- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 81-2388011-12-13
- ෆැක්ස් :(+94) 81-2388234
උප ආයතන, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (RARDC)-බණ්ඩාරවෙල
උඩරට අතරමැදි කලාපයේ වගාකරණු ලබන බෝග වල නිෂ්පාදනය හා ගුණාත්මය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණය ජනනය කිරීම උදෙසා 1972 වසරෙහි ආරම්භ කරණ ලද බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මුහුදු මට්ටමේ සිට මීටර 1,400 ක් ඉහළින් බණ්ඩාරවෙල නගරයට ආසන්නයේ පිහිටා ඇත. මෙය ඌව පළාත සහ සබරගමු පළාතේ, බලන්ගොඩ කලාපයේ (IU2, IM2, IM3, IL2 සහ WM3 කෘෂි පාරිසරික කලාප) වගා කරන කෘෂිකාර්මික බෝගවල අස්වැන්න හා ගුණාත්මය ඉහළ නැංවීම සඳහා සුදුසු තාක්ෂණයන් සංවර්ධනය කිරීමේ වගකීම දරන ප්‍රධාන ආයතනයයි. මෙය ගන්නෝරුවේ පිහිටා ඇති උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතනයක් වන අතර උඩරට අතරමැදි කලාපයේ වගා කරනු ලබන ප්‍රධාන බෝග වන බෝංචි, තක්කාලි, ගෝවා, වෙනත් විදේශීය එළවළු බෝග, අර්තාපල්, ආරක්‍ෂිත ගෘහවල වගා කරන බෝග සහ මල් වගාව සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. මිට අමතරව ගොවීන් පුහුණු කිරීම, පාංශු පරීක්ෂාවෙන් පසු පොහොර නිර්දේශ ලබාදීම, ගොවීන්ගේ කෘෂිකාර්මික ගැටළු වලට විසදුම් ලබා දීම ඇතුළු බොහෝ කෘෂි තාක්‍ෂණික කටයුතු මෙහෙයවීමද මෙම ආයතනයේ කාර්යභාරයට අයත්වේ.
පර්යේෂණ හා ප්‍රකාශන
බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පර්යේෂණ හා ප්‍රකාශන
ක්‍රියාකාරකම්
ඉහළ අස්වැන්නක් ලබාදෙන උසස් තත්ත්වයේ නව එළවළු ප්‍රභේද සංවර්ධනය කිරීම.
රෝග සහ පළිබෝධ , පාංශු කළමනාකරණ උපාය මාර්ග සහ ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියා පිළිවෙත් සංවර්ධනය කිරීමෙන් උද්‍යාන බෝග සඳහා තිරසාර හා ඵලදායී තාක්ෂණයන් උත්පාදනය කිරීම.
පරිසර හිතකාමී සහ ආර්ථිකව වඩා ලාභදායී නිෂ්පාදනයන් සිදුකිරීම සඳහා ආරක්ෂිත ගෘහ තුළ වගාකරණ බෝගවලට අවශ්‍ය තාක්ෂණය ජනනය කිරීම.
සාම්ප්‍රදායික හා නවීන තාක්ෂණයන් ඔස්සේ අර්තාපල් රෝපණ ද්‍රව්‍ය ගුණනය.
ඒකක / අංශ
ශාක අභිජනන, ශෂ්‍ය විද්‍යා , පාංශු විද්‍යා හා ශාක පෝෂණ, ශාක ව්‍යාධිවේදී, කීට විද්‍යා හා පටක රෝපණ යන පර්යේෂණ අංශ හයක් මෙම ආයතනයේ ක්‍රියාත්මක වේ.
නිකුත් කරන ලද තාක්ෂණයන්
1.ආරක්ෂිත බෝග වගාවේ භාවිතය සඳහා “කොඩි මික්ස්” (KODI MIX) සම්පූර්ණ පොහොර මිශ්‍රණය සංවර්ධනය කර හඳුන්වා දීම.
2.G1 බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා, “අර්තාපල් කුළුණු ක්‍රමය” (Potato Tower) නමින් සිරස් වගා ක්‍රමයක් හඳුන්වා දීම.
3.වගා ක්ෂේත්‍රයන්හි pH අගය ප්‍රසශ්ත මට්ටමේ පවත්වා ගැනීමට ක්ෂේත්‍රයට යෙදිය යුතු අළුහුණු අවශ්‍යතාවය, ශීඝ්‍රයෙන් නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම.
4.තවාන් තැටි සඳහා පොස්පරස් පොහොර යෙදීම මඟින්, ඉහල පොස්පරස් ප්‍රමාණයක් අඩංගු පස් සඳහා මූලික පොහොර ලෙස යොදන පොස්පරස් ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම.
සේවාවන්
1.පාංශු සාම්පල විශ්ලේෂණය
2.විශේෂ පොහොර වල සඵලතාවය පරීක්ෂා කිරීම.
3.පළිබෝධනාශකවල සඵලතාවය ඇගයීම
4.ආනයනික / විදේශීය එළවළු ප්‍රභේදවල සඵලතාවය ඇගයීම
උප ඒකකයේ නිළධාරින් - RARDC (බණ්ඩාරවෙල )
ආචාර්ය කේ.එම්.එස්.කොඩිකාර මයා
අතිරේක අධ්‍යක්ෂ පර්යේෂණ
- (+94)57-2222499
- (+94)71-8245646
- manojkodikara@gmail.com
- kodikara.kms@doa.gov.lk
ටි.කේ.ඒ.අයි.හජ්ජි මිය
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)-
රාජකාරි ආවරණ
- (+94)57-2222499
- (+94)75-4465965
- hadjiakila38@gmail.com
- hadji.tkai@doa.gov.lk
සී.ඩී. අබේකෝන්
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94)57-2222499
- (+94)71-0906900
- dilhaniabeykoon89@gmail.com
ජී.කේ.ටී.යූ.විමලසිරි
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94)57-2222499
- (+94)71-1980166
- thriudayani1@gmail.com
එච්.ඒ.එම්.එස්. හෙට්ටිආරච්චි
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94)57-2222499
- (+94)75-5131451
- maheshikahetti@gmail.com
ඩී.එම්.ඒ.එස්.සෙනෙවිරත්න
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94)57-2222499
- (+94)71-1122341
- dmanushaseneviratne@gmail.com
කේ.එස්.එස්.ජයසේන
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94)57-2222499
- (+94)71-8189318
- ksshiromi1975@gmail.com
අප අමතන්න
- ලිපිනය : ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, දියතලාව පාර, බණ්ඩාරවෙල
- විද්‍යුත් තැපෑල : ddrbandarawela@yahoo.com
- විද්‍යුත් තැපෑල : rardcbn@doa.gov.lk
- දුරකථන : +94 572 222499
- ෆැක්ස් : +94 572 222520
- විවෘතයි : සඳුදා සිට සිකුරදා : පෙ.ව 8.30 - ප.ව. 4.15 (සතිඅන්තය සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)
