
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
- தமிழ்

වම්බටු
Solanum melongena
වම්බටු වැඩි වශයෙන් අලෙවි කළ හැකි පෝෂ්‍යදායී බෝගයක් ලෙස සැලකේ
නිකුත් කරන ලද ප්‍රභේද
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස්වූ ප්‍රදේශ දක්වා වම්බටු වගාකළ හැකිය.
පස
හොඳින් ජලවහනය සිදුවන සැහැල්ලු පස් වම්බටු වගාවට සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.5-5.8 අතර පැවතීම වඩා යෝග්‍යය.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයට ග්‍රෑම් 350 කි
තවාන් කළමනාකරණය
වඩා හොඳ හිරු එළිය ලැබෙන ලෙස සකස් කල 3m x 1m පාත්ති සුදුසු වේ. පාත්ති විෂබීජහරණය කළ යුතුය. මතුපිටට 1: 1 අනුපාතයට පස් හා ගොම එකතු කරන්න. බීජ අඟල් 6 ක පරතරයකින් පේළි වල තැබිය යුතුය.
බිම් සකස් කිරීම
උදැල්ලකින් හෝ ට්‍රැක්ටරයක් මාර්ග යෙන් හෝ බිම පෙරලා, මට්ටම් කරන්න. වම්බටු, මිරිස්, තක්කාලි වැනි සොලනේසි කුලයේ බෝග කන්න දෙකක්වත් වගා නොකළ බිමක් වීම විශේෂයෙන් වැදගත්ය.
පැළ සිටුවීම
දින 25-30 ක් වයසැති පැල සකස් කළ පාත්ති වල එක් කුහරයකට එක් ශාකයක් ලෙස ස්ථාපිත කළ හැකිය
පරතරය
සෙන්ටිමීටර් 90 x සෙන්ටිමීටර් 60
පොහොර
යෙදිය යුතු කාලය | යුරියා කි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක් |
මුලික පොහොර | 75 | 325 | 85 |
මතු පිට පොහොර (සති 04 කට පසු) | 75 | – | – |
මතු පිට පොහොර (සති 08 කට පසු) | 75 | – | 85 |
ජල සම්පාදනය
වියළි කලාපයේ වර්ෂා ජලයෙන්ද වම්බටු වගාකළ හැකිය. සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හා ලාභදායී වගාවක් ලෙස පවත්වා ගැනීම සඳහා ජල සම්පාදනය කළ යුතුය. වියළි කාලගුණයක් ඇතිවිට පස වියළී යාමට නොදී සුදුසු දින පරතරයකින් ජල සම්පාදනය කරන්න.
අධික ලෙස ජල සම්පාදනය වම්බටු වගාවට යෝග්‍ය නොවේ. සෑම පොහොර යෙදීමක් සමඟම ජල සම්පාදනය කරන්න.
වල් පැළෑටි පාලනය
වගාව ස්ථාපනය කර අස්වැන්න නෙලන තෙක් අවශ්‍ය සෑම විටම වගාව වල් පැළෑටි වලින් තොරවීම ඉතාම සුදුසු ක්‍රමයයි. කෙසේ වුවද වම්බටු පැළ සිටවූ මුල් සති 2ක තුළදී හා මල් පිපීම, ගෙඩි හට
ගැනීම සිදුවන කාලයේදී විශේෂයෙන්ම ක්ෂේත්‍රය වල් පැළෑටි වලින් තොරවිය යුතුය. තවද, සෑම මතුපිට පොහොර යෙදීමකට පෙරදීත් වල් මර්දනය කළ යුතුයි.
පළිබෝධ කළමනාකරණය
රෝග කළමනාකරණය
- දිලීර රෝග
රෝග කාරකය: Pythium spp., Phytophthora spp., Fusarium spp., Rhizoctonia spp. and Sclerotium rolfsii
රෝග ලක්ෂණ:
- බීජ පැල කඳේ පාමුලින් ක්ෂණිකව කඩා වැටේ.
- මුල් කුණු වී බීජ පැල මියයාම.
- Rhizoctonia spp හෙතුවෙන් පාමුල දුඹුරු කළු පැහැ වේ.
![]() | ![]() |
පාලනය
- තවාන් පාත්ති පෙර වගා නොකල හා හොදින් ජලය බැස යන භූමියක සකස් කරන්න.
- තවාන් පාත්ති ජීවාණුහරණය කරන්න – පිළිස්සීම, සූර්‍ය තාපනය හෝ රසායනික ද්‍රව්‍ය මගින්
- අසාදිත ශාක හා ආසන්න පස ඉවත් කරන්න.
- බීජ ප්‍රතිකාර කිරිම (බීජ වැපිරීමට පෙර සිදු කල යුතුයි.)
තිරාම් 80% WP – 5g/ kg
තයෝෆනේට්-මීතයිල් 50% WP + තිරාම් 30% WP – 4g/ kg
කැප්ටාන් 50% WP – 6g/ kg.
