Sinhala: HORDI Sub Institute2-SitaEliya

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතන

කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය - සිතාඑළිය

සීතාඑළිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය, ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ස්ථානයකි. අර්තාපල් සහ කැරට් වැනි එලවළු බෝග අභිජනනය සිදු කිරීම, වැඩිදියුණු කල ශෂ්‍ය විද්‍යා ක්‍රම මඟින් අස්වනු වැඩිකිරීම, යහපත් කෘෂි පිලිවෙත් මඟින් රෝග පලිබෝධ  හා පාංශු පෝෂක කළමණාකරනය කිරීම මෙම ආයතනයේ ප්‍රධාන පර්යේෂණ කාර්යයන් වේ. එමෙන්ම දේශීය බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අර්තාපල් පටක රෝපිත පැල නිෂ්පාදනය, අර්තාපල් කුඩා ආකන්ද නිෂ්පාදනය ද සිදු කෙරේ.

ක්‍රියාකාරකම්

  • දේශීය වශයෙන් ඉහළ අස්වැන්නක් ලබන අර්තාපල් සහ කැරට් ප්‍රභේද සංවර්ධනය කිරීම.
  • අර්තාපල් නිෂ්පාදනය, බීජ අර්තාපල් නිෂ්පාදනය සහ ලීක්ස්, ගෝවා, බ්‍රොකෝලි, සලාද කොළ, නෝකෝල්, බීට් ආදිය සඳහා කෘෂිකාර්මික තාක්ෂණය දියුණු කිරීම.
  • අර්තාපල් සහ අනෙකුත් විදේශීය එළවළු සඳහා ඵලදායි පළිබෝධ සහ රෝග පාලන පියවරයන් සංවර්ධනය කිරීම හා ඇගයීම.
  • නිර්දේශ කිරීම සඳහා වාණිජ අර්තාපල් සහ ඉහළ රටක එළවළු වර්ග ඇගයීම
  • අර්තාපල් සහ අනෙකුත් ඉහළ එළවළු සඳහා නව දිලීර නාශක, කෘමිනාශක සහ වල් නාශක ඇගයීම.
  • අර්තාපල් සහ ඉහළ විදේශීය එළවළු සඳහා පොහොර ඇගයීම
  • අර්තාපල් බැක්ටීරියා මැලවීම, නෙමටෝඩාවන් සහ පාංශු ඛනිජ එන්පීකේ සඳහා පාංශු පරීක්ෂණ
  • රෝග හා පළිබෝධ රහිත , පටක රෝපිත අර්තාපල් පැල නිෂ්පාදනය කිරීම
  • Aeroponic, hydroponic සහ geoponic පද්ධති භාවිතා කරමින් පෙර මූලික අර්තාපල් බීජ නිෂ්පාදනය සඳහා රෝපණ ද්‍රව්‍ය ලෙස අර්තාපල් කුඩා අල නිෂ්පාදනය කිරීම
  • ක්ෂේත්‍ර ගැටළු සඳහා ගොවීන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂාව
  • පාංශු විශ්ලේෂණ ප්‍රතිඵල අනුව අර්තාපල් සහ ඉහළ රට එළවළු සඳහා පොහොර නිර්දේශ කිරීම
  • ක්ෂේත්‍ර ව්‍යාප්ති නිලධාරීන්ට කෘෂිකාර්මික තාක්ෂණයන් බෙදා හැරීම.

පර්යේෂණ හා ප්‍රකාශන

සිතාඑළිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේ පර්යේෂණ හා ප්‍රකාශන

වැඩි විස්තර >>

ඒකක

  1. ශාක අභිජනනය හා ජෛව තාක්ෂණ අංශය
  2. ශෂ්‍ය විද්‍යා අංශය
  3. ශාක ව්‍යාධිවේදී අංශය
  4. කීට විද්‍යා අංශය
  5. පාංශු විද්‍යා අංශය

නිකුත් කරන ලද තාක්ෂණයන්

සේවාවන්

  • විදේශීය එළවලු සහ අර්තාපල් ප්‍රභේද පරික්ෂාවට ලක් කර, දේශීයව වගා කිරීමට යෝග්‍යතාවය පිළිබඳව නිර්දේශ ලබා දීම
  • නව දිලීර නාශක, කෘමිනාශක සහ වල් නාශක අර්තාපල් සහ අනෙකුත් විදේශීය එළවළු සඳහා නිර්දේශ කිරීම සඳහා පරීක්ෂා කිරීම.
  • අර්තාපල් සහ ඉහළ විදේශීය එළවළු සඳහා පොහොර පරීක්ෂා කිරීම
  • අර්තාපල් බැක්ටීරියා මැලවීම, නෙමටෝඩාවන් සහ පාංශු ඛනිජ එන්පීකේ සඳහා පාංශු පරීක්ෂණ
  • පූර්ව මූලික අර්තාපල් පැලෑටි නිෂ්පාදනය සඳහා රෝග රහිත පටක රෝපිත අර්තාපල් පැල සැපයීම.
  • පෙර මූලික බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අර්තාපල් කුඩා අල සැපයීම
  • ක්ෂේත්‍ර ගැටළු සඳහා ගොවීන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂාව
  • පාංශු විශ්ලේෂණ ප්‍රතිඵල  අනුව අර්තාපල් සහ ඉහළ රට එළවළු සඳහා පොහොර නිර්දේශ කිරීම
  • ක්ෂේත්‍ර ව්‍යාප්ති නිලධාරීන්ට කෘෂිකාර්මික තාක්ෂණයන් බෙදා හැරීම.

නිළධාරීන් - සිතාඑළිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය

ආචාර්ය පි.ඩි.අබේතිලකරත්න මයා

නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ

සී.රණසිංහ මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එච්.ඒ.එස්.එන්. හෙට්ටිආරච්චි මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එම්.ඒ.පි. මායාකඩුව මෙය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ. පුෂ්පාංජි මෙය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

අප අමතන්න