Sinhala: HORDI Division3-Agronomy

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංශ

ශෂ්‍ය විද්‍යා අංශය

මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ එළවළු, අල බෝග හා මල් වගාවේ නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහල නැංවීමේ මුලික අරමුණ ඉටුකරනු වස් ශෂ්‍ය විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමයි. අංශය මගින් හදුන්වාදෙන ශෂ්‍ය විද්‍යාත්මක තාක්ෂනයන් භාවිත කරමින් එළවළු, මල් හා අල බෝග වල විභව සහ සත්‍ය අස්වනු හා ගුණාත්මය අතර වෙනස අවම කිරීම සදහා අප විසින් කටයුතු කරමින් සිටින අතර ඒ මගින් සමස්ථ එළවලු, අල හා මල් ජාතික නිෂ්පාදනය ඉහල නැංවීමට කටයුතු කරමු. තවද මෙම අංශය මගින් බෝග වගාවට සම්බන්ධ විවිධ සේවා ජනතාවට සපයන අතර , එළවළු, මල්, අල බෝග වගාවේ ශෂ්‍ය විද්‍යාත්මක උපදෙස් හා ගෙවතු වගා උපදෙස් ඒ අතර ප්‍රමුඛ වේ.

පර්යේෂණ සහ ප්‍රකාශන

ශෂ්‍ය විද්‍යා අංශයේ පර්යේෂණ සහ ප්‍රකාශන 

වැඩි විස්තර  >>

සේවාවන්

  • ගොවීන්ගේ ඉල්ලුම මත සාම්ප්‍රදායික එළවළු ප්‍රභේද  වල රෝපණ ද්‍රව්‍ය  හා බීජ සැපයීම.
  • එළවළු පිළිබඳ ගොවීන්ගේ ගැටළු විසඳීම
  • ව්‍යාප්ති අංශ විසින් ඉල්ලා සිටින පර්යේෂණ පිළිබද  සංවාද සඳහා සහභාගී වීම.
  • පූර්ව සෘතු පුහුණු වැඩසටහන් සඳහා දේශනවලට සහභාගී වීම සහ පැවැත්වීම

අංශයේ නිලධාරීන්

ඩි.පි.කරුණානන්ද මිය

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (ශෂ්‍ය විද්‍යා)

කේ.ඒ.ඩී.එස්.ඩී. කහදවආරච්චි මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ.එච්.එස්.ටී. දේශබන්දු මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එච්.එම්.පී.ටී.කේ. හෙට්ටිගෙදර මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)