- පාංශු ප්‍රතිකාර කිරීම –ස්ථානීය යෙදුමක් ලෙස ශාකයේ පාමුල වටා නිර්දේශිත දිලීර නාශකයකින් පොඟවන්න.
තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP – 50g/50l / 10m2
තිරාම් 80% WP – 70g/50l 10m2
කැප්ටාන් 50% WP – 60g/50l / 10m2
රෝග කාරකය : Sclerotium rolfsii
රෝග ලක්ෂණ:
- පත්‍ර කහ පැහැ වීම.
- පාමුල ප්‍රදේශය දිරායාම සිදු වේ.
- පාමුල ප්‍රදේශයේ දිලීර ජාල පැවතී හෝ දුඹුරු පැහැ ජාල පැවතීම.
![]() |
පාලනය
- ආසාදිත ශාක හා ආසන්න පස විනාශ කිරීම.
- ජල වහනය දියුණු කිරීම.
- ගැඹුරින් පස සීසෑම හා ආසාදිත පස දැඩි හිරු එළියට නිරාවරණය කිරීම.
- බීජ පැල ක්ශේත්‍රයේ රෝපණය කිරීමේදී මුල් වලට හානි වීම වැළැක්වීම.
- පාංශු ප්‍රතිකාර කිරීම-ස්ථානීය යෙදුමක් ලෙස ශාකයේ පාමුල වටා නිර්දේශිත දිලීර නාශකයකින් පොඟවන්න
තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP – 50g/50l / 10m2
තිරාම් 80% WP – 70g/50l 10m2
කැප්ටාන් 50% WP – 60g/50l / 10m2
රෝග කාරකය: Fusarium oxysporum f.sp lycopersici
රෝග ලක්ෂණ:
- පත්‍ර කහ පැහැ වී මැළවීම.
- කදෙහි ඇති වාහිණි අවපැහැවීම.
- මුල් කුණු වීම හා ශාක මියයාම සිදු වේ.
කළමනාකරණය
- ආසාදිත ශාක හා ආසන්න පස විනාශ කිරීම.
- ජල වහනය දියුණු කිරීම.
- ගැඹුරින් පස සීසෑම හා ආසාදිත පස දැඩි හිරු එළියට නිරාවරණය කිරීම.
- බීජ පැල ක්ශේත්‍රයේ රෝපණය කිරීමේදී මුල් වලට හානි වීම වැළැක්වීම.
- පාංශු ප්‍රතිකාර කිරීම-ස්ථානීය යෙදුමක් ලෙස ශාකයේ පාමුල වටා නිර්දේශිත දිලීර නාශකයකින් පොඟවන්න
තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP – 50g/50l / 10m2
තිරාම් 80% WP – 70g/50l 10m2
කැප්ටාන් 50% WP – 60g/50l / 10m2
රෝග කාරකයා : Podosphaera xanthii
![]() |
රෝග ලක්ෂණ:
- වටකුරු කහ පැල්ලම් හෝ ලප පත්‍ර වල යටි අපිචර්මයේ මතුපිට දිස් වේ.
- පත්‍ර වල උඩු අපිචර්මයේ මතුපිට සුදු පැහැති පිටි වැනි අවශේෂ දක්නට ලැබේ.
පාලනයා:
- රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
- සල්ෆර් යොදන්න 80% WG 50 g/ජලය 10 l
- ක්ලෝරෝතැලෝනිල් 500g/l SC- 30 ml/ජලය 10 l
- කාබෙන්ඩිසම් 50% WP- 7 g/ජලය 10 l
රෝග කාරකය : Colletotrichum gloeosporioides
රෝග ලක්ෂණ:
- ගිලුණු වෘත්තාකාර පැල්ලම් මැද තඹ පැහැයේ සිට තැඹිලි පැහැයට වු කලු පැහැති කේන්ද්‍රීය මුදු දක්නට ලැබේ.
- රෝස පැහැති කොනීඩියා හෙවත් බීජාණු තුවාල පැල්ලම් වලින් වෑස්සෙනු දක්නට ලැබේ.
![]() | ![]() |
කළමනාකරණය
- සෞඛ්‍ය සම්පන්න බීජ භාවිතය
- අතිරික්ත ජල සම්පාදනය සිදු කිරීමෙන් වළකින්න
- ආසාදිත පලතුරු ඉවත් කර විනාශ කරන්න
- බීජ ප්‍රතිකාර කිරීම (බීජ සිටුවීමට පෙර කළ යුතුය)
තිරාම් 80% WP – 5g / kg
තෝෆනේට්-මෙතිල් 50% WP + තිරාම් 30% WP – 4g / kg
කැප්ටාන් 50% WP – 6g / kg.
