Sinhala: HORDI Division6-Food Contaminant Analytical

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංශ

මධ්‍යම විශ්ලේෂණ රසායනාගාරය

මෙම අංශයේ ප්‍රධාන විෂය පථය වන්නේ ආහාර අපවිත්‍රකම් දූහක පිළිබඳ විශ්ලේෂණ සිදුකිරීමයි. ඒ අනුව පළිබෝධනාශක අවශිෂ්ඨ සහ බැර ලෝහ ඇතුළුව අංශු මාත්‍ර මුලද්‍රව්‍ය සඳහා වූ විශ්ලේෂණ වෙනවෙනම රසායනාගාර දෙකක අඛණ්ඩව සිදු කෙරේ. පළිබෝධනාශක සංයෝග සඳහා පරීක්ෂණ ද වෙනම රසායනාගාර අංශයකින් සිදු කෙරේ.

 

රසායනාගාරයේ ධාරිතාව සැලකිල්ලට ගනිමින්, පළිබෝධනාශක අවශිෂ්ඨ විශ්ලේෂණය හෝ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය විශ්ලේෂණය සඳහා දිනකට සාම්පල හතළිහක් (40) පමණ විශ්ලේෂණය කළ හැකිය. පළිබෝධනාශක හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් පළිබෝධනාශක අවශිෂ්ඨ ලෙස විශ්ලේෂණය කළ හැකි අතර ආසනික් (As), මර්කරි (Hg), කැඩ්මියම් (Cd) සහ ඊයම් (Pb) වැනි බොහෝ විෂ සහිත බැර ලෝහද ඇතුළුව අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 14 ක් විශ්ලේෂණය කළ හැකිය. LC-MS / MS, GC-MS, ICP-MS, HPLC, FTIR සහ GC වැනි ඉහළ මට්ටමේ උපකරණ ඇතුළුව උපකරණ 85 කට ආසන්න ප්‍රමාණයක් රසායනාගාරයේ ස්ථානගත කර  ඇත.

පර්යේෂණ සහ ප්‍රකාශන

මධ්‍යම විශ්ලේෂණ රසායනාගාරයේ  පර්යේෂණ හා ප්‍රකාශන

වැඩි විස්තර  >>

සේවාවන්

  • පලතුරු, එළවළු, සහල් සහ ජලය යන ආහාර ද්‍රව්‍යවල පළිබෝධනාශක අවශිෂ්ඨ විශ්ලේෂණය
  • පලතුරු, එළවළු, සහල් සහ ජලය යන ආහාර ද්‍රව්‍යවල අංශු මාත්‍ර මුලද්‍රව්‍ය විශ්ලේෂණය
  • පළිබෝධනාශකවල අපද්‍රව්‍ය ලෙස පවතින බැර ලෝහ විශ්ලේෂණය
  • උපාධි අපේක්ෂක සිසුන් හා අනෙකුත් සිසුන් සඳහා  පුහුණුවීම් ලබාදීම  හා පර්යේෂණ අධ්‍යනයන් පැවැත්වීම.
  • පළිබෝධනාශක සඳහා තත්ත්ව විශ්ලේෂණය.

සටහන: ගාස්තු ව්‍යුහය ලබා ගැනීමෙන් පසු බාහිර ස්ථාන සඳහා සේවාවන් ලබා දෙනු ලැබේ

අංශයේ නිලධාරීන්

සි. මාගමගේ මිය

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (විශ්ලේෂණ රසායන විද්‍යා)

පී.ඩබ්.වයි. ලක්ෂානි මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)