන්න. එහි කීටයින් හා පිළවුන් හොඳින් සිටීනම් ජනපදය හොඳතත්ත්වයේ පවතී. සිදුරු තුල බිත්තර තිබේනම් එය රැජින ජනපදය තුළ සිටින බවටසාක්ෂියයි. එහෙයින් රැජින සෙවීම අවශ්‍ය නැත. වදයේඉහළ කොටසේ පැණි තැන්පත් කර ඇති අතර ඊට පහළින් ඇති සිදුරු තුල පරාග තැන්පත්කර ඇතැයි නිරීක්ෂණය කරන්න. පැණි සහ පරාග හොඳින් පවතී නම් පරිසරයේ ආහාරසැපයීම හොඳින් සිදුවන බව වටහා ගත හැක. පිළා වදපරීක්ෂා කිරීමෙන් පසුව පිළා පෙට්ටිය සම්පූර්ණයෙන්ම ඔසවා වහළය මත තබන්න.ඉන්පසු අඩියේ ලෑල්ල පිහිය සහ බුරුසුවක ආධාරයෙන් හොඳින් පිරිසිදු කරන්න.ඉන්පසු සියළුම කොටස් පෙර තිබූ ආකාරයෙන් ආධාරකය මත තබන්න. අවශ්‍ය නම් පැණිපෙට්ටිය ඇතුළතද පරීක්ෂා කරන්න. මෙසේසතියකට වතාවක් පමන ජනපදය පරීක්ෂා කරන්න. මෙසේ කිරීමේදීජනපදයේ පවතින තත්වයඅනුව ආහාර සැපයීම, කට්ටි බෙදා ගැනීම, පැණි රැස් කිරිම වැනි ක්‍රියාකාරකම්ඉටු කරන්න. වර්ධන අවධිය තුල ජනපද පාලනය මෙමඅවධියේදීසිදු කළ යුතු පාලන ක්‍රියාවන් අතර බිඟු ගහනය වර්ධනය කර ගැනීම, අලුතින් වද බැදීමට යොමු කිරීම හා පැරණි වද ඉවත් කිරීම, කට්ටි බෙදිම මඟින්ස්වභාවික බෙදීයාම පාලනය කිරීමත් ප්‍රධාන තැනක් ගනී. මෙම කටයුතු නිසියාකාරවඉටු කර ගැනීම තුළින් 1.පැණි වාරය සඳහා උපරිම බිඟු ගහනයක් ඇතකර ගැනීම 2.ස්වභාවිකව බෙදීයාමට ඉඩ නොදිමෙන්ගහනය සීග්‍ර අඩුවීම වළක්වා ගැනීම 3.වද බැදීම ඉක්මන් කිරීම හා පැරණි වදමඟින් පැණි පෙට්ටිවල ගබඩා කිරීම සඳහාඅවශ්‍ය ඉඩකඩ සපයා දිම සිදු කළ හැකිය. වද අළුත් කිරීම මී මැසිජනපද කාලයක් නඩත්තු කිරීමේදිඒවා තුල ඇති වද පැරණි වීමත් සමග කළු පැහැයටහැරෙන අතර රැජින එම වදවල බිත්තර දැමීම නොකරයි. එහෙයින් එම වද ක්‍රමාණුකූලවඉවත් කළ යුතු වේ. මෙහි දීපැරණි වදය ඉවතට ගෙන රාමුවෙන් කපා ඉවත් කරන්න. හිස්රාමුව නැවතත් පිළා පෙට්ටියේ වද සහිත රාමු දෙකක් අතරට දමන්න. එලෙස දැමූරාමුවක 50% ක් පමණ වදය වර්ධනය වූ පසු තවත් හිස් රාමුවක් එක් කර ගත හැක. මේආකාරයට පැරණි වද දෙපැත්තෙන් ඉවත් කරමින් මැදට හිස් රාමු යෙදීමෙන් පිලාපෙට්ටියේ වද බැදීම සම්පූර්ණ කර ගත යුතුයි. මේ ආකාරයට පැරණි වද ඉවත් කර ගැනීමමඟින් ඉතා හොඳ වැඩකාර මැස්සියන් ගහණයක් බෝ කර ගැනීම සඳහා අවස්ථාව ලැබේ. පැණි පෙට්ටි එකතු කිරීම මී මැසිපෙට්ටිය සමඟ සපයා ඇති පැණි පෙට්ටි මේ කාලයේ දීසිදුවන වර්ධනයත් සමඟ වැඩිවනජනගහනට ඉඩ සැලසීම සඳහා පිළා පෙට්ටිය මතට ක්‍රමයෙන් එකතු කරන්න. පිළාපෙට්ටියෙන් කපා ඉවත් කරන පැරණි වද පැණි රාමුවල ප්‍රමාණයට කපා ඒවාට සවිකරපැණි පෙට්ටියේ මැදින් යොදන්න. මේ මඟින් වැඩකාර මැස්සියන් පැණි පෙට්ටියකරා යොමු කර ගත හැක. පැරණිවද,පැණි පෙට්ටියට එක් කිරීමෙන් එහි වද සංඛ්‍යාව ද පහසුවෙන් සම්පූර්ණ කර ගතහැක. පැණි වාරය ආරම්භ වන අවස්ථාව වන විට පිළා පෙට්ටිය සහ අවම වශයෙන්පැණි පෙට්ටි දෙකක් දක්වා මැසි ගහණය වර්ධනය කර ගැනීමෙන් ඉතා හොඳ මී පැණිඅස්වැන්නක් ලබාගත හැක. වද බැදීම ඉක්මන් කිරීම මී මැසිජනපදයක වර්ධන කාලය තුළ කැදැල්ලේ පරිමාව වර්ධනය පිළිබඳව සැළකිලිමත් වියයුතුය. මේ සඳහා පිළා වද අතරට හිස් වද රාමුවක් සැපයීම කළ යුතුයි. එවිට ආහාරසැපයීම සතුටුදායක නම් එහි අලුත් වද බදිමින් කැදැල්ලෙහි වර්ධනයක් පෙන්වයි. අලුත්වද බැදීමට ඇල්මක් නොදක්වන්නේ නම් එයින් පෙනී යන්නේ ඔවුන්ට අවශ්‍ය පෝෂණයනොලැබෙන බවයි. එවිට සීනි දියර සැපයීම වැදගත් වේ. වර්ධනය හොදින් සිදුවනකැදැල්ලක පිළා වද අතරට හිස් රාමු දැමීමෙන් අලුතින් වද බැදීම ඉක්මන් කරවා ගතහැක. පැණි වාරයට ප්‍රථම ඇතිවන සීග්‍ර වර්ධනය පැණිවාරයට සති හතරකට හෝ හයකට පමණ පෙර සීග්‍ර වර්ධන අවධියක් දැකිය හැක. මෙමඅවධියේ රංචු බෙදීයාම පාලනයත් ඝනාවාසය පැණි වාරයට පිළියෙල කිරීමත් සිදුකළයුතුය. මෙමඅවධියේදීපැණි පෙට්ටිවල දමා ඇති රාමුවල වද බැදීම ඉක්මන් කරවා ගැනීම සඳහා වදඅත්තිවාරම් තහඩු රාමුවලට සවි කිරීම කළ හැකිය. මෙම තහඩු ඉටි යොදා සකස් කරගනු ලැබේ. එමෙන්ම බාහිරින් පැරණි වද සපයා ගත හැකි නම් පැණි රාමුවේප්‍රමාණයට කපා එයට සවි කර ගැනීම ද කළ හැක. එමඟින් වැඩකාර මැස්සන් පැණිරැස් කිරීම සඳහා අවශ්‍ය වද දීමට වැය කරන පැණි ප්‍රමාණය ද ඉතිරි වේ. බිඟු කැදැල්ල පැණි පෙට්ටි දක්වා ව්‍යාප්ත කිරීම පිලාපෙට්ටියේ වද රාමු ප්‍රමාණය සම්පූර්ණ වූ පසු එහි ඇති පැරණිම වදය රාමුවෙන්වෙන්කර පැණි රාමුවට ගැලපෙන සේ ක්‍රමාණුකූලව කපා ගෙන ඊට ඇතුලත් කරගත යුතුය.එක පිළා වදයකින් පැණි රාමු දෙකක් පිරවීමට හැකි වද ප්‍රමාණයක් ලබාගත හැක.මෙම අවස්ථාවේ පිළා වදයේ ඉහළ කොටසේ පරාග හා පැණි තිබිය හැකිය. මෙලෙසසකසා ගත් පැණි රාමු පිළා පෙට්ටියට ඉහළින් ඇති පැණි පෙට්ටියේ මැද්දට වන්නටතැබිය යුතුය. ඉන්පසු නැවත හිස්වන පිළා රාමුව, පිළා පෙට්ටියට දමන්න. මේආකාරයට පැණි පෙට්ටියේ වද සම්පූර්ණ කර ගත යුතුය. ගහනය වැඩි වත්ම මී මැසිජනපදය තුළ තදබදය වැළැක්වීමට අවශ්‍ය තරම් වැඩිපුර පැණි පෙට්ටි එකින් එකඉහළින් එකතු කර ගන්න. ජනපදවල ස්වභාවික ගුණය ජනපදවලමැසි ගහනය වැඩිවීම නිසා උෂ්ණත්වය ඉහළ යාමත්, ළපටි මැස්සන් බහුල වීමහේතුවෙන් විශාල වශයෙන් රාජ ජල්ලි නිෂ්පාදනය වීමත් නිසා ජනපදය බෙදීයාමේඅවශ්‍යතාවයක් ඇති වේ. මෙදීප්‍රථමයෙන්මසිදු වන්නේ ජනපදයට පිරිමි මැස්සන් බෝ වීමයි. අනතුරුව වදවල පහල කෙළවරේරැජින කෝෂ සාදනු දක්නට ලැබේ. රැජින කෝෂ තුළ වැඩෙන පළමු කීටයා සහිත කෝෂයවැසීමෙන් පසු මව් රැජින වැඩකාර මැස්සන් රංචුවක් සමඟ ජනපදයෙන් පිට වී යාමසිදු වේ. මෙය ස්වභාවිකව ජනපද බෝ වීමේ ක්‍රියාවලියයි. පිටව යන රංචු අල්ලා ගතනොහැකි වීමත් වැඩකාර මැස්සන් විශාල ප්‍රමාණයක් පිටවීම නිසා ඝනාවාසයේමැස්සන් සංඛ්‍යාව එක් වරම හීන වීම මෙහි ඇති අවාසි වේ. කට්ටි බෙදීම මඟින් ජනපද සාදා ගැනීම පහතින්දක්වා ඇති කරුණු සම්පූර්ණ වී ඇති ජනපද ස්වභාවිකව බෙදීයාමට පෙර බිඟු පාලකයාවිසින් කට්ටි බෙදා වෙන්කර ගැනීමෙන් නව ජනපද නිෂ්පාදනය කරගත හැක.
