Sinhala: HORDI Crop – Luffa

HORDI - LOGO

වැටකොළු

Luffa acutangula

වැටකොළු යනු කුකර්බිටේසී පවුලට අයත් ඉතා ජනප්‍රිය බෝගයකි. පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාපවල ද මැදරට තෙත් හා අතරමැදි කළාපයන්හි ද ආර්ථික බෝගයක් වශයෙන් වගා කෙරේ.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උෂ්ණ දේශගුණික තත්ත්ව ප්‍රිය කරන බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 500 ක් පමණ උස් වූ ප්‍රදේශ දක්වා සාර්ථකව වගා කල හැක.

තෙත් කලාපය – අවුරුද්ද පුරා වගා කළ හැකිය

වියළි කලාපය – ප්‍රධාන වශයෙන් මහා කන්නයේ වගා කරයි.  යාල කන්නයේ වාරිමාර්ග යටතේ සාර්ථකව වගා කළ හැකිය

පස

ඉතා හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි ලෝම් පසක් වගාවට වඩා සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.5 – 7.5 පමණ වීම යෝග්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 3

බිම් සැකසීම

සෙන්ටිමීටර් 30 ක් පමණ ගැඹුරට බිම පෙරළා කැට පොඩි කර ගන්න. වළවල් නියමිත පරතරයට සකසා ගන්න. වගාව තුළ අනවශ්‍ය පරිදි ජලය රඳා සිටීම වළකාගැනීම සඳහා ගැඹුරු කානු කිහිපයක්ද සකස් කර ගන්න.

බීජ සිටුවීම

බීජ පැය 24 ක් පමණ ජලයෙන් පොඟවන්න. එක් වලක එකිනෙකට තරමක් දුරින් බීජ 3 – 4 පමණ සිටුවන්න. ඉන්පසු සිටවූ බීජවලට හොඳින් ජලය සපයන්න.

පරතරය

පේලි අතර සහ පේලි තුල පැළ අතර පරතරය මීටර් 1.5 කි. (මීටර් 1.5 x මීටර් 1.5)

පැළ තුනී කිරීම

බීජ පැළවී සති 02 ක් පමණ ගත වූ පසුව එක ස්ථානයක නිරෝගී පැළ 02 ක් පමණක් ඉතිරි කර සෙසු පැළ ගලවා දමන්න. මීටර් දෙකක් පමණ උස පන්දලමකට වැල් යොමු කර නඩත්තු කරන්න. පන්දලම දක්වා වැලෙහි ප්‍රධාන කඳෙන් හට ගන්නා අංකුර ඉවත් කරන්න.

පොහොර

හොඳින් දිරූ කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10 ක් පමණ යොදන්න. මෙයට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොරද යොදන්න. මූලික පොහොර බීජ සිටුවීමට දින 2 – 3 කට පෙර යොදන්න.

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

75

195

60

මතු පිට පොහොර (පල මතු වී සති 04 කට පසු)

75

60

මතු පිට පොහොර (පල මතු වී සති 08 කට පසු)

75

60

ජල සම්පාදනය

බීජ පැලවෙන තෙක් දවසට දෙවරක් දිනපතා ජලසම්පාදනය කරන්න. ඉන්පසුව පසෙහි තෙතමනය අනුව ජල සම්පාදනය සැලසුම් කරන්න.

වල් පැළෑටි පාලනය

වැටකොළු වලට ඇත්තේ නොගැඹුරු මූල පද්ධතියකි. එනිසා වල් පැළෑටි පාලනය කිරීමේදී මුල්වලට හානි නොවන පරිදි කටයුතු කිරීමට වගබලා ගන්න.

අස්වැන්න සැකසීම

අස්වනු නෙළීමට පෙර දින සවස හොඳින් භෝගයට ජලය යොදන්න. මල් පිපී දින 14 කින් පමණ අස්වැන්න ලබාගත හැක. කරලට හානි නොවන පරිදි නටුව සමඟම අස්වැන්න නෙළන්න. භෝගයේ වයස දින 60-70 දී පළමු අස්වැන්න ලබා ගත හැකිය. ඉන්පසු දින 4 පමණ වරක් බැගින් මාස 1 1/2-2 පමණ කාලයක් තුලදී අස්වනු වාර 10-15 පමණ නෙළාගැනීමට පිළිවන.

