Sinhala: HORDI variety – Bean

HORDI - LOGO

බෝංචි

නිකුත් කරන ලද ප්‍රභේද

මල් පිපීම: බීජ ප්‍රරෝහණය වී දින 30 – 35 කට පසුව ආරම්භ වේ මල්වල පැහැය : ලා නිල් අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 55 ට පසුව පළමු අස්වැන්න ලබාගත හැක කරල්වල ලක්ෂණ : කොළ පැහැති, වටකුරු හැඩැති, සිනිඳු මතුපිටක් සහිත, මධ්‍යස්ථ දිගකින් යුතු (සෙ.මී. 17), කෙළවර තරමක් වක්‍රාකාර වූ, මාංශල කරල් වේ. අස්වැන්න නෙළීමට සුදුසු අවස්ථාව වනවිට කරල් වල බීජ පිටතට නෙරා නැත. අස්වැන්න : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 30 වියළි බීජ වල පැහැය: දිලිසෙන රතු / දුඹුරු
මල් පිපීම: බීජ ප්‍රරෝහණය වී දින 38 – 45 කට පසුව ආරම්භ වේ මල්වල පැහැය: දම් අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 65 ට පසුව පළමු අස්වැන්න ලබාගත හැක කරල්වල ලක්ෂණ : ලා කොළ පැහැති, ඉලිප්සාකාර හැඩැති, තරමක් සිනිඳු මතුපිටක් සහිත, දිගින් වැඩි (18 – 20 සෙ.මී.). කෙළවර තරමක් වක්‍රාකාර වූ, තරමක් තන්තුමය ස්වභාවයක් ගන්නා මාංශල කරල් වේ. අස්වැන්න නෙළීමට සුදුසු අවස්ථාව වනවිට කරල් වල බීජ තරමක් පිටතට නෙරා ඇත. අස්වැන්න : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 18 – 20 වියළි බීජ වල පැහැය: දිලිසෙන කළු රෝග ප්‍රතිරෝධය : ඇන්ත්‍රැක්නෝස් රෝගය, මුල් කුණුවීම, මලකඩ රෝගය හා කෝණාකාර පත්‍ර ලප රෝගයට මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් දක්වයි
මල් පිපීම: බීජ ප්‍රරෝහණය වී 32 – 35 කට පසුව ආරම්භ වේ මල්වල පැහැය: සුදු අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 55 කට පසුව පළමු අස්වැන්න ලබාගත හැක කරල්වල ලක්ෂණ : කොළ පැහැති, වටකුරු හැඩැති, තරමක් සිනිඳු මතුපිටක් සහිත, දිගින් වැඩි (සෙ.මී. 18-20), කෙළවර තරමක් වක්වූ තන්තුමය ස්වභාවය අඩු මාංශල කරල් වේ. අස්වැන්න නෙළීමට සුදුසු අවස්ථාව වනවිට කරලෙහි බීජ තරමක් පිටතට නෙරා ඇත. අස්වැන්න : මෙට්‍රික් ටොන් 30 වියළි බීජ වල පැහැය: දිලිසෙන දුඹුරු රෝග ප්‍රතිරෝධය : ඇන්ත්‍රැක්නෝස් රෝගය, මුල් කුණුවීම, මලකඩ රෝගය හා කෝණාකාර පත්‍ර ලප රෝගයට මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් දක්වයි
මල් පිපීම: බීජ ප්‍රරෝහණය වී දින 36 – 40 කට පසුව ආරම්භ වේ මල්වල පැහැය: සුදු අස්වැන්න නෙළීම : බීජ ප්‍රරෝහණයෙන් දින 60 කට පසුව පළමු අස්වැන්න ලබාගත හැක කරල්වල ලක්ෂණ :කොළ පැහැති, වටකුරු හැඩැති, තරමක් සිනිඳු මතුපිටක් සහිත, දිගින් වැඩි (සෙ.මී. 17-20), කෙළවර තරමක් වක්වූ, තන්තුමය ස්වභාවය අඩු හා මාංශල ගතියෙන් යුතු කරල් වේග අස්වැන්න නෙළීමට සුදුසු අවස්ථාව වනවිට කරලෙහි බීජ පිටතට නෙරා එයි. අස්වැන්න : මෙට්‍රික් ටොන් 25 වියළි බීජ වල පැහැය: දිලිසෙන සුදු රෝග ප්‍රතිරෝධය : ඇන්ත්‍රැක්නෝස් රෝගය, මුල් කුණුවීම, මලකඩ රෝගය හා කෝණාකාර පත්‍ර ලප රෝගයට මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් දක්වයි
මල් පිපීම: බීජ ප්‍රරෝහණය වී දින 45 කට පසුව මල් පිපීම ආරම්භ වේ මල්වල පැහැය: සුදු පැහැති දම් අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 65 කට පසු පළමු අස්වැන්න ලබාගත හැක කරල්වල ලක්ෂණ : කොළ පැහැති, ඉලිප්සාකාර, සිනිඳු මතුපිටක් සහිත, දිගින් වැඩි (18 – 20 සෙ.මී.), කෙළවර තරමක් වක්වූ, තරමක තන්තුමය ස්වභාවයක් ඇති මාංශල කරල් වේ. අස්වැන්න නෙළන අවස්ථාව වනවිට කරල් වල බීජ තරමක් පිටතට නෙරා යයි. අස්වැන්න : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 17 – 18 වියළි බීජ වල පැහැය: දිලිසෙන තද දම් පාට රෝග ප්‍රතිරෝධය : ඇන්ත්‍රැක්නෝස්, මුල් කුණුවීම හා මලකඩ රෝගයට තරමක් ප්‍රතිරෝධී වේ.
නිකුත් කල වර්ෂය 2012 අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 28 කි.