  • පිළාවද සියල්ල සම්පූර්ණ වී තිබිය යුතුය
  • පිළාවද තුළ, බිත්තර, කීට, පිළා අවස්ථා හොදින්තිබිය යුතුයි
  • පිරිමි මැස්සන් ජනපද තුළ බෝවී සිටිය යුතුයි
  • ස්වාභාවිකව මැස්සන් විසින්පිළා වදවල පහළ කෙලවරේ රැජින කෝෂ සාදන අවස්ථාව
බෙදීමට වඩාත් සුදුසුය
  • හොදින් පැණි හා පරාග තැන්පත් කර තිබිය යුතුය
කට්ටි බෙදීම කට්ටිබෙදීම සඳහා සුදුසු වන්නේ වියලි කාලගුණයක් ඇති දිනයක උදය හෝ සවස් කාලය වේ.එමෙන්ම කට්ටි බෙදීමට යෝජිත පෙට්ටියට සමාන මී මැසි පෙට්ටියක් සපයා ගන්න. කට්ටිබෙදිමේ දී මුලින්ම පරණ රැජින සොයා ගත යුතුයි. රැජින සහිත පිළා වදය අනෙක්පෙට්ටියට මාරු කර ගන්න. ජනපදයේ කෙළවරේම ඇති ආහාර සහිත වදයක් ද එයට දමාගන්න. බිත්තර හා කීටයින් බහුලව සිටින වද, රැජින නොමැති කොටසට ඉතිරි කරඅවශ්‍ය පරිදිවද දෙකක් හෝ තුනක් රැජින සහිත පෙට්ටියට දමා ගන්න. රැජින නොමැතිපෙට්ටියේ වසා ඇති රැජින කෝෂයක් හා වැසීමට අසන්නව ඇති රැජින කෝෂයක් ද ඉතිරිකර වැඩිපුර ඇති රැජින කෝෂ ඉවත් කළ යුතුයි. බිහිවන නව රැජින මෛථුන පියාසරිය සඳහා ජනපදයෙන් බැහැරට ඉගිල යන නිසා රැජින රහිත කොටසේ ගේට්ටුව ඉවත් කර තැබීමට වගබලා ගත යුතුයි. මෙහිදීරැජිනරහිත කොටස තිබූ ස්ථානයේම තබා රැජින සහිත කොටස මුල් ස්ථානයෙන් අවම වශයෙන් 600 ක් පමණ දුරකින් තැන්පත් කරන්න. රැජින කෝෂයේ මුදුන වැසූ දිනයේ සිට දිනඅටකට පසු නව රැජින බිහිවේ. ඒ අනුව කට්ටි බෙදූ දිනයේ සිට පරීක්ෂාකාරීවසිටීමෙන් රැජින කෝෂයේ මුදුන විවෘත කර පනව රැජින පිටතට පැමිණ ඇති අවස්ථාවහඳුනාගත හැක. රැජින බිහිවී ඇත්නම් ඉතිරි කර ඇති අනෙක් රැජින කෝෂය ඉවත් කරන්න. බිහි වූනව රැජින සතියකට පමණ පසු මෛතූන ක්‍රියාවලිය සඳහා ජනපදයෙන් බැහැරට සවස්කාලයේදීඉගිලී යාම සිදුවේ. එම ක්‍රියාවලියෙන් පසු නැවත ආපසු ජනපදය තුළටපැමිණේ. එහෙයින් රැජින පට්ටි වැටීමෙන් අනතුරුව බිත්තර දැමීම ආරම්භ කිරීමටබිහිවූ දිනයේ සිට සතියක පමණ කාලයක් ගතවේ. එතෙක් බිඟු පාලකයා ජනපදය පිළිබඳවසුපරීක්ෂාකාරී විය යුතුයි. යම් හෙයකින් රැජින දක්නට නොලැබේ නම් හා බිත්තරදැමීම ආරම්භ කර නැතිනම් වෙනත් ජනපදයකින් බිත්තර හා කීට අවස්ථාව හොඳින් ඇතිපිළා වදයක මැස්සන් ඉවත් කර රැජින රහිත රංචුවට ලබා දෙන්න. වෙනත් ජනපදයකින්ලබාගත් රැජින කෝෂයක් සපයා දීමෙන් ද රැජිනක් සාදා ගැනීමට උපකාර කළ හැක. රැජිනන් බෝ කිරීමේ අවශ්‍යතාවය මී මැසිජනපදවල රැජිනගේ වයස අවුරුද්දකට වඩා වැඩිවන විට බිත්තර දැමීමේ වේගය හාපෙරමෝන නිෂ්පාදනය ක්‍රමයෙන් දුර්වල වේ. එහෙයින් වාර්ෂිකව රැජින අළුත් කිරීමතුළින් ජනපද ශක්තිමත්ව නඩත්තු කළ හැකිය. එමෙන්ම හොඳ පැණි නිෂ්පාදනයක් සහිතජනපදවල රැජිනන් තෝරා ඔවුන්ගේ බිත්තර මගින් නව රැජිනන් ජනපදවලට හඳුන්වා දීමමගින් නිෂ්පාදන ශක්තිය වැඩිකර ගැනීමේ හැකියාව ද ලැබේ. හොඳ රැජිනක් තෝරා ගැනීම වැඩකාරමැස්සියන් බෝ වීමේ සීඝ්‍රතාවය වැඩි හා හොඳ පැණි නිෂ්පාදනයක් සහිත ජනපදවලවයස අවුරුද්දක් පමණ වන රැජිනක් බිත්තර ලබා ගැනිම සඳහා තෝරා ගත යුතුය. රැජිනන් වර්ධනය කර ගැනීම සඳහා සත්කාරක ජනපදයක් තෝරා ගැනීම තෝරාගත්රැජිනගේ බිත්තර වලින් ලබාගත් දිනක් වයසැති කීටයින් නව රැජිනන් වශයෙන්වර්ධනය කිරීමට වෙනත් ජනපදයක් අවශ්‍ය වේ. මෙය සත්කාරක ජනපදය වශයෙන්හැඳින්වේ. සත්කාරක ජනපදය තුළ වැඩකාර මැස්සන්ගේ ගහණය වැඩිවිය යුතු අතර රාජජල්ලි නිෂ්පාදනය සඳහා ළපටි මැස්සන් වැඩි වශයෙන් සිටීම අත්‍යාවශ්‍ය කාරණයකි. රැජිනන්බෝ කිරීම කළ හැක්කේ වර්ධක කාලය තුළ පවතින පිරිමි මැස්සන් සහිත ජනපද තිබෙනකාලසීමාවේ පමණි. එහෙයින් සුදුසු කාලසීමාව තෝරාගෙන රැජිනන් බෝකිරීම ආරම්භකරන්න. රැජිනන් බෝ කිරීමේ ක්‍රමවේදය
  1. රැජින කෝෂ සෑදීම
රැජිනබෝ කිරීම සඳහා රැජින කෝෂ සාදාගත යුතුය. මේ සඳහා මී ඉටි යොදා ගත හැකි අතරප්ලාස්ටික් වලින් තැනූ රැජින කෝෂ ද වෙළඳ පොළේ මිලදීගැනීමට ඇත. මීඉටිවලින් රැජින කෝෂ සාදා ගැනීම සඳහා අච්චුවක් සාදාගත යුතුය. මී ඉටි උණුකරඅච්චුව එහි ඔබා නැවත ජලයේ ඔබාගත් විට කුඩා කෝප්පයක් වැනි කොටස ගලවාගත හැක.අච්චුව සාදාගත යුත්තේ ස්වභාවික රැජින කෝෂවල මිමි අනුව විවෘත කෙලවර මිලිමීටර 7ක විශ්කම්භයක් හා උස මිලිමීටර 10ක් වන පරිදිය. මේ සඳහා ලී කැබැල්ලක්භාවිතා කළ හැක. වද රාමුවලට රැජින කෝෂ සවි කිරීම වදරාමුවට රැජින කෝෂ සවි කිරීම සඳහා රාමුවේ යට පටියට සමාන ලී පටියක් ගෙන එයරාමුවට සවිකල හැකි පරිදිරාමුවේ දෙපස පටිවලට කුඩා පටි කැබලි ගසා රූපයේපරිදිසකසා ගන්න.
  1. සත්කාරක ජනපදය පිළියෙල කිරීම
මෙමජනපදයේ රැජින, රැජින කෝෂ ඇතුල් කිරීමට දින 3 කට පෙර ඉවත් කරන්න. එවිට එමජනපදයේ මැස්සන්ට අළුත් රැජිනක් බිහිකර ගැනීමේ අවශ්‍යතාවය ඇතිවේ. රැජින ඉවත්කළ දිනට පසු දින රැජින කෝෂ සාදාගෙන රාමුවට සවිකර (කීටයන් රහිතව) රැජිනරහිත ජනපදයට ඇතුල් කරන්න. පසු දින (3 වන දවස) කීටයන් ඇතුල් කිරීම සඳහා මෙමකෝෂ ඉවතට ගැනීම කළ යුතුය.
  1. කෘතිම රැජින කෝෂ සඳහා කීටයින් ඇතුළු කිරීම
අපවිසින් කෘතිමව සාදාගත් රැජින කෝෂ සහිත රාමුව සත්කාරක ජනපදයෙන් ඉවත් කරගෙනඑම රැජින කෝෂවල පතුලේ රාජ ජල්ලි ස්වල්පයක් ආලේප කරන්න. (රැජින ඉවත් කළජනපදයේ සාදන ස්වභාවික රැජින කෝෂ වලින් රාජ ජල්ලි ලබා ගත හැක) ඉන්පසුතෝරා ගත් මව් රැජින සහිත ජනපදයෙන් හොඳ පිළා වදයක් ඉවතට ගෙන එහි ඇතිබිත්තරයෙන් පිටතට පැමිණි විගස (දිනක් වයස) කීටයින් තෝරා ඔවුන් ප්‍රවේශමෙන්ඉවත් කරගෙන සකස් කරගත් කෘතිම රැජින කෝෂවල පතුලේ තැන්පත් කරගන්න. (මේ සඳහාකුඩා හැන්දක් වැනි උපකරණයක් සකස් කරගත යුතුය.) කීටයින්ඇතුල් කළ රැජින කෝෂ නැවතත් රැජින ඉවත් කර ඇති සත්කාරක ජනපදයේ තැන්පත්කරන්න. එහි ස්වභාවික රැජින කෝෂ සාදා ඇත්නම් ඒවා කඩා ඉවත් කරන්න. කීටයින්සහිත රැජින කෝෂ වැඩකාර මැස්සියන් විසින් තව දුරටත් ගොඩ නැගීම කරනු ලැබේ.මෙසේ ගොඩනැගූ කෝෂවල සිටින කීටයින් දින 4කින් පිළා අවස්ථාවට එළඹෙන විට කෝෂවලවිවෘත කෙළවර වැඩකාර මැස්සියන් විසින් වසා දමනු ඇත. වසා දමනලද දිනයේ සිට දින 8 ක දීනවක රැජින බිහි වේ. එහෙයින් 7වන දිනයේ දීරැජිනක්වෙන්ව ලබා ගැනීම සඳහා රැජින කූඩු සවි කිරීම අවශ්‍ය වේ. සාදාගත් රැජිනන් රැජින කූඩුව තුළම සිටියදීවෙනත් රැජින ඉවත් කළ ජනපදයකට හඳුන්වාදීම කළ යුතුය. රැජිනකූඩුව යනු කුඩා කලකින් සාදාගත් පෙට්ටියකි. එහි රැජිනක් ඇතුල් කිරීම සඳහාසිදුරක් ඇත. එම සිදුර තුලින් රැජින ඇතුල් කළ පසු සීනි සහ සෝයා පිටි යොදාසකස් කරගත් තලපයකින් ආවරණය කරන්න. රැජින කූඩුව, රාමුවක් ඉවත් කර වද දෙකක්අතර රඳවන්න. එවිටවැඩකාර මැස්සන් එය වටා ගමන් කරමින් රැජිනගේ සුවඳට හුරු වීම සිදුවේ. එවිටරැජින කූඩුවේ රැජින ඇතුල් කිරීමට යොදා ගන්නා සිදුර වසා ඇති තලපය කපා ඉවත්කර වැඩකාර මැස්සන් විසින්ම රැජින ඉවතට ගනී. පැණි වාරයේ දී ජනපද පාලනය පැණි වාරය ආරම්භයට ප්‍රථම පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කර තිබීම මත පැණි වාරයේ සාර්ථකත්වය ඉහළ යනු ඇත. 1.ජනපදවල වර්ධනය දුර්වල නම් අතිරේකසපයා වර්ධනය වේගවත් කිරීම. 2.පිළා පෙට්ටියේ රාමුවල වද බැදීම සම්පුර්ණගැනීමට කටයුතු කළ යුතුයි. 3.පිළා පෙට්ටියේ ගහනය වැඩිවත්ම පැණික්‍රමයෙන් එකතු කරගන්න. ගහනය අනුවපැණි පෙට්ටි ප්‍රමාණයක් එකතු කළ හැක. 4.දුර්වල ජනපද ඇත්නම් ජනපද එකතු කිරීමේ ක්‍රමඅනුව එකට එකතු කර ශක්තිමත් ජනපදගන්න 5.පැණි පෙට්ටියේ රාමුවලට ඉවත් කරන පැරණි පිළවද හෝ කෘතීම ඉටි වද තහඩු සපයා පැණි රාමුවවද සම්පුර්ණ කරවා ගන්න. 6.මැස්සන්ගේ ගහනය අනුව ලැබෙන පැණි ප්‍රමාණය තීරණය වන බැවින් අවම වශයෙන් පළමුපෙට්ටිය පිරෙන තෙක් වත් මැස්සන් බෝකර ගන්න. 7.කට්ටි බෙදීම වළක්වා ගැනීමට රැජින කෝෂපිරිමි මැසි කෝෂ කඩා ඉවත් කරන්න. මී මැසි ජනපද එකතු කිරීම පැණිවාරයට ආසන්නයේදී මැසි ගහනය අඩු ජනපද වලින් අස්වැන්නක් ලබාගත නොහැකි නිසා බෝවීම දුර්වල ජනපද ශක්තිමත් ජනපදවලට එකතු කිරීමෙන් මැස්සන්ගේ ගහනය වැඩිකර ගතහැකි අතර කුඩා ජනපද එකට එකතු කිරීමෙන් වැඩි ගහනයකින් යුත් ජනපද සාදාගත හැකිවේ. මේ සඳහා පහත සඳහන් ක‍්‍රමය අනුගමනය කරන්න
  1. එකතු කිරීමට බලාපොරොත්තු වන ජනපද දෙකෙන් වඩාත් ශක්තිමත් ජනපදය අසලට අනෙක් ජනපදය රැගෙන විත් දින කිහිපයක් තිබෙන්නට හරින්න.
