RRDI_Div_SocioEconomics_si

RRID- Bathalagoda LOGO

RRDI අංශ

සමාජ ආර්ථික විද්‍යා අංශය

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (RRDI) සමාජ ආර්ථික විද්‍යා අංශය, ශ්‍රී ලංකාවේ වී ගොවිතැනෙන් වැඩි නිෂ්පාදන / ඵලදායිතාවක් ලබා ගැනීම සහ ආදායම ඉහළ නැංවීම සඳහා පේරාදෙනියේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය (SEPC) සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.වී වල ස්වයංපෝෂිත භාවය ඉහළ නැංවීම සඳහා වී ගොවිතැනෙහි සම්පත් උපයෝජනය, අලෙවිකරණ ගැටළු පිළිබඳ විවිධ සමාජ-ආර්ථික පර්යේෂණ සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් මෙම අංශය විසින් සිදු කරනු ලැබේ.

මෙම අංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ සමාජ-ආර්ථික වැඩසටහන් සම්බන්ධීකරණය කරන අතර වී ගොවීන්ගේ සහ ඔවුන්ගේ ජීවනෝපාය පිළිබඳ සමාජ-ආර්ථික ගැටලු රාශියක් විසඳීම සඳහා පර්යේෂණවලට ප්‍රමුඛත්වය දෙයි.ගොවිතැන් ආදායමේ අවදානම අවම කිරීම, වී සඳහා වගා පිරිවැය විශ්ලේෂණය කිරීම, ජනප්‍රිය වී ප්‍රභේද / සහල් තාක්‍ෂණයන් පිළිබඳ අධ්‍යයනයන්, වී ගොවියා මුහුණ දෙන අලෙවිකරණ ගැටළු, කෘෂි රසායනික අනිසි භාවිතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික ගැටලු, පරිභෝජන රටාව සහ සහල් සඳහා ඇති ඉල්ලුම මෙම අංශය කේන්ද්‍රගත කර ඇති ප්‍රධාන පර්යේෂණ අංශ වේ. 

සේවාවන්

  • වී ගොවිතැනට අදාළ සමාජ ආර්ථික දත්ත සැපයීම.
  • වී ගොවිතැනේ වගා පිරිවැය ඇස්තමේන්තු කිරීම.
  • වී ගොවිතැන පිළිබඳ රජය සහ අනෙකුත් වගකිවයුතු ආයතන ඉල්ලා සිටින පරිදි විවිධ පර්යේෂණ අධ්‍යයනයන් සිදු කිරීම.
  • “ශ්‍රී ලංකාවේ සහල් ප්‍රභේද ව්‍යාප්තිය” පිළිබඳ පුවත් පත්‍රිකාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කීරිම.
  • වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය සහ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම.

පර්යේෂණ සහ ප්‍රකාශන

කුරුණගල දිස්ත්‍රික්කයේ වී ගොවීන් අතර ආදායම් මාර්ග තීරණය කිරීම – 2019

වැඩිදුර කියවන්න >>

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.