rrdi_cropestablishment_landpreparation_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම

බිම් සකස් කිරීම

  • වී වගාවේ බෝග ස්ථාපනයේ මූලික සහ වැදගත්ම පියවරයි.
  • බීජ හෝ බීජ පැල ස්ථාපනයෙන් පසු ප්‍රශස්ත ශාක වර්ධනයක් ලබා ගැනීම සඳහා පාංශු භෞතික පරිසරය සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.
  • එමඟින්
    • මූල පදිධතියේ වර්ධනය වැඩි දියුණු කරයි.
    • පාංශු ස්ථර මිශ්‍ර කිරීම මගින් පෙර කන්නයේ පසට එක්කළ පොහොර ප්‍රමානයෙන් යම් ඉතුරු ප්‍රමාණයක් ශාක වලට ලබා ගැනීම පහසු කරයි.
    • වල් පැළෑවි කළමනාකරණය කරයි.
    • පාංශු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීමෙන් පස වැඩිදියුණු කිරීම
    • පසතුලින් ජලය සහ පෝෂක කාන්දුවීම අවම කරයි.
    • පසෙහි ජීවත්වන / නොනැසී පවතින ජීවන චක්‍ර අවධීන් විනශ කිරීම මගින් සමහර පළිබෝධ සහ රෝග කළමනාකරණය කරයි.
  • ජල අවශ්‍යතාව පදනම් කරගෙන බිම් සකස් කිරීම ප්‍රධාන ක්‍රම දෙකකට සිදු කරයි.
    • තෙත් බිම් සකස් කිරීම – බිම් සැකසීමට පෙර ක්ෂේත්‍රය ජලයෙන් යට කිරීම සිදුකරයි.
    • වියළි බිම් සකස් කිරීම – වියළි බිමක සී සෑම සිදු කරන්නේ නම්.
  • බිම් සැකසීම සී සෑම අදියර කිහිපයකින් සිදු කරන්නකි