2.දුර්වල ජනපදයේ රැජින උදය කාලයේ ඉවත් කරන්න. රැජින ඉවත් කර පැය 6 කට පසුව ජනපද දෙක එකට එකතු කරන්න. 3.පිළාපෙට්ටියේ ප‍්‍රමාණයට සකසා ගත් පත්තරපිටුවක දෙපසම මී පැණි හෝ සීනි පැණිආලේප කර රැජින සහිත ජනපදයේ මුදුන් කවරය ඉවත් කර පිළා පෙට්ටිය මත එලන්න.පෑන් තුඩකින් කඩදාසියේ කුඩාසිදුරු 50 – 60 ක් සාදා ගන්න. 4.රැජින රහිත ජනපදයේ පිළා පෙට්ටිය ඒ මත තබන්න. මුදුන් කවරය හා වහල යොදා පෙට්ටිය වසන්න. 5.පසුදිනඋදේ පරීක්‍ෂා කරන්න. කඩදාසිය කපා දමා මැස්සන් එකිනෙකාකවලම් වී ඇත්නම්ඉහළින් ඇති පිළා පෙට්ටියේ මැස්සන් සහහොඳ පිලාවද පහත පෙට්ටියට ඇතුළු කරඉහළින් ඇති පෙට්ටියඉවත් කරන්න. මී පැණි නිස්සාරණය හා වෙළඳ පොළට සකස් කිරීම මී මැසිජනපදවලින් පැණි නිස්සාරණය කර ගත හැකි වන්නේ ජනපදවලට සපයා ඇති පැණිපෙට්ටිවල පැණි තැන්පත් කර ඇති අවස්ථාවේ දී ය. ජනපදවල පැණි රැස් කරන කාලසීමාවන් දෙකක් දක්නට ලැබේ. රබර් වගාව පිහිටි ප‍්‍රදේශවල හා වනාන්තරආශි‍්‍රතව මාර්තු – අපේ‍්‍රල් මාසවලට පැණි තැන්පත් වීම සිදුවන අතර උඩරටරෙඩ්ගම් වගාවන් යටතේ සහ ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල ජූනි – සැප්තැම්බර් මාසවලපැණි තැන්පත් කිරීම දක්නට ලැබේ.මෙලෙස පැණි තැන්පත් කරන කාලය පැණි වාරයවශයෙන් හඳුන්වනු ලැබේ.මී පැණි නිස්සාරණය සඳහා පැණි පෙට්ටිවල පිහිටි වදපමණක් උපයෝගී කර ගන්න. මී මැස්සන් වද කුහරවල පැණි තැන්පත් කර ඉටියෙන්සෑමපියල්ලකින් කුටීර ආවරණය කරති. මී පැණි නිස්සාරණය හා වෙළඳ පොළට සකස් කිරීම මෙලෙසවදයේ දෙපස පිහිටි කුටීර වලින් 90% පමණ ආවරණය කර ඇති වද පැණි නිස්සාරණය සඳහාජනපදයෙන් ඉවත් කර ගන්න.පැණි නිස්සාරණය සඳහා පැණි නිස්සාරකය උපයෝගී කරගන්න. භාවිතයට ප‍්‍රථම පැණි නිස්සාරකය ඇතුළු භාවිතා කරන පිහිය, බාල්දි, පෙරණය, බෝතල් ආදී උපකරණ සබන් යොදා හොඳින් සෝදා වියලා ගන්න. පැණි නිස්සාරණයටහෝ ඇසිරීමට මළ නොබැඳෙන උපකරණ භාවිතා කරන්න. මේ සඳහා වීදුරු, ගැල්වනයිස්, මළ නොබැඳෙන වානේ, එනමල් හෝ ඝනකම් ප්ලාස්ටික් භාජන යොදා ගත හැක.පැණි වදනිස්සාරකයට දැමීමට පෙර වද කුටීරවල ඉටි ආවරණ මළ නොබැඳෙන පිහියක් හෝ ඉටි ඉවත්කරන දැති සහිත උපකරණය මඟින් ඉවත් කර ගන්න.ඉටි ආවරණය ඉවත් කළ පැණි රාමුපැණි නිස්සාරණය ඇතුලත ඇති දැල් භාජනයේ බිත්තියට හේතු වන අයුරින් අසුරාගන්න. පැණි නිස්සාරකයේ පහතින් ඇති පැණි ඉවත් කරන කරාමය හොඳින් වසාගන්න.පැණි නිස්සාරකයේ හැඬලය උපයෝගී කරගෙන දැල් භාජනය තරමක වේගයන් කරකවන්න.විනාඩි 5-7 ක් පමණ කරකවා පැණි රාමු වල පිටතට පිහිටා ඇති මුහුණතේ පැණි ඉවත්වී ඇත්නම් එහි අනෙක් මුහුණත පිටතට සිටින අයුරින් හරවා නැවත විනාඩි 5-7 ක්පමණ කරකවන්න. වදයේ දෙපසම පැණි හොඳින් ඉවත් වූ පසුව රාමු පිටතට ගන්න. පැණිනිස්සාරකය පතුලේ රැස්ව ඇති පැණි කරාමය විවෘත කර වෙනත් භාජනයකට ඉවත් කරගන්න. මී පැණි නිස්සාරණය හා වෙළඳ පොළට සකස් කිරීම ඉටිආවරණය ඉවත් කළ පැණි රාමු පැණි නිස්සාරණය ඇතුලත ඇති දැල් භාජනයේ බිත්තියටහේත්තු වන අයුරින් අසුරා ගන්න. පැණි නිස්සාරකයේ පහතින් ඇති පැණි ඉවත් කරනකරාමය හොඳින් වසා ගන්න.පැණි නිස්සාරකයේ හැඬලය උපයෝගී කරගෙන දැල් භාජනය තරමකවේගයේ කරකවන්න. විනාඩි 5-7 ක් පමණ කරකවා පැණි රාමු වල පිටතට පිහිටා ඇතිමුහුණතේ පැණි ඉවත් වී ඇත්නම් එහි අනෙක් මුහුණත පිටතට සිටින අයුරින් හරවානැවත විනාඩි 5-7 ක් පමණ කරකවන්න. වදයේ දෙපසම පැණි හොඳින් ඉවත් වූ පසුවරාමු පිටතට ගන්න. පැණි නිස්සාරකය පතුලේ රැස්ව ඇති පැණි කරාමය විවෘත කරවෙනත් භාජනයකට ඉවත් කර ගන්න.ඉවත් කරන ලද පැණි මළ නොබැඳෙන පෙනේරයකින් හෝසිනිඳු රෙදි කැබැල්ලකින් පෙරා ඉටි කැබලි ඉවත් කර ගන්න. පෙරා ගත් පැණිවලතවදුරටත් ඉටි රැඳී තිබේනම් පැණි ද්‍රාවණය බොර පැහැයක් ගනී. එම ඉටි ඉවත්කිරීමට පැණි භාජනය ජල භාජනයක් තුළ බහා මදක් රත් කරන්න. (පැණිවල උෂ්ණත්වයසෙන්ටිගේ‍්‍රඞ් අංශක 60 නොඉක්මවන තුරු පමණක් රත් කරන්න එවිට ඉතිරිව ඇති ඉටිඋණු වී, පැණි භාජනයේ මතුපිට රැස් වේ. පැණි භාජනය නිවෙන්නට තබා මෙම සුදුපැහැති ඉටි තට්ටුව හැන්දක් මඟින් ඉවත් කරන්න. මෙසේ ඉටි ඉවත් කළ පැණිඕගන්දි වැනි සිනිඳු රෙදි කඩකින් පෙරා ගන්න.පැණි ඇසිරීම සඳහා කට පළල බෝතලයක්භාවිතා කරන්න. මෙම බෝතල් තම්බා ජීවානුහරණය කරන්න. මූඩිය ද සබන් යොදාහොඳින් සෝදා වියලා ගන්න. පිරිසිදු කර ගත් පැණි බෝතල් වල අසුරා සුදුසුලේබලයක් යොදා ගන්න. වෙළඳ පොළට ඉදිරිපත් කරන පැණිවල ජලය 20% ට වඩා අඩුවියයුතුය. (ජලය ප‍්‍රතිශතය මැනීම සඳහා උපකරණය යොදා ගනී හොඳින් ආවරණය කරන ලදපැණි කුටීර සහිත වද වලින් ජලය 20% ට වඩා අඩු පැණි ලබාගත හැක. මී පැණිජලාකර්ෂක බැවින් විවෘතව තැබුවහොත් වායුගෝලයේ ඇති ජලය පැණිවලට එක් වෙයි.එබැවින් නිතරම පැණි භාජන පියනක් යොදා වසා තබා ගත යුතුය.සෙන්ටිගේ‍්‍රඞ් අංශක 45 ට වැඩි උෂ්ණත්වයේ දී පැණිවල සංයුතිය වෙනස් වේ. මී පැණි කල් තබා ගැනීමේදී හා අඩු උෂ්ණත්ව වලට භාජනය වීමේ දී ස්ඵටික සෑදීම ස්වාභාවික සංසිද්ධියකි.පැණි බෝතල් වල පතුලේ සෑදෙන සීනි එලෙසම ආහාරයට ගැනීමට හැකිය. එසේ නැතහොත්උණු වතුර භාජනයක් තුළ තැබීමෙන් හෝ අව්වේ තැබීමෙන් මෙම ස්ඵටික දිය වේ.පිරිසිදු පැණි බෝතලයක ඒකාකාරී වර්ණයක් පැවතිය යුතුය. මී මැස්සන් මල් පැණිලබා ගැනීමට උපයෝගී කර ගන්නා ශාක අනුව පැණිවල වර්ණය ලා කහ පැහැයේ සිට රතුදුඹුරු දක්වා පරාසයක වෙනස් වේ. පැණි බෝතල් තුළ වායු බුබුළු පවතී නම් හාඇඹුල් රසයෙන් යුක්ත නම් එම පැණි පැසීමට භාජනය වී ඇත.පිරිසිදු පැණිබෝතලයක් විනිවිද පෙනෙන ස්වභාවයෙන් යුක්ත වේ. එහි තුළ කිසිදු අපද්‍රව්‍යක්දෘශ්‍යමාන නොවිය යුතුය. අහේනි කාලය තුළ ජනපද පාලනය පරිසරයේආහාර හිඟ වන විට මී මැස්සන්වද කුළ තැන්පත් කර ඇති ආහාර මත යැපෙන නිසාසංචිත ආහාර ක‍්‍රමයෙන් අඩුවනු දක්නට ලැබේ. ආහාර හිඟය නිසා පිරිමි මැස්සන්මිය යාම සිදුවේ. පරාග සැපයීම දුර්වල වීමත් සමඟ රැජින බිත්තර දැමීම දක‍්‍රමයෙන් අඩුවන අතර මෙම හේතුව නිසා වැඩකාර මැසි ගහනයට ද ක‍්‍රමයෙන් හීනවීමට පටන් ගනී. මෙමතත්ත්වය උග‍්‍ර වන විට පදිංචි ස්ථානය අතහැර ආහාර ලැබෙන ස්ථානයකට ඉගිලී යාමහෙවත් ජනපද අතහැර යාම මෙම කාලයේදී සුලභව දක්නට ලැබෙන සංසිද්ධියකි. එහෙයින්සීනි දියර හා පරාග ආදේශක සැපයීමෙන් ජනපද අතහැර යාම වළක්වා ගැනීමට මීමැසිපාලකයා වගබලා ගත යුතුය. මැස්සන්ගෙන් හිස්වන වදවලට ඉටි පණුවන් බෝවීම ද මෙමඅවස්ථාවේ බහුලව දැකිය හැක. පැණිවාරය අවසානයේදී එක් පැණි පෙට්ටියක් ඝනාවාසයේ පරිභෝජනයට ඉතිරි කිරීම මඟින්ඉක්මනින් ජනපද දුර්වල වීම වළක්වා ගත හැකිය. පිලා වදවල ඉහළ තීරයේ පිහිටා ඇතිපැණි ගබඩාව අවසන් වීමත් සමඟ අතිරේක ආහාර වශයෙන් සිනි සැපයීම ආරම්භ කළයුතුය. මෙහිදී පරාග ලැබීමත් දුර්වල නිසාපරාගආදේශකයක් සැපයීම මඟින්පැටවුන් රැකීම අඩුවීම පාලනය කර ගත හැකි වේ. අහේනිකාලයේ අවසානයේදී මී මැසි ගහනය ඉතාමත් කුඩා වීමෙන් එම ජනපදය ඊළඟ කන්නයේදීවර්ධනය වීමට වැඩි කාලයක් ගතවේ. එහෙයින් ජනපදයට ආහාර සපයා දුර්වල නොවීපවත්වා ගැනීමෙන් ඊළඟ වර්ධක කාලයේදී ජනපද ඉක්මනින් කට්ටි බෙදීමට හැකිතත්ත්වයට වර්ධනය කර ගත හැක. අහේනිකාලය තුළ බිඟු ගහනය අඩු වීමත් සමඟ බිඟුන්ගෙන් තොර වන හිස් පැණි වද ඉටි සළඹආක‍්‍රමණයට ලෙහෙසියෙන් ගොදුරු වේ. මේ නිසා ගහනය ක‍්‍රමයෙන් අඩු වනවාත් සමගමපැණි පෙට්ටි වල වද ක‍්‍රමයෙන් ඉවත් කළ යුතුයි. හිස් පැණි වද ආරක්‍ෂා කිරීම අහේනිකාලයේ පැණි වද ඉවත් කළ යුත්තේ ඒවා බිඟුන් වසා සිටින අවස්ථාවේ දී මය.නැතිනම් එම වද ඉටි සළඹ කීටයාගේ හානියට ලක්වීම සිදු වේ. ඉන්පසු එලෙස ඉවත් කරගත්පැණි රාමුවල පරාග හෝ පැණි ඉතිරි නොවන සේ පිරිසිදු කර කාණ්ඩ වශයෙන්සුළං නොවදින සේ ගබඩා කරන්න. පාලන ක‍්‍රියා
  1. ජනපදය පරීක්‍ෂා කර බලා නිතර අඩියේ ලෑල්ල පිරිසිදු කරන්න.