මල් පිපීම: බීජ සිටුවීමෙන් දින 45 කට පසුව මල් පිපීම ආරම්භ වේ

මල්වල පැහැය :සුදු

අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 65 කට පසු පළමු අස්වැන්න නෙළාගත හැක

කරල්වල ලක්ෂණ :, ඕවලාකාර හැඩැති, සිනිඳු මතුපිටක් සහිත කොළ පැහැති,  දිගින් වැඩි (සෙ.මී. 17-18), කෙළවර තරමක් වක්වූ, මධ්‍යස්ථ තන්තු ප්‍රමාණයක් සහිත කරල් වේ. අස්වැන්න නෙළන අවස්ථාවේ දී කරල් වල බීජ තරමක් පිටතට නෙරා යයි.

වියළි බීජ වල පැහැය: දිලිසෙන කළු පැහැති කහ

රෝග ප්‍රතිරෝධය : ඇන්ත්‍රැක්නෝස් රෝගයට තරමක් ග්‍රාහී වේ

මල් පිපීම: බීජ සිටුවීමෙන් දින 40 – 45 කට පසුව ආරම්භ වේ

මල්වල පැහැය: දම්

අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 60 – 65 කට පසුව පළමු අස්වැන්න නෙළාගත හැක

කරල්වල ලක්ෂණ : ඉලිප්සාකාර, සිනිඳු මතුපිටක් සහිත කහ පැහැති, තරමක් දිගු (සෙ.මී. 16 – 17 සෙ.මී.), කෙළවරින් තරමත් වක්වූ, මධ්‍යස්ථ තන්තු ප්‍රමාණයක් සහිත කරල් වේ. අස්වැන්න නෙළන අවස්ථාවේ දී කරල් වල බීජ තරමක් පිටතට නෙරා යයි.

අස්වැන්න : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 16

වියළි බීජ වල පැහැය: තද දම් පැහැති හා තරමක් දිලිසෙන සුළු වේ

රෝග ප්‍රතිරෝධය : මළකඩ රෝගය සහ මුල් කුණුවීමට තරමක් ප්‍රතිරෝධී වේ.

මල් පිපීම: බීජ සිටුවීමෙන් දින 40 – 45 කට පසුව මල් පිපීම ආරම්භ වේ

මල්වල පැහැය: සුදු

අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 55 කට පසුව පළමු අස්වැන්න නෙළාගත හැක

කරල්වල ලක්ෂණ : ලා කොළ පැහැති, වටකුරු හැඩැති, සිනිඳු මතුපිටක් සහිත කෙටි (සෙ.මී. 13), කෙළවරින් තරමක් වක්වූ, තන්තු ප්‍රමාණය අඩු මාංශල කරල් වේ. අස්වැන්න නෙළන අවස්ථාව වනවිට කරල් වල බීජ තරමක් පිටතට නෙරා යයි.

