Sinhala: HORDI Sub Institute1-Bandarawela

HORDI - LOGO

උප ආයතන, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (RARDC)-බණ්ඩාරවෙල

උඩරට අතරමැදි කලාපයේ වගාකරණු ලබන බෝග වල නිෂ්පාදනය හා ගුණාත්මය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණය ජනනය කිරීම උදෙසා 1972 වසරෙහි ආරම්භ කරණ ලද බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මුහුදු මට්ටමේ සිට මීටර 1,400 ක් ඉහළින් බණ්ඩාරවෙල නගරයට ආසන්නයේ පිහිටා ඇත. මෙය ඌව පළාත සහ සබරගමු පළාතේ, බලන්ගොඩ කලාපයේ  (IU2, IM2, IM3, IL2 සහ WM3 කෘෂි පාරිසරික කලාප) වගා කරන කෘෂිකාර්මික බෝගවල අස්වැන්න හා ගුණාත්මය ඉහළ නැංවීම සඳහා සුදුසු තාක්ෂණයන් සංවර්ධනය කිරීමේ වගකීම දරන ප්‍රධාන ආයතනයයි. මෙය ගන්නෝරුවේ පිහිටා ඇති  උද්‍යාන  බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතනයක්  වන අතර උඩරට අතරමැදි කලාපයේ වගා කරනු ලබන ප්‍රධාන බෝග වන බෝංචි, තක්කාලි, ගෝවා, වෙනත් විදේශීය එළවළු බෝග, අර්තාපල්, ආරක්‍ෂිත ගෘහවල වගා කරන බෝග සහ මල් වගාව සම්බන්ධව  පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. මිට අමතරව ගොවීන් පුහුණු කිරීම, පාංශු පරීක්ෂාවෙන් පසු පොහොර නිර්දේශ ලබාදීම, ගොවීන්ගේ කෘෂිකාර්මික ගැටළු වලට විසදුම් ලබා දීම ඇතුළු බොහෝ කෘෂි තාක්‍ෂණික කටයුතු මෙහෙයවීමද මෙම ආයතනයේ කාර්යභාරයට අයත්වේ.

පර්යේෂණ හා ප්‍රකාශන

බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පර්යේෂණ හා ප්‍රකාශන

වැඩි විස්තර >>

ක්‍රියාකාරකම්

  1. ඉහළ අස්වැන්නක් ලබාදෙන උසස් තත්ත්වයේ නව එළවළු ප්‍රභේද සංවර්ධනය කිරීම
  2. රෝග සහ පළිබෝධ , පාංශු කළමනාකරණ උපාය මාර්ග සහ ශෂ්‍ය විද්‍යාත්මක  ක්‍රියා  පිළිවෙත් සංවර්ධනය කිරීමෙන් උද්‍යාන  බෝග සඳහා තිරසාර හා ඵලදායී   තාක්ෂණයන් උත්පාදනය කිරීම
  3. සාම්ප්‍රදායික හා නවීන තාක්ෂණයන් ඔස්සේ රෝපණ ද්‍රව්‍ය  ගුණනය හා ව්‍යාප්ත  කිරීම සඳහා තාක්ෂණයන් සංවර්ධනය කිරීම
  4. පරිසර හිතකාමී සහ ආර්ථිකව වඩා ලාභදායී නිෂ්පාදනයන් සිදුකිරීම සඳහා ආරක්ෂිත ගෘහ තුළ වගාකරණ බෝගවලට අවශ්‍ය තාක්ෂණය ජනනය කිරීම

ඒකක / අංශ

ශාක අභිජනන, ශෂ්‍ය  විද්‍යා , ශාක ව්‍යාධිවේදී, කීට විද්‍යා , උද්‍යාන  විද්‍යා , පටක රෝපණ / ජෛව තාක්‍ෂණ සහ පාංශු විද්‍යා  හා ශාක පෝෂණ යන පර්යේෂණ අංශ හතක් මෙම ආයතනයේ ඇත.

 

නිකුත් කරන ලද තාක්ෂණයන්

සේවාවන්

ජාතික පාංශු පරීක්ෂණ වැඩසටහන

වැඩි විස්තර >>

උප ඒකකයේ නිළධාරින් - RARDC (බණ්ඩාරවෙල )

ආචාර්ය කේ.එම්.එස්.කොඩිකාර මයා

නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ

ජී.ඩි.ජී.චතුරානී මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ජී.ජී.එස්.යු.ගමගේ මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ටි.කේ.ඒ.අයි.හජ්ජි මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ආර්.එන්.දිසානායක මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

අප අමතන්න