- වැසි සමයේදී සපුෂ්පක අවධියේදී දිලීර නාශක යෙදීම ආරම්භ වේ
ෆ්ලූසිනම් 500g / 1 SC – 10 ml / 10l ජලය
මෙටිරාම් 55% + පයිරොක්ලොස්ට්‍රොබින් 5% WP – ජලය 20 g / 10l
කාබෙන්ඩිසම් 50% WG – ජලය 7 g / 10l
තයොෆනේට්-මෙතිල් 70% WP – ජලය 6g / 10l
ක්ලෝරෝතලෝනිල් 500 එස්සී – ජලය මිලි ලීටර් 30 යි
රෝග කාරකය: Phomopsis vexans
රෝග ලක්ෂණය
- කලු පැහැ දාර සහිත අලු පැහැ කුඩා කැන්කර් පැල්ලම් කදේ හා නාරටි වල දක්නට ලැබේ.
- කොනීඩියා වර්ධනය වීම හේතුවෙන් පැල්ලම් වල කේන්ද්‍රය දුඹුරු පැහයේ සිට කලු පැහැයට හැරේ.
- මෘදු හා ජලය සහිත පළතුරු ලප කළු පැහැ වන අතර ඒවා මැරුණු බවට පත්වේ
![]() |
කළමනාකරණය
- ආසාදිත පලතුරු ඉවත් කිරීම හා විනාශ කිරීම
- රෝග වර්ධනය ආරම්භක අවධියේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න (බලන්න: පළිබෝධනාශක නිර්දේශය DOA, 2019)
ක්ලෝරෝතලෝනිල් 500g / l SC- 30 ml / 10 l ජලය
කාර්බෙන්ඩසිම් 50% WP- 7 g / 10 l ජලය
තයොෆනේට්-මෙතිල් 70% WP 6g / 10l ජලය
- බැක්ටීරීයා රෝග
රෝග කාරකය: Ralstonia solanacearum
රෝග ලක්ෂණ:
- තනි ශාඛා / අතු මඳක් මැලවීමේ ලක්ෂණ පෙන්වයි.
- සම්පූර්ණ ශාකයේ ඉක්මන් හා ස්ථිර මැලවීම සිදු වේ.
- සනාල පටක වල පැහැය අව පැහැ වේ.
- ආසාදිත කොටස් වල කැපුම් පෘෂ්ටය පැහැදිලි ජලයේ ගිල් වු විට සිහින් දුස්ස්‍රාවී බැක්ටීරියා ශ්‍රාවයක් කැපුම් කෙළවරේ සිට පිටතට පැමිණේ.
![]() | ![]() |
කළමනාකරණය
- ආසාදිත වූ ශාක පස් සමගම ඉවත්කර විනාශ කරන්න.
- අස්වනු නෙලූ පසු බෝග අවශේෂ විනාශ කර දමන්න.
- රෝගයට ග්‍රාහී නොවන බෝග (කෘසිෆරස් කුලයේ එළවළු සහ බණ්ඩක්කා) සමඟ බෝග මාරුව සිදු කිරීම රෝග තත්වය අවම කිරීමට උපකාරී වේ.
- ප්‍රතිරෝධි ප්‍රභේද භාවිතා කිරීම.
- සියළුම ගොවිපල උපකරණ / මෙවලම් පිරිසිදු කිරීමෙන් පසු විෂබීජහරණය කරන්න.
- රසායනික පාලන ක්‍රමයක් නොමැත.
- Phytoplasma disease
රෝගකාරකය: Phytoplasma
මෙම රෝගය පැලමැක්කා මගින් සම්ප්‍රේෂණය වේ(Hishimonus phycitiy).
රෝග ලක්ෂණ
- leaves are narrow, soft, smooth and yellow
- Internodes of the stem become shorten
- Auxiliary buds get enlarged but their petioles and leaves remain shortened and give the plant a bushy appearance.
- flowers remain green/ no flowering
- Fruiting is rare
Management |
අස්වනු නෙළීම
වගාකර ඇති ප්‍රභේදය හා පාරිසරික තත්ත්ව අනුව පැළ සිටුවා සති 10-12 අතර දී පළමු අස්වැන්න නෙළාගත හැකිය. මින්පසුව දින 7 කට වරක් බැගින් නැවත අස්වැන්න නෙළිය හැකිය. පිහියකින් නටුව කපා කරල් වෙන්කර ගන්න.
අස්වැන්න
බටු වගාවක අස්වැන්න, ප්‍රභේදය හා වගා පාලනය මත වෙනස් වේ. ජල සම්පාදනය කොට නිර්දේශිත ප්‍රභේදයක් වගා කිරීමෙන් හෙක්ටයාර් එකකට ටොන් 15-18 දක්වා අස්වැන්නක් ලබා ගත හැකිය. මෙම අස්වැන්න නෙලීම් වාර 8-10 මඟින් ලබා ගත හැකිය.