කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රථම දෙමහුමන් මිරිස් ප්‍රභේදයේ බීජ නිෂ්පාදනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිපදවන ලද ප්‍රථම දෙමහුන් මිරිස් ප්‍රභේදය වන MICH-1 බීජ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා, අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ ආරක්ෂිත ගෘහ තුල වගාවන් නිරීක්ෂණයක්, ගුවන් විදුලි ගොවි සේවාව විසින් 2021.08.05 දින සිදුකරන ලදී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රාජකාරි අරඹයි . . . කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙතින් පත්වීම් ලද, ආචාර්ය අජන්ත ද සිල්වා මහතා, අභිනව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  ලෙස 2021.08.02 දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී රාජකාරි අරඹන ලදී.