Sinhala: HORDI Crop – Bean

HORDI - LOGO

බෝංචි

Phaseolus vulgaris L.

Fabaceae කුළයේ Phaseolus ගණයට අයත් බෝංචි, ශ්‍රී ලංකාවේ බදුල්ල, නුවරඑළිය, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක වල බහුලව වගාකරණු ලැබේ.  වැඩි උෂ්ණත්වය (>32 ⁰C) හා නොකඩවා පවතින අධික වර්ෂාව සහිත ප්‍රදේශ මෙම බෝගය සඳහා සුදුසු නොවේ. විශේෂයෙන් මල් පිපෙන අවධියේදී උෂ්ණත්වය 30⁰C වඩා අඩුවිය යුතු අතර එසේ නොවන විට එය මල් හා කරල් හටගැනීම කෙරෙහි අහිතකර ලෙස බලපායි. බෝංචි වගාව වැඩිපුරම දක්නට ලැබෙන්නේ උඩරට අතරමැදි කළාපයේ වුවද, උඩරට තෙත් කළාපයද වගාව සඳහා සුදුසු වේ.

ශ්‍රී ලංකාවේ වගාකරණු ලබන බෝංචි ප්‍රභේද, වැල් බෝංචි හා පඳුරු බෝංචි ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරණු ලැබේ. මෙයින් වැල් බෝංචි ගොවීන් හා පාරිභෝගිකයන් අතර පඳුරු බෝංචි වලට වඩා වැඩි ජනප්‍රියතාවයක් ලබාගෙන ඇත. වැල් බෝංචිවල වර්ධන රටාව අනුව ඒ්වාට ආධාරක සැපයිය යුතුය. මෙලෙස ආධාරක සපයා වගාකිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගතහැක. වැල් බෝංචි කරල් විශාල හා ලා කොළපැහැති වේ එහෙත් පඳුරු බෝංචිවල ප්‍රමාණයෙන් කුඩා තද කොළපැහැ කරල් දක්නට ලැබේ. එහෙයින් පඳුරු බෝංචි ප්‍රධාන වගාවකට වඩා ප්‍රධාන වගා දෙකක් අතර අතරමැදි කන්නයේ වගාවක් ලෙස පමණක් ගොවීන් අතර ජනප්‍රිය වී ඇත.

නිකුත් කරන ලද ප්‍රභේද

වැල් බෝංචි
පඳුරු බෝංචි

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උඩරට අතරමැදි කළාපය සහ උඩරට තෙත් කළාපය (බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක)

පස

හොඳින් ජලය බැසයන ලෝම පසක් හෝ වැලි ලෝම පසක් වගාව සඳහා සුදුසු වේ. රතු කහ පොඩ්සොලික් පසෙහි ඉතා හොඳින් මෙම බෝගය වගාකළ හැක. පසෙහි පී එච් අගය 5.5 හා 6.5 අතර පවත්වා ගැනීම හොඳ වර්ධනයක් හා අස්වැන්නක් ලබාගැනීම සඳහා අවශ්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

වැල් බෝංචි – හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 50 කි

පඳුරු බෝංචි – හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 75 කි

තවාන් කළමනාකරණය හා සිටුවන කාළය

බීජ කෙළින්ම ක්ෂේත්‍රයේ සිටුවන හෙයින් තවාන් පාලනයක් අවශ්‍ය නොවේ. 

බදුල්ල දිස්ත්‍රික්කය –

  • මහ කන්නය– නොවැම්බර් සිට දෙසැම්බර්
  • යල කන්නය – මාර්තු සිට අප්‍රේල්

බිම් සැකසීම

හොඳින් කැට පොඩිවන ලෙස සී සා එක් පාත්තියකට පේළි තුනක් සිටුවිය හැකි පරිදි පාත්ති සකස් කරන්න.

මෙම පේළිවල නිර්දේශිත පරතරයට වලවල් සකස් කරන්න

බීජ සිටුවීම

සිටුවීමට පෙර බීජ පැය 24 ජලයේ පොඟවන්න. එක් වලක බීජ 3-4 පමණ සමාන පරතරය ඇතිව සිටුවන්න. වර්ෂාව නොමැති නම් හොඳින් ජල සම්පාදනය කරන්න. බීජ පැළවී සති දෙකකට පමණ පසු එක් වලක නිරෝගී පැළ දෙකක් ඉතිරිවන ලෙස අනෙක් පැළ ගලවන්න

පරතරය

වැල් බෝංචි- පේලි අතර පරතරය සෙන්ටිමීටර් 50 ක් සහ පැළ අතර පරතරය සෙන්ටිමීටර් 40 ක්

පඳුරු බෝංචි- පේලි අතර පරතරය සෙන්ටිමීටර් 50 ක් සහ පැළ අතර පරතරය සෙන්ටිමීටර් 15 ක්

පොහොර

බීජ සිටුවීමට දින 5-6 පෙර හොඳින් දිරූ කාබනික පොහොර ටොන් 10 හෙක්ටාරයක වපසරියක් සඳහා යොදන්න. බීජ සිටුවීමට දින 1-2 පෙර නිර්දේශිත මූළික පොහොර මිශ්‍රණය වලවල් වලට එකතු කරන්න

