Sinhala: HORDI Sub Institute7-Wagolla

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතන

උපයෝගිතා පර්යේෂණ ඒකකය - වාගොල්ල

වාගොල්ල උපයෝගිතා පර්යේෂණ ඒකකය එළවළු බෝග වලට අදාළ බීජ නිෂ්පාදන හා පර්යේෂණ කටයුතු සඳහා , ප්‍රධාන ආයතන සහ අනුබද්ධිත  පර්යේෂණ මධ්‍යස්ථාන වලට සහය වීම සඳහා පිහිටුවා ඇත. මෙම උපයෝගිතා පර්යේෂණ ඒකකය කෑගල්ල රඹුක්කන  ප්‍රදේශයේ පිහිටා ඇති අතර උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පරිපාලනයට යටත්ව කටයුතු කරන අතර එහි අභිජනන අංශය මගින් අධීක්ෂණය වේ. ආයතනයේ අරමුණු ලගා කර ගැනීමෙහිලා මෙම උපයෝගිතා පර්යේෂණ ඒකකය අග්‍රගන්‍ය සේවාවක් ඉටු කරන අතර පහත පරිදි පර්යේෂණ හා බීජ නිෂ්පාදන කටයුතු සඳහා දායකවේ.

ක්‍රියාකාරකම්

  • අභිජනන හා මව් පිය පෙළපත් බීජ නිෂ්පාදනය
  • ප්‍රභේද සංවර්ධන කිරීමේ පර්යේෂණ වැඩසටහන් වලට අදාළ නව අභිජනන පෙළ තේරීම, ගුණනය කිරීම වැනි ක්‍රියාකාරකම් සඳහා සහාය වීම.
  • නව වර්ග වල අනුවර්තිත අත්හදා බැලීමේ පර්යේෂණ (NCVT) සිදු කිරීම
  • අවශ්‍ය අවස්ථාවන්හිදී නව තාක්ෂණ ඒකකය සඳහා වූ පර්යේෂණ සිදුකිරීම

අංශ භාර නිළධාරීන් - ARU වාගොල්ල

ආර්.පි.පි.අමරසිංහ මයා

කෘෂිකර්ම උපදේශක

අප අමතන්න