අස්වැන්න

නෙළාගත් කරල් මතට තද හිරු රැස් වැටීමෙන් වළකාගන්න. කරල්වලට හානි නොවන සේ හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි කූඩවල අසුරන්න.

වැල් පුහුණු කිරීම

වැටකොළු වගාවකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මීටර් 2 පමණ උස පන්දලමකට වැල් යොමුකළ යුතුයි. මේ සඳහා මීටර් 3 පමණ පරතරයට ශක්තිමත් කණු සිටුවා සිරස් අතට හෝ තිරස් අතට ලණුවලින් හෝ කම්බිවලින් පන්දලම සකසාගත හැකිය. පන්දලම දක්වා වැලෙහි ප්‍රධාන කඳෙන් හට ගන්නා අංකුර ඉවත් කර පන්දලමට යෑම වලක්වන්න.

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

  • දිලීර රෝග
රෝග කාරකය: Podosphaera xanthii රෝග ලක්ෂණ:
  • පළමුව පරිණත පත්‍රවල ලා කහ පැහැති ලප ලෙස දිස්වේ
  • පත්‍ර මතුපිට සුදු පැහැති සුදුමැලි mycelium වර්ධනය වන විට මෙම ලප විශාල වේ
  • දැඩි හානියට ලක් වූ පත්‍ර දුඹුරු පැහැවීම හා හැකිලීම සහ පත්‍ර පතනය සිදුවේ.
පාලනය:
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත බෝග අවශේෂ  ඉවත්කිරීම.

රෝග කාරකය : Pseudoperonospora cubensis 

රෝග ලක්ෂණ:

  • පත්‍රවල ඉහළ පෘෂ්ඨයේ පත්‍ර නාරටි මගින් සීමා වූ කෝණාකාර කහ පැහැති ලප.
  • පත්‍ර හරිතක්ෂය බවට පත් වන අතර අවසානයේ නික්‍රෝටික් සහ ධාරක ශාක සෛල මිය යයි.

පාලනය:

  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත ශාක කොටස්  ඉවත්කිරීම.

රෝග කාරකය :  Sclerotium spp., Fusarium spp.

රෝග ලක්ෂණ:

  • මුල් අවස්ථාවේදී ශාක තාවකාලික මැලවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි
  • පත්‍ර කහ පැහැ වීම, මැලවීම සහ එල්ලා වැටීම පෙන්නුම් කරයි
  • අවසානයේදී, ශාකය මිය යයි.
  • පාමුල ප්‍රදේශයේ පිහිටි සනාල ගොණු කහ හෝ දුඹුරු බවට පත් වේ.
  • ශාකයේ පාදස්ථයේ සුදු පැහැ දිලීර ජාල දක්නට ලැබේ.

පාලනය:

  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ජලවහනය වැඩිදියුණු කිරීම
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)

රෝග කාරකය : Didymella bryoniae

රෝග ලක්ෂණ:

  • සාමාන්‍යයෙන් ජලයෙන් තෙත් වූ ප්‍රදේශ වල පැතිරීමෙන් පත්‍ර වල සහ පලතුරු වල තුවාල සැදීම ආරම්භවේ
  • මුල් අවස්ථාවේදී හරික්ෂය වූ සිදුරු තිබිය හැක,ඉන්පසු ලා දුඹුරු බවට පත් වි අක්‍රමවත්  හැඩති  විය හැකිය
  • ඵල මත තද පැහැති පැලුණු ගිලුණු ලප ඇති වේ.
  • ගිලුණු, පොතු වලයේ පිළිකා ඇති ස්ථානවල පැල කඩා වැටීම
  • කඳේ ඇති ලප බොහෝ විට ඉරි මෙන් දික් වන අතර ඉරිතැලීම් වලින් මැලියම්  පිටවීම් ඇති විය හැක.
  • පළතුරු, කඳ හෝ පත්‍ර මත තද දුඹුරු පැහැයට හුරු කළු පැහැති බිජාණුධානී (pycnidia) දැකිය හැක.

