Sinhala: HORDI Crop – Kekiri

HORDI - LOGO

කැකිරි

(Cucumis melo)

දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, මූත්‍රා ගල් වැනි ලෙඩ රෝග සුව කරන පෝෂණීය වටිනාකමකින් යුත් බෝගයකි.

නිකුත් කරන ලද ප්‍රභේද

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කළ ප්‍රභේදයන් නොමැති නමුත් දේශීයව වගා කරන ප්‍රභේද රාශියක් ගොවීන් අතර ප්‍රචලිතය.

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උෂ්ණ පරිසර තත්ත්වයට ප්‍රිය කරන බෝගයකි. 300 – 350 C  අතර උෂ්ණත්ව පරාසයක බෝගය සාර්ථකව වර්ධනය වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස්වූ ප්‍රදේශ දක්වා වගා කළ හැක. වසර පුරාම වගා කළහැකි බෝගයකි.

 

පස

පුළුල් පරාසයක පස් වර්ග පවතින ඉඩම්වල වගා කළ හැකි වන අතරම කාබනික ද්‍රව්‍ය අඩංගු හොඳින් ජලවහනය වන පස වගාව සඳහා වඩාත් සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.5 – 7.5 අතර වීම සුදුසුය.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට බීජ ග්‍රෑම්. 500 ප්‍රමාණවත්ය. ග්‍රෑම්. 1.0 ක බීජ 90 – 100 අඩංගු වේ

බිම් සැකසීම

සෙ.මී. 20-30 ගැඹුරට පස පෙරළා තරමක් රළු වයනයක් ඇති වන ලෙස කැට පොඩි කර දිග ,පළල,හා ගැඹුර සෙ.මී. 30 බැගින් වන පරිදි වළවල් සකස් කර, සැකසූ වළවල් දිරූ කාබනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයකින් පුරවා මතුපිට පස සමඟ මිශ්‍ර කර පොළව මට්ටමේ සිට සෙ.මී. 10 ක් පමණ උසට වළ මුදුන්කර ගන්න. සකසා ගත් වළවල් වල බීජ 3 – 4 පමණ සිටුවා ගන්න. සති 2 දී එක වළක සාර්ථකව වැඩී ඇති පැළ 2ක් පමණක් ඉතිරිවන ලෙස වැඩි පැළ ගලවා දමන්න.

වගා කාලය

වසර පුරාම වගා කළහැකි ය.

පරතරය

පැළ අතර මීටර් 1.0 පේළි අතර මීටර් 1.0

පොහොර

යෙදිය යුතු  අවස්ථාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

 මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

75

200

60

මතුපිට පොහොර ( පැළ මතු වී සති 04කට පසු)

75

60

මතුපිට පොහොර (පැළ මතු වී සති 08 කට පසු)

75

60

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

ජල සම්පාදනය

බීජ පැළවන තෙක් දිනපතා ජලය යෙදීම අවශ්‍ය වේ. අවශ්‍යතාවය හා දේශගුණික තත්ත්ව අනුව දින 3 – 4 කට වරක් ජලය යෙදීම ප්‍රමාණවත්ය. අනවශ්‍ය ජල සම්පාදනය වැල් හා ගෙඩි කුණු වී යාමට හේතු විය හැකිය.

වල් මර්ධනය

වගාව ස්ථාපනය කර මුල් කාලයේදී වල් පැළ පාලනය කිරීම වැදගත් වේ.වසුන් යෙදීම මඟින් ද වල් පැළ පාලනය කර ගත හැකි වේ.

පළිබෝධ කළමනාකරණය

ඉල් මැස්සා,අවුලකපෝරා කුරුමිණියා, එපිලැක්නා කුරුමිණියා, කුඩිත්තා,සුදු මැස්සා

නිර්දේශිත කෘමිනාශක යෙදීම, ක්ෂේත්‍රය පිරිසිදුව පවත්වා ගැනීම, 

රෝග කළමනාකරණය

රෝග කාරකය : Erysiphe spp.

රෝග ලක්ෂණ  

  • මේරු පත්‍ර මත සුදු පැහැති පිටි වැනි පැල්ලම් දැක ගත හැක.
  • පසුව පත්‍රයම සුදු පැහැති පිටි ඉස ඇති අන්දමට දිස්වන අතර අවසානයේදී පත්‍ර කහ පැහැ වී හැලි යයි.
  • ඵල වලට ආසාධනය නොවේ.

පාලනය

  • නිර්දේශිත දිලීර නාශක යෙදීම, ක්ෂේත්‍රය පිරිසිදුව පවත්වා ගැනීම
  • මනා ප්‍රමිතියෙන් යුතු බිජ භාවිතය
  • දිලීරනාශක යෙදීම
  • වල් පැළෑටි පාලනය

රෝග කාරකය : Pseudoperonospara cubensis

රෝග ලක්ෂණ  

  • කෝණාකාර ආසාදන කොළ මත අක්‍රමවත් කහ පැල්ලම් ලෙස ආරම්භ වේ.
  • මෙම ක්ලෝරෝටික් පසුව දුඹුරු පැහැයට හැරේ.
  • තත්ත්වයන් හිතකර නම්, දිලීර වල සුදු පැහැති සුදුමැළි වර්ධනය කොළ යටි පැත්තේ වර්ධනය වේ. කොළ වියැකී ගිය පෙනුමක් ලැබේ.

පාලනය

  • නිර්දේශිත දිලීර නාශක යෙදීම, ක්ෂේත්‍රය පිරිසිදුව පවත්වා ගැනීම

    • මැන්කොසෙබ් 64% + මෙටලැක්සිල් 8% WP
    • කැප්ටාන් 50% WP
    • ෆ්ලුට්‍රියෆෝල් 25% SC
    • පොටෑසියම් බයිකාබනේට් 82% SP
    • ඇසෙස්ට්‍රොබින් 250 / l SC

රෝග කාරකය : phythium spp

රෝග ලක්ෂණ  

  • කඳ පාමුල හෝ ප්‍රධාන කඳ පොළවට ස්පර්ශ වී ඇති ස්ථාන වල හෝ ඵලයන් පොළවට ස්පර්ශ වූ ස්ථානයේ හෝ තෙත් වූ කුණුවිමක් දැකගත හැකිය.
  • පරිසරයේ තෙත ස්වභාවය වැඩි කාලයන්හිදී මෙම රෝගය බහුල වේ.

පාලනය

  • නිර්දේශිත දිලීර නාශක යෙදීම, ක්ෂේත්‍රය පිරිසිදුව පවත්වා ගැනීම
    • තිරාම් 80% WP ග්‍රෑම් 14ක් ජලය ලීටර් 10 ක හෝ තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP ග්‍රෑම් 10 ක් ජලය ලීටර් 10ක දියකර ඉසින්න
    • ටොප්සින් 70% WP ග්‍රෑම් 6ක් ජලය ලීටර් 10 ක දියකර ඉසින්න

අස්වනු නෙලීම

ගෙඩි හොඳින් මේරූ විට පිහියක් වැනි ආයුධයකින් නටුව කපා නෙළාගන්න.

අස්වැන්න

හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 20,000 – 25,000 කි.