  2. ජනපද වලට අතිරේක ආහාර සපයන්න.
  3. පළිබෝධ හානි ඇත්නම් ඒවාට පිළියම් යොදන්න.
අතිරේක ආහාර වශයෙන් සැපයිය හැකි ද්‍රව්‍ය
  1. සීනි
  2. මී පැණි
  3. හකුරු
  4. අලූත් ඉදුණු පලතුරු
  5. පරාග ආදේශන
ජනපද වලට සීනි ද්‍රාවණය සැපයීම 01.සීනි කෝප්ප එකක් උතුරවා නිවාගත් ජලය කෝප්ප 1ක දියකර ගන්න. (සීනි කිලෝ ග‍්‍රෑම් 01 – ජලය මිලි ලිටර් 750) 02.පිරිසිදුපොල්කටු, ප්ලාස්ටික් කෝප්ප හෝ සිදුරු කරගත් පියනකින් යුත් බෝතලයක් සීනිද්‍රාවණය සැපයීමට භාවිතා කළ හැක. විවෘත භාජන යොදා ගන්නේ නම් මැස්සන් වැටීමවළක්වා ගැනීමට භාජනයට කෝටු කැබලි ටිකක් දමන්න. 03.මීමැස්සන් සහිත පෙට්ටියේ ඉහළට වද රාමුඉවත් කළ පැණි පෙට්ටියක් තබා එය තුළආහාර භාජනය තබන්න. (පිටත ස්ථානවල ආහාර බඳුන් නොතබන්න. මුදුනේ කවරය හාවහලයයොදා පෙට්ටිය වසා ගන්න). 04.සිදුරු කර ගත් පියනකින් වැසූ බෝතල යොදා ගන්නේ නම් වියන යටට සිටින සේපිලා පෙට්ටියේ උඩ පටි මත තබන්න. 05.ආහාර දිය යුත්තේ සවස් කාලයේ දී ය. පසුදාඋදෑසන ඉතිරි වී ඇති ආහාර ඇත්නම් ඉවත් කරන්න. 06.පිළාවදවල ගබඩා කර ඇති ආහාර අවසන් වීමත් සමගම අතිරේක ආහාර දීම අරඹන්න. ආරම්භයේදී ජනපදයකට සීනිග‍්‍රෑම් 100 ක් ලැබෙන සේ දිනපතා ආහාර දෙන්න. මැස්සන්පිළා වද තුළ ආහාර ගබඩා කිරීමට පටන් ගත් පසු ආහාර ලබාදෙන කාල පරතරය වැඩිකරන්න. ජනපද වලට පරාග ආදේශකයක් සැපයීම පරාග ආදේශකයක් සාදා ගැනීම (ග‍්‍රෑම් 100 සඳහා) සෝයා පිටි – ග‍්‍රෑම් 50 මුං ඇට පිටි – ග‍්‍රෑම් 30 රතු කැකුළු හාල් පිටි – ග‍්‍රෑම් 20 (සියළුම ධාන්‍ය පොතු හැර හොඳින් සෝදා වියලා පිටිකර ගන්න. සියලූම පිට විර්ග එකට කලවම් කර ගන්න.) ආහාර දෙන ක‍්‍රමය පරාග ආදේශකය – ග‍්‍රෑම් 50 සීනි – ග‍්‍රෑම් 100 ඉහතමිශ‍්‍රණයට සිනි අවශ්‍ය වන්නේ මී මැස්සන් පරාග ආදේශකය පමණක් ආහාරයට නොගන්නාබැවිනි. එමෙන්ම සීනි යොදා ඇති බැවින් දියර වශයෙන් සීනි සැපයීම අවම කරගැනීමට හැකියාව ඇත. සීනි හාධාන්‍ය මිශ‍්‍රණය හොඳින් කලවම් කර උතුරවා නිවාගත් ජලය යොදා ඝනකම තලපයක්සාදා ගන්න. මෙය රොටියක් සේ මිලි මීටර් 6 පමණ ඝනකමට පොලිතීන් කැබැල්ලක් මතතුනී කරන්න.පිළා පෙට්ටිය විවෘත කර ඒ මත සාදා ගත් රොටිය තබා පොලිතීන්කැබැල්ල ඉවත් කර පෙට්ටිය වසා ගන්න. මෙම ආහාර ප‍්‍රමාණය වද 8 ක් සහිතජනපදයකට දින 5 කට පමණ සෑහේ. ජනපදයේ මැස්සන්ගේ ගහණය අනුව ආහාර ප‍්‍රමාණය අඩුහෝ වැඩි කරන්න. මී මැසි පාලනයේ ගැටළු
  1. ජනපද හැරයාම
  2. ජනපද බෝවීම දුර්වල වීම
ඉහත ගැටළු වලට ප‍්‍රධාන සාධක තුනක් බලපායි.
  • ආහාර නොලැබීම
  • රෝග හා පළිබෝධ හානි
  • දේශගුණික සාධක
ගැටළු අවම කිරීම සඳහා පිළියම්
  1. සෙවන සහ තෙතමනය ඇති ස්ථානයක ජනපදය තැන්පත් කරන්න
  2. සතියකට වතාවක් ජනපද පරීක්‍ෂා කරන්න
  3. බිත්තර, කීට, පිළවුන් සිටීදැයි විමසිලිමත් වන්න
  4. ගබඩා කල ආහාර නැත්නම් සීනි දියර හා පරාග ආදේශක සපයන්න.
  1. පතුලේ ලෑල්ල හා වද මත ඉටි පණුවන් බෝවීම ගැන සැළකිලිමත් වන්න.
  2. ආධාරක කණුව වටා පිරිසිදුව තබා ගන්න.
  1. දෙඹරුන්, කුරුල්ලන් වැනි විලෝපිකයන් සඳහා ආවරණයක් යොදන්න.
  2. පරිසරයේ උෂ්ණත්වය අධික නම් ආවරණයක් සපයන්න.
  1. අධික වර්ෂාව, තද සුළං හා සීතල දේශගුණික තත්ත්ව යටතේ ජනපද බෝවීම දුර්වල වන බැවින් හොඳින් ආහාර සපයන්න.
  1. රැජින වයස්ගත නම් නව රැජිනක් හඳුන්වා දෙන්න
මී මැසි පාලන උපකරණ මී මැසි පෙට්ටිය හැඳින්වීම මී මැසිපාලනය සඳහා යොමුවන අයට පහසුවෙන් හා ක්‍රමවත්ව මී මැසි ජනපද නඩත්තු කරගැනීමට හැකිවන පරිදි නිපදවා ඇති උපකරණ කට්ටලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවමඟින් හඳුන්වා දී ඇත. මී මැසි පෙට්ටිය, මී මැසි ජනපදයට අවශ්‍ය වාසස්ථානයසපයන අතර එමඟින් අවහිරයකින් තොරව මී මැසි ජනපද ගෙවත්ත තුළ තබාගෙන නඩත්තුකිරීමේ හැකියාව ලැබේ. එහි වද බැදීම සඳහා රාමු සපයා ඇති බැවින් අවශ්‍ය පරිදිරාමු ඉවතට ගෙන පරීක්ෂා කිරීමටත් ජනපද කොටස් වලට බෙදා ජනපද බෝ කිරීමටත්හැකියාව ලැබී ඇත. එමෙන්ම ප්‍රවාහනයේ දී වද කැඩීයාමේ අවදානම ද අඩු කරගත හැක.පැණි පෙට්ටියේ රාමුවල පැණි පමණක් තැන්පත් කරන බැවින් පිරිසිදු පැණිනිෂ්පාදනය සඳහා ද උපකාරී වේ.සාර්ථක මී මැසි පාලනයක දී අත්‍යාවශ්‍ය ප්‍රධානමෙවලම වන්නේ ජනපදයේ වාසස්ථානය වන මී මැසි පෙට්ටියයි. නියමිත පරිදි සුදුසුදැව වලින් හා නියමිත ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කර ගන්නා මී මැසි පෙට්ටිභාවිතයෙන්, – ජනපදය ඇතුලත පරීක්ෂා කිරීමට හැකිවීම – කට්ටි බෙදා ගැනීමේ පහසුව – උපකරණ භාවිතයේ පහසුව – ප්‍රවාහනය කිරීමේ පහසුව – ගුණාත්මයෙන් හා පිරිසිදු බවින් උසස්, වැඩිනිෂ්පාදනයක් ලබා ගැනීමටහැකිවීම වැනි වාසි මී මැසි පාලකයින්ට ලබාගත හැකි වේ.එබැවින් සාර්ථක ලෙසනියමිත පරිදි මී මැසි පෙට්ටි නිෂ්පාදනය සඳහා මී මැසි පාලකයින් මෙන්ම, පෙට්ටි නිෂ්පාදකයින් ද උනන්දු විය යුතු වේ. මී මැසි පෙට්ටි නිෂ්පාදනය දැනටකෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රාමු හයක් අඩංගු මී මැසි පෙට්ටියක් සහ රාමුඅටක් අඩංගු මී මැසි පෙට්ටියක් වශයෙන් පෙට්ටි වර්ග දෙකක් නිර්දේශ කර තිබේ.එම පෙට්ටි වර්ග නිෂ්පාදනය පිළිබඳ විස්තර පහත දැක්වේ. මිල අධික නොවන, පදම්කරන ලද මී මැස්සන් ප්‍රිය කරන දැව විශේෂ සුදුසු වන අතර පහත සඳහන් දැවනිර්දේශ කළ හැකි වේ. ගිනිසපු, කොස්බොඩ, වෙලං, බුරුත, හල්, පයිනස්, ඇටබොඩ, කොලොං, සයිප්‍රස්, අඹ, වනසපු, කිනි, මාර, ඌරුහපු, තේක්ක, මිල්ල. (ලුණුමිදෙල්ල හා කොට්ටම්බ දැව වර්ග ද මේ සඳහා සුදුසු වුව ද කල්තබා ගැනීමේහැකියාවේ දුර්වලතා පවතී.) මී මැසි පෙට්ටියේ කොටස්
  1. වහලය
  1. මුදුන් කවරය
  1. පැණිපෙට්ටිය 1
  1. පැණි පෙට්ටිය 2
  1. පිළා පෙට්ටිය
  1. පතුලේ ලෑල්ල
පිළා පෙට්ටිය තුළ වද බැඳීම සඳහා පිළා රාමු සපයා ඇති අතර පැණි පෙට්ටිවල වද බැදිම සඳහා පැණි රාමු සපයා ඇත. මීට අමතරව මී මැස්සන්ට ඉවත්ව යාම සඳහා පතුලේලෑල්ලේ කපොල්ලක් තබා ඇති අතර රැජිණ පිටවීම වැළැක්වීම සඳහා සකස් කරන ලද ගේට්ටු තහඩුවක් මෙම කපොල්ල ආවරණයට යොදා ඇත. වහලය පෙට්ටියේ පහළ කොටස් වල ආරක්ෂාව සඳහා පමණක් වහලයභාවිතා වේ. මෙය සාමාන්‍යයෙන් ලෑලි යොදා සෑදු රාමුවක් තාර ෂීට් වලින් ආවරණයකර සාදා ඇත. වායු සංසරණය පහසු වනු සඳහා ඇතුල් පැත්තෙන් කට්ටා 4ක් සවිකරඇත. වහලය වශයෙන් භාවිතා කිරීමට උළු කැට හෝඑවැනි වහල සඳහා භාවිතා වනඅමු ද්‍රව්‍ය ද යොදා ගැනීමේ හැකියාව ඇත. මී මැසි පෙට්ටියේ පහළ කොටසඅව්වෙන් හා වැස්සෙන් ආරක්ෂා වන පරිදි වහලයේ ප්‍රමාණය සකසා ගත යුතු වේ. මුදුන් ලෑල්ල හෙවත් ඇතුල් කවරය මී මැසිපෙට්ටියේ ඉහළින් වසා තැබීමට උපයෝගී කර ගන්නා කොටස වේ. ඝනකම අඟලකින් 1/8 ක්පමණ වන හාඩ්බෝඩ් වලින් සාදන ලද විශ්කම්භය අඟලක් පමණ වූ සිදුරු 5 කින්සමන්විතය, මෙමසිදුරු වලින් මැස්සන්ගමන් කිරීම වැළැක්වීම සඳහා අඟලකින් 1/16 ක ප්‍රමාණයේ කම්බි දැලකින් එමසිදුරු ආවරණය කර ඇත. පිළා පෙට්ටිය හා වහලය අතර හෝ පැණි පෙට්ටිය හා වහලයඅතර, සිටින සේ මැස්සන්ගේ ගහණය පරිදි ඉහළට හෝ පහළට ගෙනයා හැක. මෙම කොටසේසාදා ඇති සිදුරු ජනපදය තුළ වායුසංසරණක්‍රියාවලියේ දීඉතා වැදගත් වේ. මී මැසි පෙට්ටියේ ගහනය අනුව ඉඩකඩ සීමා කිරීම සඳහා භාවිතා කෙරේ. පිළා පෙට්ටිය සහ පිළා රාමුව පිළාරාමු තැන්පත් කිරීමට හැකි පරිදි පළල පැති දෙකෙහි කට්ට සහිත පතුලක් හාපියනක් නොමැති පැති හතරකින් යුත් පෙට්ටියයි. මෙහි පිළා රාමු 6 හෝ 8ක්තැන්පත් කෙරේ. මෙම කොටසේ ජනපදයේ පැටවුන් රැකීමේ කොටස අඩංගු වේ. ජනපදයේවර්ධනය සිදුවන බැවින් මෙහි ඇති පිළා වද හොඳින් රැකබලා ගත යුතු වේ. වද බැඳිමසඳහා පිළා රාමු සපයා ඇත.