පාලනය:

  • දිලීර පැවැත්ම අවම කිරීම සඳහා අස්වැන්න නෙලීමෙන් පසු වහාම බෝග අවශේෂ ගැඹුරට සීසෑම කල යුතුය.
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • බැක්ටීරියා රෝග
රෝග කාරකය : Ralstonia solanacearum රෝග ලක්ෂණ:
  • පත්‍ර හදිසි මැලවීම දක්නට ලැබීම
  • අවසානයේදී සම්පුර්ණ ශාකයම මැලවී යයි
  • පත්‍ර දුඹුරු පැහැ වීම සහ , වියලීම
  • සනාල දුර්වර්ණ වීම (දුඹුරු පැහැ වීම)
  • ස්ථිරවම මැලවීම
රෝගකාරක පැතිරීම;
  • ආසාදිත පස, ජලය, බෝග අවශේෂ , නෙමටෝඩාවන් සහ කෘමීන්, කප්පාදු කිරීම, ධාරක ශාක ලෙස වල් පැලෑටි
රෝග විනිශ්චය: ආසාදනයට ලක්වූ ශාකයක කඳ කාපු කෙලවර පැහැදිලි ජලයේ ගිල්වූ විට සුදු පැහැති දුමාරයක් වෑස්සිම පාලනය:
  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ප්‍රතිරෝධී ප්‍රභේද (බණ්ඩක්කා, බඩ ඉරිඟු) සමඟ බෝග මාරුව
  • Cruciferae කුලයේ බෝග සමඟ මිශ්‍ර වගාව
  • ආසාදිත ක්ෂේත්‍රවල සිට ආසාදනය නොවූ ක්ෂේත්‍ර වෙත උපකරණ ගෙන යාමෙන් වැලකීම
  • වෛරස් රෝග
සුදු මැස්සා  (Bemicia tabaci) මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • පත්‍ර උඩු අතට රැලිවීම, පර්ව  කෙටි කිරීම සහ විකෘති වීම
  • පැල කුරුවීම් සහ ඵල විකෘති වීම.
කුඩිත්තන් මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • විචිත්‍ර වූ පුල්ලි සහිත ලප පත්‍ර මත දක්නට ලැබීම.
  • පත්‍ර විකෘති වීම්
  • ඵල විකෘති වීම සහ ගෙඩිවල ප්‍රමාණය කුඩා වීම
  • දරුණු ආසාදනවලදී, ඵල මතුපිට තෙල් සහිත පැල්ලම් දක්නට ලැබේ

බීජ සහ යුෂ මගින් සම්ප්‍රේෂණය සිදුවේ.

රෝග ලක්ෂණ:

  • කොළ පැහැති පුල්ලි ඇතිවීම හා පත්‍ර විකෘති වීම
  • ඵල මත කොළ පැහැති ලප, දීප්තිමත් කහ සහ දිරාපත් වූ ඵල බවට පත් වේ
  • ඵල විකෘති වීම.

රෝග ලක්ෂණ:

  • ශාක කුරු වීම, කහ වීම, හරිතක්ෂය (අවස්ථානුකුලව) , විචිත්‍ර විකෘති පත්‍ර (බිබිලි)
  • ඵල දුර්වර්ණ වීම සහ විකෘති වීම
  • පයිටොප්ලාස්මා  රෝගය / කුඩා පත්‍ර රෝගය
රෝග ලක්ෂණ
  • කුඩා , ඝනකම් වූ සහ කහ පැහැති කොළ පාට වූ පත්‍ර ,
  • පර්ව කෙටිවීම හා ශාක කුරුවීම,
  • සෙව්වන්දි ආකාර වීම,
  • මල් කොළ පැහැයට හැරීම.
ආසාධිත බීජ හරහා සහ පත්‍ර කී කීඩෑවන් මගින් සම්ප්‍රේෂණය වේ රෝග පාලනය ආසාදිත ශාක ඉවත් කිරීම හා නිර්දේශිත කෘමිනාශකයක් භාවිතයෙන් වාහකයන් (පත්‍ර කීඩෑවන් ) පාලනය කරන්න