- සි
- த
- Address : Bathalagoda, Ibbagamuwa, Sri Lanka
- E- Mail : rrdi@doa.gov.lk
- Telephone : +94 372 258561
- Fax : +94 372 259881
ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම
ප්‍රාථමික බිම් සකස් කිරීම
පළමු හීය (ප්‍රාථමික බිම් සැකසීම) සිදු කරන්නේ ඇයි?
- ශාක මූල පද්ධතිය සකස් වන මටිටමට පසේ ගැඹුර වැඩිකර ලිහිල් කරන අතර මුල් වර්ධනය වීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දේ.
- වල් පැලෑටි සහ බෝග අපද්‍රව්‍ය පසට යටකර පසෙහි කාබනික ද්‍රව්‍ය අන්තර්ගතය වැඩි දියුණු කරයි.
මේ සඳහා සුදුසු අවස්ථාව කුමක්ද?
- පසෙහි තෙතමන ප්‍රමාණය සී සෑම සඳහා සුදුසු කාලය තීරණය කරයි.·
- සීසෑමේදී පස ප්‍රමාණවත් ලෙස කැබලි වන අවසුථාව වඩාත් සුදුසුය.·
- ප්‍රාථමික බිම් සැකසුම ද්විතියික බිම් සැකසුමට දින 14කට පෙර (බෝග ස්ථාපනයට සති 3-4කට පෙර) සිදු කළ යුතුය.
භාවිතා කරනු ලබන තාක්ෂණ මොනවාද?
- ගැඹුරු සීසෑම සඳහා – රෝද 04 හෝ 02 ට්‍රැක්ටර් වලට සවි කර ඇති මෝල්ඩ්බෝඩ් නගුල භාවිතා කරනු ලැබේ.·
- මධ්‍යම ප්‍රමාණ ගැඹුරට සී සෑම සඳහා – තැටි නගුල හෝ සත්ව / මිනිස් ශ්‍රම බලය සහිත සාම්ප්‍රදායික නගුල භාවිතා කරනු ලැබේ.
- සීසෑමේ නිර්දේශිත ගැඹුර සෙන්ටිමීටර 20 ක් පමණ වේ.
- පාංශු කැටිති උසින් අඩක් උසට ආවරණය වන පරිදි ජලය ලබාදිය යුතුය·
- සීසෑමෙන් පසු කොල පොහොර කුඹුරට එක් කළ යුතුය.
- නියර රැහීම සිදු කළ යුතු අතර එම වල් පැලෑටි ද කුඹුරට එක් කළ යුතුය
විශේෂ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු මොනවාද?
- අඛණ්ඩව වගා කිරීම සහ නිවැරදි සීසෑමේ උපකරණ භාවිතා නොකිරීම මඟින් වැලි සහිත නොගැඹුරු මූල පද්ධති කලාපයක් නිර්මාණය විය හැකිය.
- සී සෑම සහ භෝග ස්ථාපනය අතර කාල පරතරය දීර්ඝ වීම නිසා පසේ ඝණත්වය වැඩි වුවහොත් නැවත් වරක් සීසැම සිදු කළයුතු වේ.
- “ඇටවරා” (Panicum repens Linn.) සහ “කලාදුරු” (Cyprus rotundus L.) වැනි බහු වාර්ෂික වල් පැළෑටි පාලනය කිරීම සඳහා ගැඹුරට සීසෑම වැදගත් වේ.