rrdi_cropestablishment_landpreparation_tertiarytillage_si_1

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම

තෘතීයික බිම් සකස් කිරීම

තෘතීයික බිම් සැකැස්ම සිදු කළ යුත්තේ ඇයි?

  • පාංශු ව්‍යුහය බිඳ හෙලමින් පසේ ඇති සිදුරු ප්‍රමාණය අඩුකර, ජාල පාරගම්‍යතාවය  අඩුකිරීම. මෙමඟින් ක්ෂේත්‍රයේ ඇති ජලය ඉවත්ව යාම අවම කරගනු ලැබේ.
  • භෝග ස්ථාපනයට අවශ්‍ය වන පෝරු ගා මට්ටම් කළ ක්ෂේත්‍රය මෙහිදී සකස් කෙරේ.
  • පස් කැටිති කුඩා අංශු බවට පත්වී හොඳින් ජලය සමඟ මිශ්‍ර වී ඇති හෙයින් ක්ෂේත්‍රයෙන් ජලය ඉවත් වීම සිදු නොවන මට්ටමකට පස පත් වේ

තෘතීයික බිම් සැකැස්ම සිදු කළ යුතු අවධිය කුමක්ද?

  • බෝග සංස්ථාපනයට දිනකට පෙර.

තෘතීයික බිම් සැකැස්මේදී අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙත් මොනවාද?

  • පස හොඳින් මඩ කර පසුව සී සෑම සිදු කරයි. මෙය පෝරු ගෑම ලෙස හැඳින්වේ.
  • පෝරුගෑම කිහිප විටක් සිදු කරනු ලබන අතර පසට මූලික පොහොර එක් කරන බැවින් පොහොර හොඳින් මිශ්‍ර වීම මෙහිදී සිදුවේ.
  • ඉන් පසුව බිම හොඳින් මට්ටම් කර ගත යුතුය.

තෘතීයික බිම් සැකැස්මේදි සැළකිය යුතු විශේෂිත කරුණු මොනවාද?

  • පෝරු ගෑම මගින් පසුකලීනව ක්ෂේත්‍රයේ ජලය ඉවත් වීම අවම කරනු ලබයි.
  • පස මට්ටම් කිරීම මඟින් ඒකාකාරී පාංශු තත්වයක් ක්ෂේත්‍රය පුරාම ඇති කරනු ලබන බැවින් බීජ හෝ බීජ පැළ වල ගුණාත්මක වර්ධනයට සහය වෙයි.

පෝරු ගෑම

  • පසේ ජාල පාරගම්‍යතාවය  අඩුකිරීම මඟින් ක්ෂේත්‍රයේ ඇති ජලය ඉවත්ව යාම අවම කරගනු ලැබේ.
    • විශාල ජල ප්‍රමාණයක් (වගාව සඳහා අවශ්‍ය මුළු ජල ප්‍රමාණයෙන් 20-40% පමණ ) අවශ්‍ය වේ.

 

  • භෝග සංස්ථාපනයට පෙර, පෝරු ගෑමෙන් පසු දිනක් ක්ෂේත්‍රය එළෙසම තැබීම මඟින්
    • සියුම් මැටි අංශු පහලට ගමන් කිරීම සහ
    • පසේ ඇති පැලීම් සහ සිදුරු එම මැටි මඟින් පිරී යාම සිදු වේ

පස මට්ටම් කිරීම

  • වී වගාවේදී ජලය සහ වගාව නිසි පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරකි.
  • මේ මඟින්
    • සාර්ථක භෝග සංස්ථාපනයක් සිදු කර ගත හැකි වීම සහ වගාව නිසි පරිදි නඩත්තුවට පහසු වීම
    • කෙටි කළකදී ක්ෂේත්‍රයට ජල සැපයුම සිදු කළ හැකි වීම සහ ඒ සඳහා අඩු ජල ප්‍රමාණයක් ප්‍රමාණවත් වීම
    • ක්ෂේත්‍රය තුල ඒකාකාරී ජල මට්ටමක් පවත්වා ගත හැකි වීම සිදු වේ

 

  • ක්ශේත්‍රය හොඳින් මට්ටම් වී නොතිබීමෙන්
    • උසින් අඩු තැන්වල ජලය රැඳී තිබීම
      • සාපේක්ෂව උසින් වැඩි තැන් වල පස වියලී යාම සිදු වේ.
      • එමඟින්
        • විචිත්‍රව (තැන් තැන්වල හිඩැස් ඇති වන පරිදි ) බීජ පැල ඇති වීම
        • පැළ අවධියේදී වගාව දුර්වල වීම
        • ඒකාකාරී නොවන පරිදි පොහොර ක්ෂේත්‍රය තුල මිශ්‍ර වීම
        • වල් පැළ ගහණය වැඩි වීම සිදු වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.