පිළා රාමු අතර මැස්සන් හට පහසුවෙන් ගමන් කළ හැකිඅවම පරතරය එනම් “බිඟු පරතරය“ සෑම විටම පවත්වා ගත යුතු අතර, එය මිලි මීටර් 9 කි. පිළා රාමු හෝ පැණි රාමු හා පෙටිටියේ බිත්ති හා පතුල අතරත් මෙම පරතරය යොදාගත යුතු වේ. පැණි පෙටිටිය සහ පැණි රාමු මෙය දපිළා පෙට්ටියට දිගින් හා පළලින් සමාන වේ. නමුත් උසින් භාගයකි. මේ තුළ පැණිරාමු 6 ක් හෝ 8 ක් තැන්පත් කරයි. පැණි නිෂ්පාදන අවධියේ දී මෙහි තුළ බැඳ ඇතිවදවල පැණි ගබඩා කිරීම සිදුවේ. මෙම වද තුළ මැස්සාගේ කීටයින් හෝ පිළවුන්නොමැති බැවින් හා පැණි නිස්සාරකයට යොදා වද රාමුවල ඇති පැණි ඉවත් කරගත හැකිබැවින් පැණි පෙට්ටි භාවිතය පිරිසිදු පැණි නිෂ්පාදනයට ඉවහල් වේ. ජනපදයේසිටින වැඩකාර මැස්සියන්ගේ ගහනය වැඩිවන අවස්ථාවල දී අමතරපැණි පෙට්ටි එකතු කර ගැනීමෙන් මැස්සන් සඳහා අවශ්‍ය ඉඩකඩ සපයා ගැනීම ද කළහැක. වද බැඳීම සඳහා සපයා ඇති රාමු, පැණි රාමු වශයෙන් හැඳින්වේ. පතුලේ ලෑල්ල පතුලේපිහිටි පිළා පෙට්ටියට ආධාරකය වන ගේට්ටු තහඩුව සවිවන කොටස වේ. මී මැස්සාටමෙන්ම පාලකයාට ද පහසුවෙන් පිරිසිදු කළ හැකි පරිදි යතුගා සුමටලෙස තනි ලෑල්ලෙන් හෝ ලෑලි දෙකක් ගන්නේ නම් එහි මූට්ටු විවර නොපිහිටන පරිදිසවිවිය යුතු වේ. (මෙහි යටිපස ආධාරකයට සවි වීමට හැකි පරිදි ලී පටි දෙකක් දඉහළින් පිළා පෙට්ටිය හා අඩියේ ලෑල්ලට අතර මැස්සන්ට ගමන් කළ හැකි වන ලෙසයෙදූ පටි වලින් ද සමන්විත වේ.) ගේට්ටුව වැඩකාරමැස්සියන් සඳහා පමණක් ගමන් කළ හැකි කුඩා සිදුරු 4 කින් යුත් ගේජ් 26 ගැල්වනයිස් තහඩු කැබැල්ලක් වේ. එක් සිදුරක් මිලි මීටර් 3.8 ක් පළලින් යුතුවේ. මී මැසි ජනපදයේ රැජින පිටවීම වැළැක්වීම සඳහා පමණක් ගේට්ටු තහඩුව උපයෝගීකරගනු ලැබේ. එහෙයින් ජනපදයේ මැස්සන් අධික අවස්ථාවල මෙම තහඩුව ඉවත් කරතැබීම මඟින් තදබදය වළක්වා ගත හැකිය. රැජින පිටවී යාමේ අවදානම් සහිතඅවස්ථාවල පමණක් ගේට්ටු තහඩුව රඳවා තැබීම සෑහේ. දුම් විසිරණ මී මැසිපාලනය අපහසු කටයුත්තක් වී ඇත්තේ මී මැස්සන් විසින් පහර දීමේ දී අපගේශරීරයට ඇතුළු වන විෂ නිසා ඇතිවන වේදනාකාරී තත්ත්වය නිසාය. මී මැස්සන් සිටිනස්ථානයකට පැමිණෙන ඕනෑම ආගන්තුකයෙකුට පහර දීම මී මැස්සාගේ ස්වාභාවිකහැසිරීමයි. මෙය වළක්වා මී මැස්සන් තාවකාලිකව අඩපන කිරීම සඳහා දුම භාවිතාකරනු ලැබේ. මී මැස්සන්ට දුම් විදීම සඳහා සාදා ඇති උපකරණය දුම් විසිරණයනමින් හඳුන්වනු ලැබේ.මී මැසි ජනපදයක් විවෘත කිරීමට ප්‍රථම දුම් විසිරණයභාවිතා කර දුම යෙදීම කරනු ලැබේ. ඉන් අනතරුව ජනපදය විවෘත කිරීමෙන් මී මැස්සන්කලබලකාරී ලෙස පහර දීමට කරන උත්සහය අවම කරගත හැක. ජනපදය අභ්‍යන්තර පරීක්ෂාකරන අවස්ථාවේදී ද විටින් විට දුම යෙදීම මඟින් මැස්සන් පාලනය කරගත හැක. දුම් විසිරණ නිෂ්පාදනය හා භාවිතය දුම්විසිරණය නිපදවීම සඳහා තඹ තහඩු හෝ ගැල්වනයිස් තහඩු යොදාගත හැක. දුම් විසිරණයතඹ හෝ ගේජ් 22 ගැල්වනයිස් තහඩු යොදා සාදාගත් බැරලයක් සහ එය තුළට වාතයඇතුල් කරවීම සඳහායොදා ගන්නා මයිනහමක ක්‍රියාකාරීත්වයෙන් යුත් මැදට දඟරසහිත දුන්නක් යොදාගෙන ලෑලි තහඩු දෙකක් හා රෙක්සින් රෙදි යොදා ආවරණය කරගත්පෙට්ටියක් වැනි කොටසකින් යුක්ත වේ. බැරලය පතුලට අවහිරයකින් තොරව වාතය ගමන්කරවීම සඳහා සිදුරු සහිත තහඩු කැබැල්ලක් පතුලට දරණුවක් ලෙස යොදා ඇත. මයිනහමතුළින් එන වාත ධාරාව බැරලය තුළට ඇතුළු වීම සඳහා මයිනහම පැත්තේ බැරලයේසිදුරක් කපා වා කපොල්ලක් සාදා ඇත. එමඟින් ඇතල්වන වාත ධාරාව මඟින්අභ්‍යන්තරයේ ඇති දහන ද්‍රව්‍ය වලින් දුම ඇති කර කෙලවරේ ඇති නැසින්න තුළින්ධාරාවක් වශයෙන් දුම පිට කරයි. දුම්විසිරණයක් භාවිතා කිරීමෙන් දුම් ලබා ගැනීම සඳහා දුම් විසිරණයේ බැරලය තුළටපොල් ලෙලි, පොල් කටු, වියළි ශාක පත්‍ර, කපු රෙදි වැනි ද්‍රව්‍ය යෙදිය හැක.මෙහිදි භූමිතෙල්, පෙට්‍රල් වැනි දැල්වීමේ දී විෂ සහිත දුම් පිට කරනද්‍රව්‍ය ආදිය භාවිතයෙන් වළකින්න. ගිනි අඟුරු හෝ ගිනිකූරක් භාවිතයෙන් ඇතුලතඇති ද්‍රව්‍ය හොඳින් දල්වාගෙන බැරලයේ පියන වසා ගන්න. අනතුරුව වාත ධාරාවක්ලබා ගැනීම සඳහා ඇති මයිනහම කොටස තරමක් වේගයෙන් තෙරපන්න. එවිට පියන කෙලවරේඇති සිදුරෙන් දුම් ධාරාවක් නිකුත් වේ. ජනපදපරීක්ෂා කිරීමේ දී එක් අතකින් දුම් විසිරණය භාවිතා කරමින් ජනපදයට දුම්ගසන්න. මැස්සන්ගේ කළබලකාරී ස්වභාවය අඩුවන විට දුම් යෙදීම නතර කරන්න. දුම්යෙදීමෙන් ටික වේලාවකට මැස්සන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හැක. පැණි නිස්සාරකය මී මැස්සාට ආහාර වශයෙන් මී මැස්සා ඉටියෙන් තැනූ වද කුහර තුළ මී පැණි තැන්පත් කරයි. ජනපදවල විශාල වශයෙන් පැණි තැන්පත් කර ඇති අවස්ථාවේදී (පැණි වාරයේ) එම පැණි ඉවත් කරගත හැකිය. කේන්ද්‍රාපසාරි පැණි නිස්සාරකයභාවිතයෙන් මී වදයට හානියක් නොකර වද කුහර තුළ තැන්පත් කර ඇති පැණි ඉවත් කරගැනීමට හැකියාව ඇත. පරිසරයේ ආහාර බහුල කාලවල දී මෙලෙස පැණි ඉවත් කර ගත් එමවද පැණි පෙට්ටිය තුළ තැන්පත් කළ විට නැවතත් මී මැස්සන් පැණි තැන්පත් කිරීමටඑම වද භාවිතා කරයි. මෙලෙස වාර කිහිපයක් එක් පැණි වාරයක් තුළදී පැණි නෙලාගත හැක. මී වද සෑදීමට අවශ්‍ය ඉටි මී මැස්සාගේ ශරීරය තුළම නිපදවන බැවින් ඉටිනිපදවීමට වැයවන ආහාර ප්‍රමාණය ද වද බැදීමට ගතවන කාලය ද ඉතිරි වේ. වද මිරිකීම සිදු නොවන නිසා පැණි අපිරිසිදුවීම වැලකේ. එහෙයින් පිරිසිදු පැණි නිෂ්පාදනයට පැණි නිස්සාරකය භාවිතයඅත්‍යාවශ්‍ය කාර්යයකි. පැණි නිස්සාරකය භාවිතයේදී පැණි තැන්පත් කර ඇති රාමුසිරස්ව පිහිටන අයුරින් ඇතුලත ඇති දැල් භාජන තැන්පත් කරයි. හැඬලය මඟින් දැල්භාජනය කරකවිය හැක. එවිට වද කුහර තුළ ඇති පැණි ඉවතට විසි වී පිටත භාජනයේපතුලට රැස් වේ. එක් මුහුණතක පැණි ඉවත් වූ පසු අනෙක් මුහුණත පිට පැත්තට හැරීපවතින ලෙස නැවත සකස් කළ යුතුය. නැවත කරකවා එම මුහුණතේ පැණි ද ඉවත් කර ගතයුතුය. ඉන්පසු පතුලේ තැන්පත් කර ඇති පැණි කරාමය තුළින් ඉවත් කර ගත හැකිය. මුහුණු ආවරණය හා ආරක්ෂක කබාය මුහුණුආවරණය පැලදීමෙන් මී මැස්සාගෙන් මුහුණට ප්‍රහාර එල්ල වීම වලක්වා ගත හැක. ඝනකමරෙද්දකින් අත් දිගට යොදා මසාගත් කබායකට සවි වන පරිදි සකසා ගත් මුහුණුආවරණයක් ද භාවිතා කල හැකි අතර ඝනකම රෙද්දෙන් මසාගත් අත් මේස් යුගලයක් ද සමඟමෙම කබාය පැලදීමෙන් වඩාත් ආරක්ෂාකාරීව හා පහසුවෙන් මී මැසි ජනපද හැසිරවීමකල හැකිය. මුහුණු ආවරණයක් සකසා ගැනීම මෙයනිපදවා ගැනීම සඳහා අඟල් 16 පමණ විශ්කම්භයෙන් යුත් පන්කොළ තොප්පියක්, එහිදාරයේ දිගට සමාන පළලින් හා අඟල් 18 පමණ උසින් යුත් කළු පැහැති නෙට් රෙදිකැබැල්ලක්, එම පළලින්ම හා අඟලක පමණ උසකින් යුත් පොප්ලින් රෙදි පටි තුනක් හාතොප්පියේ දාරයේ පරිධියට ගැලපෙන ඝනකම කම්බියෙන් සකසා ගත් කම්බියෙන් සකසාගත් කම්බි රවුම් දෙකක් හා අඟල් 8 පමණ දිගින් යුත් ඉලාස්ටික් කැබැල්ලක්අවශ්‍ය වේ.