Sinhala: HORDI Division5-Soil and Plant Nutrition

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංශ

පාංශු සහ ශාක පෝෂක අංශය

පාංශු හා ශාක පෝෂණය අංශයෙහි ප්‍රධාන වශයෙන් පාංශු හා , ශාක පෝෂක කළමනාකරණය, කාබනික ගොවිතැන, පාරිසරික දූෂණය, ආහාර සුරක්‍ෂිතතාව, පාංශු ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ එළවළු වලට අදාළ පාංශු භෞතික ගුණාංග  පිළිබඳ පර්යේෂණ සිදුකරන ලදී. ආහාර බෝග අංශයේ පස් පරික්ෂා කර පොහොර නිර්දේශය ලබාදීම එම වැඩසටහන ප්‍රචලිත කිරීම හා ඒ සදහා ගොවින් උනන්දු කරවීම සිදුකරයි. අංශය මගින් පාංශු, පැලෑටි, ජලය, රසායනික පොහොර, කොම්පෝස්ට් හා වෙනත් කාබනික පොහොර සඳහා විශ්ලේෂණ සේවා සපයන අතර ඒවා භාවිතා කිරීම පිළිබඳ උපදෙස් ලබාදෙයි. පාංශු සාරවත් බව සහ ශාක පෝෂණය, නිවැරදි පොහොර භාවිතය, පාංශු පෝෂක කළමනාකරණය පිළිබඳව හා  කාබනික ගොවිතැන පිලිබදව ගොවීන්, සිසුන්, ව්‍යාප්ති නිලධාරීන් සහ ඒ සදහා උනන්දුවක් දක්වන මහජන පුද්ගලයින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමද මෙම අංශය විසින් සිදුකරනු ලැබේ. තවද රසායනාගාර විශ්ලේෂණ කටයුතු සදහා විශ්වවිද්‍යාල හා ඩිප්ලෝම සිසුන් පුහුණු කිරීමද, විශ්ව විද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සදහා අවශ්‍ය කටයුතු සිදුකිරීමද මෙම අංශය මගින් සිදු කරයි. මෙම අංශය පාංශු, පැළෑටි, ජලය , රසායනික හා කාබනික පොහොර විශ්ලේෂණාගාර සහ ක්ෂුද්‍ර ජීවි විද්‍යා විශ්ලේෂණාගාරයකින්ද සමන්විත වේ. අත්‍යවශ්‍යය පාංශු රසායනික, භෞතික හා ක්ෂුද්‍ර ජීවී ගුණාංග මැනීම සඳහා අවශ්‍යය උපකරණ වලින් මෙම අංශය සමන්විත වේ.

 

pH, විද්‍යුත් සන්නායකතාවය , පොස්පරස්, පොටෑසියම්, ක්ෂුද්‍රපෝෂක (Fe, Cu, Mn, Zn), ද්වීතික පෝෂක (Ca, Mg), පාංශු හා පොහොරවල ඇති සම්පූර්ණ ලෝහ බැර සදහා (Cd, Cr, Pb, Fe, Cu, Mn, Zn ) සහ රසායනික පොහොරවල  මුළු නයිට්‍රජන් , මුළු පොස්පරස්, මුළු පොටෑසියම්, තෙතමනය  සහ බැර ලෝහ (Fe, Cu, Mn, Zn, Pb, Cd, Cr, As) අගයන් විශ්ලේෂණයන් සඳහා ප්‍රතීතනය සහතික ලබා  ඇත,

පර්යේෂණ සහ ප්‍රකාශන

පාංශු සහ ශාක පෝෂක අංශයේ  පර්යේෂණ හා ප්‍රකාශන

වැඩි විස්තර >>

සේවාවන්

  • පාංශු නියැදි විශ්ලේෂණය
  • පොහොර නියැදි විශ්ලේෂණය
  • කොම්පෝස්ට් විශ්ලේෂණය
  • ජල සාම්පල විශ්ලේෂණය
  • ශාක නියැදි විශ්ලේෂණය
  • විශේෂ පොහොර වල කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම
  • විශ්ව විද්‍යාල සිසුන්ගේ පර්යේෂණ සිදු කිරීම
  • පුහුණු වැඩසටහන් (පාසැල් හා විශ්වවිද්‍යාල)
  • පුහුණු වැඩසටහන (ඩිප්ලෝමා සිසුන්)
  • කාබනික ගොවිතැන පිළිබඳ පුහුණුව

වැඩි විස්තර >>

ක්‍රියාකාරකම්

  • නව තාක්‍ෂණය හඳුන්වා දීමෙන් පොහොර භාවිතය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම.
  • කාබනික කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම හා ඊට අදාළ තාක්ෂනයන් බිහි කිරීම
  • කොම්පෝස්ට්ස කස්කිරීමේ තාක්ෂණය හඳුන්වාදීම
  • පස් පරීක්ෂා කර පොහොර නිර්දේශ ලබාදීම සහ විවිධ ක්ෂේත්‍ර ගැටළු නිරාකරණය සදහා ශාක විශ්ලේෂණ සිදුකිරීම.
  • පාංශු , ජලය ,පොහොර හා ආහාර බෝග වල බර ලෝහ විශ්ලේෂණය සිදුකරයි.
  • ශාක සාම්පලවල ක්ෂුද්‍ර පෝෂක, ද්වීතික පෝෂක පරීක්ෂා කිරීම
  • පාංශු සහ ශාක පෝෂක කළමනාකරණය හා පාංශු ක්ෂුද්‍රජීව විද්‍යාව පිලිබඳ පර්යේෂණ සිදු කිරීම

අංශයේ නිලධාරීන්

එන්.ආර්.එන් සිල්වා මිය

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (පාංශු විද්‍යා)

කේ.කේ.කේ.නවරත්න මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)