RRDI_Div_RiceBreeding_si

RRID- Bathalagoda LOGO

RRDI අංශ

ශාක අභිජනන අංශය

සහල් අභිජනනය යනු සහල් අස්වැන්න, දේශගුණික ආතතීන්ට ප්‍රතිරෝධී, පළිබෝධ සහ රෝග වලට ප්‍රතිරෝධී සහ අනෙකුත් තෝරාගත් ලක්ෂණ වැඩි දියුණු කිරීම සඳහා ශාකවල ජාන ප්‍රකාශනය කෘතිම වරණය මගින්  වෙනස් කිරීමේ ක්‍රමයකි. අභිජනන වැඩසටහනේදී විවිධ නවීන අභිජනන තාක්ෂණයන් භාවිතා වන බැවින්, මෙම ශාක අභිජනන අංශය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ කලින් කලට මතුවන ජෛව හා ජීව විද්‍යාත්මක ආතතීන්ට ප්‍රතිරෝධී වන ඉහළ අස්වැන්නක් සහිත නව සහල් ප්‍රබේද නිෂ්පාදනය කිරීමටය. ඒ අනුව විවිධ වයස් කාණ්ඩ යටතේ (මාස 2 1/2, 3, 3 1/2 සහ 4) විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩි දියුණු කළ වී වර්ග අභිජනන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ජල හිඟ ප්‍රදේශ සඳහා ඉතා කෙටි වයස් ප්‍රබේද (මාස 2 1/2) නිපදවා ඇති අතර ජලය අඩු වශයෙන් ලැබෙන ප්‍රදේශවල වැඩි අස්වැන්නක් ලබාදෙන මාස 3 ප්‍රබේද ද හඳුන්වා දී ඇත. මාස 3 1/2 ප්‍රබේද ගොවීන් අතර  වඩාත් ජනප්‍රිය වන අතර දිවයිනේ විශාල වී වගා ප්‍රදේශයක් ආවරණය කරමින් වගා කරනු ලැබේ. කන්නය පුරාවටම ජලය ලැබෙන ප්‍රදේශ වල දීර්ඝ වයස් ප්‍රබේද (මාස 4) වැඩි දියුණුකර හඳුන්වා දී ඇත. මීට අමතරව, අභිජනන අංශය පවතින ප්‍රබේදවල අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා නිශ්චිත ජාන ඇතුළත් කිරීමට ජෛව තාක්‍ෂණය මෙවලමක් ලෙස භාවිතා කරයි.