වැල් බෝංචි

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

110

270*

75*

මතුපිට පොහොර (සිටුවා සති 03 කට පසු)

110

75

පඳුරු බෝංචි

මුලික පොහොර

85

165*

65*

මතුපිට පොහොර (සිටුවා සති 03 කට පසු)

85

65

*පස පරීක්ෂාකොට යෙදීම වඩාත් සුදුසුය

ජල සම්පාදනය

මල් පිපෙන හා කරල් ඇතිවන අවධියේ හොඳින් ජලය ලබාදීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැක. එහෙයින් වර්ෂාව නොමැති නම් නොකඩවා ජල සම්පාදනය කරන්න

වැල් පැළෑටි පාලනය

රෝග, පළිබෝධ හා වගාවේ යහපත් වර්ධනය සඳහා වල්පැළ පානය කරන්න

පළිබෝධ කළමනාකරණය

කෘමි පළිබෝධ ගණනාවක් බෝංචි වගාව ආරම්භයේ සිට අස්වැන්න ලබාගන්නා අවධිය දක්වා වගාවට හානිකරණ හෙයින් නිර්දේශිත පළිබෝධනාශක භාවිත කොට ඔවුන් පාලනය කරන්න.
පොදු නමසත්ව විද්‍යාත්මක නම
බෝංචි මැස්සාOphiomyia phaseoli
මයිටාවාTetranychus urticae
පැළ මැක්කාThrips spp
සුදු මැස්සාBemisia tabaci
කුඩිත්තාAphis spp
කරල් විදින්නාMaruka vitrata

රෝග කළමනාකරණය

බෝංචි වගාවේ ප්‍රධාන දිලීර රෝග හතරක් ඇති අතර නිර්දේශිත දිලීර නාශක භාවිතයෙන් ඒවා පාලනය කළ හැක.

රෝගය රෝග කාරකයහානිකරණ කොටස
ඇන්ත්‍රැක්නෝස්Coletotrichum lindemuthianumපත්‍ර, වැල් සහ කරල්
මලකඩ රෝගයUromyces appendiculatusපත්‍ර සහ කරල්
කෝණාකාර පත්‍ර ලපPhaeoisariopsis griseolaපත්‍ර සහ කරල්
මුල් කුණුවීම

Fusarium oxysporum

Fusarium solani

මුල් සහ කඳෙහි පාදස්ථය
  • ශ්‍රී ලංකාවේ බෝංචි වගාව ආශ්‍රිතව වෛරස රෝග හතරක් පවතී.
  • ආසාදිත පත්‍ර විචිත්‍ර වීම හෝ කහ/රන්වන් පැහැ වීම සිදුවේ.
  • රෝගී වැල් දුටු වහාම ගලවා විනාශකිරීමෙන් පැතිරීම පාලනය කළ යුතුය.
  • රෝග වාහක කෘමීන් පාලනය සඳහා නිර්දේශිත කෘමිනාශක භාවිත කළ යුතුය.
පොදු නමවාහකයා
බෝංචි විචිත්‍ර වෛරසය (BCMV)කුඩිත්තන්
බෝංචි කහවන් විචිත්‍ර වෛරසය (BYMV)කුඩිත්තන්
බෝංචි රන්වන් විචිත්‍ර වෛරසය (BGMV)සුදු මැස්සන්
කොල්ලු කහවන් විචිත්‍ර වෛරසය (HYMV)පැළ මැක්කන්

අස්වනු නෙළීම

  • කරල් ළපටි අවස්ථාවේ අස්වැන්න නෙළන්න
  • වැල් බෝංචි ප්‍රභේද සිටුවා දින 60 දී පළමු අස්වැන්න ලබාගත හැක
  • පඳුරු බෝංචි ප්‍රභේද සිටුවා දින 45 දී පළමු අස්වැන්න ලබාගත හැක
  • ගන්නොරුව බිල් ප්‍රභේදයෙන් දින 4 ට වරක් අස්වැන්න ලබාගතහැකි අතර අනෙක් ප්‍රභේද වලින් සතියකට වරක් අස්වැන්න නෙළිය හැක

අස්වැන්න

  • පඳුරු බෝංචි– හෙක්ටාරයට ටොන් 5-10
  • ගන්නොරුව කොල– හෙක්ටාරයට ටොන් 18-20
  • ගන්නොරුව බිල් – හෙක්ටාරයට ටොන් 20
  • කැකුළු බෝංචි – හෙක්ටාරයට ටොන් 25
  • වෙනත් වැල් බෝංචි වර්ග – හෙක්ටාරයට ටොන් 12-16

පසු අස්වනු කටයුතු

  • නෙළාගත් අස්වැන්න සෙවන සහිත ස්ථානයක තබන්න
  • හොඳින් වාතාශ්‍රය සහිත කූඩා හෝ බෑග වල අසුරා ප්‍රවාහනය කරන්න

විශේෂ නඩත්තු කටයුතු

  • වැල් බෝංචි සඳහා සිටුවා සති 2-3 දී ආධාරක සපයන්න
  • ආධාරක සඳහා අඩි 6-7 උස කෝටු යොදාගන්න.
  • ආධාරක ලණු වලින් ගැටගසා මැස්සක ආකාරයට සැකසීමෙන් කැප්පෙටිපොල නිල් ප්‍රභේදයෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක