RRDI_Div_WaterManagement_si

RRID- Bathalagoda LOGO

RRDI අංශ

ජල කළමනාකරණය සහ භූගෝලීය තොරතුරු පද්ධති අංශය

වී ජල කළමනාකරණය පිළිබඳ අධ්‍යයනයන් 1966 දී මහා ඉලුප්පල්ලම කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ දී ආරම්භ කර 1994 දක්වා සිදු කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමෙන් හා 1994 දී විශේෂිත පර්යේෂණ ස්ථාන පිහිටුවීමෙන් පසුව වී පිළිබඳව පර්යේෂණ කිරිිම වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ එකම වගකීම බවට පත් විය. කෙසේ වෙතත්, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පිහිටුවීමෙන් පසු ජල කළමනාකරණ පර්යේෂණ සඳහා වැඩි අවධානයක් යොමු නොවීය.  වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙහි වී වල ජල කළමනාකරණය පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇත්තේ ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් විසින් 2004 දී කෘෂි විද්‍යා අංශය යටතේය. පසුව ජල කළමනාකරණ සහ භූගෝලීය තොරතුරු පද්ධති පිළිබඳ අංශය 2006 වසරේ දී ස්ථාපිත අතර ඩබ්ලිව්.එම්.යූ.කේ. රත්නායක මහත්මිය විසින් පර්යේෂණ ආරම්භ කරන ලදී.

වල් පැලෑටි කළමනාකරණය, පොහොර යෙදීම, පළිබෝධ සහ රෝග පාලනය වැනි වී වගාවේ බොහෝ ක්‍රියාකාරකම් වල ජලය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වී වල ගුණාත්මකභාවය සහ අස්වැන්න තීරණය කිරීමේදී ජලය වැදගත් වන අතරම, ලවණතාව, ක්ෂාරීයතාව, යකඩ විෂ වීම වැනි තත්වයන් නිර්මාණය කරන පාරිසරික ගුණාත්මක භාවයට ද බලපෑම් කරයි. තවද විවිධ අවධි වලදී වී ශාකයේ වර්ධනයට ද බලපායි.
එබැවින් වී වගාවේදී ජල කළමනාකරණය ඉතා වැදගත් වේ.

කෘෂිකාර්මික සම්පත් කළමනාකරණය, සහල් බෝග හඳුනා ගැනීම, ප්‍රදේශ තක්සේරු කිරීම, ඉඩම් යෝග්‍යතාවය තක්සේරු කිරීම, වගා දින දර්ශනය හඳුනා ගැනීම, යෙදවුම් හා භාණ්ඩ තක්සේරු කිරීම, ජල භාවිතය සහ ජලය ලබා ගත හැකි ස්ථාන සිතියම්කරණය, වී ගොවිතැනෙහි ජල කළමනාකරණය, පොහොර කාර්යක්ෂමව භාවිතා කිරීම, බෝග හානිය තක්සේරු කිරීම සහ පාලන පියවර හඳුනා ගැනීම, අස්වැන්න පුරෝකථනය කිරීම සහ අලෙවිකරණය සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS ) ඇතුළු භූ-තොරතුරු භාවිතා කළ හැකිය. එබැවින් වී වගාවේදී භූගෝලීය තොරතුරු පද්ධති (GIS ) මෙවලමක් ලෙස භාවිතා කරයි.

අංශ ප්‍රධානී : ආචාර්ය ඩබ්ලිව්.එම්.යූ.කේ. රත්නායකප්‍රධාන කෘෂි විද්‍යාඥ (පාංශු විද්‍යාව – වී)

සේවාවන්

  • වී වගාවට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවම කිරීම සඳහා සුදුසු ක්‍රම සහ තාක්ෂණයන් හඳුනා ගැනීම
  • වී සඳහා ජල භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා නව ක්‍රමවේදයන් සංවර්ධනය කිරීම
  • පාංශු සම්බන්ධ ගැටළු සහ පාංශු සාරවත් බව සිතියම්ගත කිරීම 
  • ව්‍යාප්ති නිලධාරීන්, ගොවීන්, සිසුන් (විශ්ව විද්‍යාල, කෘෂිකාර්මික පාසල් සහ පාසල්), වෙනත් උනන්දුවක් දක්වන කණ්ඩායම් සහ රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන්, ක්ෂේත්‍ර චාරිකා ආදිය සඳහා ජල කළමනාකරණය සම්බන්ධ කල වී නිෂ්පාදන පුහුණු වැඩසටහන් පැවැත්වීිම.

තාක්ෂණයන්

  • වී වගාවේ ජල කළමනාකරණයේ විකල්ප තෙත් සහ වියළීමේ (AWD) තාක්ෂණය
  • අනුරාධපුර, පොලොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වගා කරන වී සඳහා පාංශු සිතියම් පදනම් කරගත් පොහොර නිර්දේශය (2018)
  • පාංශු pH අගය සඳහා පාංශු සිතියම් පදනම් කරගත් පාංශු ගොඩකිරීම්, වී වගාවේ (2018) අනුරාධපුර, පොලොන්නරුව සහ කුරුණගල දිස්ත්‍රික්ක සඳහා ලවණතාව සහ කාබනික ද්‍රව්‍ය

පර්යේෂණ සහ ප්‍රකාශන

පහතරට අතරමැදි කලාපයේ වාරි වී ගොවිතැනේ සහ වර්ෂා පෝෂිත පහත්බිම් හි පාංශු ගුණාංග විචලනය

වැඩිදුර කියවන්න >>

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.