
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
- தமிழ்
වම්බටු
නිකුත් කරන ලද ප්‍රභේද

දෙමුහුම් ප්‍රභේදයකි
නිර්දේශ කරන ලද වසර – 2005
ඵලය දම්පාට දිලිසෙන ස්වභාවයක් සහිතය. දිගැටි හැඩැතිය. ලංකාවේ ඕනෑම කලාපයක වගාව සඳහා සුදුසු වන අතර බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ. හෙක්ටයාරයකට ටොන් 35-40 ක පමණ විභව අස්වැන්නක් සහිත වේ.
![]() |
දෙමුහුම් ප්‍රභේදයකි
නිර්දේශ කරන ලද වසර – 2005
ඵල තද දම් පැහැති වන අතර දිගැටි සිලින්ඩරාකාර වේ. වගාව සඳහා ලංකා-වේ ඕනෑම කලාපයක් සුදුසු වන අතර බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ප්‍රතිරෝධී වේ. හෙක්ටයාරයකට ටොන් 40-45 පමණ විභව අස්වැන්නක් ඇත.
![]() |
දෙමුහුම් ප්‍රභේදයකි
නිර්දේශ කරන ලද වසර 2012
ඵලය දම් සහ සුදු ලේන ඉරි ප්‍රභේදයකි. ලංකාවේ ඕනෑම කලාපයක වගාව සඳහා නිර්දේශ කර ඇත. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථ ලෙස ප්‍රතිරෝධී වේ. හෙක්ටයාරයකට මෙටි්‍රක් ටොන් 35-40 ක පමණ විභව අස්වැන්නක් ඇත.
![]() |
(නිර්දේශ කරන ලද වසර 1968)
තෙත් හා අතරමැදි කලාපයේදී බැක්ටීරියා හිටුමැරීමට පාත්‍රී වේ. මෙම ප්‍රභේදයේ ඵල තද දම් පාට දිලිසෙන ස්වභාවයකින් හා දිගැටි හැඩයකින් යුතුය. පුෂ්ප, කඳ හා පත්‍ර නාරටි ද දම්පාටය. වැඩි වියලි දේශගුණයක් සහිත උතුරු ප්‍රදේශයට වඩාත් සුදුසුය. විභව අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 20-25 අතර වේ.
![]() |
![]() |
නිර්දේශ කරන ලද වසර 1940
පළමු අස්වැන්න සදහා දින 60-64 ක් ගත වේ.
මෙම ප්‍රභේදය බැක්ටීරියා හිටුමැරීමට මධ්‍යස්ථ ලෙස ඔරොත්තු දෙන, ලා දම් වර්ණයෙන් යුතු ඵල ලබා දෙන ප්‍රභේදයකි. ඵල මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තවන අතර, හැඩයෙන් සිලින්ඩරාකාරය. මෙම ප්‍රභේදය තෙත්, වියළි හා අතරමැදි කලාපවලට සුදුසුය. ජල සම්පාදනය සහිතව වගා කිරීමෙන් හෙක්ටයාරයකට ටොන් 15-18 දක්වා අස්වැන්නක් ලබා ගත හැකිය.
![]() |