අස්වැන්න : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 12 – 14

වියළි බීජ වල පැහැය: ලා දුඹුරු පැහැති, තරමක් දිලිසෙන සුළු වේ

රෝග ප්‍රතිරෝධය : මළකඩ රෝගය සහ මුල් කුණුවීමට තරමක් ප්‍රතිරෝධී වේ.

මල් පිපීම: බීජ සිටුවීමෙන් දින 45 කට පසුව මල් පිපීම ආරම්භ වේ

මල්වල පැහැය: සුදු

අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 52 – 58 කට පසුව පළමු අස්වැන්න නෙළාගත හැක

කරල්වල ලක්ෂණ : කොළ පැහැති, පැතලි, සිනිඳු මතුපිටක් සහිත, දිගින් වැඩි (සෙ.මී. 17), මධ්‍යස්ථ තන්තු ප්‍රමාණයක් ඇති මාංශල කරල් වේ. අස්වැන්න නෙළන අවස්ථාවේ දී කරල් වල බීජ තරමක් පිටතට නෙරා යයි.

අස්වැන්න : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 28

වියළි බීජවල පැහැය: අළු / තැඹිලි පැහැතිය

මල් පිපීම: බීජ සිටුවීමෙන් දින 30 – 35 කට පසුව මල් පිපීම ආරම්භ වේ

මල්වල පැහැය: ලා දම්

අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 45 කට පසුව පළමු අස්වැන්න නෙළාගත හැක

කරල්වල ලක්ෂණ : තද කොළ පැහැති, වටකුරු හැඩැති, සිනිඳු මතුපිටක් සහිත, කෙටි (සෙ.මී. 13), කෙළවරින් තරමක් වක්‍රාකාර වූ තරමක් මාංශල කරල් වේ. අස්වැන්න නෙළන අවස්ථාවේ දී කරල් වල බීජ තරමක් පිටතට නෙරා යයි.

අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 30

වියළි බීජ වල පැහැය: දිලිසෙන දම් / දුඹුරු

මල් පිපීම: බීජ සිටුවීමෙන් දින 30 – 35 කට පසුව මල් පිපීම ආරම්භ වේ

මල්වල පැහැය: ලා දම්

අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 45 කට පසුව පළමු අස්වැන්න නෙළාගත හැක

කරල්වල ලක්ෂණ : ලා කහ, වටකුරු හැඩැති, සිනිඳු මතුපිටක් සහිත, මධ්‍යස්ථ දිග (සෙ.මී. 17), අග කෙළවරින් තරමක් වක්‍රාකාර වූ මාංශල කරල් වේ. අස්වැන්න නෙළන අවස්ථාවේ දී කරල් වල බීජ තරමක් පිටතට නෙරා යයි.

අස්වැන්න : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 30

වියළි බීජ වල පැහැය: දිලිසෙන කළු

මල් පිපීම: බීජ සිටුවීමෙන් දින 30 – 35 කට පසුව මල් පිපීම ආරම්භ වේ

මල්වල පැහැය: දම්

අස්වැන්න නෙළීම: බීජ ප්‍රරෝහණයෙන් දින 45 කට පසුව පළමු අස්වැන්න නෙළාගත හැක

කරල්වල ලක්ෂණ: තද කහ, ඕවලාකාර හැඩැති, රළු මතුපිටක් සහිත, මධ්‍යස්ථ දිග (සෙ.මී. 17) අග කෙළවරින් තරමක් වක්‍රාකාර වූ මාංශල කරල් වේ. අස්වැන්න නෙළන අවස්ථාවේ දී කරල් වල බීජ තරමක් පිටතට නෙරා යයි.

අස්වැන්න : මෙට්‍රික් ටොන් 30

වියළි බීජ වල පැහැය: දිලිසෙන කළු

නිකුත්කළ වර්ෂය- 2022

මෙය  ඉහල අස්වනු විභවයක් සහිත ප්‍රභේදයකි. එමෙන්ම ඉහල ගුනාත්මයෙන් යුතු කරල් හට ගන්නා අතර ඉහල වෙලඳපොල ඉල්ලුමක් සහිත ලක්ෂණ වන ලා කොල පැහැය සහ මධ්‍යස්ථ දිගකින් යුක්ත වීම විශේෂ වේ.     

මෙම ප්‍රභේදයේ හෙක්ටයාරයට ටොන් 20-31අතර අස්වනු විභවයක් වාර්තා වී ඇති අතර මැද රට තෙත් සහ අතර මැදි කලාප වල වගා කිරීම සඳහා වඩාත් සුදුසු වේ.