තොප්පියේ දාරයට කම්බි රවුමක් සහ දැල් රෙද්ද තබා එය මත පොප්ලින්රෙදි පටියක් තබා ඉදිකටුවෙන් මසා ගන්න. දාරයේ සිට අඟල් 9 1/2 ක් හෝ 10 ක්පමණ පහලින් ඉතිරි කම්බි රවුම පොප්ලින් රෙදි පටිය සමඟ දැල් රෙද්දට තබා මසාගන්න. ඉන්පසු පහළ කෙලවරට ඉතිරි පොප්ලින් පටිය තබා මසාගෙන එය තුළට ඉලාස්ටික්පටි යොදා නිමකර ගන්න. මී මැස්සන් ප්‍රවාහනය කිරීමේ පෙට්ටිය මී මැසිපෙට්ටිය භාවිතයේ පහසුව සඳහා කොටස් වලට බෙදා නිපදවා ඇති බැවින් ප්‍රවාහනයේදී මැස්සන්ට පිටතට ඒමට නොහැකි වන ලෙස සියළුම කොටස් හොඳින් ඒකරාශී වන පරිදිගැටගසා ගැනීමට සිදුවේ. මෙයට පිළියමක් වශයෙන් සියළුම කොටස් එකට සවිකර ඇතිප්‍රවාහන පෙට්ටිය නිපදවා ඇත. මෙහි හොඳින් වැසිය හැකි උඩ පියනක් දැල් යොදාආවරණය කළ වා සිදුරු සහිත පෙට්ටියක් පිළා රාමු හා මැස්සන් ඇතුළුකර ගැනීමසඳහා සකස් කර ඇති අතර එල්ලාගෙන යාම සඳහා හැඬලයක් ද යොදා ඇත. මී මැසි ජනපදප්‍රවාහනයේ දී මෙන්ම ජනපද අල්ලා ගැනීමේ කටයුතු සඳහා ද මෙය භාවිතා කෙරේ. ආරක්ෂක ඇඳුම මී මැසිජනපද නඩත්තු කිරීමේ දී මී මැස්සන් විසින් මී මැසි පාලකයාට පහර එල්ල වීමසාමාන්‍ය සංසිද්ධියකි. මෙයින් වැළකීම සඳහා සම්පූර්ණ ශරීරයම ආවරණය වන සේඝනකම් රෙද්දකින් සකසා ගත් ඇඳුම් කට්ටලයක් භාවිතය වඩාත් සුදුසු වේ. මේ සඳහාකාකි වැනි රෙදි වර්ග සුදුසු වන අතර එය සුදු පැහැයෙන් සකසා ගැනීමෙන් මීමැස්සන් කලබල වීම අවම කරගත හැක. මෙම ඇඳුම් කට්ටලයට මුහුණු ආවරණය, කබායක්, අත් වැසුම් යුගලක්, කලිසමක් සහ පාවහන් යුවලක් අයත් වේ. රෝග බැක්ටීරියා රෝග ඇමෙරිකන් ෆවුල්බෘඩ් රෝගය… (American Foulbrood Disease – AFB) රෝග කාරකයා වන බැසිලස් ලාවේ (Bacillus larvae) නම් බැක්ටිරියාව ආසාදනය වීම නිසා කීටයන් මිය යාම සිදු වේ. වැඩුණු මීමැස්සන්ට රෝගය වැළඳෙන්නේ නැත. මිය යන කීටයින් ඉවතට ඇද දැමීම නිසාපිලාඅවස්ථාවට පත් වීමට කෝෂ ආවරණය කිරීම සිදු නොවේ. නිරෝගී වදවල ආවරණය කර ඇතිකෝෂ ඉතා කිට්ටුවෙන් ඇසිරී පවතින බැවින් මෙම තත්ත්වය ඒ හා සසදා බලා පහසුවෙන්නිරීක්ෂණය කළ හැක. ආවරණය කල කෝෂවල පිළවුන් ද තද දුඹුරු පැහැයේ සිට කළුපැහැය දක්වා වර්ණය වෙනස් වී තිබෙනු දැකිය හැකිය. මියගිය පිළවුන් තුළට දත්හාරන කූරක් වැනි උපකරණයක් ඇතුල් කර එලියට අදින විට නූලක් මෙන් පිටතට ඇදී එනඅතර එය අතහැරිය විට නැවත ආපසු යයි. මෙම ඇදෙන සුළු ලක්ෂණය මෙම රෝගය තහවුරුකරගත හැකි ක්‍රමයක් වේ. ප්‍රතිකාර මෙමරෝගය පැතිරීම නිසා සීඝ්‍රයෙන් ජනපද විනාශ වන අතර රසායනික ප්‍රතිකාර නොමැතිබැවින් මෙම රෝගය වැළඳූන ජනපද සහ ඒවා රඳවා ඇති උපකරණ සමඟම ගිනිතබා විනාශකිරීම කළ යුතුය. ගිනි තැබීමට පෙර කෘමිනාශයක් යොදා මැස්සන් විනාශ කිරීමසාමාන්‍ය ක්‍රියා පිළිවෙල වේ. සැ.යු -දැනට ශ්‍රී ලංකාවේ මෙම රෝගය දක්නට නොලැබෙන නමුත් වෙනත් රටවල පැතිර පවත්නාබැවින් බාහිරයෙන් මී මැස්සන් හෝ භාවිතා කළ උපකරණ රැගෙන ඒමෙන් වළකින්න. යුරෝපීය ෆවුල්බෘඩ් රෝගය ස්ට්‍රෙප්ටොකොකස්ප්ලූටෝන් නැමති බැක්ටීරියාව ආසාදනයෙන් මෙම රෝගයවැළදෙන අතර ලෝකය පුරාම ව්‍යාප්ත වී පවති. මෙම රෝගය ලංකාවේ ද වාර්තා වී ඇතිරෝගයකි. රෝග ලක්ෂණ:- දින 4-5 වයසේ කීටයින් මියයාම මෙම රෝගයේ ලක්ෂණය වන අතර කීටයින් මිය යාම හේතුවෙන්පිළා වදවල වසා ඇති පිළා කෝෂ ක්‍රමයෙන් නැතිවී යනු දක්නට ලැබේ. මියගියකීටයින් දුඹුරු පැහැයට හැරෙන අතර රබර් මෙන් ඇදෙන සුළු ගතියක් පෙන්වයි.එමෙන්ම මෙම මියගිය කීටයින්ගෙන් ඇඹුල් ද්‍රව්‍ය වලින් විහිදෙන ආකාරයේ ගඳක්වහනය වේ. යුරෝපීය ෆවුල්බෘඩ් රෝගය සඳහා ප්‍රතිකාර මෙමරෝගය බොහෝ විට වැළඳෙන්නේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය අඩු ජනපද වලට වේ.ජනපද වලට ආහාර සපයා ශක්තිමත් කිරීමෙන් බෝවීම වළක්වා ගත හැක. රැජින ඉවත්කරශක්තිමත් අළුත් රැජිනක් ජනපදයට සැපයීම මඟින් ද ජනපද ශක්තිමත් කළ හැක. රෝගයවැළදී ඇත්නම් ටෙරාමයිසින් (ඔක්සිටෙට්‍රාසයික්ලින්) ග්‍රෑම් 1ක් හොදින්සිනිඳු වන තෙක් අඹරාගත් සීනි ග්‍රෑම් 20 කට මිශ්‍රකර වදවලට ඉසීම කරන්න.ස්ට්‍රෙප්ටොමයිසින් ග්‍රෑම් 0.2-0.6 ප්‍රමාණයක් සීනි දියර ලීටර් 4ක කටමිශ්‍රකර සාදාගත් මිශ්‍රණයක් ආහාර වශයෙන් වැඩුන සතුන්ට ලබාදිය හැක. (ප්‍රතිජීවක ලබා දීමේදී පැණිවලට මිශ්‍ර වීම සිදුවිය හැකි බැවින්ආරක්ෂාකාරීව භාවිතා කරන්න) දිලීර රෝග චෝක් බෘඩ් රෝගය (Chalk brood Disease) මෙමරෝගය වැළඳෙන්නේ (Ascosphaera apis)  ඇස්කෝස්පෙරා ඒපිස් නැමති දිලීරයමඟිනි. මෙම දිලීරය අසාදනය වීම හේතුවෙන් කීටයින් ඉදිමීමට ලක්වී මියයයි. මෙමකීටයන් පරික්ෂා කිරීමේ දී ශරීරයේ මතුපිට සුදු පැහැති දිලීර ජාලයක් දක්නටලැබේ. මියගියකීටයන් වියළුන විට සුදු හුණු කූරූ කැබලි මෙන් ස්වාභාවයක් ගනී. මෙම රෝගයචෝක් බෘඩ් නමින් හඳූන්වන්නේ එබැවිනි. කෝෂ ගතව සිට වියළුන කීටයන් දුඹුරු හෝකළු පැහැයක් ගනී. චෝක් බෘඩ් රෝගය සඳහා ප්‍රතිකාර මෙමරෝගයට ප්‍රතිකාර කිරීමට වඩා බෝවීම වළක්වා ගතයුතු රෝගයකි. මේ සඳහා ජනපද වලටආහාර සපයා ශක්තිමත්ව නඩත්තු කර ගැනීම, ජනපදය තුළ තෙත ගතියක් ඇතිවීමවැළැක්වීම සිදු කළ යුතුය. රෝගයේ ආරම්භක අවස්ථාවේ රෝගි වද ඉවත් කර පිටතින්නව පිළා වද එකතු කර ජනපදය නඩත්තු කර ගැනීමෙන් ද රෝගය පාලනය කළ හැක. දැනටමෙම රෝගය ශ්‍රී ලංකාවේ වාර්තා වී නොමැත. වෛරස් රෝග සැක් බෘඩ් රෝගය  (Sac brood Disease) වෛරසයක්මඟින් ඇතිවන මෙම රෝගය කීටයන්ට හානිකරයි. ඒපිස් සෙරානා හා ඒපිස් මෙලිපෙරාවර්ග දෙකම ග්‍රාහීය වේ. ඒපිස් සෙරානා විශේෂ වලට ආවේනික වූ වෛරස් ප්‍රභේදයක්ද තායිලන්තය, ඉන්දියාව, පාකිස්ථානය යන රට වලින් වාර්තා වී ඇත. ආසාදිතකීටයන් මිය යාම සිදු වේ. හිස පෙදෙස කළු පැහැයට හැරේ. කීටයා වද කුහරයේ පතුලටඇලී පවතින අතර කීටයාගේ සම ඝන වීමත් දුඹුරු පාට වීමත් සිදු වේ. ආරම්භකඅවස්ථාවේ මෙලෙස මියයන කීටයින් වැඩකාර මැස්සියන් විසින් ජනපදයෙන් ඉවත් කරනබැවින් පතුලේ ලෑල්ල මත කීටයන් වැටී සිටිනු දැකිය හැක. රෝගී තත්ත්වය උග්‍රවන විට කීටයින් වතුර පිරුණු මල්ලක් ආකාරයෙන් දිස්වේ. මෙම අවස්ථාවේදී වැඩුනසතුන් කැදැල්ල අතහැර පලායාම සිදු වේ. සැක් බෘඩ් රෝගය මර්දනය වෛරස්රෝගයක් බැවින් රසායනික ද්‍රව්‍ය මඟින් මර්දනය කිරීම අපහසුය. ජනපදයේ රැජිනවයස් ගතවීම, ආහාර හිඟවීම ජනපද මෙම රෝගයට පාත්‍ර වීමට ඉවහල් වේ. එහෙයින්ආහාර සපයා ජනපද ශක්තිමත්ව පවත්වා ගැනීම හා නව රැජිනක් හඳුන්වා දීම මඟින්රෝගයට ගොදුරු වීම පාලනය කළ හැක. රෝගයවැළඳුන ජනපද අනිකුත් ජනපද පිහිටි ස්ථානයෙන් වහාම ඉවත් කරන්න. රෝගය වැළදිඇති පිලාවද වළලා දමන්න. වැඩුණු මැස්සන් වෙනත් පෙට්ටියකට මාරු කර හුදකලාවතබන්න. ඔවුන් පිටතට යාම අවම කිරීම සඳහා පෙට්ටිය තුළට සිනි දියර හා පරාගආදේශකයක් සපයන්න. රෝග බෝ වීම මී මැසි පාලකයාගේ අතින් සිදුවන නිසා නිරෝගී ජනපද ඇල්ලීමට පෙර හොදින් සබන් යොදා අත් සෝදා ගන්න. රෝගයවැළඳුන මී මැසි පෙට්ටිය නැවත භාවිතයට පෙර ක්ලෝරෙක්ස් හෝ සබන් ද්‍රාවණයක පැයකීපයක් ගිල්වා තබා වියළා භාවිතයට ගන්න. උතුරන වතුරේ විනාඩි 20ක් පමණ තම්බාගැනීම ද කළ හැක. නිරෝගී ජනපද වලට හොදින් ආහාර සපයා නඩත්තු කරන්න. පළිබෝධ ඉටි පණුවාගේ හානිය මීමැස්සන්ට හානි කරන සතුන් අතුරෙන් ඉටි පණුවා ප්‍රධාන ස්ථානයක් ගනී. ලොව සෑමරටකම මී මැසි පාලකයින්ට මුහුණ දීමට ඇති ප්‍රධාන ප්‍රශ්නය ද මෙයයි. උෂ්ණ වූඝර්ම කලාපීය රටවල ඉටි පණු හානිය අධිකය. වැඩි උෂ්ණත්වයක් වායු ගෝලීයආර්ද්‍රතාවයත් ඉටි පණුවන් බෝවීමට උදව් වේ. මී මැසි ජනපදවලට හානි කරන ප්‍රධාන ඉටි පණුවන් වර්ග දෙකකි. එනම්
  1. ලොකු ඉටි පණුවා (ගැලේරියා මෙලොනෙල්ලා)
  2. කුඩා ඉටි පණුවා (ඇක්‍රොයියා ග්‍රිසෙල්ලා)
පළිබෝධ ලොකු ඉටිපණුවා (Galleria mellonella) මී මැස්සන් සිටින ලොව සෑම රටකම මෙම ඉටි පණුවන් දක්නට ඇත. ලංකාවේ ද මී මැසි ජනපදවලට වැඩි වශයෙන් හානි පැමිණෙන්නේ මෙම සළඹයාගෙනි. වැඩුණුසළඹයෙක් මිලි මීටර් 16-20 ක් පමණ දිගටිය. උරය මහතය. අළුවන් දුඹුරු පැහැයක්ගනී. රාත්‍රි කාලයේ දී ජනපද තුළට ඇතුළු වන ගැහැණු සළඹයෝ ඒ තුල බිත්තර දමති.මී මැසි පෙට්ටිවල අඩියේ ලෑල්ල මත වැටුණු පරාග, ඉටි හා කුණු කසල මත හෝ ලෑල්ලපළුදු වූ ස්ථාන වල රැඳෙන අපවිත්‍ර ද්‍රව්‍ය මත බිත්තර දමයි. වැඩුණුසළඹයෙක් එක ස්ථානයක බිත්තර 50-150 ක් පමණ දමන අතර, සාමාන්‍යයෙන් බිත්තර 500-600 දක්වා ප්‍රමාණයක් දැමීමට හැකියාවක් ඇත. උෂ්ණ දේශගුණික තත්ත්වයන්යටතේ (20-350C) දින 3-5 අතර කාලයේ දී බිත්තර පුපුරයි. බිත්තරසුදු හෝ කිලුටු සුදු පැහැති හෝ ලා රෝස පැහැතිය. බිත්තරයෙන් පිටවන කීටයාකිලුටු සුදු පැහැය ගනී. ඉටි හා පරාග ආහාර කර ගන්නා මෙම කීටයන් එම මාධ්‍යයමත ජීවත් වෙමින් දින 10ක් තුළ දීවිශාල වේ. කෝෂ ගතවීම සිදුවන්නේ සාමාන්‍යයෙන්දින 18-19 අතරදීය. උෂ්ණාධික ප්‍රදේශවල මෙම කීටයෝ මී මැසි කීටයින් ආහාර කරගනී. සම්පූර්ණයෙන් වැඩුණු කීටයෙක් මිලි මීටර් 26-28ක් පමණ දිගය. පළමු කීටඅවස්ථාව අඩියේ ලෑලි මත ජීවත් වුව ද, පසුව මී වද වලට ඇතුලු වී වද කෑමට පටන්ගනී. කෝෂ ගතවන අවස්ථාවට පැමිණීමෙන් ආහාර මාධ්‍යයෙන් ඉවත් වී මී මැසිපෙට්ටියේ කොටස් මත කෝෂ ගත වේ. මෙම කෝෂ මිලි මීටර් 12-20 ක් පමණ දිග වන අතරසුදු පුළුන් වැනි ද්‍රව්‍යකින් ආවරණය කරනු ලැබේ. සම්පූර්ණ ජීවන චක්‍රය සති 4-6 ක් පමණ වේ. කුඩා ඉටිපණුවා (Achroia grisella) මෙමසළඹයින් ද ලොව සෑම රටකම පාහේ ව්‍යාප්ත වී ඇත. මෙම සළඹයින් ඉතාමත් කුඩාය.මිලි මීටර් 10-12ක් පමණ දිගය. ලා දුඹුරු හෝ රිදීවන් පැහැතිය. හිස වෙන්වශයෙන් පැහැදිලිව පෙන්නුම් කෙරේ. ගැහැණු සලඹයෙක් දින 7ක් ජීවත් වන අතරබිත්තර 250-300 ක් දමන්නීය. කීටයින් සුදු පාටය. ඉතාමත් කුඩාය. දුඹුරු හෝකළු පැහැති හිසක් ඇත. සම්පූර්ණයෙන්ම වැඩුණු කීටයකු මිලි මීටර් 20ක් පමණදිගය. කුඩා කළ මෙම කීටයින් මී වදවල මැද අක්ෂය දිගේ ගමන් කරමින් මී මැසිකීටයින්ට සපයනු ලබන රාජ ජල්ලි ආහාර කර ගනී. මෙසේ වූ විට කීටයින් අකාලයේමැරී යාම සිදුවේ. කෝෂ ගත කීටයින්ගේ ඇස් දුඹුරු පැහැය වී කෝෂය තුළම මැරීසිටීම කුඩා ඉටි පණු හානියේ එක් ලක්ෂණයකි. මෙම ඉටි පණුවාගේ කීටයින් බොහෝ විටකෝෂ ගත වන්නේ ආහාර කරගත් මී වද මතය. අසූචි වලින් වටවූ කෝෂ කැදලි වශයෙන්සකස් කර ගැනීම විශේෂ ලක්ෂණයකි. ඉටිපණු සළඹයා මර්දන ක්‍රම ඉටිපණුවන් බෝ වීමෙන් පසු මර්දනය කිරීම අසීරු කරුණකි. එබැවින් බෝවීම වැලැක්වීම, හොඳ මී මැසි පාලකයෙකුගේ යුතුකමක් වන්නේය. බොහෝ විට ඉටි පණු හානිය ඇතිවන්නේ දුර්වල, අපිරිසිදු තත්ත්වයේ පසුවන මී මැසි ජනපදවලටය. එබැවින් පහතසඳහන් කරුණු අනුව ක්‍රියා කිරීමෙන් ඉටිපණු හානිය වළක්වා ගැනීමට පුළුවන.
  • සෑම විට මී මැසි පෙට්ටියේ අඩියේ ලෑල්ල තබා ගැනීම
  • මී මැසි ජනපද ආහාර සපයා ශක්තිමත්ව නඩත්තු කිරීම
  • පැරණි හා මී මැස්සන් නොමැති වද හා පැණි අවසානයේ හිස් පැණි වද ඉවත් සුරක්ෂිතව අසුරා තැබීම
  • ඉටිපණු සළඹයා නිසාචරයකු බැවින් රාත්‍රී කාලයේමී මැසි පෙට්ටියේ දොරටුව සිහින් දැල් කැබැල්ල
ආවරණය කිරීම හෝ එක් මී මැස්සෙකුටගමන් කළ හැකි ප්‍රමාණයට ඉඩ තබා ඇතුලුදොරටුව ආවරණය කිරීම කළ හැකිය.
  • හිදැස් හෝ පළුදු වූ මී මැසි පෙට්ටි භාවිතනොකිරීම
  • ඉටි පණුවන් සහිත වද ඇත්නම් ඒවාඉවත් කර නොපමාව ඉටි උණු කර ගැනීමටකිරීම හෝ උණු වතුරේ දමා එම පණුවන් විනාශකිරීම
  • හානි කර ඇති වද කේෂ්ත්‍රයේ නොදමා වලක් කපා වළලාහෝ පුළුස්සා දැමීම
පරපෝෂිත මයිටා ආසාදනය වැරෝවා ජැකොබ්සෝනි හානිකරනු ලබන මායිටා විශේෂය වැරෝවා ජැකොබ්සෝනි නමින් හැඳින්වේ. මෙම මයිටාවන්ආසියානු හා යුරෝපීය මී මැසි විශේෂ දෙකටම හානි පමුණුවයි. වැරෝවා මයිටාවන්රතු දුඹුරු පැහැයෙන් යුතු ඉතා කුඩා නමුත්, පියවි ඇසට දැකිය හැකිකිනිතුල්ලන් විශේෂයකි. මෙම කිනිතුල්ලන් සුහුඹුල් සතුන්ගේ උරස හා උදරයසම්බන්ධ වන ස්ථානයේ හා හිස හා උරස සම්බන්ධ වන ස්ථානවල එල්ලී ලේ උරා බොයි.කීට කෝෂ තුළ දීකීටයින්ගේ යුෂ උරා බොනු දැකිය හැකිය හැක. මෙසේහානියට ලක්වූ කීටයින් සුහුඹුල් සතුන් බවට පත්වන විට ඔවුන්ගේ පාද, පියාපත් හෝ ශරීර කොටස් අඩුවෙන් තිබෙනු දැකිය හැක. හානිය උග්‍ර වූ විටමැස්සන් ජනපදය අතහැර යාම සිදු වේ. දේශීය මී මැස්සා මෙම කිනිතුලු හානියටඔරොත්තු දෙයි. මර්දනයසඳහා මයිටානාශක යොදගත හැකි නමුත් මී මැස්සන්ට ද එහි අහිතකර බලපෑම් ඇතිවියහැක. තදබල ආසාදනයක  1% ෆෝමික් ඇසිඩ් ද්‍රාවණයක පොඟවා වියලා ගත් තින්ත පොවනකඩදාසි තීරු වද අතර රැඳවීමෙන් මයිටාවන් මැස්සන්ගේ ශරීරවලින් ඉවත් කළ හැක. මෙම ඉවත් වන සතුන් පතුලේ ලැල්ල මත වැටී සිටින නිසා පතුලේ ලෑල්ල දිනපතා හොදින් පිරිසිදු කළ යුතුය. වෙනත් පළිබෝධ මර්දනය සඳහා
  • ආධාරක කණුව වටා ප්‍රදේශය වල් පැළෑටි වලතොරව පවත්වා ගැනීම
  • කුහුඹුවන් ඇතුල්වීම වැළැක්වීමට කණුව වටා ජලයෙඳීම, කණුවේ ග්‍රීස් ආලේප කිරීම, අළුවැනි උපක්‍රම භාවිතා කිරීම
  • මී මැසි පෙට්ටියට ආසන්නයේ පිහිටි අතු රිකිලිකපා දැමීම
  • ආහාර සඳහා සීනි දියර පෙට්ටිය ඇතුලත තැබීම
  • දෙඹරුන්ගේ හානි ඇත්නම් දෙඹර කැදැලිවිනාශ කිරීම හා දෙඹරුන්ට ඇතුළු විය නොහැකි සේ දැළකින් පෙට්ටිය ආවරණය කිරීම
මී මැසි නිෂ්පාදන මී පැණි‚ ශාකවලපුෂ්ප තුළ පිහිටි මධු කෝෂ හා පුෂ්පමය නොවන ශාක කොටස් තුළින් ලබා ගන්නාපිනිමය ද්‍රාවණ හෙවත් මධු, මී මැස්සාගේ ආහාර මාර්ගය තුළ දීජීර්ණයට භාජනය වීනිපදවනු ලබන සරළ සීනි අඩංගු සාන්ද්‍ර සීනි ද්‍රාවණය මී පැණි‚ නමින්හැදින්වේ. මීමැස්සා මී පැණි නිපදවීම සඳහා ශාකවලින් මෙන්ම කුඩිත්තන් වැනි සතුන් විසින්පිට කරනු ලබන පැණි රස ශ්‍රාවයන් ද උපයෝගී කර ගන්නා බව සොයාගෙන ඇත. මෙසේ මීමැස්සාගේ ආමාශය තුළට රැස්කර ගන්නා සීනී ද්‍රාවණ සංකීර්ණ සීනි වලින් සමන්විතවේ. (උදාඃ සුක්‍රෝස්) ආමාශය තුළදීඉන්වටේස් එන්සයිමය මඟින් මෙම සීනි සරළසීනි බවට පරිවර්ථනය කෙරේ.
අඩංගු ද්‍රව්‍ය ප්‍රතිශතය
ජලය 17.2% – 22.9%
ලෙවියුලෝස් (ෆ්රක්ටෝස්) 30.9% – 43.3%
ඩෙක්ස්ට්‍රෝස් (ග්ලූකෝස්) 22.9% – 40.7%
සුක්‍රෝස් 0.2% – 7.6%
ඩෙක්ස්ට්‍රීන් 0.1% – 3.8%
අළු 0.02% – 1.028%
නිදහස් අම්ල 0.13% – 0.92%
නයිට්‍රජන් 0.00% – 0.133%
මී පැණිවල භෞතික ලක්ෂණ
  • ඝනත්වය 410 – 1.435 (200ක් උෂ්ණත්වය)
  • සෙමින් ගලා යන උකු ද්‍රාවණයකි.
  • මී පැණි වල අඩංගු ජල ප්‍රතිශතය (18%-21%) බැවින් වායුගෝලයේ ඇති ජල වාෂ්ප උරා ගනී
  • අඩු උෂ්ණත්වයේ දීජලය හා ග්ලූකෝස් ප්‍රමාණය අතර අනුපාතය වැඩිවන විට ඉක්මනින්
බවට පත් වේ. (ග්ලූකෝස්/ජලය අනුපාතය 1.6 2.5 අතර වෙනස් වේ.)
  • ද්‍රවය තුළ උෂ්ණත්වය පරිවහනය ඉතාසිදුවේ.
ඖෂධීය ගුණ
  • ශරීර ශක්තිය ඉක්මනින් වර්ධනය කරයි.
  • ළදරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
  • පිළිස්සීම් හා තුවාල සුව කරයි.
  • ස්වසන පද්ධතියේ රෝගවලට ඖෂධයකි.
  • ආහාර මාර්ගයේ තුවාල, ආමාශයේ තුවාල, උගුරේ ආබාධ සුව කරයි.
  • බැක්ටීරීයා හා දිලීර නාශක ගුණයෙන් යුක්තයි.
  • විරේක ගුණයෙන් යුක්තයි.
  • අතීසාරය, පාචනය වැනි රෝග සුව වේ.
  • සන්ධි රෝග, පීනස් රෝග හෘදයාබාධ වලට ගුණයි.
මී ඉටි මී ඉටිනිපදවනු ලබන්නේ මී මැස්සාගේ උදරයේ යටි පැත්තේ පිහිටා ඇති ඉටි ග්‍රන්ථි තුළවේ. මී වදය බැදීම සඳහා මෙම ඉටි උපයෝගි කරගන්නා අතර වද කැබලි සූර්ය තාපය හෝහුමාලය යොදා උණුකර මී ඉටි නිස්සාරනය කරගත හැක. අතීතයේ සිටම මී ඉටි විවිධ කර්මාන්ත සඳහා යොදා ගැනීමට මිනිසා පුරුදුව සිටින බැවින් මී ඉටි සඳහා විශාල ඉල්ලුමක් පවතී. භෞතික ලක්ෂණ පිරිසිදු මී ඉටි ලා කහ පැහැයෙන් යුක්තය. 630ක් දීඉටි ද්‍රව බවට හැරෙයි. අපිරිසිදු ද්‍රව්‍ය එකතු වු විට අඳුරු පැහැයක් ගනී. සංයුතිය මී ඉටිවල විශාල දාම වලින් යුත් මේද අම්ලවල ස්ථර අඩංගු වේ. මේ හැරුණ විට කාබනික අම්ල, හයිඩ්‍රෝ කාබන් හා ඇල්කොහොල් වර්ග අඩංගු වේ. මී ඉටියනු මී මැසි පාලනයේ දීලැබෙන අමතර නිෂ්පාදනයකි. මී ඉටි අලෙවියෙන් අමතරආදායමක් උපයාගත හැක. මී ඉටි බතික් කර්මාන්තයේ දීද, අලේපන නිෂ්පාදන, ඉටිපන්දම් නිෂ්පාදනය, පොලිෂ් හා තීන්ත වර්ග නිෂ්පාදනය, වඩු කර්මාන්තයේ දී, විදුලි භාණ්ඩ හා විද්‍යාත්මක භාණ්ඩ නිෂ්පාදනයේ දීහා රූපලාවන්‍ය අලේපනසඳහාත් යොදා ගැනේ. මී මැසි පාලකයින් විසින් මී වද අත්තිවාරම් සෑදීම සඳහා මීඉටි යොදා ගනී. එම වද අත්තිවාරම් යොදා ගැනීමෙන් වද බැදීම ඉක්මන් කළ හැක. මී ඉටි නිස්සාරය මීමැස්සාගේ ශරීරයේ නිපදවන මී ඉටි යොදා මී වද සකසා ඇත. ඒ හෙයින් ජනපද වලින්ඉවත් කරන පැරණි මී වද භාවිතයේ දීකැඩී ඉවත් වන මී වද කැබලි, මැස්සන් ඉවත්වගිය ජනපදවල ඉතිරි වී ඇති වද හා පැණි‚ නිෂ්පාදනයේ දීඉවත් කරන ඉටි පියන් තහඩුමී ඉටි නිස්සාරණයට යොදාගත හැක. සූර්යය තාපය මඟින් මී ඉටි නිස්සාරණය මෙහිදීසූර්යතාප ඉටි නිස්සාරකය යොදා ගැනේ. මෙම උපකරණය සාදා ඇත්තේ වීදුරු පියනක් සහිතපෙට්ටියක් තුළ වද කැබලි ඇසිරීමට ආනතව තැබූ කළු පැහැති තීන්ත ආලේප කරන ලදගැල්වනයිස් තහඩුවක් සහ සූර්යය තාපයෙන් දිය වී ගැල්වනයිස් තහඩුව දිගේ ගලා එනමී ඉටි රැස් කිරීම සඳහා යොදා ඇති ගැල්වනයිස් තහඩුවෙන්ම නිමවන ලද කුඩුපෙට්ටියක් වැනි භාජනයක් ඇතුලත් කිරීමෙනි. මෙම උපකරණය තුළට වද කැබලි දමා අව්වේ තැබීමෙන් ඉටි නිස්සාරණය කර ගත හැක. වාෂ්පීකරණයෙන් මී ඉටි නිස්සාරණය
  • භාජනයකට ජලය දමා එයට උඩින් කුඩා සිදුරු සහිත දැල් කැබැල්ලක් තබා ඒ මත වද කැබලි තබන්න. වද කැබලි තවත් භාජනයකින් වසන්න.
  • භාජනය ලිප තබා ජලය රත් කරන්න. රත් වූජල වාෂ්පවලින් ලැබෙන උෂ්ණත්වයෙන් ඉටි උණු වීම සිදුවේ. දිය වූ ඉටි භාජනයේඇති ජලයට එක් වේ. වද කැබලි වල ඇති අපද්‍රව්‍ය දැල මත ඉතිරි වීම සිදුවේ.
  • ජල භාජනය ලිපෙන් ඉවත් කර සිසිල් වීමට තැබූ විට එහි මතුපිට ඉටි තැන්පත් වීම සිදු වේ. ජලය සිසිල් වූ විට ඉටි ඉවත් කර ගන්න.
උණු ජලයේ මී ඉටි නිස්සාරණය පිරිසිදුවතුර භාජනයක් උණු කර ගන්න. පසුව මී ඉටි කැබලි දුහුල් රෙදිකඩක හෝ නෙට්රෙද්දක ඔතා පොට්ටනියක් ලෙස සාදා උණු කරගත් ජලයේ දෙතුන් වරක් ගිල්වන්න. එවිටඋණු ජලයේ මී ඉටි දියවේ.ජලය සිසිල් වූ විට මතුපිට රැදීඇති ඉටි වෙන්කර ගතහැකි වේ. ඉටි කැබලි වල අපද්‍රව්‍ය රෙදිකැබැල්ලේ ඉතිරි වේ. මී විෂ මීමැස්සියගේ උදරයේ පිටුපස කොටසේ පිහිටා ඇති විෂ නිපදවීමේ ග්‍රන්ථීය තුළනිපදවන මෙම ශ්‍රාවය මී මැස්සා පහර දීමේ දීශරීරයේ පිටුපස කෙළවරේ ඇති විතතුළින් මිනිසාගේ සමට ඇතුළු වේ. මැස්සාගේ විෂ මඟින් වේදනාව ඇති කරන අතර සමරත් පැහැ වීම, ඉදිමීම හා කැසීම ඇති වේ. හානියේ ප්‍රමාණය පුද්ගලයින්ගේ ශරීරතත්ත්වය මත සහ ඇතුල්වන විෂ ප්‍රමාණය මත වෙනස් වේ.විත විද්‍යාත්මකවදීහැකිඉක්මනින් සමේ ඇමිණී ඇති විෂ ගලවා ඉවත් කිරීමෙන් සමට ඇතුල් වන විෂ ප්‍රමාණයඅඩු කර ගත හැක. ප්‍රයෝජන මීමැස්සාට සුළු විදුලි සැරයක් ලබාදීම මඟින්විෂ රැස්කර ගත හැක. මෙලෙස රැස්ගන්නාවිෂ ආතරයිටිස් හා රූමැටික රෝග සඳහා එන්නත කිරීමෙන් ඖෂධයක් වශයෙන්භාවිතා කරයි. මීමැස්සා සෘජුවම මිනිසුන්ට දෂ්ඨ කිරීම මඟින්විෂ ඇතුල් කර රෝග සුව කිරීමේක්‍රමයක් ද ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී මෙය මී විෂ චිකිත්සාව නමින්හැදින්වේ. මේ මඟින් ස්නායු දුර්වලතා සහ සන්ධි රෝග සුව කළ හැකිය. රාජ ජල්ලි මීමැස්සාගේ හිසේ පිහිටා ඇති හයිපොපෙරන්ජියල් ග්‍රන්ථිය මඟින් රාජ ජල්ලිනිෂ්පාදනය කෙරේ. මෙය ළපටි වැඩකාර මැස්සියන් (දින 5 – 14 වයස) බහුලවනිෂ්පාදනය කරන අතර කීටයන්ට ආහාර වශයෙන් ලබාදේ. ලා කහ පැහැයෙන් යුතු උකුශ්‍රාවයකි. මෙය සතුන් විසින් නිපදවන කොලෙස්ට්‍රම් හෙවත් මුල් කිරි වලට සමානවේ. පෝෂණ ගුණයෙන් ඉහළ බැවින් රාජ ජල්ලි ආහාරයට ගැනීමට මිනිසුන් වැඩිරුචිකත්වයක් දක්වයි. එබැවින් වෙළඳ පොළේ ඉතාමත් මිල අධික නිෂ්පාදනයකි. පැටවුන්ට ආහාර වශයෙන් වද කුහර තුළ රාජ ජල්ලි තැන්පත් කරනු ලැබේ. රැජින කීටයන්ට ලැබෙන රාජ ජල්ලි ප්‍රමාණය අධිකය. රාජ ජල්ලි
අඩංගු ද්‍රව්‍ය ප්‍රතිශතය
ජලය 68%
සීනි 8.5%
ප්‍රෝටීන් 12%
මේද 5.6%
අළු 0.8%
විටමින් ඊ සංකීර්ණය බහුලය
රාජජල්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඉක්මන් වර්ධනය, රෝග වලට ප්‍රතිශක්තිය ඇතිවීම, ශරීර ශක්තිය වැඩිවීම, ළමයින්ගේ මොලයේ වර්ධනය සිදුවන බව විශ්වාස කෙරේ. පරාග මීමැස්සන් විසින් රැස්කර රැගෙන එන පරාග ඖෂධීය ආහාරයක් වශයෙන් මිනිසාප්‍රයෝජනයට ගනී. පරාග රැගෙන මැස්සන් මී මැසි පෙට්ටියට ඇතුල් වන ස්ථානයටවිශේෂයෙන් සකස් කරන පරාග උගුලක් සවිකිරීමෙන් මී මැස්සාගේ පාදවල රඳවාගෙන ඇතිපරාග කැටිති වැටීමට සලස්වා, ඒවා එකතු කර ගැනීම කළ හැක. රැස්කර ගත් පරාගකැටිති අධි ශීතකරණ වල වියළා බෙහෙත් කරල් ආකාරයට සකස් කර අලෙවි කිරීම කරනුලැබේ. පරාග වල අඩංගු පෝෂක
  1. ඇමයිනෝ අම්ල – සියලුම සරළඅම්ල අඩංගු වේ.
  2. විටමින් – විටමින් ඒ, විටමින් බී වලසංකීරණය, විටමින් සී හා ඊ අඩංගු වේ.
  3. ඛනිජ – පොස්පරස්, සල්ෆර් මැන්ගනීස්, මැග්නීසියම්කැල්සියම්, තඹ,පොටෑසියම්, යකඩ, සිලිකා.
පරාග ආහාරයට ගැනීමේ ප්‍රයෝජන
  1. පරාග වල ඇති එන්සයිම ආහාර රුචිය වැඩි කරයි
  2. මන්ද පෝෂණය දුරලයි
  3. ආමාශ හා වකුගඩු රෝග වලට ගුණයි
  4. නීරක්තිය දුරලයි
  5. ප්‍රතිජීවක ගුණයෙන් යුක්තයි